Sunday, August 9, 2015

අාදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .......?



එදා දුටු නිල් නයන තාමමත් එහෙමමයි
ඒ දැනුණු සෙනේහය තාමමත් එහෙමමයි
කුමට තරහා වෙම්ද හිත තාම ගතු කියයි
එක දෙයක් ස්ථිරයි, තාම මං අාදරෙයි.

පිපෙන මල් කෙමි අස්සෙ රොන් සුවඳ තියෙනවා

හමන සුළගත් එක්ක ඒ සුවඳ විඳිනවා
හිනාවෙන වෙලාවට අාදරේ දැනෙනවා
ඒත් ඔරවං ඉද්දි ඒ සතුට මැකෙනවා.

අාදරෙන් බලන්නට හිත කියනවා නේද ?

තුරුල්ලේ හිඳින්නට අාසාවෙ බෑ නේද ?
දෑත් පටලං යන්න තාම ඕනෑ නේද ?
අාදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .......? ? ?


තුෂාර විතාරණ



.

50 comments:

  1. දැං මොකක්ද ඔය ඉල්ලන්නේ... පෙරේත කමට නේද?? හැක්..තුහින මල්ලි කාලෙකින් දැක්කේ.. (ඇයි වදේ මාත් හිටියේ නෑ නේ සති දෙක තුනක්ම) හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ දේශකයා....................

      (තුහින කියන්නෑ ලූ............... තුෂාර කියලලු කියන්නේ...........)

      පෙරේතකමට නෙමෙයි බොල... අැත්තනේ.... ඔ්වා හිතේ තියාගෙන පුප්පන්නැතුව ඉල්ලන්න ඒපැයි නේද???? හා නැද්ද???

      Delete
  2. ආදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .... ?? //

    තුෂාර, අත්දැකීමෙන් වෙන්නැති කියන්නෙ නේ ... හ්ම්.. හ්ම් .. හොඳයි ...

    ඇත්තටම සැබෑ ආදරේට ගොඩා..ක් දේවල් කරන්න පුළුවන් නේ .. ?

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් තමා............. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..........

      සදරුත් නිකං දන්නෑ වගේ අහන හැටි... හරි අාදරෙන් ඉලුල්වොත් බෑ කියයි.... ඒත් ඔරවං ඉද්දි මොකෑ හිතෙන්නේ...............????? හා කියමු බලන්න

      Delete
  3. ලැබේ... ලැබේ.... ආයෙ ඉතින් නොලැබි තියෙයිද ආදරෙන් ඉල්ලුවොත්.... හැබැයි ඉතින් දෙන්නම ආදරෙන් ඉන්න ඕනෙ. නැත්නම් ඉතින් කොච්චර ඉල්ලුවත් ලැබෙන්නෙ නම් නෑ පුතෝ......

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හරි ශ්‍රීනාත්.......... සහෝ..........

      අාදරය වැඩි වුණාමත් සමහරු ඉල්ලල්නෑනේ..... නිකං පුප්පං ඉන්නවා...... ඒතකොට ඉතින් මොකවත් ම ලැබෙන්නෑ..... අාදරේ වැඩියි නම් ඉතින් හැම දේම වැඩි වෙන්න ඒපැයි නේද????

      Delete
    2. ඔය පුප්පන එක තමයි එපාම කරපු එක. ලන අතගාන්න තමයි හිතෙන්නෙ. ඇයි දෙයියනේ මේ කෙල්ලො හිතන්නෙ නැත්තෙ කොල්ලන්ට වහෙන් ඔරෝ භාෂාව තේරෙන්නෙ නැත්තෙ කියලා....

      Delete
    3. අම්මපා........................ සහෝ.....

      කියන දෙයක් කෙලින් ම කියහල්ලාකෝ..... ඉල්ලන දෙයක් කට අැරලා ඉල්ලහංකෝ..... ඔය දෙනවානම් දෙන්න කියලා බාගයක් හිතේ තියාගෙන ගේමට වගේ පුප්පං ඉද්දි නම් ඉතින් බෙල්ල මිරිකලා ට්‍රැවලින් බෑග් ඒකක දාලා අනුරාධපුර බස්ටෑන්ඩ් ඒකේ තියලා යන්න හිතෙනවා.... හා නැද්ද හොදයි?????

