Sunday, April 6, 2014

තව තවත් වැඩි කරයි නුඹ ගැන ආදරය .....................



පාලුව ඉරාගෙන නැගුණු කළුහද
යදිමින් උඩුබුරන කටෝර හඩ
කිටි කිටියේ හඩ තලන රෑහි නද
තව තවත් වැඩි කරයි නුඹ නැති දුක .....................

මොර සූරාගෙන වහින දිය කද
පොල් අතු නවා ගෙන හමන තද සුළග
කළින්ම ගෙනැවිත් සැදෑ අදුර
තව තවත් වැඩි කරයි නුඹ නැති ශෝකය ...........................

කෑලි කපන්නට තරම් තද අන්ධකාරය
පීරාෙගන හමායන පිච්ච සුවද
අෑතින් පෙනෙන බොද වුණ තරු එළිය
තව තවත් වැඩි කරයි නුඹ නැති පාලුව ..............................

ඉරිතලා ගිය කාෂ්ටක පොළව
කොළ හලාගෙන නැගී සිටින වෘක්ෂයන්
අව පැහැ ගැහී නිදා වැටුණු කටු පදුරු
තව තවත් වැඩි කරයි නුඹ අහිමි වේදනාව ...........................

රෑ පිපෙන පුර හද
දහවල් හිනාවෙන හිරු එළිය
පිපී වැනෙන මල් බරවුණු පදුරු
තව තවත් වැඩි කරයි ඔබ ගැන මතකය ............................
ඒ්ක 
තව තවත් වැඩි කරයි නුඹ ගැන ආදරය .....................

තුෂාර විතාරණ

.

23 comments:

  1. අදත් පද ටික ලස්සනයි තුෂාර,

    ගී පවුර සෑහෙන්න වෙනස් වෙලා.

    ReplyDelete
  2. ස්තූතියි චතුරංග. හැමදාම අපිව දිරිමත් කරනවාට.............

    අපි ගී පවුර ටිකක් අලුත් කරගෙන යනවා. ඒ ගැන ඔබ හිතන දේත් කියනවානම් අපි කැමතියි. මොකද අපි මේක කරන්නේ ඔබට කියවන්නනේ. ඉතින් මේ වෙනස්කම් හොදද නැත්ද ????

    දිගින් දිගට ම අපි සමග ඉන්න ඔබ ඒ ගැන දක්වන අදහස අපිට ගොඩක් වැදගත් චතුරංග..........

    ReplyDelete
    Replies
    1. අද ඇවිත් බලත්දි ඊයෙට වඩා වෙනස් වෙලානෙ. :o

      මෙහෙමයි මට නම් හිතෙන්නෙ සරල, සැහැල්ලු, ඉක්මනට ලෝඩ් වෙන, කියවන්න පහසු විදියක් නම් හොදයි.

      දැන් තියෙන විදිහත් හොදයි.

      සුභ පැතුම්……………!!!!!! (y)

      Delete
    2. ස්තූතියි චතුරංග,

      අපිත් උත්සහ කරන්නේ කුරුටු කියවන්න එන අයට දවසින් දවස අලුත් වෙන බ්ලොග් එකක් කියවන්න දෙන්නයි. ඉතින් ඔබ කියපු විදිහට අපි සරල, සැහැල්ලු වෙන්නත් උත්සහ කරන්නම්. ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි.........................

      Delete
  3. කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන. ඔබේ අගය කිරීම් අපිව හැමදාම දිරිමත් කරනවා. ඒකට බොහොමත්ම ස්තූතියි................

      Delete
  4. කවිය ලස්සනයි..

    ගී පවුරේ කලින් තිබුන පෙනුමට නම් මම වැඩියෙන් මනාපයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. මේ දිනේෂ් ලියලා තියෙන වාක්‍ය දෙකටම මම 100%ක් එකඟයි!!!!

      Delete
    2. @ අරූ
      ++++

      Delete
    3. @ දිනේෂ්,

      ස්තූතියි දිනේෂ් කවිය ලස්සනයි කිව්වට...........

