මව්පියන්ට දරුවන් ලොව ඇති එකම වස්තුවය.
එමෙන්ම දරුවන්ට ද මේ ලොව මව්පිය දෙදෙනා ට සම සෙනෙහසක් කොහෙන් ලැබේවිද? ඔවුන්ගේ දරු
සෙනෙහසට සම කරන්නට මේ ලොව තවත් සෙනෙහසක් නොමැති තරම්ය. එමෙන්ම දරුවන්ට මුලින්ම හරි
වැරැද්ද තොරා බේරා දි ඔවුන් නිසි මාවතට ප්‍රවිශ්ට කරන්නේ ද දෙමාපියන්ය. මේ හෙයිනි
මව්පියන් මුල්ගුරුවරු යන අර්ථ සහිතව පුබ්බාචරියාය
ආහුන්‍යෙ ආදි ගෞරවාර්ථ නාම වලින් හදුන්වන්නේ. දරුවන් කොතරම් බරපතල වරදක්
කළද ඒ හැම වරදකට ම ඔවුන් සමාව දෙයි.ඔවුන් ගේ හදවතේ ඇත්තේ තම දරුවාය යන
හැගීමය.දයාවය අනුකම්පාවය සෙනෙහසය. මේ හෙයින් ඔවුන් දරුවන් කිසිම මොහොතකදී හෝ
දරුවන් අත්නොහරීන්නේය. අංගුලිමාල අවසානයේදී ඔහුගේ ඉරණම වූයේ රාජ උදහසින් මරණයට
පත්වීමය. මෙය කණ වැකුණ ඔහුගේ මව ඔහු සොයා යන්නේ මිනීමරුවෙකු වුවද තම පුතු කෙරෙහෙ
වු අප්‍රමාන දරු සෙනෙහස නිසාවෙනි. මවකට පියෙකුට තම දුව හෝ පුතා යනු මාහැගි වස්තුවකි.අබරණයකි.
රත්න ශ්‍රී විජේසිංහයන් අතින් පබැදෙන චන්ද්‍ය මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.. යන
ගීතය සදහා ද වස්තුවිෂය වී ඇත්තේ මෙකී අප්‍රමාණ වු දරු සෙනෙහසයි. මවක් ද නොමැතිව තම
දියණිය ඉතා දුක් මහන්සියෙන් හදාවඩා ගන්නා පියෙකු යැයි සිතිය හැකිය. එවැනි පියෙකු
තුළ තම දියණිය පෙම්බරයෙකු සමග රහසේම නිවසින් පිටවී යාම හේතුකොට ගෙන එකී පියාගේ හද
තුළ කැකෑරෙන අප්‍රහිත දාරක සෙනෙහස පිළිබදව සිද්ධියකි මෙකී වස්තුවිෂය ලෙස දිග
හැරෙන්නේ . රත්න ශ්‍රීයන් එය අපූරු ලෙස ගීතයට නගන අන්දම මනස්කාන්තය.
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි
ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ
රත්න ශ්‍රීයන්ගේ ප්‍රතිභා ශක්තිය අපූරුවට
ගම්‍ය කිරීමට සමත්වන්නේ මෙහි ඇති චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ යන්න මගිනි.
කවියා කථකයා විසින් හෙළිදරව් කරන ඔහුගේ දියණිය සම කරනුයේ චන්ද්‍රයා මතුපිට
දිස්වන්නාවු සාවාටය. මෙම සදේ සාවා පිළිබද ජනප්‍රවාද මගින් අපුරු කතාවක් දක්නට
ලැබේ. මෙකි කතාවේ සාවා සක් දෙවි විසින් එ හාවාගේ උතුම් ගුණය සලකා සදේ සිත්තම් කළා
යැයි ගැමියන් විසින් විස්වාස කරනු ලබයි. මෙය ජාතක පොතේ එන සස ජාතකය මගින් ගැමියන්
අතට පත්වූ කතාවකි. රත්න ශ්‍රීයන් මෙය සිහි වූවාක් මෙන් ඔහු කථකයාගේ දියණිය සම
කරනුයේ මෙම සදේ සාවාටය. මෙකී සාවා මුලින්ම සාවියෙකු කිරීමේ ගෞරවයද හිමිවන්නේ ද
රත්න ශ්‍රීයන්ටය.
කවියා විසින් කථකයාගේ දියණිය රහසේ පලා යාම
රසික හද සන්තාන ගතකරන්නේ අපූරු ආකාරයටය.
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ එය ධ්වනිත කරනු ලබයි. කථකයාට තම ගෙදර සිටි
දියණිය නොමැති අඩුව කොතරම්ද යත් ගෙයි පහන නිවුණු කලක මෙනි. මුලු ගෙදරම පාලු
අන්ධකාරයෙන් වැසී ගොසින්ය. කථකයාගේ බලාපොරොත්තු සියල්ල ද නිවී ගොස් ඇති පහන මෙනි.
