Thursday, August 8, 2013

දුකට කියන කවි ................ lll



කොඳ මලක සුමුදු බව සමනලුන් දන්නවා
මකරන්ද පවස විඳ බඹරු මල් තලනවා
ප්‍රේමයක සොදුරු බව කවි හිතක් දන්නවා
මාත් මගේ කවි හිතත් නුඹ නිසා තැවෙනවා

සැඟවෙන්න ඉඩක් නැති මගේ හද මන්දිරය
පළාගෙන දෝරයන කදුළු හරි උණුහුම්ය
මා දමා නුඹ යන්නේ නොදන්නා විලසින්ය
අපි ම අපි හඩවාපු අතීතේ කතන්දරය

ඔහෙන් එන මදපවන් ආදරෙන් සිඹින්නම්
ඔහෙන් එන සුළඟ තුළ නුඹේ ස්වර සොයන්නම්
ඔහෙන් එන සමනලුන් දන්න තතු අහන්නම්
ඔහෙන් ඔබ එන තුරා මගබලා හිදින්නම් ..........................


තුෂාර විතාරණ

.

1 comment:

  1. සංවේදී මිනිසුන් පත් විය යුතු තැනකට බාල මිනුම් දඬු යොදා එවැන්නන් කපා හැර සෙස්සන් තෝරා ගැනීම අපේ අභාග්‍යයක් පමණක් නොව රටේ ද අභාග්‍යයකි. විශ්වාසයි, ඔබට දිගු ගමනක් යා හැකි බවට... සුබ පැතුම් ළබැඳි ව..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...