Sunday, January 17, 2016

සරසවි බිත්තියේ කුරුටු නොගෑ ගී..............


කවිය 01 

ඊයේ මගේ ගත දැවටී සිටියාට
මා වැළඳන් නෙත කදුලැල් පිසුවාට
අදයයි තවත් බැචියක් සිඹිමින් රෑට 
ඔයා අැදන් හිටි කමිසය රතු පාට....................

පසු සටහන - මට තාම මතකයි පළවෙනි දවසේ කැම්පස් ගියේ එක ඩෙනිමකුයි එක ටීෂර්ට් එකකුයි අරගෙන. කැම්පස් ඉන්නකල් කවදාවත් සල්ලි වලට ඩෙනිමක් ටීෂර්ට් එකක් ගත්තේ නැතුවාට මං අායෙම ගෙදර යත්දිත් මට (වෙන) ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි තිබුණා........ 



කවිය 02


සින්නෝ කියපි කොකු ගහන්න බය නොවනූ

ගෙදර යද්දි පහළ වැටේ තියා යනූ
ඒත් අනේ හිතුවට දරුණුයි ගෑණූ
කොක්ක උයනවා මම කපනෙමි ලූණූ ...................

පසු සටහන - කැම්පස් ගිය මුල් කාලේ සීනියර්ස්ලා තෙල් බැම්මේ ඉදගෙන අපිට තෙල් බෙදද්දි කියපු තාමත් මතක තියෙන කතාවක් තියෙනවා. කැම්පස් අාදර සම්බන්ධයක් පටන් ගැනීමට කොක්කක් ගහනවා කියන්නේ අැයි ...? ඒ වෙන මොනවත් නිසා නෙමෙයි කැම්පස් ඉන්නකල් අතේ එල්ලගෙන ඉදලා යන දවසකට පහළ වැටේ එල්ලලා යන නිසාලු... ඒත් අපේ බැච් එකේ ගහපු කොකු සියල්ල ම පාහේ දැන් අතේ නොව කරේම එල්ලාගෙන බැචාලා යනවා මම නිතර දකිමි.... 


කවිය 03


දවසින් දවස සිව්වන වසරත් ගෙවුණා

දකින දකින හැම කෙල්ලම හිනා වුණා
අහන අහන පාරට අැණ එකතු වුණා
අැණපති මමයි මිටියක් මට හම්බවුණා...........

පසු සටහන - මේක මගේ බැචාගේ කතාව. අවුරුදු 4ට කොහොමත් බැචියන්ගෙන් සහ ජූනියර් බැචියන්ගෙන් හැමදාම අහ අහ අැණ වුණා. අන්තිමට කැම්පස් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා කොක්කක් ගොඩගියා. පහුවෙනිදා ගොයින් ඩවුන් තිබුණ නිසා මූ පොර වගේ අර සුපර් ජූනියර් කොක්කත් එක්ක අැවිත් වාඩි වුණා. සම්මාන ටික දීලා අන්තිමට අැණපතිගේ නම කිව්වා...... විනාසයි..... ඒ අපේ බැචා. අන්න එහෙමයි උෟ කැම්පස් එකේ දී ගොඩගිය එකම කොක්කත් අැණ වෙලා සැබෑම අැණපති වුණේ....... 



කැම්පස් එකේ බිත්තිපුරා අපි ලියපු කවි තාම අැති. ඒවා කැම්පස් කුරුටු ගී විදිහට ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒත් ඒවා අපේ සුන්දර කැම්පස් ජීවිතය තාමත් අර සුදුපාට බිත්තිමත විදහා පෙන්නනවා අැති. එදා නොලීවාට මේ කවිත් ඒ බිත්තිවලම ලියැවුණා නං හොදයි කියලා මට දැන් හිතෙනවා.........



තුෂාර විතාරණ



රූපය - http://ranilplus.blogspot.com/2012_08_01_archive.html

.

93 comments:

  1. නියමයි...මා ළඟත් කැම්පස් කවි වගයක් තිබුණා. හොයන්න ඕනේ. මේ වගේ ඒවා. අනෙක් ඒව නං තියෙනවා. දාන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි............. රැග් සීසන් ඒකේ කටපාඩං කරගෙන වැදගෙන කියපු කවි තාම හිටපු ගමන් කියැවෙනවා...... ඒ වුණාට ජීවිතේ ගත වුණ හරිම සුන්දර කාලයක් කියලා දැන් හොදට ම තේරෙනවා නේද හෙන්රි සහෝ.........

      Delete
    2. මටත් මේ කුරුටු කියන ජාතියේ කවි තිබුනද කියලවත් මතක නෑ. අර නොකී කියනව වගේ මටත් මෙතන දාන්න බැරි කවිනම් තියෙනවා.

      Delete
    3. ඒව්වානං ඒමටයි.......... වීසී ට වදින ගාථාව මතකද????? අැයි අර සරසවි කල්කය..... හැක්

      Delete
  2. කැම්පස් කවි වල තියෙන්නේ අමුතු ලස්සනක්.
    කාලෙකට උඩදි කවුරු හරි කැම්පස් කවි එකතු කරලා හොද පෝස්‍ට් එකක් ලිවුවා. මතක නෑ කවුද කියලා.

    ReplyDelete
    Replies
    1. http://artcirclesithuwiliwayambauniversity.blogspot.com/search/label/%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%80%E0%B7%92

      http://ranilplus.blogspot.com/2012_08_01_archive.html

      දැනට මට හදිස්සියට හොයා ගන්න හැකි වුණ තැන් තමා මේවා..... අනික් අයත් මේ කැම්පස් කවි තියෙන තැන් දැක්කොත් මේකට ඒකතු කරාවි.....

      Delete
    2. http://bassigenawathana.blogspot.com/2013/10/blog-post_31.html

      http://sandanathisanda.blogspot.com/2012/11/blog-post_24.html

      Delete
    3. අගෙයි ප්‍රසා අයියා........ මේක මේ ගැන කියවන කට්ටියට සහයක් වෙනවා ෂුවර්.....

      තවත් ඒවා තියේ නං කට්ටියම මෙතෙන්ට ඒකතු කරත්වා.....

      Delete
    4. අහ්, මේ තියෙන්නේ.
      නියමයි ප්‍රසා අයියේ.

