Sunday, June 26, 2016

යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....




රැළි වැටුණ දෑත් යුග
ළතැවුලක් මවනවා
ගෙවුණු කාලය කෙරේ
හිතින් ලොබ බඳිනවා……

කෙළි කවට කම් කෙරූ
බාල විය හැඟෙනවා
හැම අතින් ගත මහලු
වන බවක් දැනෙනවා……

ජීවිතේ ආ මගේ
මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….

නිශා යාමය කරා
ජීවිතේ ඇදෙනවා
යළි නොයෙන කාලයට

හිත ඔහේ දුවනවා


ඉසූ


.

44 comments:

  1. ලස්සනයි..

    සෙට් එකට කාලෙකින් බ්ලොග් එක පැත්ත මතක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. අපි ගැන ලියල වගේ.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ගැන ඉයන්...ස්තූතියි

      Delete
    2. මටත් හිතුන මං ගැන :)

      Delete
  3. දෙගුරු සිත් නොරිදුවත්
    දඟ වැඩත් කලා අපි
    දුකක් නැහැ දන්නවා
    ගෙව්ව කල මුලු හිතින්

    මැදිවයසෙ ඉණිමගේ
    නැග්ගේ හිත් නොරිදවා
    හැකි පමණ හැකි විලස
    අනුන්ටත් අත දෙමින්

    කරපු දේ බොහෝමයි
    නාස්තියක් නෑවුණේ
    ගිය කාලෙ ගැන හිතා
    අඩන්නට දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගිය කාලේ ගොඩක් සුන්දර තැන් තියෙන නිසා හරි ලෝබ කමක් හිතෙනවා...මක් කරන්නද

      ඉසූ

      Delete
  4. ගෙවූ කාලය දෙසම
    අප බලා සිටිනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි......
      ස්තූතියි
      ඉසූ

      Delete
  5. නිශා යාමය කරා ඔබ පිය මනින විට...,
    ජීවිත අරඹන්න මම තාම හොයනවා.!

    ReplyDelete
    Replies
    1. මොහොතින් මොහොත අපි යන්නේ වයසට රසික
      ස්තූතියි
      ඉසූ

      Delete
  6. ජීවිතේ ආ මගේ
    ////මිතුරු හිත් තියෙනවා
    ළඟ නැතත් බොඳ වෙවී
    මතකයේ රැඳෙනවා….///

    ++++++++++++

    හරි අපූරුයි... කට්ටිය කාලෙකින් ඇවිත් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හැමදාම එන්න හිතයි නිර්මාණි..ඒත් කට්ටිය බලන්න එන්න ගේන්න දේවලුත් එපැයි.ඉතින් අරගෙනම ආවා
      ස්තූතියි
      ඉසූ

      Delete
  7. මිතුරු වේසෙන් ඇවිත්
    බෙලි කපන උං නැතිව
    සැබෑ මිතුරෙක් ළඟින්
    සිටියොතින් වටිනවා.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනං සහතික ඇත්ත ප්‍රසා අයියේ.
      ස්තූතියි
      ඉසූ

      Delete
  8. දෙව් ලොවද අපායද
    යමක් මට පෙනෙනවා
    සැරි සැරූ මණු ලොවෙන්
    යන්න හිත අඩනවා.....

    අර්ථවත් කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවියත් අගෙයි දුමින්ද
      ස්තූතියි
      ඉසූ

      Delete
  9. රැලි වැටී වෙව්ලනා දෑතින්
    කෙමෙන් නොපෙනිලා යන දෑසින්
    නොනැවතී ඉදිරිය බලා යමි
    තනන්නට නිසි මගක්
    මගේ මතු පරපුරට,
    දිගු කරන්නෙමි වෙව්ලනා දෑතම
    උන් වැටුනහොත් නැගිටවන්නට
    පෙනෙන තරමින් බලා ඉන්නෙමි
    කුහක නොවනා මගේ දෑසින්
    අපේ පොඩි උන් පියනගන හැටි,
    ජයග්රහනයේ නව ලොවට.....


    කුරුට්ටො ටික හැන්ගිලා උන්නෙ කොහේද මේතරම් කල් ?

