කොඳ මලක සුමුදු බව සමනලුන් දන්නවා
මකරන්ද පවස විඳ බඹරු මල් තලනවා
ප්‍රේමයක සොදුරු බව කවි හිතක් දන්නවා
මාත් මගේ කවි හිතත් නුඹ නිසා තැවෙනවා
සැඟවෙන්න ඉඩක් නැති මගේ හද මන්දිරය
පළාගෙන දෝරයන කදුළු හරි උණුහුම්ය
මා දමා නුඹ යන්නේ නොදන්නා විලසින්ය
අපි ම අපි හඩවාපු අතීතේ කතන්දරය
ඔහෙන් එන මදපවන් ආදරෙන් සිඹින්නම්
ඔහෙන් එන සුළඟ තුළ නුඹේ ස්වර සොයන්නම්
ඔහෙන් එන සමනලුන් දන්න තතු අහන්නම්
ඔහෙන් ඔබ එන තුරා මගබලා හිදින්නම් ..........................
තුෂාර විතාරණ
.
සංවේදී මිනිසුන් පත් විය යුතු තැනකට බාල මිනුම් දඬු යොදා එවැන්නන් කපා හැර සෙස්සන් තෝරා ගැනීම අපේ අභාග්‍යයක් පමණක් නොව රටේ ද අභාග්‍යයකි. විශ්වාසයි, ඔබට දිගු ගමනක් යා හැකි බවට... සුබ පැතුම් ළබැඳි ව..
ReplyDelete