ඇතැම්විට මවද නොමැතිව තම දියණිය උස්මහත් කරන්නට ඇත්තේ සක්විති රජෙකුට අත් දෙක
දෙන්නට මෙන් මහත් බලපොරොත්තු කන්දරාවක් සිත්හි පුරවාගෙනය. දුක් මහන්සි වී වෙහෙස
නොතකා රෑ දවල් නොබලා වැඩකර නිවසට එන්නට ඇත්තේ දියණිය කිනම් හෝ දිනයක ඉහළ තැනක
වැජඹෙනවා දැකීමේ පරම අභිලාශයෙන් වන්නට ඇත. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල තම දියණිය
බිද දමා ගොසින්ය. පියෙකුට මෙය කොතරම් හිත්වේදනාවට කරුණක් ද යන්න මන්ද නුඹ ගියේ
කියපන් පුංචි සාවියේ යන්න තුළින් ගම්‍ය වේ. පියාට හැකි අයුරින් ඇයට සියලු සම්පත්
සලසා දෙන්නට ඇත. නමුත් පියාට ඇති එකම ප්‍රශ්නය මෙතරම් සෙනෙහසක් දැක්වුවද තමා හැරදා
යාමට තරම් තමාගේ සෙනෙහස ආගන්තුක අයෙකුට දෙවැනි වූයේ කෙසේද යන්නය. මන්ද කියාපන්
මන්ද නුඹ ගියේ ලෙස යෙදීමෙන් කථකයාගේ උක්ත ප්‍රශ්නය රසික හද සන්තානයේ දනවන සුලුය.
ලාබ
රත්තරන් දිලිසෙන පාලු විදියේ
ගෑනු ළමයි පියාඔලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ
කථක පියාට තම දියණියගෙන් සිදුවු වැරැද්ද
කමක් නැත. තමා හැර දමා යාම පියාගේ සිත සනසාගන්නට පුලුවනි. නමුත් තම දියණියට වරදක්
සිදුවේ දැයි තම පියාට දැඩි බියක් දැනේ. ඒ නිසාවෙනි කථකයාගේ සිත වාවාගත නොහැක්කේ.
මක්නිසා ද යත් කථකයා මීට පෙර ද තම දියණිය
සේ නගරයට ගිය ගැහැණු දරුවන්ට සිදුවූ ඛේදනීය ඉරණම සිහිපත් වෙන හෙයිනි. කථකයා දිවා රෑ නින්දක් නොමැතිව සිතන්නේ ද තම දියණියද
මුලා වී ගොස් ඇගේ ඉරණම ද අභාග්‍යසම්පන්න තත්වයට ගොදුරු වෙයිදෝ යන්නය. කථකයා නගරයේ
දකින්නේ ව්‍යාජත්වයෙන් පිරීගිය පුරයක්
ලෙසය. ලාභරත්තරං යන්න එය මනාව ගම්‍ය කරනු ලබයි. මෙලෙස නගරයට ආගන්තුකව යන
ගැහැණු දරුවන්ගේ ඉරණම නැවත පිරියම් කළ නොහැකි තරමට ඛේදනිය තත්වයකට පත්වෙයි. කථකයා
ඒ බව හොදින් දනී. වත්මනේද මේ තත්වය එසේම ය. ඇතැම් විට මුදල් උපයා ගැනීම සදහා නගරය
බලා ගියද ඔවුන් ගොදුරු ලෙස බිල්ලට ගැනීමට මාන බලන ජාවාරම්කරුවන්ගේ නෙත් ඒ තරුණියන්
දෙසම එල්ලවී ඇත. ඇතැම් සමාජ ඛේදවාචක ලෙස ගිනිය හැකි ගණිකා වෘත්තියට ද යොමු කරගනු
ලබන්නේ මෙලෙස ආගන්තුක ලෙස නගරයට සේන්දුවන ගම්වල ගැහැණු දරුවන්ය. මෙම කථකයාගේ සිත ද
ඇතිවන්නේ ඊට සමාන වූ බීතියකි. නොවෙසේනම් තම දියණිය විසින් කථකයා හැරදමා යාම පිළිබද
ව කෙසේ හෝ සිත සනසා ගත හැකිය. නමුත් කථකයාට ඇති දුක තම දියණියගේ ජීවිතයට කිසිදු
හානියක් කරදරක් සිදුවුවහොත් යවන්න පිළිබද බීතියකි. එය කථකයාට දරාගනු නොහැකි තරම්ය.
