Thursday, July 30, 2015

හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා ................



නුඹේ නිසසල ගත දකින ස දෑස කඳුලින් පිරෙනවා
අවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවා
හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව ය වහනවා
කොහොම අතහැර යන්නදෝ නුඹ මගේ පුතු සිහිකරනවා

සිගිති අත්පා මොලකැටිය පුත හිනැහිලා දුව පනිද්දී
සුන්දරයි තව අකුරු පටලං මුදු වදන් නුඹ කියද්දී
තෙමෙන නෙත්යුග වසා ගමි ඒ දසුන් මා නෙත අැදෙද්දී
අාදරේ දුක දැනෙන පපුතුර නුඹ නමින් ඉකිගහද්දී

උපන් නුඹ හට අාගමක් හා ජාතියක් බෙදලා තියේ
හෙව් අාගම් ජාති අවිගෙන බෙදී වෙන්වුණ ලෝකයේ
උනුන් වෙත අවි අමෝරාගෙන දෙවියන්ගේ තුරුළට ගියේ
මෙහෙව් අාගම් ජාති ගැන නුඹ දැනගෙනද මේ මියගියේ

අහිංසකකම නොතේරෙන අවි උණ්ඩ දෑතට ගනු පා
කිසිදු වරදක් නොමැති උන් වෙත ඉලක්කය හරියනු පා
යකඩ වාහන උණ්ඩ හසුරන නොමිනිසුන් බිහිවනු පා
බෙදී වෙන්වී මරාගන්නා ලෝකයක ඉපදෙනු පා .....................


තුෂාර විතාරණ


.

39 comments:

  1. තුෂාරගේ ගොඩාක්ම කවි වගේ හරිම හැඟුම් බරයි.. හිත ගොඩක් අතීතෙට දිව්වා මේ පද පෙළි අතරින්.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා.................. මේ වචන ලොකු හයියක්

      Delete
  2. ලොව වට යුද්ධය නිසා යුද්ධය ගැන හසරක් නොදත් පොඩි වුන් කීදාහක් මියගොස් ඇත්ද? තවත් මිය යයිද?
    සංවේදී පැදිපෙළක්
    ජයවේ තුෂාර!

    ReplyDelete
    Replies
    1. මේක මහ අමුතු ලෝකයක්.... මේ මැරෙන තුවාල වෙන සහ අාබාධිත වෙන ළමයි කී දාහක්නම් ලෝකයේ ඉන්නවාද????? මේ ළමයි මොනවා දැනගෙන මේවාට මුහුණ දෙනවාද???? කවුරු පටං ගත්ත යුද්ධයක්ද???? උන් මැරිලා ගොඩක් කල්.... ඒත් අපි තාමත් ඒ යුද්ධ උස්සන් දුවනවා... මරා ගන්නවා

      Delete
  3. බොහොම සංවේදී කවි පෙළක් වගේම කතා කළයුතුම කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධවී........................

      රූපය දැකලා හිතට දැනිච්ච දුක තමා මේ විදිහට පිට කරගත්තේ....

      Delete
  4. කවි ටික නම් බර වැඩියි... හුඟක් සංවේදීව දැනුනා...

    කවියට ඔබ උපන් හපනෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.....................

      ඒ වචන ටිකක් වැඩිපුරත් කියලා හිතෙනවා..... කොහොම වුණත් මේ සහයට ස්තූතියි

      Delete
  5. මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
    ඇසේය මිනිස් පුරවරෙන්
    කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
    කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
    කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
    සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා..
    පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
    කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
    නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
    මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

    ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
    ගී පද - වසන්ත කුමාර කොබවක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ.................. හැමදාමත් වගේ සින්දුවෙන් අඩුව මැකුවාට..... රෝහන කියපු සීමිත ගීත අතර ඉතාමත් ලස්සන ගීතයක්

      Delete
  6. බෙදී වෙන්වෙන ලෝකෙක ඉපදෙන්න එපා

    ඔව් ඒක නං ඇත්ත. ඒත හැම කෙනෙක්ම මොනම හරි හේතුවකට කොතන හරි ඉපදෙන්නෙ.
    ලස්සනයි තුශාර.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..................