    ReplyDelete
    Replies
    1. හැංගිලා බලන් උන්නා දසුන්
      පබැඳුම අගෙයි.
      ස්තූතියි
      ඉසූ

      Delete
  10. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජිත්........
      ඉසූ

      Delete
  11. පදවැල් අතර හුරු සුවඳක් දැනුනා, අපූරුයි.
    පදපෙල කීපවතාවක් රසවින්ඳෙමි.

    මෙහෙම කතාවක් තියෙනවා:
    We can not direct the wind, but we can adjust the sails.

    ReplyDelete
    Replies
    1. රස විඳීමට ඔබට තුති ගල් මල්.... සුළඟ නොහරවා රුවල හරවාගෙන යමු
      අදහස වටිනවා

      Delete
  12. බැරි වෙනකොට ඔහොම තමයි අප්පා... අර කතාවක් තියෙන්නෙ පෙරහැරක මුලින් එන තරුණ තම්මැට්ටම් කාරයො වාදනය කරන එක ඇහෙන්නේ "දැන් දුන්නොත් දැන් ගහනව, දැන් දුන්නොත් දැන් ගහනව" වගේලු. ඊට පිටිපස්සෙන් වයසක හොරණෑ කාරයෝ ටිකක් වාදනය කරනකොට ඇහෙන්නෙ "අපිට ඕව බෑ..... අපි ඕවට නෑ." වගේලු.. කට කහනවට කිව්වෙ. කවි පද ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ආ එහෙම කතාවක් තියෙනවද??

      ස්තූතියි සජ්ජා.....

      Delete
  13. හිතේ හයිය එහෙම ලේසියෙන් වැටෙන්න දෙන්නේ නැත. මනෝ ලෝකය කොපමණ පුළුල් වුනත්, හැකි ඉක්මනින් යථාර්ථවාදී ලෝකයට පැමිනෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි විචාරක.මනෝ ලෝකයට පරක් තෙරක් නැත.අතරමං වනසුලුය

      ස්තූතියි

      Delete
  14. දැං මේක ලියලා මාසයක් විතර වෙනවා නේද?
    අර තුසාරයා හංගං හිටියා නේද පබ්ලිස් නෛාකර..

    අගේයි ඉසු..

    ජ ය වේ වා !@!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ..බලන්ටකො අනේ!

      ස්තූතියි

      Delete
  15. වයසටම යන්න ඕනෑ නැහැ.දැන් උනත් හැරිලා බැලුවාම ආයෙමත් යන්න හිතෙන එත් යන්න බැරි තැන් කොච්චරනම් අපේ ජිවිත වල තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. මතක් කර කර දුක් වෙනවනෙ මනෝජ්... මොකද වයස ආපස්සට යන් නෑනේ

      Delete
  16. ලස්සනයි කවිය අදහස් එක්කම. ඒත් මට හිතනවා මට වයස යන්න යන්න මම ඉන්නේ හිතේ සතුටෙන් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්......... සතුටු වෙන්න පුලුවන්නම් හොඳයි. මටනං ලෝබකමක් තියෙන්නේ

      Delete
  17. කවිය ලස්සනයි..

    වයස යන්න යන්න මට නම් දුක හිතෙනවා මේ ලොකේ හැමදෙයක් ගැනම.. කවදා මේ දුකෙන් මිදෙයිද ? අපෙන් පස්සේ එන අය ආපහු අපි අපවිත්‍ර කරලා ගිය ලොකේක මැරෙනකන් ඉන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. අපි අපවිත්‍ර කරපු ලෝකයක..... ඒක මරු අදහස

      Delete
    2. ඔව් ඔව් ඒක හරි, ලස්සන ලෝකයක් මිනිස්සු අපවිත්‍ර කරනවා. ඒ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා
      ස්තූතියි හීන දකින්නී

      Delete
  18. Replies
    1. ස්තූතියි සබරේ අයියේ......

      Delete
  19. නාකි නොවී වයසට යන එක අමුතු රහක් තියන වැඩක්..
    වයසට නොයා නාකි වෙන එක දරා ගන්න අමාරු වැඩක්..
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. වයසට නොගිහින් වුනත් හිත දන්නවනේ ඒ ටික වෙනවා කියලා. ඒකයි දරාගන්න අමාරු
      ස්තූතියි ගස් ලබ්ස්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...