      Delete
    5. මගේ මේ කවිය පේරාදෙනිය නෙල් ශාලාවේ ඉහල මහලේ කාමරවල මිත්තියට ඉහල සීලිම් කොටස් වෙන් කළ චීප් බෝඩ් එකක ඒ දිනවල ලිව්වා.
      http://rasikalogy.blogspot.com/2016/01/adios-ananda-liyanage.html

      Delete
    6. රසිකයියාගේ පද ටික අපි මෙතැනට ම ගෙනත් දානවා....

      උපවාසයේ වීරයින් සමරමු!

      අයුක්තිය ලොව කිරුළ දරණ සඳ
      අසාධාරණය සැම තැනම විය
      වැළලුණු සාධාරණය වෙනුවෙන්
      යුක්තිය සත්‍යය වෙනුවෙන්
      අප වෙනුවෙන්

      නොබියව නොපැකිල
      විහිළුවකටවත් කිසිවෙකු නොසිතන
      තීරණයක් ගෙන
      ඔබ උන්නා
      දින ගණනාවක් එක සේ නොසැලී
      ඉන්ද්‍ර ඛීලයක් සේ

      හමන සුළඟ ඔබ වෙහෙසන්නට ඇති
      වැටුණු වැස්ස ඔබ රිදවන්නට ඇති
      දැඩිවූ හිරුගෙ රුදු කිරණ කැරලි ඔබ
      මඩවන්නට ඇති

      ඒ සේරම දේ ඉවසා සිටියත්
      හිස්වූ කුසෙන් නැගෙන සා ගින්දර
      ඔබ නොමරාමෙන් මරවන්නට ඇති

      ඒ කිසිලෙසකින්
      නොසැලී නොපැකිල
      තිර අදිටනකින් සිතේ ධෛර්්‍යයෙන්
      ඔබ වෙනුවෙන් නොව
      අප වෙනුවෙන්
      ඒ දුක් ගින්දර ඔබ උහුලන්නට ඇති

      කුරිරු ලෝකයේ නෙළුම් පිපී නැත
      සාධාරණයේ හිරු පායා නැත
      අප වෙනුවෙන් සටනට වැදි ඔබ අද
      අප අතරේ නැත

      අදත් එදා මෙන්
      මහවැලි ජලකඳ සරසවි භූමිය
      දෙකට ඉරාගෙන ගලා බසිනවා
      තෙත්වුණු ඇස් ඇති හන්තානේ කඳු
      අනුකම්පාවෙන් බලා සිටිනවා
      ඔබ නැති පාළුව ලොවට කියාගෙන
      වෙනදා සීතල මිහිදුම් නලරැළි
      උණුසුම් සැඩ සුළඟක්ව හමනවා
      මැලවුණු මල්පෙති බිමට ඬැටෙනා
      යුක්තිය සත්‍යය නිදියන සොහොනේ
      සැමරැම් කොත මත
      කපුටන් වවුලන් වසුරු හෙලනවා

      අසාධාරණයෙ අඳුර බිඳින්නට
      හිරු පායන තෙක් සිටි කාලය ඇති
      බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
      හෙට මුළු ලෝකය එළිය කළ යුතුය

      (1984)

      කැම්පස් ජීවිතය කියන්නේ විදිය යුත්තක්... ඊට පිටින් සිට ඒ දිහා බලාන හූල්ලනවා වෙනුවට ඒක විදලා ඊට පස්සේ ඒක විවේචනය කරන පිරිස්, ඒකට සහය දෙන පිරිස්, ඒක දන්නෑ වගේ ඉන්න පිරිස් ඉන්නවා.... ඒක ඔවුන්ගේ දේශපාලනය, තේරීම්.... ඒ ගැන අපේ විවේචනයක් නැතුවා ම නෙමෙයි..... නමුත් ඔවුන් කැම්පස් ඒක තුළ ජීවත් වෙච්චි මිනිස්සු....... ඒකයි වැදගත්......

      Delete
  3. කුරුටු සරසවි නවක වදය ගැන සමබර පෝස්ටුවක් දාන්න

    ReplyDelete
    Replies
    1. අැත්තට ම හොද මාතෘකාවක් තමා ට්‍රාන්ස්...... (මේ හරියට ම රුවන් මහතාද කියලා නොදන්න නිසා) අැත්තට ම ඒකේ තියෙන වැරදි වගේ ම හොද පැත්තත් සාකච්ඡාවට අවශ්‍යයි..... ඒ වගේ ම ඒකේ අැති කායික බලපෑම්, මානසික බලපෑම්, විශේෂයෙන්පෞරුෂ වර්ධනයට වන බලපෑම්, අැඩප්ටේෂන් වලට සහය, පාලනය, නවක පරිසරයට සහ නිදහස් ජීවිතයට ක්‍රමයෙන් හුරු කරවීම, මේ හැම පැත්තක් ම බැලීම ඉතා වැදගත්......

      මං නං හිතන්නේ මේ සාකච්ඡාව අැති වීමට සුදුසුම තැන ඔබේ බ්ලොගය කියලයි...... මං හිතන්නේ ඒකට බොහෝ දෙනෙක් කැමතිවේවි.......

      Delete
    2. කවුරුන් කෙසේ කීවත් නවක වධය යනු රෞද්‍ර සහ ම්ලේච්ච මානසික රෝගීන් සමූහයක් විසින් සරසවිය තුල සිදු කරන වෛර පිරිමැහිල්ලකි.

      තමන්ට වඩා යමක් කමක් තියෙන, තමන්ට වඩා හොද පාසලකට ගිය, තමන්ට වඩා රූ ලස්සන ඇති, තමන්ට වඩා හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදෙන සිසු සිසුවියන් ගැන උපන් නොනිමෙන ඊර්ශ්යාවෙන් වියරු වැටී ඔවුන් හට වධ හිංසා කරන්න පාවිච්චි කරනා පහත් ක්‍රියාදාමයකි.

      http://sarasavisamaga.blogspot.com/2014/05/3.html

      Delete
    3. ඒ තරම් මහා අපරාධයක් මේ තරම් දශක ගණනක් මේ විදිහට පැවතීම පුදුමයක් නේද??????? මේකයි වැරැද්ද මේ වගේ දේවල් විවේචනය කරන්නා වූ බොහොමයක් පිරිස ඒ සන්ධර්භයෙන් පිට සිට ඒ සන්ධර්භය ගැන කිසිදු අදහසක් නැතුව විවේචනය කරනවා...... අැත්තට ම විය යුත්තේ ඒක නෙමෙයි... සැබෑවට ම මේ සන්ධර්භයේ තත්වය ගැනද බැලිය යුතුයි... ඒකට අපි කියන්නේ context analysis ඒකක් කරනවා කියලා.... ඒ සන්ධර්භයට ගිහින් බැලුවා ම ඒක තුළ සාධාරණ දේවලුත් තියෙන්න හැකියි...... ඒවා ගැන නොබලා මේ විදිහ ස්ට්‍රෝන්ග් ස්ටේට්මන්ට් දෙන්න බැහැ මචං.......

