Tuesday, April 7, 2015

අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ................



ලාටු පෙරන් කබ හොටු සෙම හලාගෙන
නැගිටපු ගමං අැවිදින් කෑ මොර නගන
බසය වගෙද පිරිසිදු සුදු අැදුම් ලන
දුම්රියේ රියදුරන් ස් ම් තැන හිදින ..........

බසයේ රජුන් කොන්දොස්තර තග හන්දා
නොමනා බැනුම් දෙයි සල්ලිත් පොදි බන්දා
අල්ලන හැරෙන තැන තීන්දු දෙයි කොන්දා
දුම්රිය හොදයි කොන්දා තැන නැති හින්දා ..........

බසයේ ටිකට් දෙන්නට ඔහු අැවිත් හිඳ
පස්සට තදවෙලා හිටගෙන වැනෙන සඳ
විට කෙළ දුම් ගදත් ඉවසන්නට වුවද
දුම්රියේ ටිකට් දෙයි කවුළුව හා ඉඳ ..........

රියදුරු මහා සටනකි කරගෙන යන්නේ
මහා තරගයකි පාරේ සිදු වන්නේ
කෙක් කපා ගෙන තවෙකෙක් දිව යන්නේ
දුම්රිය නැතේ තවෙකක් පසුකර යන්නේ ..........

ගොඩවුණ වෙලේ සිට කංබෙර හූරන්නේ
අඩන අජිත් හොටු පෙරාන වැළපෙන්නේ
යකඩ තැලෙන හඩ සොදුරුයි අහපන්නේ
අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ..........



තුෂාර විතාරණ


.



60 comments:

  1. හැක්...හැක්...ඇයි විල්බට් අඹතලාවගේ ගොං කවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි............ ඒ අර ඉස්ටිකර් කවියා නේද????

      Delete
  2. ඒ වුනාට අපේ කෙල්ලන්ට බස් අඡියා නැත්තන් බස් එක වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. හරියට පරිප්පු නැති හෝටලය වගේද??? අජියා අඩන්නැති බස්ඒක

      Delete
    2. Hook එකක් නැති බ්‍රා එකක් වගේ

      Delete
    3. අඩෝ...හුක් එක කියන්නේ මොකද්ද?

      Delete
    4. අපේ කට්ටිය හක් එක කියන්නෙ...
      පිටිපස්සෙන් බ්‍රා එකේ දෙපැත්ත එකතු කරන කොකු තියන කැල්ලයි ඒ කොකු දාන හිල් ටිකයි
      Hook & eye

      Delete
    5. අන්න උඹට ගැලපෙනම උදාහරණය...... හුක් ඒක නැති බ්‍රා ඒක උපමාවට ගත්තා ම මචං බ්‍රා ඒක බස් ඒකට සම වෙනවා... හුක් ඒක අජිතා... ඒතකොට බ්‍රා ඒකට පුරවන ඒ්වා බස් ඒකට පුරවන අපිට සමාන වෙනවා නෙවැ බං...... ඉතින් අපි පව් නැද්ද යකෝ

      Delete
  3. දැන් අජියා නැහැනේ දැන් ඉන්නේ චාමරලා.

    ReplyDelete
    Replies
    1. අඩන සෙට් ඒකේ තව රොත්තක් ඉන්නවා...... අජියා තමා පොර

      Delete
  4. කවුද බං මේ අජිත්
    අජිත් පැරකුම්ද ( ඩබ්ලිව් ත්‍රී ශ්‍රී ලංකා )
    අජිත් ධර්ම ද ( කොළඹ ගමය )
    අජිත් කුමාරද ( බ්ලොග් දර්ශකය )

    මම නම් කෝච්චියට පට්ට ලයික්. හිටගෙන ගියත් මහන්සියක් නෑ. බස් එකේ පොඩි දුරක් ගියත් අමාරුයි. කෝච්චියෙ වගෙ නෑ.
    කොන්දල නැති එකත් වාසියක් තමයි.

