Sunday, July 26, 2015

අයියණ්ඩි......



දෙසවන් සැනසූ වදනක් නෑසෙයි - පාළු නිහඬ බව හද පාරයි
දෙකොපුල් රැන්දූ සුවයක් නොදැනේ - එහි රැඳුනේ කඳුලැලි පමණයි

පෙරදා ඔබ හිටි මිහිරි අතීතය - තවදුරටත් මට සිහිනයකි
අදහාගනු බෑ ඔබ ළඟ නැති බව - ඇයි හැරගියෙ මා අයියණ්ඩි

හැමදින එළඹෙන මොහොතක් පාසා - දෑස කෙවෙනවා ඉන්නට බෑ
උණුසුම් සුව පිරි පපුවේ තුරුළට - එන්නට අවසර දැන් මට නෑ

ගිලී ගියෙමි මා එකවර අඳුරේ - ඔබ කොයි ලෝකේ වසන් වුණේ
දැනේවිනම් මගෙ පපුවේ ගින්දර - එනු මැන නැවතත් අයියණ්ඩි

මුළු ලොව දැක්කේ ඔබගේ දෑසිනි - මගේ නෙත් වලින් පලක් නැතේ
ඔය මුව රැන්දූ සුවබර වදනින් - මා ලද සෙනෙහස අපමණ වේ

කැන්දූ සිනහව දල්වා ආලය - ඔබෙන් පමණි මා එය දුටුවේ
අනේ මගේ කඳුලක උණු ගින්දර - දැන් නොදැනේදෝ අයියණ්ඩි

තවත් මේ ලොවේ ඔබ නැති අඳුරේ - ඉන්නට බෑ මට මේ භවයේ
යන්නට ඕනේ කිසිවක් නොහැඟෙන - ලෝකයකට තව නොම දුක්වී

ඒත් කුමක් වෙනුවෙන් මා අද දින - නිමක් නොවී ඇයි මේ ලතවී
එකම එක් වරක් එන්නකො මා වෙත - යන්නට පෙර මා මින් නික්මී


අසංක ගයාන් අබේසිංහ

36 comments:

  1. ලස්සන පැදිපෙළ මචන්
    ජයවේ!

    ReplyDelete
  2. ලස්සනයි අසංක අයියා................ පද ටික ලස්සනයි... හැබැයි දුක කතාවක් හැංගිලා තියෙන්නේ.,,,,,, න‍ේද???????

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි වුනානේ මම තුෂාර

      Delete
    2. ඔව් බං...මේ කවිය ලියන්න හිතුණු ඇත්ත කතාවකුත් තියනවා...අගය කිරීමට බොහොම ස්තුතියි බොලේ...

      Delete
  3. අසංකයාව නම් දාලා ගිය එකමයි කාරිය.. හොඳ වැඩේ ඕකට

    ReplyDelete
    Replies
    1. අහිංසක කෙල්ලන්ව එකපාරම අතහැරලා දාන තෝ වගේ එකෙක්ට තමා මේක ලිව්වේ...හැක්...හැක්...

      Delete
    2. දුක කියන්නට කෙනෙක් නැති දා
      දුක ඇසූ නුඹ අද මගේ
      දුකට හිනැහෙන්නේ..

      වියළි තතරට වැහි පොදක් ලෙස
      කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
      මහා මේඝයක් ලෙසින් හමා විත්
      මට මාව නැති කලේ කොහොම ද..

      හදවත ඇවිලුනු අතීත දුක් ගිණි
      සුවපත් කළ පින නුඹට අයිති මුත්
      ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
      හෙටක් පතන්නට හිතට වාරු නැත..

      ගායනය - වික්ටර් රත්නායක
      පද රචනය - ඩිෂාන් නානායක්කාර
      සංගීතය - එච්. එම්. ජයවර්ධන

      Delete
    3. පට්ටයි සිංදුවෝ...උඹේ මේ හැකියාව මම හිතන්නෙ ගීත ක්ෂේත්‍රයේ කප් ගහල ඉන්න එවුන්ටවත් නැතුව ඇති...

      Delete
    4. අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
      යන්ට එපා අයියා යන්ට එපා.....................

      පින්සාර මා අයියා
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      නංගීව ශෝක ගින්නෙ දා
      යන්ට එපා දැන් මා හැරා
      එල්ලෙමි මං ඔබේ ගෙලේ

      අහසේ දියේ වලාකුළේ
      මතුවේ ඔබේ උතුම් ගුණේ
      ඇනෙනා කටු ශරීරයේ
      වද මල් සේ යාවි ලේ ගලා
      නොදැනේ ශරීර වේදනා

      ඵල නෑ විකාර ජීවිතේ
      මරණෙත් සැපයි මෙ ලෝකයේ
      අයියාගේ රම්‍ය දර්ශනේ
      නොපෙනේ අනේ වසන් උනේ
      සැතපෙම් ඔබේ මිනී වළේ

      ආත්මේ අපේ ඇලී ගැලී
      උපදීවා ස්වර්ග රාජ්‍යයේ
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      ගායනය : රුක්මනී දේවි
      ගී පද : ජී.එල්.ජේ. නන්දනකීර්ති
      සංගීතය : සී.එන්. පාන්ඩුරංගන්

      Delete
  4. ගෑණු ළමයෙක් වෙන්ට ඕනෑ මේක කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අසංක අයියාට ද කිව්වේ??????

      තුෂාර

      Delete
    2. මමා.. ඔව්. එහෙම නැත්නම් දේදුනු වර්ණ පොරක් කියල වගේ තමයි මටත් හිතුනේ.. හැක්.