      මේ ගැන හොද සංවාදයක් ගොඩනගන්න කියලා අපි ට්‍රාන්ස්ටත් කිව්වේ ඒකයි...... ඒකට ඔවුන් සුදුසුයි කියලා අපි හිතනවා.....

      Delete
    4. //මේකයි වැරැද්ද මේ වගේ දේවල් විවේචනය කරන්නා වූ බොහොමයක් පිරිස ඒ සන්ධර්භයෙන් පිට සිට ඒ සන්ධර්භය ගැන කිසිදු අදහසක් නැතුව විවේචනය කරනවා...... අැත්තට ම විය යුත්තේ ඒක නෙමෙයි... සැබෑවට ම මේ සන්ධර්භයේ තත්වය ගැනද බැලිය යුතුයි...//

      ඔවු... මම එකඟ වෙනවා...

      එම විවේචනය ලියූවේ වසර හතක් (ගොන් ජෙප්පන් ට පින් සිදු වන්නට ) ශිශ්‍යයෙකු ලෙස ද, වසරක් ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙකු ලෙසද, වසර පහක් ආධුනික කතිකාචාර්ය කෙනෙකු ලෙසද ඉන් පසු වසර හයක් ජේශ්ට කතිකාචාර්ය කෙනෙකු ලෙසද, එම කාලය තුලදී ශිශ්ය සන්ගමේ සහ ජයතිලක සාලා සන්ගමේ නිලතලද, ආචාර්ය මන්ඩලේ සිටියදී ශිශ්ය සන්ගමේ ජේශ්ට බාන්ඩාගාරික ලෙස ද, ජේශ්ට ශිශ්‍ය උපදේසක කෙනෙකු ලෙස වසර කීපයක් ම ද ලද අත්දැකීම් වලට අනුව බව කරුනාවෙන් සලකන්න.

      Delete
    5. අනේ බං සරසා............ උඹේ පැටිකිරිය අහන්න නෙමෙයි මේක ලිව්වේ... උඹ මෙච්චර අත්දැකීම් තියෙනවානං අර කලින් කිව්වා වගේ ඒක පාර්ශවික මෝඩ කතාවක් කියලා තියෙන්නේ කොහොමද බං.... අායෙම පාරක් චෙක් කරලා බලපං කැම්පස් හිටියාමද කියලා..... හැබැයි මෙහෙමයි මචං අවුරුදු 7ක් නෙමෙයි 500 ක් කැම්පස් හිටියත් වැඩක් නැහැ අලවෙලා අජූත වුණ උන්ට නං.... ඒහෙම නැත්තං ඔය අත්දැකීම් අස්සට ම දාහං හොද පොද්දෙක් වෙලත් හිටියා කියලා.....

      Delete
    6. රැග් කිරීම වනාහී මානසික රෝගයකි. වැලඳී තිබේ නම් වහාම ප්‍රතිකාර ලබාගන්න.

      කුරුට්ටන් සහ බොහෝ ගොන් ජෙප්පන් එම අනුන් හට හින්සා කිරීම නැමති මානසික ව්යාදියෙන් පෙලේ. කුරුට්ටන් තර්ක කරන්නේ සරසවි නවක වදයේ හොඳ පැත්තක් සෙවීමට බව පෙනේ. මොන කෙස් පැලෙන තර්ක ගෙන ආවත් රටේ නීති උල්ලන්ගනය නොකර අනුන් හට නිදහසේ තමන් කැමති ඇඳුමක් ඇඳගෙන, තමන් කැමති බාසාවකින් කතා කරමින්, තමන් කැමති ආකාරයට හැසිරීමේ නිදහස වෙනුවෙන් ස ර ස තුමා පෙනී සිටී.

      අනේ කුරුටෝ උඹලත් පොශ් ටොයියන් ලෙස සින්හල බොග් අවකාසේ පෙනී ඉන්නවානේ... ස ර ස තුමා ට පෙනී යන්නේ උඹලා නම් අම්බ ඩොටේ සිට සරසවි මන්ගච්චපු අනුන් හට ඊරිසියා කරනා හාල් කෑලි ටිකක් ලෙස ය.

      Delete
    7. අනේ බං සරසා උඹ වැන්නවුන් සමග මේ වගේ මාතෘකා කතා කරනවාද නැද්ද කියලත් අපිට ගැටලුවක් තියෙනවා..... මොනවා වුණත් ජෙප්පන් ලෙස අපිව හැදින්වීමට ඔබ අැති අයිතිය කුමක්ද????? ජවිපෙ දේශපාලනයත් සමග අපේ කිසිම සම්බන්ධයක් තිබුනේ නැහැ.... හැබැයි අපි අල නෙමෙයි.... ඒක මුලින් ම කියන්න ඔ්නේ..... අල නොවෙන හැම දෙනාම ජෙප්පන් කියන්නට තරම් ඔබේ දැක්ම හරිම පටුයි නේද,???? ඒකයි අපි අායෙමත් අැහුවේ හිටියේ කැම්පස්මද කියලා හොයලා බලන්න කියලා.....

      සරසවිය කියන්නේ ඔබ කියන විදිහට ජෙප්පන් විසින් දේශපාලනය බලෙන් කරගෙන යන, රැග් ඒක විසින් මුළු සරසවි කාලයම සිසුන් පීඩාවට පත් කරමින් තිබෙන, කිසිදු ශිෂ්‍යයෙකු ඉගනීමක් නොකරන, මානසික රෝගීන් පිරිසක් සිටින තැනක් නෙමෙයි.....

