Thursday, October 29, 2015

නැතුව නැතුව - නැතුව නැතුව ...................


අපි නං කවදාවත් ම 
හොරුන්ට තක්කඩියන්ට තනතුරු දෙන්නෑ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු පහුගිය කාලේ 
ඔය තක්කඩියන්ට යට වෙලා බයෙන් හිටියේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මාධ්‍ය මර්ධනය කරලා තර්ජන කරන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
පහුගිය කාලේ මාධ්‍ය බය වෙලා හිටියේ
කිසි දෙයක් කට අැරලා කිව්වේ නැහැ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
පහුගිය කාලේ පණ ගැටගහගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
අධ්‍යාපන අයිතීනි උදුර ගන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ 
පහුගිය කාලේ අපේ දරුවන්ට 
කදුළු ගෑස් ගහලා පන්නා ගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
ජනතා සල්ලි වලින් රජමාලිගා හදන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
කලින් හිටපු රජවරු මාලිගා වගේ
වැසිකිලා හදාගත්තෙත් අපේ සල්ලි වලින්
නැතුව නැතුව - නැතුව නැතුව ...................



කසුප් අනුරාධ



.

56 comments:

  1. අපි නං කවදාවත් මොකුත් කියන්නෙ නෑ...
    කට බලියං ම ඉන්නව වෙන දෙයක් වෙද්දෙන්ය කියල
    ඊට පස්සෙං කියෝනව පොට යනකං
    බයින්න අපි හරි මනාපයි නෙව
    නැතුව නැතුව නැතුව නැතුව

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව - නැතුව නැතුව

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. අපිනම් කවදාවත් කලිසම ගලවන්නේ නෑ හොරු තක්කඩි ආවම. අපි කලිසම ඇඳගෙනමයි උන්ට පස්ස හරවලා දෙකට නැවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව - නැතුව නැතුව

      Delete
  4. ඔහේ සුදුවෑන් එකක ගිහින් නැතුව ඇතිතතත

    ReplyDelete
    Replies
    1. යකෝ සුදු වෑන් තිබුණේ කලින් අාණ්ඩුවේනේ....... දැන් ඒවායේ පාට ළගදීම දැනගත හැකියි... මේ යන විදිහට වැඩි කාලයක් යන ඒකක් නැහැ..... හෙට අනිද්දා ම වැඩ පටාං ගනියි.....

      Delete
    2. ඉදිරියේදි සුදු වෑන් එන්නැ මචං........
      වෑන් එනකොට අපි සුදු වෙන විදියට තමයි වැඩ සිද්ද වෙන්නේ

      Delete
    3. නැතුව නැතුව..............

      Delete
  5. පව් බන් අපේ මිනිස්සු.. මාරුවෙන් මාරුවට රෑ වැටුන වලේ දවල් සහ දවල් වැටුන වලේ රෑ වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව - නැතුව නැතුව

      Delete
  6. මුන්ට කිසිම ජනබලයක් නෑ.මුන් මේ මීඩියා වලින් පිම්බෙන එවුන්. මුන්ට සමාජයෙ පෙරගමන්කරුවන් වෙන්න කිසිම සුදුසුකමක් නෑ. සිවිල් සමාජ ක්‍රියාකාරියො කියන්නෙ එන් ජී ඕ කාරයො.
    යහපාලනය කියන්නෙ සුරංගනා කතාවක්ය කියල අපි නම් මුල ඉදලම දැනගෙන් හිටිය.

    ReplyDelete
    Replies
    1. ම.ම .................

      අැත්තට ම මේ රූපය දැම්මට දාන්න ඔ්නේ හරි නං අපේ ලොක්කෝ සෙට් ඒකේ රූපයක් තමා... ඒත් මෙයාලගේ රූපයක් දැම්මේ මෙයාලා ඒ කාලේ කෑ ගහපු විදිහට අපි හිතුවේ සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා කියලානේ..... දැන් මෙයාලට දූෂණය, වංචාව, අසාධාරණය, මානව හිමිකම් කියන ඒවා අමතක වෙලා..... අනේ මෙහෙමත් ජාතියක්... දැන් ඉතින් අපි අලුතෙන් ම සිවිල් සමාජයක් හදා ගන්න ඒපැයි නේද?????

      Delete
  7. ආන් අන්තරේ උන්ගේ ඔළු කුඩු කරලා... මොළේ තියෙනවද කියලා චැක් කොරනවා ඇති..

    පට්ට යහපාලනේ ඕයි...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මාතේ.................... නැතුව නැතුව

      Delete
  8. අපි නම් කවදාවත්
    ඔය එකෙක්ට වත් ජන්දේ දෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.................

      Delete
  9. මට මොනවත් මතක් නෑනේ

    ReplyDelete
  10. මට තවම මේ වගේ වීරයෝ,දේශප්‍රෙමියෝ,ජනතාහිතකාමියෝ.....මුනගැහිලා තියෙන්නේ සැලෝලයිඩ් ලෝකයේ විතරයි....

    ReplyDelete
  11. Replies
    1. අනේ මන්දා දැන් මේකට දෙන උත්තරේ මොකක්ද???

      Delete
  12. වෙනස වෙනස් කරන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..............සෑමෝ නැතුව නැතුව

      Delete
  13. Replies
    1. නැතුව නැතුව.........................