      Delete
    3. හත්තිලව්වයි කමියාට ප්‍රතිකාර අවශ්‍ය වී අැත.....

      Delete
    4. යකෝ කාන්තා දෘෂ්ථි කෝණයකින් (බර වැඩිනම් කියාපල්ලා ) ලිව්වම කියන කතා...මුන්ටත් ඉර පායනවනේ ඉතිං...

      අසංක

      Delete
    5. දේදුන්නෙන් එන සමනලුනේ ....හැක් හැක්

      Delete
  5. හ්ම්ම් ඒකනම් ඇත්ත කුරුට්ටෝ
    ඒත් ගිය එකා ආයි එන්න නම් එපා......


    කුරුට්ටෝ මොකෝ මේ හයි වේ එකේ පෝස්ටු දාන්නේ... මං නොහිටිය දවස් ටිකට පොස්ටු වැහි වැහැලනේ.... ඔන්න ඔක්කොටම කොමෙන්ටු දැම්මෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපි...දෙනකොට දෙනවා නාන්න...නැතිවෙනකොට වතුරවත් නෑ...හැක්...හැක්...බොහොම ස්තුතියි මිත්‍රයෝ...

      Delete

  6. බ්ලාහ්
    සෝක බරිතයි සෝචනීයයි...
    ඔව් ඩුකයි

    ReplyDelete
    Replies
    1. ඩුක පුමේ තියාපං...එතකොට හරි...හැක්...හැක්...

      Delete
  7. කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
    පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
    අනේ ඇයි දිව යන්නේ
    පැරදුන ගීතය අසා පුරුද් සුළ‍ඟේ...

    තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
    බැඳ ඇත ප්‍රාකාරේ
    කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
    විරහ වේදනාවේ..

    ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
    අප මාළිග තැනුවේ
    ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
    මතක සිහින මැකුනේ..

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. මේවගේ ඒව ලියන්න ඉතින් ප්‍රේමකීර්තිම ඉන්න ඕන...අපිට හැරෙන්නවත් බෑ...ඒ වගේමයි මේව තෝරල බේරල මෙතන ගැලපෙන විදිහට දාන්න සිංදුවම ඉන්නත් ඕන...අපිට හිතාගන්නවත් බෑ...

      Delete
  8. ඇයි මචං මේ. එදා තුශාරත් මේ වගේම පෝස්ට් එකක් දාල තිබ්බා.. නිර්මාණය අති සංවේදියි.. විශිෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. මේක මචෝ නිකමට හිතුණු එකක්...කෙල්ලෙක්ට දැනෙන්නෙ කොහොමද කියලා එයාගෙ පැත්තෙන් හිතලා ලියපු එකක්...කොහොම වුණත් මම ආරෝපණය කරගත්තු හැඟීම උඹලට දැනුනනම් ඒ ඇති මචං...මම යම්තාක් දුරකට සාර්ථකයි කියලා හිතන්න...බොහොම ස්තුතියි මනෝ...

      Delete
  9. ඒ වගේම සොයුරු වියෝවක්..
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
    මට තනියක් දැනෙනවා

    දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
    මං එනතුරු හඬා වැටෙද්දී
    නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

    පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
    හොල්මන් ගැන කතා කියද්දී
    මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

    ගායනය..අමරදේව
    පද..කුලරත්න ආරියවංශ
    සංගීතය..රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මේ ගී පදවල සාර්ථකත්වය කොතරම්ද කිව්වොත් මටම වුණා වගේ දැනෙනවා...විශේෂයෙන් අද මේ ජීවිතේ හිස් නිසරු බව දැනෙද්දි ඒ හුදකලාව ගෙනෙන්නේ හරිම වෙනස් හැඟීමක්...

      Delete
  10. Replies
    1. ටැන්කුයි...ටැන්කුයි...ඉන්දරේ...

      Delete
  11. ටික දවසක් එන්න යන්න බැරි උනා... අසංක තාමත් නාහෙන් අඬනවා කලින් වගේම.... හැක හැක.... කවි ටික සුපිරි.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. කඳුළු හුරතල් වැඩිද මන්දා
      පුංච් දේටත් හැඩෙන හින්දා
      හීන කවදත් මැකෙන හින්දා
      හදේ ගැඹුරුම තැනක රන්දා
      කඳුළු දුක රහසේම වින්දා.....
      මලක මොළකැටි සුමුදු පෙති මත
      ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
      පලාගෙන නෙත් පියන් නොදැනිම
      කඳුළ වැටුනා අහිංසක ලෙස....

      ගායනය - අසංග ප්‍රියමන්ත

      Delete
    2. ඇඩෝව් සජ්ජා...උඹ නෑවිල්ලා හිටපු ටිකේ මම ලියපු ඒවා බලාපිය ඉස්සෙල්ලා...කොයි තරම් අසභ්‍ය කවි ලිව්වද කියලා...හැක්...හැක්...

      Delete
  12. ඕකනම් කලිං හිටලා අතඇරලා දාපු කෙල්ලෙක් අසංකට දීපු එකක්මයි.....පව් බං

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි අසංක අයියා................ මොනවද මේ කතා....

      Delete
    2. යකෝ මේ මල් මල් සේරම දැනගෙනවත්ද...අපොයි...

      Delete
  13. නොයන්න සිතුනද - යා යුතු වේමය
    ආ ගමනක් කොහි වේ නම් ලොව තුළ
    යන ගමනද එහි අග ලියැවී ඇත...

    ReplyDelete
    Replies
    1. යන ගමන කොයි තරම් කිව්වත් පුදුම දුකක් මචෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...