      කැම්පස් ඒක තුළ දේශපාලනික ධාරාවන් රැසක් නියෝජනය කරන පිරිස් ඉන්නවා.. ඒත් මේ පිරිස් උසස් පෙළ අවසන් වීමත් සමග කැම්පස් ඒන නිසා මහා න්‍යායික ව දේශපාලන මතයක් දරන්නේ හෝ දේශපාලනික ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ හෝ නැත.... මට තේරෙන විදිහට ඔබ 87-88 කාලේ දේශපාලන ගැන කතා කරන නිසා මෑත කාලීන සරසවි තත්වය ගැන අදහසක් නැතුවා සේම ඔබ තාමත් අර පරණ මතකය සහ පරණ අැරියස් මත සිට රැග්, දේශපාලනය, වගේ මාතෘකා සමග මහා වෙෙරයකින් කතා කරනවා..... අැත්තට ම ඔබේ කතා ගැන අැති වන්නේ තරහක් නොව කණගාටුවක් සරසා..... අපි සරසවි කුරුටු ගී ගැන කතා කරන්න අැවිත් දැන් ට්‍රාන්ස්ගේ යොමු කිරීම මත නවක වදය ගැන යම් දෙයක් සටහන් වූ බව සැබෑවකි.... ට්‍රාන්ස් නිතර ම සෑම පැත්තක් ම අාවරණය වෙන්න ලියන නිසා සහ රුවන් ජයතුංග සතු මනෝ විද්‍යා දැනුම භාවිතා කරමින් මේ ගැන සමබර ලිපියක් ලිවිය හැකි බවයි අපි කීවේ..... නමුත් ඔබ ඒක තේරුම් ගත්තේ උඩුයටිකුරු කරලයි....

      //අනේ කුරුටෝ උඹලත් පොශ් ටොයියන් ලෙස සින්හල බොග් අවකාසේ පෙනී ඉන්නවානේ...//

      මේ මොනවද සරසා.... මොනවද මේ වගේ පජාත කතාවක් කිව්වා ම ඔබට ලැබෙන්නේ.... මේකෙන් අපිට හානියක් කරන්න හිතුවාට ඒ හානිය වෙන්නේ ඔබටමයි... සමහර විට වෙන්න තරම් හානියක් ඔබට ඉතුරු වෙලත් නැතුවා අැති.... මොනවා වුණත් අර උඩින් ඔබ මහා ලොකුවට දිගඅැරපු සුදුසුකම් මාලාව සහ මේ කතා ඒකට තියලා ගත්තා ම ලැජ්ජාව ඔබ ගියා යැයි කියන විශ්ව විද්‍යාලයට සහ ඔබ කතිකාචාර්ය කම් කළා යැයි කියූ අාචාර්ය මණ්ඩලයටයි.... ඒ නිසා සුදුසුකම් දිහඅැරපු තැනම මේ විදිහට අසූචි දමන්න ඒපා....

      //ස ර ස තුමා ට පෙනී යන්නේ උඹලා නම් අම්බ ඩොටේ සිට සරසවි මන්ගච්චපු අනුන් හට ඊරිසියා කරනා හාල් කෑලි ටිකක් ලෙස ය.// ඔව් බං කැම්පස් යන්න බැරිවුණ හාල් කෑලි 11ක් තමා මේ බ්ලොගය කරගෙන යන්නේ.... හාල් කෑලි වල තරම කියන්න උඹ වගේ සුදුසුකම් කිය කිය රෙද්ද ගලවලා පෙන්නන්න අපිට උවමනා නැහැ.... අනික මචං මිනිහෙක්ගේ උගත්කම, බුද්ධිමත්කම පේන්නේ ඒ මිනිහා කරන කියන දෙයින් මිසක් ෆයිල් අස්සේ ගහගෙන ඉන්න සහතික වලින් නෙමෙයි බං.......

      Delete
    8. අපි හිතුවා සරසා කියැවිල්ලට ඒහා දෙයක් කරන කෙනෙක් ය කියලා...... දවස් දෙකක් බලාගෙන හිටියා..... ඉහතින් අැසූ දේට කිසිම පිළිතුරක් නැහැ...... කවුරුන් හෝ සරසා දුටුවහොත් අපි මතක් කළ බව කියන්න..................

      Delete
  4. තෙල් බැම්ම නම් ඉතින් කැළණිය තමයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.............. සුදු පූසා කැළණිය පැත්තේ උන්නැයි...?????

      Delete
    2. සුදු පුසා හිටියේ "සයිබාව " පැත්තෙලු .. හැක් හැක්

      Delete
    3. අඩෝ............ සින්දුවෝ........ සයිබාව ගැනත් රස කතා තියෙනවා මචං....

      අපේ සීනියර් බැචෙක් හිටියා (ඊයෙත් මං කෝල් ඒකක් දුන්නා) ඒ අයියා උදේ ම කෑම කාලා අක්කා ඒක්ක සයිබාවට යනවා.... අායේ දවල් කෑමට අැවිත් අැතුළට ගියාම ඒන වෙලාවක් ගැන අපි දන්නෙම නැහැ.....

      අපේ ප්‍රොෆෙසර් ඒ අයියාට පණිවුඩයක් කියන්න තිබුණොත් අපිට කියනවා ''අන්න අරකා සයිබාවේ ජෙනිය පිටිපස්සේ අැති..... ගිහිල්ලා ඒන්න කියනවා...'' ඒ තරම් ඒක දන්නවා කට්ටිය....

      Delete
    4. සයිබාව ඒ කොහේද බං

      Delete
    5. මෙහෙමනේ බං විදානේ..... කැළණිය, ජපුර, කොළඹ වගේ කැම්පස් වල කැලෑ නෑනේ... ඉතින් උන්ට වෙනම කැලෑ කෑලි ඉතුරු කරලා තියන්න වෙනවා..... ඒත් නැත්තං ඉතින් ලයිබ්‍රිය පිටිපස්සේ තියෙන කොටස හරි උන් අයිති කරගන්නවා.... ඉතින් කැළණියේ ලයිබ්‍රිය පිටිපස්සේ තියෙන පොඩි කැලෑ කෑල්ල තමා සයිබාව කියන්නේ... සමහර කැම්පස් වල සයිබීරියාව කිව්වාට කැළණියට තියෙන්නේ සයිබාවක් බං.......