එබැවිනි අන්න ඒ නිසයි බය මට දුක රත්තරං දුවේ කියනුයේ. යට කියන ලද උදුරනයෙන්
දියණියට කථකයා එනම් පියා තම දියණි කොතරම් විශාල වරදක් කළ ද ඇයගේ සුඛ විහරණයම අපේක්ෂා කරන බැවින් ඇය දුකට පත්වේදෝයි සිතා දුක්වන ආකාරයක් ස්ඵුට
වේ.
මව් පියෝ තම දරුවන්ගේ සුඛ
විහරණයම අපේක්ෂා කරන්නෝ වෙත්. තමන් හැරදා
ගියද ඔවුනට දරු කැක්කුම නෑරේ. මෙම දියණිය පිළිබදවද කථකයාට ඇත්තේ ද එවැනි හැගීමකි.
කොතරම් වරදක් කළද තම දරුවා යන හැගීම මවකට පියෙකුට තුරන් කර දැමිය නොහැකිය. ඔවුනට
වෛර කළ නොහැකිය. ඔවුහු තුන්කල් උපේක්ෂාව වඩන දරුවන් දෙස මුදිතාවෙන් බලා සතුටු වන
සතර බ්‍රහ්ම විහරණයෙන් බරිත වූවෝ වෙති. රත්න ශ්‍රී යන් සමස්ත පියවරුන්ගේ හා මව්වරුන්ගේ
හද ගැස්ම පිඩු කොට දක්වන්නේ අපූර්වත්වයෙන් යුක්තය.
මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
පාර
මතක නම් තාමත් ගේ ලගයි දුවේ
රත්න ශ්‍රී යන් කූට ප්‍රාප්තියේදී ද කථක
පියාගේ සිත නැවත ආවර්ජනය කරන ආකාරයක් දක්වනු ලබයි. කථකයා තම සන්තානය පීරා බලන කළ
මෙනෙහි වන්නේ කිසියම් තරුණයෙක් ආ ගිය බවත් ඔහු හා තම දියණිය පිළිබද කිසිදු සැකයක්
ඇති නොවුන බවකි. මෙය කවියා දක්වනු ලබන්නේ ප්‍රතිභාවෙන් යුක්තවය. මාල බැදන් සුදු
යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ යන්න තුළින් එය මනාව විශද
වේ. කවියා දියණිය හා මෙම තරුණයා ද ඔවුන් අතර ඇති ආදරය ද අපූරු ලෙස ව්‍යංගාර්ථවත්ව
දක්වා ඇති සේය. ඔහු කිසිම තැනක තරුණයෙක් පිළිබදවත් තරුණියක් පිළිබදවත් ඔවුන් අතර
ආදරයක් ඇති බවක් හෝ දක්වා නොමැත. එය රසිකයාට සන්නිවේදනය කරනුයේ සංකේත හරහා ව්‍යංගාර්ථවත්වය.
සුදු යකඩෙන් මාල බැදන් මාල ගිරව් ගේ දොරකඩ සිංදු කීම ආදිය තුළින් ව්‍යංගාර්ථයෙන්
දක්වුයේ තරුණයා බව අපට හැගී යනු ඇත. එමෙන්ම ඔවුන් අතර වූ ආදරය රෝසමල් වනේකට සමාන
කොට ඇත. තරුණ ප්‍රේමයක් යන හැගීම මෙයින් ගම්‍ය කෙරේ. මොවුන් දෙදෙනා අතර නිතර
කතාබහක් වූ බව කථකායාට මෙනෙහි වෙයි. මාල බැදන් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ යන්න
තුළින් දක්වනුයේ එයයි. නමුදු කථක පියාට එය සැකයක් ඇති වීමට තුඩුදුන්නක් නොවු බව කවියා දක්වනුයේ හීනෙනුත්
හිතුනෙ නෑ මට මොකද කාරනේ ලෙසය. මෙයින් කථකයා තම දියණිය පිළිබදව තබන ලද විශ්වාසයත්
මොනවට පැහැදිලි වෙයි. එසේම කථකයා කිසියම් පසුතැවීමක් ද සිත්හි ඇති බව පෙනී යනු
ඇතැයි සිතෙයි. හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ ලෙස කීමෙන් මේ පිළිබද
හාන්කවිසියක් වත් දැනගත්තා නම් කථකයාට මෙය වලක්වා ගන්නට ද තිබුණේ යන්න කථක පියාගේ
සිතට හැගෙන අයුරක් උක්ත උද්ධෘතය තුළින් විශද නොවන්නේද? අවසාන වශයෙන් කථකයා තුළින්
නිරූපිත වනුයේ සමස්ත මව්පියවරුන්ගේ දරු සෙනෙහසේ තරම පිළිබදවය. කථකයා තම දියණියට
කියනුයේ පාර මතකනම් තාමත් ගේ ලගයි දුවේ ලෙසය. කථකයා තම දියණියට නැවත ගෙදර එන ලෙස
ආරාධනාවක් ව්‍යංගයෙන් කරනු ලබයි. ඇය කරන ලද වරදට සමාව දී ඇතිබවක් ද මෙයින් ධ්වනිත
වෙයි. එය කවියා ව්‍යංගාර්ථවත් ලෙස දක්වනු ලබන ආකාරය අපූර්වත්වයෙන් යුක්තය. පාර මතක
නම් තාමත් ගේ ලගයි දුවේ.. ලෙසය කවියා තම දියණියට නැවත ගෙදර එන ලෙස දක්වනුයේ. රත්න
ශ්‍රි අතින් ලියැවුන මෙකී ගීතය පියෙකු තුළ තම දියණිය කෙරෙහි ඇති අප්‍රහිත
සෙනෙහස මොනවට කියාපාන අතරම සමස්ත මව් පියවරුන් තම දරුවන්ට කොතරම් ආදරයක් සෙනෙහසක්
දක්වන්නේ ද යන්න මෙම ගීතයෙන් මොනවට පසක් වනු ඇත. රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනය ද
සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයද අප හදවත් කරුණා රසයෙන් පිරී යනු ඇත.