      Delete
    4. /kiයන දෙයක් කෙලින් ම කියහල්ලාකෝ..... ඉල්ලන දෙයක් කට අැරලා ඉල්ලහංකෝ../
      Yes!

      Delete
    5. අන්න මල්මිට තේරුණා..... අපි කියන්නෙත් ඒකයි.... යකෝ හංගන් හිතේ තියාගෙන ඉන්න ඔ්නයෑ... කට අැරලා කිව්වානම් ඔයිට වඩා ගොඩක් දේවල් ලැබෙනවා ෂුවර්.... අාය ඔ්වා හංගන් ඉන්න දෙයක්යෑ.. වෙන කාගෙන් කියලා ඉල්ලන්නද????? නැද්ද මල්මි මං අහන්නේ....????

      Delete
    6. මේකයි...සමහර වෙලාවට හෑමදේම කටින් ඉල්ලන්නේ නෑ...ඈස් වලින් කියන කතා කියවන්න තරම් අනිත් කෙනා සුක්ශම වෙන්න ඔනි...

      Delete
    7. අා...................... ඔච්චරයි මදි වෙලා හිටියේ.....

      ඔය අැස් වලින් කියන දේවල් දැන ගන්නනම් ඉතින් අැස් වෙදෙක්වත් වෙන්න වෙනවා.... ඉතින් ඔච්චර කටක් දීලා තියෙත්දි අායේ මොනවද අැස් වලින් කියන්න හදන්නේ... අර කලිනුත් කිව්වා වගේ කට අැරලා කිව්වනම් ඉවරයිනේ..... ඔය අැස්වලින් අත්වලින් කකුල් වලින් කියන්න දුක් විදින්න ඔ්නේ නැහැනේ.......

      Delete
    8. ඇස් වලින් නියමෙට කියනවා තරහ ගිය වෙලාවට හොඳට රවලා බලලා. ඒක විතරයි දන්නෙ. යකෝ කච කච ගාලා ඕප දූප කියවනවා වගේ ඕනෙ දේවල් කියන්න බැරිද මුන්ට....

      Delete
    9. එකෙන්ම...මුන් ඇස් වලින් කියවනවා කිවුවට තේරෙන්න කරන එකම වැඩේ තමයි රවන එක.ඔය බාශාව තේරුම්ගන්න පුළුවන් අවුරුදු 50-60ක් හිටියොත් තමයි, එකම ගෑනිත් එක්ක.

      Delete
    10. //මා ඔබත් එක්ක සුහද කතාවක්..
      ඔබේ ඈසුත් එක්ක ප්‍රේම කතාවක්..

      තොරතුරු විමසනවා ආගිය තෙන් පවසනවා..
      සන්සාරේ හුරු පුරුදුයි කියලා කියනවා..

      මා ඔබත් එක්ක දිගට කතාවක්..
      ඔබේ ඈසුත් එක්ක ප්‍රේම කතාවක්..

      රස රහස් කියනවා විටකදි ඉගිත් කරනවා..
      ඈවිදින්නට තනිවෙන්නට යමුද අහනවා...

      සද හිරුත් එක්ක හොරෙන් කතවක්..
      තරු මාත් එක්ක ප්‍රේම කතාවක්...

      වරදක් නෑහෑ කියල කවුරුත් නොම එයි සිතිලා..
      සිප ගන්නට ලන්වෙන්නට යමුද අහනවා..//

      ගායනය. කරුනාරත්නා දි

      Delete
    11. කතාව සත්තයි ශ්‍රීනාත් සහෝ සහ කසුට්ටා....... අැස් වලින් කියන දේවල් වලින් පැහැදිලි ම දේ තමයි රවන ඒක.... මොනවා වුණත් කටක් තියෙන ඒක මේ තරම් වැදගත් දෙයක්වත් කට අැරලා කියාපල්ලාකෝ නේද?????

      අැනෝ.........

      ලස්සන සින්දුවක් තමයි... ස්තූතියි මතක් කරාට..... අාදරය කරද්දි ඔය හැම දේම හිතට ඒනවා තමයි.... ඒත් අැත්තට ම කියන්නේ මොකක් ද දන්නෑ.... නේද???

      Delete
    12. තව දෙයක්...ආදරයේදී හිතට දෙනෙන ඔක්කොම කටින් කිව්වත් ඈස් දෙකෙන් කිව්වත් මොකෙන් කිව්වත් අනිත් කෙනා ඒ දේ හරියටම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි..නෙත්නම් මොකෙන් කිව්වත් වෑඩක් නෑ...නෑද්ද කුරුට්ටො...

