Monday, November 11, 2013

මන්මෝහන් සිංගේ ඉල්ලීම .......................



අනේ ලලිතා ඔයා කිවු හින්දා
යුද්ධ කාලේ මං සද්ද කලෙ නෑ
ඔයා දන්නවා ප්‍රභා වෙනුවෙන් මං
කොච්චරක් නම් දුක් වුණා කියලා ...................

අනේ ලලිතා ඔයා කී අයුරින්
යුද කවුන්සිලයේ දී මං බැන්නා
එකට බත්පත කෑ අසල්වැසියා
දැක්කේ නෑ වගේ පාවලා දුන්නා ......................

අනේ ලලිතා ඔයා සනසන්නයි
විටෙං විට මං එක එකා යැව්වේ
උතුරේ ඇවිදලා බනින්නැයි කිව්වා
අම්මපා ඒ ඔයා වෙනුවෙන්මයි .....................

අනේ ලලිතා මේ ගමන නං බෑ
නාකි මං ගැන තව ටිකක් හිතලා 
ගිහිං ආවට කමක් නෑ කියලා 
කියන්නට බැරි අැයි ද මගේ ලලිතා ...................

රට්ටු දැක්කට කමක් නෑ කියමූ
උංට හංගන් ඉන්න බැරි හන්දා
ලෝකයා දැනගත්තාම මේ දේවල්
හිනාවෙයි උං මට නයා පෙන්නා .....................

තුෂාර විතාරණ

.

8 comments:

  1. මන් මෝහන් කියන්නෙ ප්‍රබාකරන්, රනිල්, වගේ ලද්ඡා නැති මිනිහෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ම කතාව මන්මෝහන් සිං කියන්නේ රූකඩයක් විතරයි කියලා දැන් ඉන්දියාව ඔප්පු කරලා ඉවරයි. ඒකෙත් ලැජ්ජාම නැති කාරණය තමයි ඉන්දියාට කියන්නේ ජයලලිතාට යටවෙච්ච රටක් කියන එක. ඇත්තම කතාව රාජ්‍ය නායකයා ම‍න්මෝහන් සිං ද ජය ලලිතා ද කියලා ඉන්දියාවට දැන් තීරණය කරන්න වෙලා තියෙනවා. අපි අනික් හැම දේම පැත්තකින් තිබ්බත් ඉන්දියාව ජයලලිතාගේ කතා අහනවට වඩා ඉතිහාසයේ රජවරුන් අතර තිබ්බ සම්බන්ධතාවයන් මේ විදිහට පළුදු කරන්න ඉන්දියාවේ කාටවත් අයිතියක් නෑ. අනික ඉන්දියාවට ඔනේ වුණ වෙලාවට ළගම ඉන්න අපිත් නැති කරගත්ත එක තමයි මේ කරගත්තේ. මේක ඉන්දි‍යාවේ ආරක්ෂාවට මාර ගැටළුවක්. ඒත් ඉන්දියාවේ ආණ්ඩුව ජයලලිතාගේ ආසන ටිකට බය නිසා ඒවා අමතක කරා. මේක පළ දෙන වෙලාවට ඉන්දියාවට යන්න පාර මදි වෙනවා.

      හැබැයි මං මේකෙන් කියන්නේ නෑ චෝගම් කිය කිය අපේ රටේ නටන නාඩගහ හරි කියලා.

      Delete
  2. කෙලින් කතා කරලා තියෙනව...අගයකරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජා.

      ඔබේ අගය කිරීමට ස්තූතියි

      Delete
  3. සමහර ජවුසං මුහුණු බැඳගෙන නටනවා....සමහරක් එව්වා බඳින්නේ නැතිව නටනවා. චොගම් කියන්නේ ඔය ක්‍රම දෙකම මිශ්‍රවූ ජවුසමක්. අවසානයේ වෙන්නේ වෙඩිං වීඩියෝ එකට වෙච්ච දේ තමයි. ටික කාලයක් යනකොට පොඩී එව්වෝ ඒකට උඩින් තව හින්දි බයිස්කෝප් එකක් රෙකෝඩ් කරලා.

    ඊයේ එංගලන්තේ 11/11/2013 ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකරනවා ශ්‍රීලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ කබ්බ මන්ත්‍රීවරුන් මේ චොගමට ගෙන්වගන්න කරපු නාස්තිකාර උත්සාහයන්. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලිකව හමුවී......එක මන්ත්‍රීවරයෙක් කියනවා....ඔවුන් අපට "අවශ්‍ය ඕනෑම් දෙයක් " දෙන්නට පොරොන්දු වුනා ශ්‍රීලංකා රජයේ විදමින්, කෙසේ හෝ එන්න කියා. සමහරක් ඔවුන්ගේ මිතුරියන් සමග පෙරහුරුවක් ලෙස ඇවිත් ගොසින් තියෙනවා. එක්කෙනෙක් ඔහුගේ අනාගත සහකාරිය සමග එන්ගේජ් වෙලා තියෙන්නේත් ...අපේ රජයේ විදමෙන් ගෙන්න ගත්ත වෙලාවක. කොන්සවේටිව් පක්ෂය මේ ගමන් මේ සතියේ තහනම් කරා...

    ටෙලිග්‍රාෆ් යනු ලෝකයේ පිලිගත් පුවත්පතක්...මෙය මාධ්‍යවේදීන් කංඩායමක් විසින් කරන ලද ගවේශනයක ප්‍රතිපලයක්. මෙම පුවත්පතේ 6වැනි පිටුවේ ඔවුන් සමග අපේ තානාපති සමග ඡායාරූප තියෙනවා. මේ මංත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාලු.....මේ සල්ලි කාගෙද????????? රෝහලකට බෙහෙත් පෙත්තක්?????????

    මේ කමෙන්ට් එක මේ විෂයට අදාල තවත් පෙස්ටුවක සටහන් කල බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. අරූ මේවා ගැන මෙහෙම දකිනකොට අරූලා රටින් පිට ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන් නේද..?

      Delete
    2. අප්‍රසන්නයි මනෝ මේවා දකිනකොට......මේවා කියවන සුද්දෝ අහන්නේ උඹලට වෙන ප්‍රශ්න නැද්ද රටේ කියලා මෙච්චර සල්ලි කන්න.

      Delete
    3. ස්තූතියි අරූ ඔබේ පැහැදිලි කිරීම් වලට. ඇත්තට ම මෙය සංවාදයක් උදෙසා ලියපු කවියක්. ඔබ එය අර්ථවත් කරා කියලයි මට හිතෙන්නේ. ඔබ කිව්ව දේවල් ඇත්ත. මේක ඉහගෙන කන්න තමයි අපේ අයගේ උත්සහය.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...