      දැන් අපි සමහර කැම්පස් ගත්තා ම උන්ට අමුතුවෙන් සයිබා, සයිබීරියා, ලවර්ස් ලේන් ඔ්න නැහැ... ෆැකල්ටියට යන පාරේ කොහෙන් හරි පැත්තකට ගියාම කාටවත් පේන්නැති කැලෑ තියෙනවා..... ඒ වගේ ලදු කැලෑ තියෙන කැම්පස් වලට නං මොන සයිබාද නේද බං.......????? හා නැද්ද හොදයි......

      Delete
    6. කැලණියේ මාකටිං එකේ වන්නිනායක සර් මගේ රිසර්ච් සුපවයිසර් වෙලා හිටපු හින්දා කාලයක් මම කැළණියේ නිතරම ආවා ගියා කුරුටු

      @ සිංදු ඇනෝ තුමා මම සයිබාව පැත්තේ නම් කෙසේ වෙතත් කජුකැලේට නම් ගිහින් තියෙනවා

      Delete
    7. //සිංදු ඇනෝ තුමා මම සයිබාව පැත්තේ නම් කෙසේ වෙතත් කජුකැලේට නම් ගිහින් තියෙනවා//

      සින්දුවෝ............ මෙන්න හොද උත්තරයක් ලැබිලා සුදුපූසාගෙන්..... දැන් තැන හොයමු...

      Delete
    8. කුරුට්ටෝ,
      ජපුරෙ අපිනම් ගියේ සයිබා නෙවෙයි. මේ සෑහෙන ලඟ තියෙන බරනැසට බං. සයන්ස් එක පිටිපස්සේ පාර ලඟම තාප්පෙකින් කවර් උනු තැනක්. දැන් ඒක කඩා දාල කියල ආරන්චියි.

      Delete
    9. අන්න ජපුරේ බරණැස් ගිය කොල්ලෝ.............

      දැන් මේ කියන විදිහට මචං කැම්පස් ඒකෙන් කැම්පස් ඒකට තැන් වෙනස්නේ....... පොඩ්ඩක් ඒක පිළිවෙල කරන්න බලමුද?????

      කැළණිය - සයිබාව
      පේරා - ලවර්ස් ලේස්
      ජපුර - බරණැස
      --------- කජුකැලේ
      සබරේ - කැළේ

      කට්ටියම සපෝට් ඒකක් දීලා මේක සම්පූර්ණ කරගත්තා නං.....

      Delete
    10. මොරටුව - කජුකැලේ
      රුහුණ - පූජා භුමිය
      රජරට - හන්ටිං ඒරියා
      කොළඹ- සිරීපාදේ

      Delete
    11. අප් ඩේට්..................

      මොරටුව - කජුකැලේ
      රුහුණ - පූජා භුමිය
      රජරට - හන්ටිං ඒරියා
      කොළඹ- සිරීපාදේ
      කැළණිය - සයිබාව
      පේරා - ලවර්ස් ලේස්
      ජපුර - බරණැස
      සබරේ - කැළේ

      තවත් අැත්නම් ඒකතු කරපියෝ...................

      Delete
    12. කුරුට්ටෝ මේලක් දැම්මා බලපන්

      Delete
    13. අපේ ක්‍රමේ මේකනේ...... මේලක් දැම්මා බලපං...... හරි බැලුවා.... උඹට උත්තරත් ඒව්වා.....

      Delete
  5. නියමයි කුරුටු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැමා.............

      කල්පනා කරමින් ඉද්දි හිතට අාව කැම්පස් මතකයන් ඒක්ක ම පද ටිකකුත් ගැලපුණා.... කැම්පස් ඒකේ හිටියානං බිත්තියේ ලියැවෙන කවි ටික දැනට අපේ ළග තියෙන බ්ලොග් බිත්තියේ කුරුටු ගෑවා ඒච්චරයි වෙනස....

      Delete
  6. සුන්දර නිර්මාණ....!
    කැම්පස් ජීවිතේ සුන්දරත්වය විඳින්න තරම් හැකියාවක් තිබුනේ නෑ . ඒ නිසා මේ අත්දැකීම් බෙදාගැනීමට මම බොහොම මනාපයි.

    ඔබලා ගැන පොඩි ඉරිසියාවකුත් හිතෙනවා ........ ☺ ☺

    ReplyDelete
    Replies
    1. ඒහෙම හිතන්න ඒපා සදරු......

      ඒක ජීවිතේ අමුතුම අත්දැකීමක් තමා. ඒත් ඒක අනිවාර්‍යයි කියලා දෙයක් නැහැනේ..... අට වසරට ද කොහෙද ගිය මාටින් වික්‍රමසිංහයන්ට හෙළයේ මහා ගත්කරු වෙන්න හැකියි නං ඒතැනම කැම්පස් සුදුසුකම් පුද්ගල හැකියාව ඉස්සරහා අභියෝගයට ලක් වෙනවා......

      නමුත් ජීවිතයේ ලැබූ අත්දැකීම් හැටියට ගත්තා ම කැම්පස් ජීවිතය කියන්නේ වෙනමම දෙයක්..... වයස අවුරුදු 19-20 කියන්නේ මාර නිදහස් කාලයක්.... ඒ කාලේ ගෙදරින් පිට තනියම ජීවිත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.... තනියම තීරණ ගන්න, ඔ්නේ නං විතරක් ලෙක්චර්ස් යන්න, මම කැමති දෙයක් කන්න, කැමති තරම් යාලුවෝ ඒක්ක රවුම් ගහන්න, මට ඔ්නේ වෙලාවට නිදාගන්න, මට ඔ්නේ වෙලාට නැගිටින්න (බොහෝ විට උදේ ලෙක්චර්ස් මිස් වෙන්නෙම නින්ද ගිහිල්ලා) ............ මෙහෙම හිතුවාම මං මේ කියන මාර අත්දැකීම ගැන හිතාගන්න පහසුයි නේද සදරුවෝ......

      (සදරු දැන් බ්ලොග් පැත්තේ යනවා ඒනවා අඩුයිද????)

      Delete
    2. නෑ.. මං ගැන, මං අවතක්සේරුවක නැහැ ...! ඔබේ අදහස සමග මා එකඟයි.