      Delete
  14. අනුරාද, මොනවද මේ ලියන කවි? ඔය අපහාස කරන්නෙ අපේ දෙවිවරු වගේ ඉන්න උත්තමයන්ට නේද බොල? හිටහං කලු වෑන් එකක් එවන්න.

    අනේ රෙද්දෙ පාලනේ අපේ බල්ලත් ඔහොමනම් ආන්ඩු කරයි.

    ReplyDelete
    Replies
    1. අහසින්ද එවන්නෙ.

      Delete
    2. අඩෝ ප්‍රසා, අහසෙන්නම් අහසෙන්, බිමින්නම් බිමින්, මුහුදෙන්නම් මුහුදෙන්. උඹටත් එවන්නද?

      Delete
    3. කොහොමත් ප්‍රසා.... කසුනෝ...

      හෙට අනිද්දා ම මෙයාලා අපිව අහසිනුත් යවයි වගේ නේද?????

      Delete
  15. Replies
    1. කියලා බෑනේ නේද සබරේ.................

      Delete
  16. කියන්න දෙයක් හිතාගන්න බෑ............

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ නේද අවංක...............

      Delete
  17. කෝ කෝ කොහෙද කොතනද
    කාගේ හරි සාක්කුවකද
    මාගේ ලඟත් යන්තම් තිබුනා
    මතකයි
    මෝදු වී ගෙනා ආ හීන් සිහිනයක්
    වාසිටි සමයේ උගුර ලේ රහ
    වෙන තුරා හඬ නගපු
    සාදාරන සමාජ ක්‍රමයක්
    මතකයි ඒ ක්‍රමේ උන් විත්
    පැලූ හැටි හිස් මුදුනත
    සිහිනයත් යතාර්තයත්
    දෙකක් බව පසක් කොට
    එත් ආසයි බන් සිහිනයේම
    මියෙන්නට
    කෝ කෝ කොහෙද
    මගේ ඒ සිහිනය
    කිසිම කලෙකදී
    යතාර්ථයක් නම් නොවූ
    කොහේද කොතනද



    ReplyDelete
    Replies
    1. ඔව් සොමී..................

      කෝ කෝ ඒ හීනය...
      ඒක හීනයක්මද????
      හැමදාම දැකපු ඒ හීනයේ
      හිටපු මූණු වෙනස් වුණා මිසක්
      හීනය වෙනස් වෙලාම නැහැ.....
      අනේ අපි පව් අෆ්ෆා............................

      Delete
  18. එල ද බ්‍රා
    මුන් නෙමෙයි උඔගේ පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. උනුත් ඒළ බං....
      උඩ පැන ගෙන කෑ ගහපු ඒකට
      මේ විදිහට සලකන උන් කොච්චර හොදද බං...
      අම්මපා මාර සෙට් ඒකක්
      උන් අපිට ඉගැන්නුවා පාඩමක්
      ඉස්කෝලේ ටීචර් කියලා දුන්නාට වඩා හොදට
      ඔ්ක තමා බං ප්‍රැක්ටිකල් ඒඩියුකේෂන් කියන්නේ....

      Delete
  19. නැතුව... නැතුව...
    අනේ මට මතක නෑ ඕයි.

    ReplyDelete
    Replies
    1. මතක නම් තමා අවුල ප්‍රසා... මතක නැත්තං කිසිම අවුලක් නැහැ.... අපි ඉතිං අතිඋත්කෘෂ්ට ඉලංකාවේ පොරවල්නේ බං....

      Delete
  20. අනේ මන්ද බං .. ටැපලෙනවා... මුන් ඔක්කොම

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම රජවරුනේ බං

      Delete
  21. Replies
    1. මේ දවස් වලනං කූල් තමා... ලලිත් සහෝ

      Delete
  22. ඡන්ද ගන්න කල් තමයි හැමෝම බබාලා වගේ ඉන්නෙ... ඊට පස්සේ රටේ මිනිසුන්ව විතරක් නෙමෙයි තමුංගෙ අම්මා තාත්තාවත් අමතක කරලා දමයි.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව පියුමී...............

      Delete
  23. මෙහෙම අය නම් හොයාගන්න නැතුවා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව................ නැතුව නැතුව

      Delete
  24. මේක ඇවිත් මේ බොලේ පාස් කරන තියරිය තියෙන්නේ.

    අපි නම් එහෙම කලේ නැහැ කියලා කිව්වාත් කරන තරමක් කරලා තියෙන්නේ උන්මයි.

    ReplyDelete
    Replies
    1. තවත් තියරියක් තියනවා. “ඇයි උනුත් එහෙම කළේ අපි නං කොලේ මෙච්චරයි“ කියන එක

      Delete
  25. අපි නං වැල යන පැත්තට මැස්ස ගහනව
    එහෙම කරල බේරිලා ඉන්නව
    විතරක් නෙමෙයි
    තව.ව දේවල් ගන්නව
    ඉස්සරත් කළේ එහෙම නේ

    ReplyDelete
  26. හෑ......ආච්චිටත්?

    ReplyDelete
  27. මේ යන විදිටය නම් නැතුවම තමා අපිටත් යන්න වෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...