Saturday, August 10, 2013

බලාපොරොත්තුව , සැකය සහ භය


හීං පොද වැස්සක් වැටිලා
ලස්සනට මල් පීදිලා
පුංචි හීතල හුළං රැල්ලක් එක්ක මුහුවුණු
බටිති ගීතයක් අහං ඉන්නයි .......................... බලාපොරොත්තුව

හීං පොදයක්වත් නැතුව
මල් පෙති පරවෙලා
හුළගක්වත් නැතිව දාඩිය හැ‍ළෙන
බටිත්තොත් විඩාබර කරයිද කියලයි ................................සැකය
පොද වැස්ස මොර සූරලා
මල් පෙති පොඩි කරන්
මහා හුළගක් එක්ක හා වෙලා
බටිත්තොත් ගහගෙන යයිද කියලයි ...................................භය

මේ විදිහට,
හැම බලාපොරොත්තුවක් ම,
සැකය සහ භය අතර ස්ථානගත වෙනවා.


තුෂාර විතාරණ

.

2 comments:

  1. සැකය සහ භය අතර ස්ථානගත වූවද, බලාපොරොත්තුව අස්ථානගත වෙන්න දෙන්න එපා.
    අනේ මට කවියෙන්නම් ලියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි

      බලාපොරොත්තුව අපි හැමෝටම තියෙනවා. ඒක කවදාවත්ම නැති වෙන්නෑ. බලාපො‍රොත්තුවක් නැත්තේ මැරිච්ච මිනිස්සුන්ට. ඒ නිසා අපි හැමෝම බලාපොරොත්තුත් එක්ක සැකය සහ බය සමග ජීවත් වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...