      පහුගිය දවස් ටිකේ ( මාස 02 ක් විතරම ) බ්ලොග් මිස් උන, ඉස්සටහට එහෙම වෙන එක්ක නෑ ...

      Delete
    3. අනේ සදරු අවතක්සේරුවක් ගැන නෙමෙයි කිව්වේ..... මොනවා වුණත් හැකි වෙලාවට ඔබ අැවිත් අපිට දෙන සහය ඉතා වැදගත්.... ඒකයි ටික දවසකට නෑවිත් හිටියාම දැනෙන්නේ.......

      Delete
    4. නැහැ, නැහැ.. මං වැරදියට තේරුම් ගත්තෙ නැහැ..

      ඔබලාගේ නිර්මාණවල සුන්දරත්වය වගේම හේතුවක්, ඔබලාගේ හෘදයාංගම බව, මේ අඩවියට ගොඩ වදින්න.

      ජය වේවා ...!

      Delete
    5. ස්තූතියි සදරු

      Delete
  7. ජීවිතයේ ලස්සනම මතකය කුරුටු

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සුන්දරම කාලය කියලා අපි තාමත් කතා වෙනවා........

      අර දෙවැනි කවිය අනුන්ගේ වගේ ලිව්වාට අපිටත් ඒහෙමම සිද්ධ වුණා සබරේ........

      Delete
    2. සින්නෝ කියපි කොකු ගහන්න බය නොවනූ
      ගෙදර යද්දි පහළ වැටේ තියා යනූ
      ඒත් අනේ හිතුවට දරුණුයි ගෑණූ
      කොක්ක උයනවා මම කපනෙමි ලූණූ ...................


      අක්කේ මෙන්නෝ.... අර මෙන්ඩයියගේ සදුවා වගේ ගහන්ට පොල් ගෙඩියෙන් ඔළුවට

      Delete
    3. සබරේ............

      වැටේ ඒල්ලලා ඒන්න හිතාගෙන ඉන්න අැති නේද???????

      කාන්චනා

      Delete
    4. වැටපනියිඇනෝ

      Delete
    5. //කොක්ක උයනවා මම කපනෙමි ලූණූ ...................//

      මේ විදිහට වෙනස් වෙන්න වෙනවා නේද???

      කොක්ක උයනවා විදානේ බලයි ලුණූ.........

      Delete
  8. මෙහෙම එකක් මතකයි ..

    "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මේ කිව් එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් වුන එකා ළඟ බඩු හත අටය
    ඉවසන් හිටිය මම තාමත් තනිකඩය"

    ReplyDelete
    Replies
    1. සරසවි කඳුලු පාය 
      ගුටි කෑ කරුණු බොහොය
      දුක් විඳ ඇඬුවෙ රෑ දනන්
      රට ගැන හිතුව සොහොයුරන්
      ඒකයි කඳුලු මේ තරම්..

      සටනට පෙරට ආව 
      සරසවි කඳුලු පෑන කැඩුවේ වීර දූ පුතුන්
      සරසවි කඳුලු මාල සොරකම් කරපු දාය
      දිනුවේ පපුව ගින්දරෙන්
      ඒකයි කඳුලු මේ තරම්..

      සරසවි කඳුලු යාය ගම් බිම් පැතිර යාය
      සටනට කඳුලු බත් බැඳන්
      පරහිත තරුණයාය පෙර මඟ කොඩිය දාය
      රට තොට බඳිව් මහ තොරන්
      රට තොට බඳිව් මහ තොරන්..

      සරසවි කඳුලු පාය 
      ගුටි කෑ කරුණු බොහොය
      දුක් විඳ ඇඬුවෙ රෑ දනන්
      රට ගැන හිතුව සොහොයුරන්
      ඒකයි කඳුලු මේ තරම්..

      ගායනය: ගුණදාස කපුගේ සමඟ එඩ්වඩ් ජයකොඩි
      සංගීතය : ගුණදාස කපුගේ
      පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි

      Delete
    2. සුපිරියි මචං..... මේක තාම අහලා නැහැ.... දැන් හොයාගෙන අහනවා........ තව කවි ටිකක් මතක් කරහංකෝ..... (ලියන්න හැකි ඒවා)))))

      Delete
  9. අපිට ඕවගේ යන්නට නොහැකි උනා
    ඒ හින්දා ‍උඹේ වැඩේ හරි අගනා

    ReplyDelete
    Replies
    1. ගියා නොගියා මොකටෙයි......... කවි සහ අදහස් තමා වටින්නේ... මේ හැඩයට ඒදිනෙදා ජීවිතයේ කවිත් ලියැවුණානං අගෙයි නේද ප්‍රසා අයියේ... ලියමුද කුරුටු කවියක් බිත්තියක....

      Delete
  10. කැම්පස් කවි.. වැඩිය මුකුත් නොකියා ඉන්නම්.. අපි කැම්පස් නොවෙන නිසා..

    ReplyDelete
    Replies
    1. kokka uyanawa mama kapanemi luunu//
      Thusaa 1i 2i elama ela..
      3weni pasu satahana watahune naha.
      'going down, anapathi' yanu??

      campus nogiya kenekuta campus hama ward ekakkma danaganna kramayakuth nahane.
      Thusaa, campus full time life eka gana liyanna (kaagehari) Idea ekak ehema nadda?
      post eka supiri nisai mata mewage dholadukak athiune.

      meeta pera campus life eka gana liyauna posts (thiyanawanam) awala link hari labenawanan loku deyak....

      Delete
    2. සෙනේ සහෝ............