      Delete
    13. ඒ කතාව නම් හරි අැනෝ......................

      තේරෙන්න මොනවා කොහොම කිව්වත් කමක් නැහැ... ඒත් ඒයාට තේරුණා කියලා හිතාගෙන පුප්පං ඉදලා නම් වැඩක් නැහැ.. සමහර විට තේරුනේ නැත්ද දන්නෑනේ.......

      Delete
  4. අඹ ඇරෙන්න අනෙක් ඒවා ඉල්ලල ගත්තාම අගයක් නෑ කියල තමා කියන්නේ ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තිස්ස මහතෝ.............

      ඉල්ලන ඒක අඹම ඉල්ල ගන්න ඔ්නේ...... අඹ ගහයට සෙවනේම කරන්නටත් හැකියිනේ

      Delete
  5. ඉල්ලුම සැපයුම ලෝබකම තන්හාව අවසන වේදනාව හරි පුදුමයි ජීවිතය.

    ReplyDelete
    Replies
    1. උඹ කාලෙකින් හරි ගොඩවුණ ඒක ගැන මාර සතුටුයි නලියෝ....... මොකද පහුගිය කාලෙම පේන්න නොහිටියේ...... (උඹ දාලා තියෙන කමෙන්ටුවේ හැටියට මොකුත් අවුලක්වත් වුණාද කියලත් හිතෙනවා..... හැක්)

      Delete
  6. ආදරෙන් ඉල්ලල බලන්න ඕන හැබැයි ටිකක් ඈතට වෙලා...්‍


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මචං විදානේ............ උඹ ඉතින් මේවා ගැන දන්න කොල්ලානේ... අර නිට්ටඹුව පැත්තේ තත්වය ගැනත් කියහංකෝ අපිට දැනගන්නත් ඒක්කලා..... අර කවිය උඹ තාම ලියලා ඉවර නැද්ද?????

      Delete
  7. ලැබේවි..ලැබේවි..

    හෝප්ස් නැති කරගන්න හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. අම්මපා......... බලාගෙන ඉන්නවා ජීවිතේ තියෙනකල්ම වෙන මොනවා කියලා කරන්නද විභී..........

      Delete
  8. ඔය ඇස් භාශාව ගැන ටියුශන් පංතියක් තියන තැනක් කියපන්කෝ....

    ReplyDelete
    Replies
    1. අනේ කසුට්ටෝ............... උඹේ මේ වාක්‍ය ටික ඉක්මන් ඩොට් ඒල්කේ ඒකේ හරි දාලා විස්තරයක් දැන ගන්න හැකිනම්.. අපිත් ඒනවා....

      Delete
  9. හොඳට තියෙයි උඹ ඉල්ලන ඉල්ලන ඒවා දෙන්න ගියොත් , කපටි කමට ඉල්ලලා දැන් කියනවා ආදරේට ඉල්ලුවලු

    ReplyDelete
    Replies
    1. නෑ බං.............. බොරුවට නෙමෙයි ඉවාන් මචං..... අාදරේට ම තමා..... අම්මපා.....

      Delete
  10. බලමුකො දැන් කාංචනා මොකද කියන්නෙ කියලා. දෙන්නා දෙමාල්ලො වලියට බැස්සම මේ අපි නිකං තැලෙනවා.

    ReplyDelete
    Replies
    1. මාධවියෝ.............. කලින් ම කාන්චනාව පොරොන්දු කර ගත්තා මේකට උත්තර ලියන්න ඒන්නෑ කියලා.... අාවාම ඉතින් තත්වය නරක අතට හැරෙනවානේ.... යකෝ මූණ බලාගෙන මට කියන දේ නෙමෙයි අනික් අතට අැවිත් මෙකේ කොටලා යන්න... ඒහෙම ඉතින් පවුල් කන්න බැහැනේ.... නැද්ද මං අහන්නේ.... ඒ නිසා මේකට අදහස් දැක්වීමෙන් තොරයි.... ඒ නිසා මේ අවස්ථාව උඹලට තමා....