    මම කියන්නෙ සියළු දුරගමන් වලට කෝච්චි දාල බස් දාන්න ඕන කෙටිගමන් වලට. කෝච්චි සේවය සෑම ප්‍රධාන නගරයක්ම ආවරණය වන ලෙස පුළුල් කරන්න ඕන. අධිවේගී මාර්ග නෙමේ හොඳ කෝච්චි සේවයක් අපට ඕන වෙනෙන්. විදුලි කෝච්චිත් ඕන. මේව කරන්න බස්කාරයො දෙයිද දන්නෙ නෑ.
    එක දවසක් බස් ගැමුනුව කිව්වෙ ලංකාවට කෝච්චි ගැලපෙන්නෙත් නෑ කියල. ඉන්ධන අඩුකරපු එකටත් උගෙ මනාපයක් නැතිලු.

    ReplyDelete
    Replies
    1. කතාව අැත්ත ම.ම

      කෝච්චියේ ගමනක් යනවා කියන ඒක මාර පහසුයි... ඒත් වෙලාව යනවා වැඩියි... ලංකාවේ තාම දුම්රිය සේවය පරණ තත්වයේ තියෙන නිසා තමයි ගැටලුව ... ඒත් දියුණු රටවත් මාර විදිහට දුම්රිය භාවිතා කරනවා... අපි තාම මුල.. ඒකනේ සුද්දෝ ලංකාවට අාවාම දුම්රියේ යන්න මාර අාස... උන්ගේ සීයලාගේ කාලේ ඒවානේ..... දැන් දැන් දුම්රියේ දියුණුවක් තියෙනවා...ඒත් ප්‍රශස්ථ මට්ටම තව ගොඩක් දුර

      Delete
    2. ඒක සාපේක්ෂයි නේද මචං. සමහර වෙලාවලදි කෝච්චිය බස් එකට වඩා ඉක්මන්.

      Delete
    3. බස් අජිත් බන්

      Delete
    4. මගේ සින්දු ඇහෙන්නේ බස්වල නිසා හුඟ දෙනෙක් මට කියන්නේ ‘බස් අජිත්’ කියලා

      “සකුරා රේන්ජ්” නායක අජිත් මුතුකුමාරණ

      Delete
    5. අැහෙන්නේ බස් වල නෙමෙයි බං බලෙන් අස්සන්නේ බස්වල නිසා..... මං දවසක් නුවරඒළියේ ඉදන් නුවර බස් ඒකක යන ගමන් ඔය අජිත් ගී මියැසියක් දාලා තිබුණා..... කනක් අැහෙන්න නැති නිසා මං ගිහිං ඩ්‍රයිවර්ට කිව්වා ඔ්ක වහලා දානවා ඔ්යි කියලා... (ටිකක් සැරෙන් වගේ කිව්වේ උෟ බය වෙයි කියලා හිතලා)

      මේක නවත්තන්නෑ මහත්තයාට අහං ඉන්න බැරිනම් බැහැලා පයින් යන්න කිව්වා.... මං අනාථයි..... ඒත් විනාඩියක් ගියේ නැහැ අහිංසක මං වෙනුවෙන් තවත් පොරවල් 10 ක් විතර නැගිට්ටා..... මේ අපි බැහැලා පයින් යන්නෑ තමුසෙට ඔ්නනම් බැහැලා යනවා කියලා... අම්මපා මං යුද්ධය දින්නා.. අරකා සින්දුව නැවැත්තුවා...... වෙනදා පැය 2.30 යන බස් ඒක පැය 2 න් ගෙදර.... වෙන කිසිම අවුලක් නෑ වංගුවල අැඹරිලා අැඹරිලා පට්ට අමාරුව විතරයි..... ගෙදර උන්දැට ඔය කතා නොකියා පැනඩෝල් දෙකක් බීලා මෝඩයා වගේ නිදාගත්තා..... ඔන්න අජිතා නිසා වෙන වැඩ

      Delete
  5. හයිවේ බස්වල දානවා බං ඔය යක්කුන්ගෙ සංගීත වීඩියෝ . පුදුම ඉවසීමකින් ඉන්ඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අටමා ඔය බස් අස්සේ තියෙන ටීවී වල තව අාතල් ඒකක් තියෙනවා... අර කැරොකේ දානවානේ.... ඒවා බලාගෙන යද්දි නම් මාර ඉවසීමකින් තමා ඉන්න වෙන්නේ.... අම්මපා ඉන්න බෑ

      Delete
    2. ඇයි බං මියුසිකල් ශෝ.සංසාරෙ එපාවෙනව බං.

      Delete
    3. ඒ කියන්නේ අර බස්වල දාන වීඩියෝද ?????