      මුලින් ම පැහැදිලි කිරීම්.... ගොයින් ඩවුන් තියෙන්නේ බැච් ඒකක් කැම්පස් පාස් අවුට් වෙලා යන්න සූදානම් වුණාම පහළ බැච් ඒක විසින් දෙන සමුගැනීමේ සාදයක් වගේ දෙයක්..... ඒකෙදී ඒ වසරේ සම්මාන දෙනවා... මේවා තනිකර ම විහිළු.... බඹර පදම සම්මානය දෙන්නේ හොදට ම බීලා හිටපු ඒකාට... උදේ දවල් නැතුව බීලා වෙරි පිටම හිටපු ඒකා ඒක ගන්නවා.... මිස්ටර් හිල්ටන් කියලා අපේ (කැළණියේ) සම්මානයක් දෙනවා.... ඒක දෙන්නේ උදේ ඉදලා හවස් වෙනකල් කොක්ක (පෙම්වතිය) සමග හිල්ටන් කැන්ටිමේ මේසයක් බදු අරන් වගේ ලව් කර කර හිටපු කපල් ඒකට.... මේ වගේ සම්මාන රැසක් තියෙනවා.... අැණපති කියන්නේ අවුරුදු හතරම කෙල්ලන්ගෙන් අහා අහා ඉදලා කිසිම දෙයක් හරි නොගිය (අැණ වෙනවා කියන්නේ කොකු ගහන්න අහලා බෑ කිව්වා ම කියන වචනය) කොල්ලා..... අපේ බැචාට වුණේ මේ දවසට කලින් උෟට අලුතින් ම අාපු බැච් ඒකේ නංගි කෙනෙක් හා කියලා... මොකද අලුත් බැච් ඒකේ නංගිලා අාපු ගමන් මුන්ගේ පැටිකිරිය දන්නේ නැහැනේ.... ඒත් ගොයින් ඩවුන් අැවිල්ලා බලද්දි මූ අැණපති.... (ඒ කියන්නේ බොහෝ විට කැම්පස් ඒකේ බැච් හතරකම කෙල්ලන්ගෙන් අහලා තියෙනවා) ඉතින් ඒ නංගි දැනගත්ත ගමන් මූව දාලා ගියා......

      Delete
    3. අපි මේ ගැන හොද සංවාදයක් ඉක්මනටම හදමු...... ජය

      Delete
  11. කොකු වල සොකාන්තය තමයි ඕනේ වෙලාවට නොවැටීම හා ඕනේ වෙලාවට වැටක එල්ලීමට නොහැකි වීම.

    ReplyDelete
    Replies
    1. අනිවා............ නැත්තං අපිට මෙහෙම වෙයියෑ.............

      Delete
    2. අනිවා............ නැත්තං අපිට මෙහෙම වෙයියෑ.............

      Delete
  12. මේ කවි කැම්පස් බිත්තියේ කුරුටු ගෑව නම් අපිට බලන්න වෙන්නේ නෑ නොව...අපිත් එකක් බෙදාගන්න හිතුවට ස්තුතියි කුරුට්ටෝ.

    ReplyDelete
    Replies
    1. මොන බිත්තියේ කුරුටු ගෑවත් ඒකයි බං....... මේ අාර දැක්කේ ඒහෙදී තමා......

      තවත් පොඩි නි‍සදැසක් මතකයි...

      අදුර අදුර
      කොදුර කොදුර
      සොයමු සොදුර
      හොදම පදුර................

      හවස් වෙද්දි පදුරක් බුක් කරගන්න තියෙන අමාරුව මේ නිසදැසෙන් නියමෙට කියනවා...... හැක්

      Delete
    2. පදුරු කුමකට ගණ වනයක උන් අපිට.. හැක් හැක්

      Delete
    3. අා........... ඔය කියන්නේ කැලේ විස්තර..... හැක්...... ඒක කැළයක් නෙමෙයි බං සුපිරිම කැලයක්.... අපිට ඒ කාලේ තිබුන්නෑනේ මෙහෙම පිණක් කියලා අපි ගිය සතියෙත් කතා වුණා... ඒ කැලේ ෆොටෝ කීපයක් ගහගත්තා අපේ කට්ටිය යාලුවන්ට පෙන්නන්න කියලා.... හැක්

      Delete
  13. ඉඳ හිට ඕවයේ රව්මක් ගැහුවාට
    යන්නට වුනේ නෑ වැටුනා නේ වලට
    සරසවි නොවේ කොයි කාගෙත් කවියකට
    හිත යන්නේ කවියට මා ඇති පෙමට

    ReplyDelete
    Replies
    1. අගේ අැති කවක් කෙටුවට මාතලං
      වගේ වගක් නැතිවයි ඉන්නෙ කල්බලං
      අැහේ මූණේ තැබුවා වැනි කොක්කනං
      වැටුණු වල නරක් වෙයි විදිනා කලටනං............

      Delete
  14. උඹේ සුන්දර මතකයන් වලට අපෙත් හිත ගියා.උම කොක්කක් එහෙම ගහගෙන හිටියේ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. අනේ මනෝ..............

      මේවා උඹට කිව්වයි කියලා කාටවත් කියන්න ඒපා.... මං තමා මුළු බැච් ඒකෙන් ම පළවෙනි කොක්ක ගැහුවේ...... රැග් සීසන් ඒකේදී ම කොක්ක ගහලා (හරියට කැම්පස් ගියේ ඒකට වගේ නේද බං....?) කොක්කත් ඒක්ක මුල්ලක කතා කර කර ඉද්දි සීනියර්ස්ලා දැකලා.. ඒදා රෑ අපේ සීනියර් බැච් ඒක අපිට රැග් කරන අන්තිම දවස නිසා කරගන්න දෙයක් නැතුව පැත්තකට අඩගහලා කියපි මල්ලි උඹ ඔ්කට කොක්ක ගැහුවා කියලා කලින් දැනගෙන හිටියානං උඹ ඉවරයි කියලා.....

      මං මචං ඉතින් ගිහින් මාස දෙකකින් විතර ගහගත්ත කොක්ක තාමත් කරේ ඒල්ලං ඉන්නවා.... ඒද්දි වැටත් දැක්කා ඒත් මොකකින් හරි ඒල්ලගන්න බැරි වුණා බං...... හැක්

      Delete
  15. කැම්පස් එකේ හැම දේම වගේ වෙලා තියෙන්නේ කවියෙන් වගේයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්.............

      කැම්පස් ඒකේ සිද්ධ වෙන හැම දේම වගේ බිත්ති වල කුරුටු ගෑවිලා තියෙනවා.... ඒක මාර සාහිත්‍යයක් මනෝජ්.... ඒ ගැන පර්යේෂණත් කෙරිලා තියෙනවා... පොත පතත් ලියැවිලා තියෙනවා... ඒත් ඒ ගැන කොච්චර කතා කරත් ඉවරයකුත් නැහැ....