      Delete
  11. හපොයි ලැබෙනවා ....... ඒත් කේන්දර නොගැලපුන ගමන් ආපහු ඒවා ඉල්ල ගන්නවනේ කුරුට්ටෝ...... බොරු නම් කසුට්ටගෙන් අහන්න....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කසුට්ටාගේ ප්‍රේම කතාව ගැන තමා අපිත් බලාන ඉන්නේ... ඒත් ඒකට අපි අවවාදයක් දුන්නා..බලමු පිළිපදියිද කියලා...

      Delete
  12. අර කතාවක් තියෙන්නේ 'ගෑණුන්ව තේරුම් ගන්න යන්න එපා, ආදරේ විතරක් බොක්කෙන්ම කරහං' කියලා...

    ඒ වගේමයි 'පිරිමින්ට ආදරේ වැඩිපුර නොදී උන්ව තේරුම් ගනිල්ලා' කියල...

    ඔන්න ඕකයි මටනම් තේරෙන ඇත්ත...ගෑණුන්ව තේරුම් ගන්න බෑ කවමදාවත්...ඒක කරන්න යන්නත් එපා...වැඩක් නෑ බං...බෑ..බෑ...බෑමයි...

    ඉතිං ඇස් ගැන කවර කතාද...නොකියා ඉන්න එක ගැන කවර කතාද...ඒ උන්ගෙ හැටි සහෝ...

    අසංක

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි බේදයක් නෑ බොරුකාරයෝ දෙගොල්ලන්ගෙම ඉන්නවා

      Delete
    2. අසංක අයියා... ස්තූතියි උපදේශයට.... දැන් ඉතින් පටං ගන්න තමා තියෙන්නේ.. අැස් දිහාම බලාන ඉන්න හරි බැරියෑ තව ටික දොහකින් පස්සේ නේද?????? වෙන්ඩ මනමාලයොන්ට මේවා දැන්ම කියන්න හොදනෑ.....................

      සබරේ........... කොහොමද ඒක දන්නේ...???

      Delete
  13. හා..හා.. ආදරෙයි කියල වෙලාව එනකම් ඉල්ලන්නේ එහෙම නෑ ඔන්. හැක. (ඔහොම ලස්සනට කවියෙන් ඇහුවොත්නම් නොදී ඉන්න එහෙකුත් නෑ හැබැයි.. )

    ReplyDelete
    Replies
    1. ඒකයි කවියෙන් ලියලා අැහුවේ.... බලමු ප්‍රතිචාරයක් තියේද කියලා...... ස්තූතියි කමියෝ ..........

      Delete
  14. එහෙනම් ඉතින් ආයෙමත් ඉල්ලලා බලපං.ලැබෙන්න බැරි නැහැ ඇතම් විට පොරෝ පහරක්.

    ReplyDelete
    Replies
    1. අම්මපා අර විදානයා කිව්වා වගේ ටිකක් අෑතින් ඉදලා ඉල්ලුවාම හරිනේ.....................

      Delete
  15. ආදරෙන් ඉල්ලුවොත් තමයි ආදරෙන් දෙන්නෙ
    ජයවේවා තුෂාරයෝ
    පැදිපෙළ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ.... ලොකු හයියක් මචං මේ වචන....

      Delete
  16. ඉල්ලුව පලියටම ආදරෙන් හම්බ වෙලා නෑ මට නම්

    ReplyDelete
    Replies
    1. මටත් හම්බෙලා නැහැ මචං.... ඒකයි ලිව්වේ.... තාමත් නැහැනේ

      Delete
  17. ප්‍රඩක්ශන් ඉල්ලනවා නම්
    අඩි හප්පලා කෑ ගහලා හුක් පදේ කියලා ඉල්ලන්න ඔනේ
    කයිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අන්න ක්‍රමේ................ මචං උඹ ඒකපාරක්වත් ඔය පදේ කියලා තියෙනවාද???? නෑ මං දැනගන්න අහන්නේ???

      Delete
    2. අනේ නෑ මචං..ඒ මගේ කෙල්ලෝ මම වුන්ට කවදාවත් පද කියන්නෙ නෑ

      Delete
  18. අපි නං ගල් ප්‍රඩක්ෂන් වැඩි කරන්න ඕන උනාම බොහොම ආදරෙන් ^&(^*&)_(_)&_)(^%&^ කියල කතා කළාම වැඩේ වෙනවා.. කවි ටික මරු....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සාජ්ජා.................. ඒහෙම තමා... වැඩක් කරගන්නවානම් ඒක තමා ක්‍රමේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...