Saturday, June 21, 2014

ආදරය වර්චස් ගොඩක්.......................



උප්පත්තිය ගඟක් 
ගලන්නැතුව පැවැත්මක් නැති....................

පාසල හිරගෙයක්
හොරෙන් පනින්නැතිව ආතල් එකක් නැති....................

අධ්‍යාපනය මැණිකක්
පොලිෂ් කරන්නැතිව ෂයින් වෙන්නැති....................

ආදරය වර්චස් ගොඩක්
වැහිලා තියෙනකල් මාට්ටු වෙන්නැති....................

කසාදය රෝස මලක්
නැට්ටේ කටු නැතිව කොලිටියක් නැති................

වයිෆ් මුගටියෙක්
බෙල්ලෙන්ම කඩාගෙන මිසක් අතඅරින්නැති.............

රැකියාව කොටිවල්ගයක්
අතඅරින්නට විදිහක් ම නැති....................

කොහොමත්
අන්තිමට බැලුවම,

ජීවිතය හෝටලයක්
පරිප්පු නැතිව කිසි ගතියක් නැති....................



කසුප් අනුරාධ



.

58 comments:

  1. බලන් ගියාම ලිස්ට් එකම හරි වගේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඉවා.

      Delete
    2. ස්තූතියි ඉවා.............. ඕක හැමෝටම වගේ ඔහොමම තමා... වෙනස් වුණොත් ඉතින් ඉඳලා හිටලා තමා............

      Delete
  2. ආපහු පරිප්පු කතාවමයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි සුපිරි ඈ.....!

      Delete
    2. ස්තූතියි නිමෝ....................

      හැමදාම අපිට හයියක් වෙන මිතුරා............

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේ හැම දේකින්ම අපි ගැට ගැහිලා. මරණයත් refresh button එකක් විතරයි ආපහු පරණ ටිකම සිද්ද වෙනවා.අපි අළුත් විදියට විඳ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපේ කුරුටු ගෑ ගී පවුරට සාදරයෙන් පිළිගන්නවා සප්‍රි,

      කතාව ඇත්ත. සීයට සීයක් ඇත්ත. අපි හැමදාම මේ රඟමඩලේ රඟන නළුවෝ තමයි කවුදෝ කිව්වා වගේ.......

      Delete
    2. සප්‍රි,

      ඔබ විසින් බ්ලොගයක් පවත්වා ගෙන යනවාද??? ඒ පැත්තට යන්න බැලුවට විදිහක් නෑනේ................

      Delete
    3. ඔව් ඔව් . http://ipanella.blogspot.com/
      කුරූටු ඒ පැත්තෙ ඇවිත් ගිය පාර දිගේ තමයි මාත් ආවෙ. සබඳ කම් වැඩි දියුණු වේවා.

      Delete
    4. ඉපනැල්ල දන්නවා. මේ නමින් දන්නේ අද...

      Delete
  5. ඇත්තනේන්නම් ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි..................

      Delete
  6. මරුනෙ බොලන්… හැක්.

    අනුරාධ නියමෙට ලිස්ට් එක ලියලා තියෙන්නෙ? :)

    ReplyDelete
    Replies
    1. ප්‍රියා තව ලිස්ට් එක අපේ කට්ටිය දික්කරන්නැතෑ...

      මේක පොඩි ආරම්භයක් විතරයි. බැරියැ ට්‍රයි එකක් දීලා බලන්න......

      Delete
    2. ගහක් උඩ ගෙඩියක්
      ගෙඩියක් උඩ ගහක් ..!!

      කොහොමද මගෙ කවි හැකියාව ..:D

      Delete
    3. හැක්.................... දැක්කාමයි......

      ලියමුකෝ තව කෑල්ලක් බලන්න. ඕකට ම ගලපලා......

      Delete
  7. නියමයි,අර වයිෆ් ගැන කියපුව ඇත්තද.මමනම් දන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. ස්තූතිය දමිත් අදහස් දැක්වීමට..........

      ඇත්ත කතාව. කාටවත් කියන්න එපා අපි කිව්වා කියලා.....

      Delete
    2. දමියා
      වයිෆ් සුර දූතියක්
      බීරන්ට කං ඇහෙන් නැති !!!!

      Delete
    3. පත්තරේ පට්ට කයි කෑල්ල හොදේ..........