මම කොතන හරි කියෙවුව තනිවම පල්පතක හිටපු දරුවෙක් දුශන විම පදනම් කරගෙන මෙම ගිතය ලියවුනා කියල.නමුත් මට එදාම හිතුන එක ගැලපෙනවද කියන ප්‍රශ්නෙ.මගෙත් මෙ ගිතයෙ කියවිම මෙකම තමයි."පාර මතක නම් තාමත් ගෙ ලගයි දුවෙ "කියන පදයෙන් සම්පුර්න දරු සෙනෙහස එලි දක්වනව.
ReplyDeleteමෙකෙම අනිත් පර්ශ්වයෙන් ගැයෙන ගියක් තමයි "දොර ඇරපන් අම්මෙ නුබෙ පොඩි හිගන්නිට " කියල තියෙන්නෙ.(මමම් හිතන්නෙ වචන ටික හරි )
දමිත්....
Deleteවිදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා
මග වැරදිලා උන්නේ මංමුලාවෙලා
පැනගිය මුවන් ලඟ හෙලුවයි නෙලූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා.....
ගායනා කලේ ඉන්ද්‍රාණි බෝගොඩ.....ලිව්වේ කවුද? ලස්සන පද රචණයක්
amme dora arin nube podi higannita
Delete/////මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
ReplyDeleteමාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ///////
මේ ගීතයේ මම වඩාත්ම කැමති පද දෙක.
මේ සින්දුව යාළුවො ඉස්සර පන්ති ගිහින් කෝච්චියෙ එනකොට අනිවා කියනවම තමයි...හැබයි අද තමයි තේරුම දැනගත්තෙ..ලස්සන තේරුමක්
ReplyDeleteමේ සිංදුව කොච්චර ජනප්‍රියද කියල අපිට ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද? ස්තුතියි ඔබට.
Deleteමෙම ගීතය පිළිබඳව විග්‍රහයක් බොහෝ කළකට පෙර එක්තරා වැඩ මුළුවකදී මා අසා ඇත.
ReplyDeleteඔබගේ විග්‍රහය, අර්ත දැක්වීම, විචාරය සියල්ල සාර්තකය. නමුත් මට හැඟී යන පරිදි ඔබ මෙම පද පෙළ ගැන වැඩි අවදානයක් යොමු කර නැතිය කියා සිතේ.
//පාන නිවුන සේ පාලුයි ලැයින් කාමරේ//
ඇය සහ පියා ජීවත් වනුයේ නිවසක්ම නොව. එය ලැයින් කාමරයකි. දරිද්‍රතාවයේ සහ පීඩනයේ උල්පතකි.
This comment has been removed by the author.
ReplyDeleteහසිත,
ReplyDeleteහරිම ලස්සන විචාරයක්. ඒවගේ ම සුනිල් එදිරිසිංහගේ ලස්සන ගීතයක්. සමාජගත වූ යථාර්තයක් එක්ක ලියැවුණු ගීතයක් නිසා විචාරයට උචිතයි වගේ ම ඔබේ විචාරය එම ගීතයට ලොකු එළියක් වෙලා තියෙන හැඩයි
තුෂාර විතාරණ
ලස්සනයි තව තවත් මෙවැනි ආදර්ශමත් දෑ විවර කරන්න දිගාසිරි....
ReplyDelete