      මේ බෙදීම් වෙන්වීම් අපිම හදාගත්තු දේවල්... අපි වටිනාකම් කියලා බදාගන්න දේවල්ම තමා අපිව හතුරන් බවට පත්කරන්නෙත්..... ඒ නිසාමයි අපි මරා ගන්නෙන්.... ඒ නිසා අපි අනන්‍යතාවය කියන දේ ගැන තව තවත් කතා කළ යුතුයි කියලා හිතෙනවා

      Delete
  7. //අවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවා//
    හැම මිනිහෙක්ගෙම හිතේ තෙත ගතිය තියෙනවා නම් අකමැත්තෙන් උනත් අවි අතට ගන්න වෙන එකක් නෑ නේද....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සහෝ....................

      යුද්ධ කරන්නට යුද පිටියට යන්නේ මේ මොන යුද්ධයකටවත් හේතුවක් නොවූ සහ ඒ ගැන කිසි දෙයක් නොදත් ජීවත් වෙන්න රැකියාවක් වෙනුවට යුද්ධ කරන අහිංසක මිනිස්සු.... උන්ට මේවා මොනවාද මොකට ද කියලාවත් තේරුමක් නෑ... ඒත් මරා ගන්නවා...

      Delete
  8. ලස්සනයි. මෙය මගේ මාසික සඟරාව වන ශ්‍රී ලංකා විත්ති හි පළ කරන්නද ?

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටලුවක් නැත..... පළ කරන්න

      Delete
  9. මනුස්සකම වහන්න වටේ තියෙන පැළඳුම් වලින් බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්.... හැම සෙබලෙක් තුළම මිනිහෙක් ඉන්නවා... ඒත් ඒ මිනිහාව අායුධ වලින් වහලා තියෙන්නේ..... අපිට පේන්නේ අැදුම් පැළදුම් විතරයි

      Delete
  10. ඡායාරූපයක් කියන්නෙම, ලොකු කථාවක් .. ( බහුබූත , විකාරරූපී ෆොටෝ සම්භන්ධයෙන් නම් නොවේ ) ලොකු කථාවක් කියන ඡායාරූපයක සංවේදී කථාව බොහොම සංවේදීව , සංයමයකින් කවි කරලා තියෙනවා, තුෂාර ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරුවෝ.....................

      අැත්තට ම කවියේ වස්තු බීජය රූපය තමා...... ඒ රූපය දැක්ක ගමන් හිතට අාපු අදහස තමා කවියක් වුනේ...

      Delete
  11. අත් පා අහිමි වෙන, ජීවිතය අහිමි වෙන දරුවන් දහස් ගණනක් මේ ලෝකෙ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කම්පනයට පත් වුණ දෙමාපියන් නැතිවුණ ළමයින් සිය දහස් ගණනක් මේ මිහිපිට තවම ඉන්නවා... එහෙවු අයට කාගෙ පිහිටක් ද?
    හොඳ පෝස්ට් එකක් තුෂාර...

    ReplyDelete
    Replies
    1. අැත්තට ම රොහාන්.................. මේ කවිය හරහා ගොඩනගන්න හදන අදහසත් ඒක තමා..... යුද්ධය කියන විකාරය නිසා ලෝකයේ අගතියට පත්වෙන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන්.... ජීවිත කී දාහක්... දරුවන් කී දාහක්... මුදලින් කී කෝටියක් ලෝකයට අහිමි කරනවාද???? අනික් අතට ලෝකයට බිහිවෙන්න ඉන්න මහා විද්වතුන් කීයක් මේකෙන් ලෝකයට අහිමි කරනවාද????

      Delete
  12. යුද්ධයට අකමැතිම, යුද්ධයක් ඇති නොවේවා කියලා හැමවිටම ප්‍රාර්ථනා කරන, යුද්ධය නිසා කලකිරීමට පත්වන පුද්ගලයා කවුද?

    සොල්දාදුවා.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම විචාරකතුමෝ............... ඒ ගැන බ්ලොග් ලෝකයේ මොනවට දන්න කෙනා ඔබ...... ස්තූතියි අදහස් දැක්වීමට..... යුද්ධය නැවතුනා කීවාම රටේ ජනතාවට නිදහසක් දැනුනාට ඊටත් වඩා අලුතෙන් ම ජීවිතයක් ලබන්නේ සොල්දාදුවාගේ පවුලේ උදවියයි.....

      Delete
  13. මටත් යුද්ධ එපා..
    එල ද බ්‍රා කයිය මචං..
    හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං..... අපිට ඔ්නේ ඒච්චරයි......