      Delete
  8. උත්පත්තිය තිළිනයක්
    කලාතුරකින් ලැබෙන

    පාසැල සරසවියක් සිප් සතර බෙදාදෙන
    නිතර තුරුලට යන්න හිත දෙන

    අධ්‍යාපනය මිණි පහනක්
    සදා එළිය දෙන

    ආදරය සොඳුරු නිය දහමක්
    කිසිවෙකුට ගැටළුවක් නොවන

    කසාදය නොනිමි බැම්මක්
    කිසිදා බිඳ නොවැටෙන

    බිරිඳ සිරි දෙවු දුවක්
    දිවි ගමන සවිකරන

    රැකියාව කප් රුකක්
    සියලු යස ඉසුරු ලබාදෙන

    සියලු සරින් පිරි මේ ජීවිතය..
    සොඳුරු ගීයක් සවන් පිනවන..


    හැබැයි ඒ මෙහේ නෙවෙයි. කේතුමතී නුවර..

    ReplyDelete
    Replies
    1. ඒක හරි මනෝෂ්...............

      ඒත් මං බැලුවා මොකක් ගැනද කිව්වේ කියලා. කොහොම වුණත් හරි ලස්සන විදිහට කවියක් ගොතලා.............

      Delete
    2. හා.. හා කට කට. ඓශ්චර්යමත් රටේත් එහෙමයිලු ඕං ....

      Delete
    3. ඇත්තට ම මේක නම් ඓශ්චර්යයක් තමයි. මෙහෙම දේවල් ආසියාවේ තියා ලෝකෙවත් වෙන්නේ නෑ... ආය ෂුවර්..................

      Delete
  9. නියමයි...අර මුගටි කතාව නම් දන්නෙ නෑ එහෙම වෙන්න කලින් ........ හැක්
    නියම ගැලපුම

    ReplyDelete
    Replies
    1. දැන් බොට කාලෙ හරි නේද මුගටිච්චි පැට්ටෙක් හොයාගන්න.... හෙක්...හෙක්...

      Delete
    2. සහෝදර.......

      වුණාම තේරෙනවා. මං ඔයිට වඩා හොද එකක් කල්පනා කරා කරා. ආවේ නෑ. ඔයිටත් දරුණු එකක් තියෙනවානම් කියන්න. මොකද ඒක ඒ තරම්ම අනාථ වීමක් සහෝදර...

      Delete
    3. කෙන්ජි පදින්නේ ජපන් වාහනයක් ද????

      Delete
    4. මේ දවස්වල නම් සවුත් අමරිකන් එකක්..... :) :)

      Delete
    5. ඉතින් ජපන් වාහන පට්ට කන්ඩිෂන්නේ................ ඇයි ලතින් ඇමරිකන් වාහන පදින්නේ..........

      Delete
  10. අර ලිස්ට් එකේ ගල් ගැන නැති එකට මාගේ බලවත් විරෝධය !!!!

    ඔන්න මං වැරැද්ද හැදුවා

    ඉරිදා දවස කල්පයක්
    අරක්කු ඩිංගක් නැති :D

    ReplyDelete
    Replies
    1. ඔබගේ සංකල්පය හා මා එකෙන්ම එකඟ වෙමි...

      Delete
    2. පත්තරයෝ..............

      ඉරිදට පත්තරේ එනවානේ... එක බලාගෙන කරබාගෙන හිටිං... පත්තරේ තියෙන ඒවා දැක්කම කෝමත් වෙරි වෙනවානේ....

      Delete
    3. @ විදානේ...

      දී කිරට බළලුත් සාක්කි.....

      Delete
    4. බයවෙන්නෙපා ගී පවුරෙ, පත්තරය මොන විරෝධය පෑවත් මං ඉන්නවා ගී පවුර එක්ක මේ කාරණාවෙදි. හැක්..හැක්..

      Delete
    5. අන්න කොල්ලෝ....................

      Delete
  11. සුපිරි ගැලපිල්ල....
    ඉස්පිල්ලක්,පාපිල්ලක් වරද්දා නැති.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි...............

      කෙන්ජියා ඉතින් මේවට උඩින්ම කියලා දන්නවානේ....

      Delete
  12. එකඟ වෙන්න පුළුවන් ගොඩක් ඒවාට.හැබැයි ඔක්කොටම නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ..

      වෙනස් වෙන්න ඕනේ තැන් ඒ විදිහට ම හදන්නත් ට්‍රයි එකක් දුන්නොත් මොකද???