      මං නං ඒවාගේ දකින ලස්සනම දේ තමා නිදහස් පරිසරයක නිදහසේ ජීවත් වෙන උන් ජීවිතේ හරිම වෙනස් විදිහට දැකලා තියෙන ඒක.... ඒවා කිසිම කලාවකට අනූව මහා නිර්මාණ නොවුණාට ඒ තුළ කැම්පස් උන්ගේ සුන්දර ජීවිතේ තියෙනවා බං....

      Delete
  16. සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ
    රජකම ගන්න පුතු රජගෙට ගියැයි සිතූ
    අම්මා දනී නම් මේ සරසවියෙ තතූ
    ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ...

    මට දැණුනු හොඳම සරසවි ගීය...

    ජයවේ කුරුටු!

    ReplyDelete
    Replies
    1. දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
      යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
      අද බැරි වුණොත් හෙට ලැබගමි නුඹෙ ප්‍රේමේ
      ඒක දවසකින් ගොඩනැගුවේ නැත රෝමේ.........

      Delete
  17. කැම්පස් ගී පවුරු කියන්නේ බ්ලොග් පෝස්ට් සීයක් ලියන්න පුළුවන් මාතෘකාවක්. මේ අවකාශෙම වුණත් හොයාගන්න පුළුවන් කවි දාහක් විතර. උඹ මේ පොඩි මතක් කිරීමක් විතරයි කරලා තියෙන්නෙ. බලමු, දවසක පූර්ණ හෙළිදරව්වක් කරන්න මේ නිර්මාණ ගැන. මේක වෙනමම සබ් කල්චර් එකක්.

    ReplyDelete
    Replies
    1. අැත්ත මධාවියෝ...............

      මේක හරි සුන්දර මාතෘකාවක්... ඒ වගේ ම ඒ කාලේ මතක් කරන්න තියෙනවා නං කොයි තරම් සතුටක්ද නේද??????? මධාවියාට පුළුවනිනේ විස්තර ලියන්න..... පෝස්ටුවක් දාමුකෝ.......

      Delete
    2. Please madhuwo, puluwannam kotas wasayen hari liyanna.

      habai campus nogiya godak aya kiyawana nisaa 'campus word' explain karala liyanawanam wadaa hondai.

      Delete
    3. අැත්තට ම මධුවෝ ලියහංකෝ...... අපිත් සප් ඒක දෙන්නම්....

      Delete
  18. මගේ කොමෙන්ට් එක මං පෙරෙයිදා රෑ ඔහෙට කොල් කරලා කිව්වා..
    ඇත්ත කියපං ඒ කොමෙන්ට් එක ඇහුවට පස්සේ නේද පෝස්ට් එකට අදහස ආවේ... හැක් හැක්

    ඇණපති කිව්වම හිත කීං.... ගානවා බං

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හරි හරි................. මේකේ මුල් ම සාකච්ඡාව ඒක තමා....

      අැණපති කතාව අපිටත් කියහංකෝ.... ඔ්ක මචං ලේසි පහසු සම්මානයක් නෙමෙයි.... අවුරුදු කීයක මහන්සියක් ද මං අහන්නේ....

      Delete
  19. පට්ට නිදහසකුත් පට්ට වැඩ ගොඩකුත් අතර වෙන ඝට්ටනයේ රසවත් අතුරුඵලයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩනං බොහොමයි තමයි... ඒත් ඒවා අර තියෙන සුන්දර ජීවිතය අස්සේ දන්නෙම නැතුව සිද්ධ වෙනවා ගස්.........

      Delete
  20. අපි කොක්කක් දැමීම කීවේ අනවශ්‍ය කරදයක් කිරීමටයි.

    කොක්ක කියන වචනය ඇත්තටම මෙහි ඇති තේරුමෙන් පාවිච්චි වෙනවා මට මුලින්ම ඇසුනේ 2015 දෙසැම්බර් 29 දා මම කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුමේ කොළඹ දෙසට බසයක් එනතුරු ඉන්නා විටයි.

    බස් නැවතුමේ සිටියා තරුණයෙකු බයික් හෙල්මටයක් අතින් අරගෙන. විශ්ව වදද්‍යාලයේ සිට ආ වෙනත් තරුණයෙකු ඔහු හා කතාවට වැටුණා. මොකද මෙතන කරන්නේ යන ප්‍රශ්ණයට පිළිතුර ලෙස ලැබුණේ කොක්ක ඉනකං ඉන්නවා මචං කියායි!

    ReplyDelete
    Replies
    1. රසිකයියේ.................

      අපි දන්න විදිහට පේරා කියන්නේ හිච් වෙනවා කියලයි... ඒත් කැළණියේ කියන්නේ කොක්කක් ගහනවා කියලයි... කොකු වර්ග ටික කියද්දිත් කියන්නේ බත් කොක්ක, නෝට් කොක්ක, අාතල් කොක්ක විදිහටනේ...... මේ වචන ටිකක් කැම්පස් ඒකෙන් කැම්පස් ඒකට වෙනස් වෙනවා තමා......

      Delete
  21. Replies
    1. ස්තූතියි ඉන්දරේ.......

      Delete
  22. Replies
    1. අද තියන රූපය නෙමෙයිනේ හෙට..............

      Delete
  23. සිරා කයියක් තිබුණ මට මතක නෑ හරියටම... මේ වගේ

    "කුරුලෑ උවන කෙටි වරළස උඩ නැගුන
    (දෙවෙනි පදේ මතක නෑ හරියට)
    විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
    ඇසිපිය හෙළන පමණින් නොවෙති හොල්මන"

    ReplyDelete
    Replies
    1. පට්ට ඩ්‍රැකියෝ............. පට්ට..........

      Delete
  24. අයියේ කැම්පස් තෙල රැග් එක ගැන පෝස්ට් එකක් දාන්නකෝ..හොද පෝස්ට් වල ලින්කු ටිකකුත් ලැබුනානම් අගේයි

    ReplyDelete
    Replies
    1. අපේ කවි වලට ඔය විස්තර ලිවිල්ල හරි යන්නැති නිසයි ලියන්න අදිමදි කරේ........ මීට වඩා විස්තර සුපිරියට ලියන පිරිසක් ම ඉන්නවා.. අපි බලමු කට්ටියත් ඒක්ක සෙට් වෙලා විස්තර දාන්න.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...