Friday, November 27, 2015

හිනා එක්කලා නුඹ අැවිත් උන්නා........


ඉඳින් බැසපලයන්...............
තවත් කුමකට එබෙනවාදෝ වළාකුල් අතරින්
පළාතම රන් පෑ කෙරූ - මවා පෙන්නන්නට හැදූ
හීන ලෝකය තවත් පාරාවී
හඩන්නට කඳුළැල් නැතී
අහිංසක මගෙ නෙත්පෙතී............

මගබලා ඉඳලා..........
සියොලඟම වැහැරිලා කොළ හැලිලා.
නුඹේ උණුහුම මයෙ ළඟින් තියලා.
ගව් ගණන් අෑතින්............. පෙනී නාෙපෙනී නුඹ යන්න යනවා.....

නිල් ගුවන පීරා...........
නේක පෑයට වළාකුල් මැවිලා.
අදහ ගන්නට බැරි කතා කිව්වා.
ඒත් පහුවෙනිදා............ හිනා එක්කල නුඹ අැවිත් උන්නා....

හිතින් දුක්වින්දා..........
මට අයිති නැති හීනයක් දැකලා.
පූදින්න වෙර දැරූ මල් තලලා.
ඝණ අඳුර අැවිදින්.................. පැතූ පැතුමන් කඩා බිඳ දැම්මා.....




තුෂාර විතාරණ


.

84 comments:

  1. Replies
    1. මවා පෙන්නන හැම දේම ඇත්තටම වෙන්නෙ නෑනෙ.

      Delete
    2. ප්‍රසන්න අයියාට තේරුණා.......

      Delete
  2. //හිතින් දුක්වින්දා..........
    මට අයිති නැති හීනයක් දැකලා.//
    හීන වලට අයිතිකාරයොත් ඉන්නවනෙ

    ReplyDelete
    Replies
    1. මගේ හිනයේ අයිතිකාරයා මමනේ

      Delete
    2. අපි දකින ගොඩක් හීන අපිට අයිති නෑනේ ඉයන් මචං...... මෙන්ඩා දකින හීන නං මෙන්ඩාගෙලු..... හිතාගෙන ඉන්නේ ඒහෙම තමා..... ඒත් ඒවා අනුන්ගේ....

      Delete
  3. ඇසට අසුවන මායිමේ
    බමර සැණකෙළි මල් වනේ
    ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ

    ReplyDelete
    Replies
    1. මනෝ...................

      ඒක අතකින් ගැලපෙන ගීතයක්......

      Delete
  4. කියවද්දී මොකද්දෝ අමුත්තක් දැනුනා.. ඒ එක්කම හිත ගියා මගේ පුංචි කාලේ 1990 දශකයට.. ඇයි කියල මම තාම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒහෙම තමා අගහරුවෝ......

      ඒ කියන්නෙම අගහරුවා දැන් ලොකු ළමයෙක් නේද ඒහෙනං.....????

      Delete
  5. මහලු වෙලා ගත සවි දියවෙලා යනකනුත් පායපු නැති 'හිරු' මැරෙන්න මොහොතකට කලින් මොකට පායනවාද කියල හිතෙනවා ඇති.. සම්මත ප්‍රේමයට පටහැනි කවියක්.. අගෙයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට ඔය සම්මත අසම්මතකම් අදාළ නැහැනේ..... ප්‍රේමය ප්‍රේමය.... අපි ඒක කරන විදිහ විතරයි සම්මත හෝ අසම්මත වෙන්නේ..... ඔ්ක මාර මාතෘකාවක් කමියාේ...... ලෝකයේ වැඩිපුරම නිර්මාණ බිහිකරපු මාතෘකාව..... වැඩි පුරම මිනිස්සුන්ට තියෙන අත්දැකීම් වලිනුත් මූලික ම තැනක් ගන්නා මාතෘකාවක්...... තව දේවල් ඔ්න තරම්.....

      Delete
    2. කුරුටු මම මේ දවස් වල ලියාගෙන යන කටහ්වටත් මේක ගැලපෙනවා කියල හිතන. - ප්‍රේමය නම්වූ ................

      Delete
    3. ඒ කතාවත් කියෙව්වා අජිත් අයියා...... ඒත් තාම ඒක යන පැත්ත හිතාගන්න අමාරුයි... තව කොටසක් කියෙව්වාම හරියයි.... මේක කොහොමත් සුන්දර මාතෘකාවක් වගේ ම සුන්දර සාකච්ඡා මවන්න හැකි මාතෘකාවක්...

