Monday, August 5, 2013

එදා මාවිල්ආරැ .................... අද රතුපස්වල






එදා මාවිල්ආරු සොරොව්ව,
දෙමළ ජනතාවට වගා කරන්න වතුර දෙන්න,
හමුදාව ම කැපවී කළා.
''මානුෂීය මෙහෙයුම''
ඉවර කළේ,
ප්‍රභාකරන් මරා දමා,
නන්දිකඩාල් කලපුවේදී .......................

අපි කිරිබත් කෑවේ,
නුවරපාර අයිනේ ..............................


අද රතුපස්වල,
බොන්න වතුර ටිකක් ඉල්ලපු අමු සිංහල ජනතාවට,
හමුදාව කළා.
''අමානුෂීය මෙහෙයුම''
ඉවර කළේ,
තරුණයින් තුන්දෙනෙක් බල්ලෝ වගේ මරලා දාලා,
නුවරපාර අයිනේ ........................... කානුවක

අපි කිරිබත්කාපු,
නුවරපාර අයිනේ  ...............................


තුෂාර විතාරණ

.

3 comments:

  1. ධර්මරත්නAugust 5, 2013 at 8:39 PM

    හෙට මැදමූලන............වට කරන්නේ ගාඩාපියාව මරපු උන්......

    ReplyDelete
  2. මේක ලංකාවද නැත්තම් ලිබියාවද කියලා හිතෙනවා.තමන්ගේම ගමේ මිනිස්සුන්ට ‍මෙහෙම වෙඩි තියෙන හමුදාව යාපනයේ මොනවා නොකරන්න ඇත්ද . නියම මානුෂීය මෙහෙයුමක් කරන්න ඇති කියලා දැන් තේරෙනවා.

    කසුන්

    ReplyDelete
  3. එදා කිරිබත් කෑවුන්ට බඩ යන දවස ළඟ බව අපි කලින්ම කීමු. ඇසු එකෙක් නැත. දැන් ඉතිං කොටන්න තියෙන හැම වංගෙඩියේම කොටා අහවර ය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...