      Delete
  13. //රැකියාව කොටිවල්ගයක්
    අතඅරින්නට විදිහක් ම නැති....................//

    අනේද කියන්නේ..

    ජය වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. අල්ලගත්තාම තමයි තේරෙන්නේ විදානේ.......

      ආය අතඅරිනවා බොරු. ජොබ් එක ජීවිතේ වෙනවා....

      Delete
  14. අඩේ මොනා වුනත් නියම කවිය.. ලියලා තියෙන හැම දේම වගේ ඇත්ත.. ඔය කෝම වුනත් ඉතින් අපි මේ ජීවිතේට කැමතියිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්...........

      ඉතින් අපේ ජීවිතේ කියන්නෙත් මේකනේ... මේවා හැර ජීවිතයකුත් අපිට නෑනේ... ඉතින් විඳව විඳව ඉන්නවා....

      ස්තූතියි අදහසට...

      Delete
  15. පට්ට කියන්නෙ පටේ පට්ට...
    කුරුටු පවුරෙන් වෙනස්ම කවියටක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..................

      ටිකක් වෙනස් කවියක් ලියන්න තමයි ඕනේ වුණේ..... ස්තූතියි අගය කිරීමට සහ දිරිගැන්වීමට මහේෂ්.........

      Delete
  16. මම නං අදමලු මේ පැත්තට ගොඩ උනේ....

    කියපු ඔක්කොම හරි වගේ......හික්ස්....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මීට කලියෙන් රෙහානි ඇවිල්ලා තියෙනවා... ටිකක් මතක් කරලා බලන්නකෝ......

      කොහොමත් කමෙන්ටුවට ස්තූතියි......

      Delete
  17. ////ජීවිතය හෝටලයක්
    පරිප්පු නැතිව කිසි ගතියක් නැති....................//////
    ඇත්තමයි....ඔය ඔක්කොම තමයි ජීවිතය. වැඩිය ගණන් ගන්නේ නැතුව ඔහේ යන්න දෙන්න ඕන. නැත්නම් ලුණු වැඩි පරිප්පුවක් වෙනවා. මුට්ටිය පිටින් විසිකරන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ......................

      ජීවිතය ගැන අපිට වැඩිය අත්දැකීම් ඇති ඔබ ඒ ගැන මනාව දන්නවා ඇතිනේ.. කතාව නම් ඇත්ත මේ හැම දේම තමයි ජීවිතය කියන්නේ........

      Delete
  18. ලිස්ට් එක නම් හරියටම හරි.ඒත් මෙහෙම හිතලා ජීවත් වෙන්න අමාරුයි.මගේ නම් තියරිය තමයි කිසිවක් ගණන් නොගෙන සිටීම.මේ හැම දේම ලස්සන හෝ අවලස්සන කරගන්නේ අපි විසින්මනෙ.කේකුමතියක් හරි අපායක් හරි බිහි වෙන්නෙ අපේ සිතිවිලිවල වරදින්.

    සිතිවිල්ල අගෙයි.ජය වේවා........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ..............

      ඒකත් ජීවත් වෙන්න ලේසි ක්‍රමයක් තමයි. කොහොම වුණත් ඔබ කියන කතාවනම් ඇත්ත. අපි ම තමයි ජීවිතේ හොද කරගන්නෙන් නරක් කරගන්නෙත්.... ඒක හරි....

      ස්තූතියි අදහස් දැක්වීමට.....

      Delete
  19. ඔය තියෙන්නේ අඩුවක් නැතිවම ...

    මේක ලියන්නැත්තේ දීර්ඝකාලින ජීවන අත්දැකීම මත වෙන්ටැති නේ ? හැක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අගය කිරීමට.................

      අත්දැකීම් හෝ ගාලා... කොහොම වුණත් හැම කෙනෙක්ගෙම ජීවිත වලට මේවා අදාල වෙනවා. ඒ අපේ ජීවිත එක විදිහටම ගෙවිලා යන නිසායි....

      Delete
    2. 100%ක් එකඟයි ඔබ සමඟ. පොදුවේ අපි හැමෝම විඳින , දැනෙන යථාර්තය තමා නිර්මාණයේ ප්‍රස්තූතය. ඒක රසට ගළපලා තියෙනවා.

      විඳවනු වෙනුවට වින්ඳෝතින්
      ජීවිතය - රස සයුරක්

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...