      Delete
  6. හරිම ලස්සනයි..
    මං කැමතිම මොකක් හරි පින්තූරයක් එක්ක හිතා ගන්න බැරි විදියට ජීවිතේ ගලපන අපූරුවට.. කියන්න තියෙන්නෙ ඉතින් නියමයි කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදහස්...................

      අැත්තට ම මේ නිර්මාණයෙන් වස්තුබීජය ඔබ ඔය කියපු කතාව ම තමා.... මේ රූපය දැක්කා ම හිතේ මැවුණ සිතුවිල්ල තමා මේ නිර්මාණය..... අැත්තට ම මේක තමා ජීවිතය.... මේක තමා අාදරය.... මේක තමා බලාපොරොත්තුව.... මේක තමා යථාර්තය.... හැමදේම....

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් විභී.......................

      Delete
  8. මේක යටින් යන කතාව තේරුම්ගන්න උත්සාහකලත් බැරිවුණා. මොකක් වුණත් ඒක ඉරත් ඒක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එකනම් තේරුණා.
    පද බැඳුම මනරම්, තුෂාරයා.

    ReplyDelete
    Replies
    1. තුෂාර කොල්ල වෙන්න හැදුවට, වයසයි කියල නම් ඉඟියක් තිබුනා ... ☺ ☺ ☺

      Delete
    2. නෑ ඔය වෙන එකෙක්.

      Delete
    3. හ්ම් .. වෙන එකෙක් .. හැබැයි බ්ලොග් වලට පොඩි නෑකමකුත් තියෙනවා ( තිබුනා )

      Delete
    4. මධාවියා.................. (පොදු ව්‍යවහාර නාමයම භාවිතා කරමි)

      මේකේ කතාව මේකයි.... මේ රූපය දැක්ක ගමන් හිතට අාවේ තනිකමක් පාලුවක්... හැන්දෑව ඒක මතු කරනවා.. අනික් අතට කොළ හැළුණු ගහක්.... බැසගෙන යන ඉර..... රන්පාට මවපු අහන..... වළාකුළු..... මේවා තමා රූපය පුරා තියෙන වස්තුබීජ.....

      ඉතින් මුලින් ම නිර්මාණයට පාදක වුණේ හැමදාම අහස දිහා බලාගෙන ඉදලා කොළ හැලිලා වයසට ගිය ගහ.... ඒත් කවදාවත් ඉර ගහක් ළගට ඒන්නෑ... හැබැයි තාමත් ගහ බලාගෙන ඉන්නවා ඉර දිහා..... වෙනදා වගේ ම ඉර පායලා දැන් අායෙම බැහැගෙන යනවා..... පළාතම රන්පාටට ලස්සන කරලා.... ඒත් තව ටිකකින් පේන්නෙම නැතුව යනවා කියලා ගහ දන්නවා.....

      මේක තමා විස්තරය... මීටත් ඒහා කියන්න බැහැ ..... ඉතුරුටිකවත් උඹට තේරෙන්න වෙනවා......

      Delete
    5. සදරුවෝ......................

      වයසට ගියාට හිත තාම තරුණයි බොල....

      මෙන්ඩෝ... ප්‍රසා අයියේ...

      මේකා මං දන්න විදිහට නං බ්ලොගයක් ලියන්නෑ..... නිදස කියලා ඒකක් අටවාගෙන විතරක් තියෙනවා... ඒත් ලියන්නෑ......

      Delete
    6. අරිංඩ එපා තුෂාරයා.........Old but not obsolete (Terminator-5)

      Delete
    7. ඒ ගැන නෙමෙයි කිව්වේ, කලින් ලියපු බ්ලොග් එක ගැන කිව්වේ.
      ඒක අටෝගත්තෙත් ලියන්න තමා, ඒත්, කම්මැලියි අප්පා ...

      Delete
    8. මධාවියෝ....... දන්නවානේ ඉතින් අපි කවදාවත් බිමින් යන්නෑ....

      සදරුවෝ..... අටවා ගත්තු ඒකේ ලියමුකෝ...... පටං ගනිමු... ඉතුරු ටික අපි බලාගන්නම්......

      Delete
  9. මම නුඹේ වියපත් බඹරා..
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා....

    ReplyDelete
    Replies
    1. මාතා....................

      ඔ්කෙම අනික් පැත්ත තමා සමනල සංධ්වනිය ඒකේ ගීතය....