      Delete
  6. හය්යෝ අජිත් මුතුකුමාරණ කිව්වලු! ඉස්සරම නාමල්, ඉන් පස්සෙ ප්‍රින්ස් දැන් අජිත්. මුන්ට බස් එහෙක එකම සින්දු අහනකොට එපා වෙන්නෙ නැද්ද මන්ද!

    ඇත්තටම මොනව උනත් හොඳම කෝච්චිය. ඒත් ඉතින් ලේසියකට රටක් තව රටක කෝච්චි පාරවල් හදන්න දියුණු කරන්න උදව් වෙන්නෙ නෑ. පාළකයොත් ඒවට වඩා බලන්නෙ කොමිස් වැඩි බස් පාරට තමා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඉන්දික.....

      ඒත් අපි දියුණු කරන්න බලන්නම ඔ්න පැත්තක් මේක..... බස් වලට වඩා ලොකු වාසි තියෙනවා හරියට හදාගත්තොත්

      Delete
  7. පට්ට කවි ටික.. පට්ටෙනුත් පට්ට ටොපික් එක මචෝ..
    බස් අජිය ගැන එක දුකක්.. බස් කාරයොන්ගේ චොයිස් ගැන තව දුකක්.. අර ඔක්කොම බලෙන් කන්වල පුරෝගන්න මගියෝ ගැන වෙනම දුකක්.. කෝච්චි වාසනාවන්.. වෙලාවකට දුවනකන්..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව කමියා.............

      ඒක දවසක් හරියට ම වෙලාවට කෝච්චිය ස්ටේෂන් ඒකට අාවාලු.... මේක දැකපු සුද්දෙක් පුදුම වෙලා අැහුවාලු ලංකාවේ කෝච්චි වෙලාවට වැඩ නේද කියලා.. ස්ටේෂන් මාස්ටර් කිව්වාලු වෙලාවනම් හරි ඒත් ඔ්ක අද ඒන්න තිබ්බ කෝච්චිය නෙමෙයි මේ වෙලාවට ම ඊයේ ඒන්න තිබ්බ ඒක කියලා

      Delete
  8. එකට මෙහෙ බස්වල දාන්නේ කාටුන්,,,,,,,,,,, කෝච්චිවල විශේෂයෙන්ම ලංකාවේ එවුන්ගන කියනවා ඒ කතාව ගැන මම පොස්ටුවක් ලියන්න ඉන්නේ (කවදාහරි)

    ReplyDelete
    Replies
    1. මෙහෙනම් දාන සින්දුයි කැරොකේ සින්දුයි බලාගෙන අපි කාටුන් වගේ යනවා මැලයෝ.........

      Delete
    2. (කවදාහරි)
      අපි කල්ප කලාන්තරයක් හරි බලන් ඉන්නම්

      Delete
    3. එහෙ කාර් එලවන්නෙත් කාටුන් ලා .. හැක

      Delete
    4. අා............... ඉවාන්...............

      කාටද බං කාටුන් කියන්නේ... මැලේට ද ??? බ්‍රාටද????

      Delete
    5. ඒක දන්නවා.. උඹලාව වෙන රටවල් වලින් ගන්නෑනේ ඉතිං... ගියත් ඒයාර්පෝට් ඒකට විතරයි... විශේෂ ගුවන්යානයකින් ලංකාවට ම ඒවනවා අායෙම...... ඔය බිස්නස් ඒක කරගෙන හිටහං කියලා

      Delete
  9. ලංකාවෙ පාරවල් හිර කරන කන්ටේනර් කිසි අව්ලක් නැතිව කෝච්චියේ යවන්න පුලුවන් නෙ.මිනිස්සුන්ටත් හරි පහසුයි.නඩත්තුවත් ලේසියි.. ඒත් වෙලාවට නැති එක ලොකු ගැටලුවක්..
    ඇයි අජිත්ට වඩා චාටර් දැං එන අලුත් මියුසික් වීඩියෝ... පුදුම විලාපයක් නෙ..

    ReplyDelete
    Replies
    1. අම්මපා උන් අඩන ඒකමනේ කරන්නේ ගස්...........

      මුන්ට වෙන සින්දුවක් කියන්න මාතෘකාවක් ම නැද්ද මං අහන්නේ....????