      Delete
  14. මේ ලෝකයේ තියන කාළකන්ණිම වදන...යුද්ධය.මේ ලෝකේ කිසිම මනුස්සයෙක් අත්නොවිඳිය යුතු අත්දැකීමක්.රුපියල්වලින් මිලකරන උන්ඩයකින් නැතිවෙන්නේ මිල කරන්න බැරි ජීවිත කියන එක තේරුම්ගන්නකන් මේ වේදනාව මෙහෙම්මමයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් කසුට්ටා..........................

      මේ අැත්ත තේරුම් ගන්න මේ ලෝකයට කොච්චර කල් යයිද මන්දා.....

      Delete
  15. කවිය හොදටම වදිනවා...

    ReplyDelete
  16. සේයාරුව තරමටම හද සසල කළ කවි පෙළකි...
    මේ සේයාරුව අරුත් ගැන්වීමට මා අතින්ද කවි පෙළක් ලියැවී තිබුණි.
    අද, එම කවි පෙළ මාගේ 'දසුනට අරුතක්' බ්ලොග් අඩවියෙහි පළකළෙමි.
    -----------------------------------------------------------------------------------------
    මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි...
    http://kawruu.blogspot.com/2015/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි...... රූපයක් තව තවත් කවි ලියනවා... අගෙයි... මොනවා වුණත් මේ රූපය කවි දාහක් ලිව්වත් හිත නිවෙන්නැති රූපයක් නේද ගීතිකා.... ජයවේවා

      Delete
    2. සේයාරුව දෙස බලාන
      ලියූ නමුත් කවි කොපමණ
      කියාගන්න තව බැරිවුණ
      කිසිවකි සිත්හී සිරවුණ

      සත්තකින්ම තුෂාර, මේ සේයාරුව දිහා බලාගෙන කොච්චර කවි ලියුවත් කියාගන්න බැරිවුණු මොකාක්‌හරි දෙයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා වගෙයි දැනෙන්නෙ. ඒ තරමටම මේ දර්ශනය සංවේදීයි, ප්‍රබලයි.

      Delete
    3. මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි
      -----------------------------------------------

      තුන් හිතකවත් නොවුණි නුඹේ දිවි ඩැහැගන්න
      සිඟිති සිරුරට නුඹේ දශමෙකුදු රිදවන්න
      සේයාව හෝ නුඹේ ලැබුණි නම් දැකගන්න
      සත්තමයි පොරකන්නෙ නුඹේ දිවි රැකගන්න

      නුඹෙ කරුමෙ ගෙවුණු තැන මා කරුම රැස්කළෙමි
      නොදැන හෝ වුණු මහා පවට මම පසුතැවෙමි
      ගතින් නුඹ වින්ද දුක් සිතින් සිහිකර හඬමි
      මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි

      සදා ජය හා සතුට සමඟින්
      කුරුටු පවුලට ආයුබෝවන් !

      Delete
    4. ස්තූතියි ගීතිකා.............

      අැත්තට ම මේ රූපය දැක්කාම මට හිතුනෙත් ඔය ටිකමයි.. කොහොම වුණත් ගීතිකා අදයි මමත් දැනගත්තේ මේ කවියට නෙලුම් යායෙන් දෙන මාසික තෑග්ග ලැබුණා කියලා.... ඉතින් මෑතකදිම මේ ගැන කතා කලේ ඔබ නිසා කියන්න හිතුනා.... ජයවේවා

      Delete
    5. අහන්න ලැබීමත් ලොකූ සතුටක් තුෂාර... හදවතින්ම සුබපතනවා මම...
      බොහොම ස්තූතියි මාව දැනුවත් කරන්න හිතුණාට...
      සදා ජය හා සතුට !

      Delete
    6. ඔබත් හොද කවිකාරියක් නිසා මේක දිරිගැන්වීමක් කියලා හිතාගන්න... ජයවේවා

      Delete
  17. සම්මානයට උණුසුම් සුභපැතුම් කුරුටු! (මම ඉතින් ගී පවුරෙ හැමෝටම පොදුවෙ කියන නම 'කුරුටු') ගොඩක් සංවේදී පැදිපෙලක්! ඒකටම ගැලපෙන පින්තූරෙ. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි................

      අැත්තටම රූපය දිහා බලාගෙන ලියපු පද පෙළක්.... ජීවිතේ ලබාපු පළවෙනි සම්මානය නිසා මේක ගොඩක් වටිනවා අපිට...

      ජයවේවා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...