Sunday, July 3, 2016

සිතින් පැන සෝ සුසුම් යයි පැරදී.............


ලවන පහසින් සැනින් කුල්මත් වී
සවන අමදින සුගායන සන් වී
දුවන සිත මහ මේරුවට සම වී
පවන සිප නැවතී නිසොල්මන් වී

නයන ඉඳුවර කොමල රේඛාවේ
ගයන සුමියුරු ප්‍රේම ගී රාවේ
පියන නෙතු රැය පහන් කර යාවේ
කියන නොකියන රහස් ඇසුනාවේ

මදුර කෝමල වුවන සිප සැනසී
අමර සුව ගෙන ගත පුරා ගැවසී
මයුර ලීලා මඬලකට පිවිසී
පවර තුනු සිත කළණ ගුණ පැවසී

ගතින් වෑහෙන මදන මී සුවදී
යහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී



ඉසූ


.

36 comments:

  1. //ගතින් වෑහෙන මදන මී සුවදී
    යහන් සරහා අමා සුව ගෙනදී
    ඉඳින් මල්සර දැහැනකට රැයදී
    සිතින් පැන සෝ සුසුම් යයි පැරදී//

    ටික කලක් ගිය පසුයි තේරෙන්නේ
    මිරිඟුවක් බව ඔය කියන සෙනෙහේ
    එදාටයි යළි සෝ සුසුම් එන්නේ
    නෙත වියළුනත් සිතින් වැලපෙන්නේ

    ReplyDelete
    Replies
    1. හැමවිටම එලෙස වන්නේද? ඉයන් ඔබට එලෙස වී ද? අහෝ දුකකි! මා සිත් බියපත් වේ

      Delete
  2. පවර තුනු සිත 'කළණ' ගුණ පැවසී
    මේ කියන්නෙ අර කමිය ගැනද? අනේ උගේ ගුණ. හැක්..

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවෙ ඒක තමා.. "කලණ නුහුගුණ" කිව්ව නං ඕන්න හිතාගන්න තිබ්බ...

      Delete
    2. ගුණසේකරනෙ පවසල තියෙන්නෙ

      Delete
    3. අඩෝව් මේ.. එන්න ටිකක් පරක්කු උනාම උඹල මාව නැති කරන්න නේද හදන්නේ.. මොනව උනත් ඉසූ නංගි දන්නව කලණ අයියා ගැන.. හැක්

      Delete
    4. අනේ ඔව් අයියේ.........

      Delete
  3. // ඉඳින් මල්සර දැහැනකට රැයදී
    සිතින් පැන සෝ සුසුම් යයි පැරදී///

    කාලයත් එක්ක නෙස් වීමක්...

    අ පූඍුපද පෙළ..

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්ප අර අන්තිමට කියල තියෙන්නෙ.

      Delete
    2. ඒක එහෙම ලේසියෙන් පැහැදිලි කරන්න අමාරුයි ප්‍රසන්න අයියේ..

      @නිර්මාණි
      ස්තූතියි නිර්මාණි

      Delete
  4. //ගතින් වෑහෙන මදන මී සුවදී
    යහන් සරහා අමා සුව ගෙනදී
    ඉඳින් මල්සර දැහැනකට රැයදී//

    ඉක්මනින් එයාගෙ කටයුත්ත කරල දෙන්න කියල ඉඟි කරන්න ඉසුරිකා දැන් කවි කීයක් ලිව්වද? කුරුට්ටන්ට මේක තේරෙන්නෙ නැහැ නෙ , හැක්

    ReplyDelete
    Replies
    1. කී පාරක් නං කිව්වද හෆ්ෆා....... මට දැං ඇතිවෙලා ඉයන්......

      Delete
  5. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජිත්...

      Delete
  6. Replies
    1. ස්තූතියි ලලිත්...

      Delete
  7. උණුසුම සිසිල පිරි නැගෙනා සුසුමන්ද
    අම මී වෑහෙනා මිමිණුම් ඇසෙන සද
    රති මිහිරකට දෙදෙනට හී සර නොවිද
    යන්නට ඉඩ නොදේ පෙම්බර මගේ හද....
    ------මල්සරා-----

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මල්සරා එහෙමද කියන්නේ? ස්තූතියි දුමින්ද

      Delete
  8. අපට ඉතිං එහෙම සැප නෑනෙ බං! ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. තනි අලියනේ භයානක.......

      Delete
  9. ආදර සිහිනය දෑසක උතුරන
    කඳුළු ගඟක් වන දිනයේ
    ජීවිත්යට හිමි පැරදුම පිළිගෙන
    සමුගෙන යමු වෙන් වී

    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ
    මේ දුක් කඳුලැළි වියැකුනු දෑසින්
    හිනැහෙනු මැන පේර සේ...

    හරිම ලස්සනයි ඉසූ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී.......

      Delete
  10. අයියලා ටික මෙලෝරහක් නෑ...ඒ දවස්වල ලියනකොට කිවුවා විභාග භීතිකාව කියලා. මේ දරුවාගැන කිසි සැලකිල්ලක් නෑ.ඒ නිසාමද මන්දා දැන් දැන් මේ දරුවා බර බර වචනදාලා කවිලියන්න පටන් අරන්.

    ReplyDelete
    Replies
    1. අයියලා මේ දවස්වල හරි කා.බ නේ කටුසු.මං ගැන හෙවිල්ලක් නෑ.

      Delete
  11. කාලෙකින් ගොඩවුනෙ බ්ලොග් පැත්තෙ. අමුතු අමුතු කවිමයි පේන්නෙ අප්පා

    ReplyDelete
    Replies
    1. එහෙම තමානේ ලේ පාට හීන......ස්තූතියි මේ දිහා ආවට

      Delete
  12. සෝ සුසුම් පැරදිලා පැනලා යනවනම් තව මොනවද? අගෙයි.. මාවත් මතක් කරලා තියෙන්නේ.. හැබෑට කෝ උඹලෑ අර පෝරිසාද අයියලා ටික?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ,හැමදාම එන අය අගේ කරන්න එපැයි..
      අයියලා මේ ටිකේ කා.බ නේ අයියේ, විභාගේ විභාගේ..

      Delete
  13. හරිම ලස්සනයි ඉසු,යොදාගෙන තියෙන වචනත්,යොදා ගෙන තියෙන විදියත් හරිම මිහිරි ගීතයක් වගේ සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.......ලොකු අගය කිරීමක්

      Delete
  14. එල
    අර පින්ටුරේට ගැනු ළමයෙකුත් හිටියනම් මරු

    ReplyDelete
    Replies
    1. තැන්කූ මෙන්ඩා අයියේ......

      Delete
  15. බර කතාවක් කෙටියෙන් තියෙන්නේ. මේ වගේ කවි ලස්සනට align කර ගන්න පුළුවන් සිව්පද බ්ලොග් එකට ගියානම්.
    http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක......අපි බලන්නම්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...