      Delete
  10. කියල වැඩක් න්ෂ මචෝ. කෝච්චිය්‍ය් ගමනනම් මාරම නිදහස්. ඇගට කිසිම වෙහෙසකුත් නෑ. කොටුවෙ ඉඳල බඩුල්ලටයි බදුල්ලෙ ඉඳල කොටුවටයි රෑයි දවාලෙයි දෙකේම මං දැන් හතර වතාවක් ගිහින් තියෙනවා. ගෙදර හිටිය තරම්වත් ඇඟට අමාරුවක් නෑ. හෙට අපිට නිවාඩු දෙනවා. කලුතර ඉඳල නුවරටම මම යන්නෙ කෝච්චියේ

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ කොටුවේ ඉඳන් බදුල්ලට කෝච්චියේ යන්න ගියාම දවස් බාගයක් යනවනේ යකෝ. කෝච්චියේ පදිංචි වෙලා ඉන්නවා වගේ හරියට . උයාගෙන කන්නේ නැති ටික විතරයි .

      Delete
    2. කපල් එකක් කොටුවෙන් නැගලා බදුල්ලෙන් බැහැලා පොඩි එකාට නමක් දාගෙනලු ගියේ

      Delete
    3. ඒකනම් එහෙම තමයි ඉවාන්. ඒකයි හෙට නුවරින් බහින්නෙ.හැබැයි ඉතින් නුවර ඉඳල බදුල්ලට තමයි නියමම ටික.

      මෙන්ඩෝ.. ඒ කපල් එක ඊලඟ අවුරුද්දෙ හැටන් වලින් බැස්සලු සිරීපාදෙ යන්න, බාරෙ ඔප්පු කරන්න.

      Delete
    4. විදුලි දුම්රියේ චංචල නාදය
      සවනට වැටෙන සඳේ
      කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
      මතුවිය සැලෙන හදේ
      සීත කඳුකරේ මීදුම අධිකයි
      පමා වුනෙමි සොඳුරේ
      රූපවාහිනී අංජන රේඛා
      නළඟන ඔබද ළඳේ

      ආදර සුවඳින් දසතම මතුවෙන
      වසන්ත සුළඟේ හැපී
      සාගර ජලමත පාවෙන උයනේ
      මීවිත පුරමු අපි
      මිනිසා පළමුව සඳ තරණය කළ
      විසිතුරු කතන්දරේ
      පුර සඳ මඩලේ සිනමා මැදුරක
      නරඹමු නිසංසලේ
      නරඹමු නිසංසලේ

      විදුලි දුම්රියේ චංචල නාදය

      පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
      ආදර සඳුන් වනේ
      නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
      යෞවන අවන්හලේ
      මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
      පරසතු කුසුම් විලේ
      ජය පැන් තොල ගා අමරණීය වන
      කුමරුන් මමය ඔබේ
      කුමරුන් මමය ඔබේ

      විදුලි දුම්රියේ චංචල නාදය


      ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
      සංගීතය - මොහොමඩ් සාලි
      ගී පද - දයානන්ද කුමාරසිරි

      Delete
    5. මනෝෂ්............ කලුතර ඉදලා නුවර යනවා කියන්නේ උඹ පස්දුන්රටද?????

      Delete
    6. @ සින්දුවා................ ස්තූතියි ගීත සාහිත්‍යයේ අඩුව මැකුවාට....

      @ මෙන්ඩා....ඉවාන්...

      යකෝ දවස් බාගයක් ම යනවා තමා.. ඒ කියන්නේ උදේ 5.50 බදුල්ලෙන් ගියාම රූ 6.00 විතර වෙනවා කොළඹට. .. අැත්තටම මචං මම දන්නේ දියතලාව ඉදලා පේරාදෙණියට යන වෙලාව තමා.... දියතලාවෙන් 7.29 ට යනවා... පේරාදෙණියට 1.30 විතර වෙනවා... ඒ වුණාට පට්ට ගමන.... රජයට පිං සිද්ද වෙන්න පළමු පංතියේ වෙන්කළ අාසන දෙකක් ලැබෙනවා.... මාර ගමන මචං... යන්තම් හරි දවසක නිවාඩුවක් සෙට් වුණත් ඉදල්ගස්හින්න.... ඔහිය.... අඹේවෙල.... නැත්තම් නානුඔය බැහැලා නුවරඒළියේ රවුමක් දාන්න යනවාමයි... ඒ තරම් කෝච්චිය අල්ලලා ගියා මචං... ඒකයි මේ කවිය ලියුවේ.... ඒකට උපහාරයක් විදිහටයි.....