      ඒවගේ ම ඔබ දක්වලා තියෙන ටිකක් වෙනස් අදහසටත් ස්තූතියි. කලින් පෙනුමට ඔබ මනාපයි නම් අපි ඒ ගැනත් සලකා බලන්නම්.......කොහොමත් මේ කුරුටු කියවන්න එන ඔබ වැනි අයට අලුත්, වැදගත් වගේ ම වටිනා යමක් දෙන්නයි අපි උත්සහ කරන්නේ.............

      Delete
    4. @ අරූ,

      ස්තුතියි අරූ,

      Delete
    5. @ විදානේ.......

      ඒ කියන්නේ මොකක්ද විදානේ..............

      Delete
    6. +++++ කියා අදහස් කරන්නෙ අදාල කොමෙන්ටුවට කැමතියි , පිළිගන්නවා හෝ එකඟයි යන අදහසක්.

      Delete
  5. හිතේ විරහව, දැනෙන වේදනාව, සොබාදහමත් එක්ක හරිම අපූරුවට ගලපල. මේ තිළිණයට ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම මනෝෂ් ඒක තමයි ඇත්ත................

      ඔබ කවිය අගේට තේරුම් අරන් තියෙනවා. ඒ වගේ ම ඔබ ඒක අගය කරාට බොහොම ස්තූතියි................

      Delete
  6. කොහොමත් දෙයක වේදනාවක් අපිට දැනුනාම අවට පරිසරේ ඔක්කොම ඒ වේදනාව එක්ක අනුගත වෙන බව වැඩියෙන් දැනෙනවා නේද...?

    මේ ටෙම්පෙල්ට් එක ඇහට අමරුයි වගේ සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝජ්,

      ඇත්තට ම අපි ගොඩක් දේවල් විදින්නේ පරිසරයත් එක්ක. ඒකයි ගොඩක් ගීත වල ආදරය සහ විරහවත් එක්ක පරිසරය බැදිලා තියෙන්නේ. ඔබේ කතාව ඇත්ත. ඒවගේම පරිසරය විදින්න පුළුවන්නම් අපිට තියෙන වේදනාවන් ගොඩකුත් අඩු කරගන්න පුළුවන් නේද මනෝජ්????

      Delete
  7. ඉරිතලා ගිය කාෂ්ටක පොළව
    කොළ හලාගෙන නැගී සිටින වෘක්ෂයන්
    අව පැහැ ගැහී නිදා වැටුණු කටු පදුරු
    තව තවත් වැඩි කරයි නුඹ අහිමි වේදනාව .....

    සිරාම කථාව...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ.............

      ඔබ මේ පැත්තට ගොඩවෙලා අපිව දිරිගන්වනවාට...............

      Delete
  8. ජය වේවා...සාර්ථකව කරගෙන යන්න. සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. දේශකයාගේ දේශනත් අපි ගොඩක් අගය කරනවා. ඔබේ දේශනාවන් අපිව දිරිමත් කරනවා විතරක් නෙමෙයි තව තවත් ලස්සන නිර්මාණ කරන්න අපිව පොළඹවනවා..........

      Delete
  9. කවිය නං හැමදාම වගේ පට්ටය... ගින්දරය... අලුත් ඉන්ට පේස් එක නං ගති...හැබැයි ගැජට් වැඩී... ලෝඩ් වෙන්න පරක්කුයි

    ReplyDelete
    Replies
    1. මහේෂ් පළමුවෙන්ම ඔබේ කමෙන්ටුවට ස්තූතියි.

      දෙවනියට ඔබේ අදහස අපිට වැදගත්. මොකක් ද ගැජට් වැඩි කියන්නේ. මොනවගේ ගැජට්ද ලෝඩ් වෙන්න පරක්කු කරන්නේ. අදහස් කියන්න. කරන්න පුළුවන් දෙයක් අපි කරන්නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...