      //ඉකාගසා හඩන අතීතයක
      කදුළු ඒක්ක ගණුදෙනු කරනා
      මට මගේ නොවන මගේ ම අාදරයක් තිබුණා..//

      Delete
  10. ඉර ( ? ) ඔහොම්මමය. යන්නට සැරසීත් ඉඟි පායි. හිතට බලාපොරොත්තුවක සේයාවක් තිළිණ කරයි. අපේ දුක ගැන වගක් නැති ගාණය. එනිසාම අළුත් දවසක අළුත් අහසක බැබළෙනවාය.

    පද පෙළ හරිම අපූරුයි තුෂාර ...!

    ReplyDelete
    Replies
    1. කවියක් කියන්නේ හැමෝට ම හැම ඔ්න දෙයක් හිතාගන්න හැකි විදිහේ නිර්මාණයක්.... ඔබ දුන්නූ පැහැදිලි කිරීමත් ඉතාමත් සුන්දරයි....

      Delete
  11. මටත් ටක්කෙටම තේරැනේ නෑ..
    ඒත් කයිය සහ පිංතුරය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. යකෝ තේරුණේ නැත්තං කොහොමෙයි හොදයි කියන්නේ....????????

      Delete
    2. උඔව මුරංග අත්තෙ තිබ්බා නෙමෙයි..
      පිංතුරය ලස්සනයි..
      පද ලස්සනයි..
      කමෙන්ට් සහ උඔගේ උත්තර බලලා තේරැම් ගත්තා

      Delete
    3. අපි නොදන්නවා යෑ උඹ ගැන....... යකෝ විහිලුවක් කරාම ඔය තරම් සීරියස් ගන්නේ අැයි?????? අපිට හැමදාම හයියට තියෙන වචන ඔ්වා තමයි.....

      ගෙදරින් ප්‍රශ්ණයක්වත් වුණාද???? 

      Delete
    4. බය වෙන්න එපා මට තරහා යන්නෙ නෑ..යාලුවෝ එක්ක තරහා වෙන්නෙත් නෑ..

      Delete
    5. ඒ කියන්නේ අපි යාලුයි ??????

      Delete
  12. hmmm :)
    හිතින් රහසින් පෙමීන් වෙළුනද
    ඇවිත් නෑවිත් දුරි හිටියද
    කිස්ම දිනකදි අපි අපේ නොවුනට
    එදා වගෙ මගෙ තාම හිත ළඟ
    සමුගනිමි මම මරණෙ දොරකඩ

    ReplyDelete
    Replies
    1. වාව්................................. නියම සිතුවිල්ලක්.... මේකත් තවත් විදිහක පැහැදිලි කිරීමක් තමයි.... ලස්සනයි ප්‍රියන්ති...

      Delete
  13. akuru weradila kalin honde :0
    හිතින් රහසින් පෙමීන් වෙළුනද
    ඇවිත් නෑවිත් දුරින් හිටියද
    කිසිම දිනකදි අපි අපේ නොවුනට
    එදා වගෙ මගෙ තාම හිත ළඟ
    සමුගනිමි මම මරණෙ දොරකඩ

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි අඩුපාඩුනම් මොනවද ඉතින්...

      Delete
  14. අඳුර එන්න ඔන්න මෙන්න... වරද පටවගෙන මිසක් පටවලා නොදෙන කොළ හැලී නාටු උන ගස..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අගෙයි ගස්............. අගෙයි....

      Delete
  15. හිතින් දුක් වින්දා ....
    මට අයිති නැති හීනයක් දැකලා .....

    ලස්සනයි කුරුටු . අපි දුක් විදින්නෙම අනුන්ගෙ හීන වලට

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ ජීවිත ගෙවෙන්නෙම මේ දේවල් ඒක්ක තමයි..... ඒක අතකින් ජීවිතේ කියන්නෙත් ඒකට ම තමයි සබරේ.....

      Delete
  16. ඇද්ද අනුන්ගේ හීන බලන්ඩ ගිහින් තුෂාරට හොඳ වැඩේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න

    ReplyDelete
    Replies
    1. ඔ්ක රූපය දිහා බලාන ලියපු කවියක්... හා දැන් සාරිකා අනුන්ගේ හීන දැකලාම නෑ................... හා කියමු බලන්න.....

      Delete
  17. Replies
    1. මෙන්ඩෝ.................. ටිකක් ඉවසමු..... ඉවසමු.......