      Delete
  11. දුම්රියේ යද්දිත් අජිත්ගේ ආතල් ගන්න ගියොත් සොරි ඩොට් කොම් තමා

    ReplyDelete
    Replies
    1. අනිවා.................. ඒහෙනම් ඉතින් පයින් තමා යන්න වෙන්නේ අපිට... අැයි යකෝ කිසිම නිදහසක් නෑනේ... කන කඩාගෙන කන්න හදනවා වගේ.... හරියට අැස කන නාසය පිළිබද වෙෙද්‍යවරයෙක් වගේනේ....

      Delete
  12. අජිත්ගේ සුදු අරලියා මලින් පස්සේ ඌගේ එක සින්දුවකවත් හිතට ඇල්ලුවේ නෑ....මොකද ඒවා ඔක්කෝම තියෙන්නේ ඇඩිලි...
    චාමරගේ ඒවා ඊට වඩා පට්ට....
    මාත් කෝච්චි ගමනට තමයි මනාප...(ඒ ඉතින් බස් එකේ යනකොට වමනේ යන හින්ද‍ා නෙවෙයි ඕන්)

    ReplyDelete
    Replies
    1. රූපේ..................

      දුම්රිය ගමනෙත් මෙහෙම වෙනසක් තියෙනවා.... කොළඹට වෙන්න තියෙන මහා සංකීර්ණ දුම්රිය ක්‍රමයට වඩා මං මේ කියන පැත්ත මාර වෙනස් මචං.... ඒක ගැන කියන්න වචන නැහැ.... ඉදල්ගස්හින්න කවදාවත් මීදුම නැතිව දැකලා නැති තරම්.... අඹේවෙල වැස්සත් නැතත් තෙමිලා...... සීතල කියන්නේ අැග අැතුලට ම වදිනවා.... වටේ පරිසරය ගැන කියන්න වචන නැහැ මචං....... වටේට ම කැලේ.... හැම තැනම වතුර පාරවල්...දියඅැලි...... මාරයි මචං

      Delete
    2. කුරුට්ටෝ ...උඹ මෙතැන පිස්සු කෙලිනවා අපේ යටගියතැන් මතක් කරලා .හපුතලේ ඉඳලා ඉදල්ගස්හින්නට යනකල් තියන ගස් ගල් වලට කතා කරන්න පුලුවන්නම් අපි ඉවරයි මචෝ .තන්ගමලේ කැලේ ඇතුලෙන් එඩිසම් වලට ...අනේ මචෝ පික්ෂු හැදෙයි .මාර සුන්දර අත්දැකීම් ..

      Delete
    3. අඩෝ සින්දුවා.... උඹ මේ පැත්තේ අත්දැකීම් තියෙන කොල්ලෙක් ඒහෙනම් අෑ...........

      මචං හැමදාම කෝච්චියේ යද්දි බලාගෙන යනවා ඒඩිසම් පේනවාද කියලා... තාම හොයා ගන්න බැරිවුණා... ඒඩිසම් ගියාම යටින් කෝච්චිය යනවා පේනවානේ.. මචං කතා කරලා වැඩක් නැහැ..... මාර ලස්සන පැත්ත.... ඒඩිසම් වගේ සුන්දර තැනක මැරෙන්න කලිං පදිංචි වෙනවා වෙනවාම තමා........... (ඒ තරම් ලොකු මාලිගාවක නෙමෙයි පුංචි පැල්පතක් හරි හදාගෙන)

      ඉතිං උඹේ කතාවත් ටිකක් කියපංකෝ

      Delete
  13. ඒත් ඔය හැමෙකෙම වාසි අවාසි තියෙනවා ඈ හිටන්

    ReplyDelete
    Replies
    1. අනිවා ඔමා...............

      ඒක අැත්ත... ඒකනේ දුම්රියට ඔය තරම් කතා හැදිලා තියෙන්නේම.... කෝච්චියක් වෙලාවට ඒන්නැති තරම් කියනවානේ..... අනික අපිට හිතෙන හිතෙන තැනින් බහින්නත් බෑනේ.... ඔය දුම්රිය ම භාවිතා වෙන පැති වෙනම තියෙනවා.... බස් වල විතරක් ම යන පැති වෙනම තියෙනවා.... ගොඩක් පැතිවලට කෝච්චි නෑනේ..... දැන් ඔය මනෝෂ් ගන්නකෝ... ඔ්කා කෝච්චියක් දැක්කේ ළගදී..... ඔ්කට කිව්වේ යකඩ යකා කියලා... අැයි මයියංගනේට මොන කෝච්චිද???ඔ්කට කලුතර ඉදලා මයියංගනේ නොයා... කොටුවට ගිහිං.... බදුල්ල කෝච්චියේ නුවරට ගිහිං... අායෙම බදුල්ලට ගිහිං... ඒතැන ඉදලා මයියංගනේට බස් ඒකේ යනවා කියන්නෙම මොන තරම් අාසාවක් අැද්ද කෝච්චියේ යන්න...... නිකං හිතලා බලන්නකෝ............

      Delete
  14. මම නම් කියන්නෙ බස් වල රේඩියෝ දැමීම තහනම් කල යුතුයි. මල වදේ.

    අජිත් ආරියරත්න කියල කෙනෙක් අහල නැද්ද.. ලස්සන සිංදු..

    ReplyDelete
    Replies
    1. හදවතින් සෙනෙහස පුරා
      ඔබ එදා මා වෙත පිදූව සේ
      කඳුලකින් දෙනයන වසා
      ඇයි මෙසේ මා අද තනි කළේ

      දෙනෙතේ හසරැල් සලා
      සිහිනය සේ බොඳ වෙලා
      මගේ පැතුම් ලොව
      පහන් නිවා අද
      ඉගිලී යන්න ගියා

      නොසිතුව සේ මා එදා
      සමුගෙන ගියෙ ඔබ සදා
      පෙර සේ මතු දින
      නැවතත් හමුවෙමු
      හිනැහී අප දෙදෙනා

      ගායනය - අජිත් ආරියරත්න

      Delete
    2. අන්න සින්දු මග පෙන්නුවා... ජයවේවා... මේ සින්දු නම් පට්ටයි...... අැත්තට ම ලස්සනයි අැනෝ....

      Delete
  15. මටත් කියන්න තියෙන්නෙ පට්ට ටොපික් එක.

    බස් එකත් හොඳයි
    පොල් පටවනවා වගේ සෙනග පටවන්නෙ නැතුව, කොටන්නෙ නැතුව,
    කොන්දා රවන්නේ ඔරවන්නෙ නැතුව, බස් අජියලගෙ සින්දුයි දැක්කම වමනෙට එන වීඩියෝ පෙන්නන ටීවී එකයි නැතුව,
    හරියට ඉතුරු සල්ලි දෙන

    එකක් උනානම් :D.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා.......... අන්න මාතෘකාව. ඉතුරු සල්ලි.....

      කවදාවත් මුං ගානට සල්ලි ඉතුරු දෙන්නෑ... අනික මනෝ මං හැමදාම යන පාරේ කවදාවත් බස් දෙකකින් ඒකම ගාන අරන් නැහැ... උන් හැමදාම ගන්නේ වෙන වෙන ගණං... යකෝ මේකද යහපාලනය....???

      Delete
  16. බස් වගේද කෝච්චී.. ඒක නම් සහතික ඇත්ත තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..............

      ඔහේ කෝච්චි මෙහේ වගේද????

      Delete
  17. "උපදින්නට වරම් නොදී
    මව් කුසේදී මා නසන්න
    අප්පච්චිට එදා හිතුණට
    තරහක් නැහැ මගෙ අප්පච්චී
    මා ඉපදුණෙ මගේ කරුමෙට..."
    (තෝ ඉපදුනේ අපේ කරුමෙට :-(

    ගායනය - අජිත් මුතුකුමාරණ

    "මම ගීත ගායනා කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙන්" -අජිත් මුතුකුමාරණ

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව කියන්නේ ශුක්‍රාණුවක්ද මචං????

      Delete
    2. හරිනේ සින්දු.... බස් වල හැමෝම හිරවෙලානේ යන්නේ?????

      Delete
  18. හි..හි.. නියම කවි ටික.

    ReplyDelete
    Replies
    1. තැන්කූ.... තැන්කූ තුශානි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...