      Delete
  18. රෑ සිහිනේ...
    ඔබ ළග මා සැනසෙනවා
    මා සැබැවින්
    ඔබ ලග සිත ලතවෙනවා

    මේ බැදුනු සෙනේ
    කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා
    කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ
    කෙදිනද අප හමුවන්නේ

    රෑ සිහිනේ...

    ඈ සනසමින්
    ගී වැල් ගයමි මෙමා
    ඒ මිහිරි ලොවේ
    සෙනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද
    මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනේ...

    ගායනය /ගී පද /සංගීතය - නාමල් උඩුගම

    ReplyDelete
    Replies
    1. ගැලපෙන ගීතයක්................. ලස්සනයි.... ස්තූතියි සින්දුවෝ....

      Delete
  19. එක හීනයක් නොවේ නම් තව හීන දකිමු.

    ReplyDelete
    Replies
    1. අැස් පියාගත්තු ගමන් අායෙම හීනයක් දකිනවා....... ඒ අපේ හැටි.....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  20. ලස්සනට - අමුතුවට ලියල තියේනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.................. ස්තූතියි....

      Delete
  21. මචෝ...

    මේකේ කතාව මේකයි.... මේ රූපය දැක්ක ගමන් හිතට අාවේ තනිකමක් පාලුවක්... හැන්දෑව ඒක මතු කරනවා.. අනික් අතට කොළ හැළුණු ගහක්.... බැසගෙන යන ඉර..... රන්පාට මවපු අහන..... වළාකුළු..... මේවා තමා රූපය පුරා තියෙන වස්තුබීජ.....

    ඉතින් මුලින් ම නිර්මාණයට පාදක වුණේ හැමදාම අහස දිහා බලාගෙන ඉදලා කොළ හැලිලා වයසට ගිය ගහ.... ඒත් කවදාවත් ඉර ගහක් ළගට ඒන්නෑ... හැබැයි තාමත් ගහ බලාගෙන ඉන්නවා ඉර දිහා..... වෙනදා වගේ ම ඉර පායලා දැන් අායෙම බැහැගෙන යනවා..... පළාතම රන්පාටට ලස්සන කරලා.... ඒත් තව ටිකකින් පේන්නෙම නැතුව යනවා කියලා ගහ දන්නවා.....

    මේක තමා විස්තරය... හැක් හැක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ උඹ කොහොමද ඒ තරම් හරියට ම ඒක ගෙස් කරේ..... උඹනං මාරයි විදානේ.....

      Delete
    2. අපි එහෙම තමයි...
      කෝ බං මේල...

      Delete
    3. මේල හෙට ඒයි....... අද මේ දුවන්නේ අන්තිම ඩේටා කදුලෙන්..... මේක ඉවර වෙන්න ඔන්න මෙන්න..... ඉවර වුණා කියන්නේ ඉතින් මලා වගේ තමා.... හෙට උදේම සියලු විස්තර දන්වා සිටිනු ලැබේ........

      Delete
  22. ඒක ඇත්ත අපිට අයිති නැති හීන දකින්න ගියාම ගොඩක් දුක් විඳින්න වෙනවා
    පබැඳුම අනගියි
    ජයවේ තුෂාරයෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ...................

      ඒහෙම වෙනවා තමා නේද?????

      Delete
  23. තුසාරයෝ.. ඔය විදියට හිතන්න එපා.. මේ විදියට හිතපන් .."වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන්... ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ" මං හරිද කයිය තෝරපු විදිහ..?

    ReplyDelete
    Replies
    1. වාව්..................... ඒකත් පට්ට තේරීමක් තමා.....

      Delete
    2. වාව් වාව් ගාන්නෙ මොකෝ තුසාරයො... ටෝකන් එක වැටුනද?

      Delete
    3. හත්තිලව්වයි ටෝකන් ඒක.......

      Delete
  24. හිතට හිතන්න බල කරන මේ වගේ නිර්මාණ වලට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයේ අවශ්‍යතාවයත් ඒකම තමා අජිත් අයියා......

      Delete
  25. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්.......

      Delete
  26. රෑට ලගින් ඉන්න බැරිබව මට තේරෙනව
    ඔයාට නයිට් ඩියුටි තිබ්බත් මම රෑ ගෙදර ඉන්න ඕනෙ,
    දවල්ට ඉස්සර වගේ පෙම් කෙලින්න අවස්ථාවක් තාම තියනව
    වයසට ගියත් තාම ඔයා මගෙ පෙම්වතී.



    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...