Thursday, April 2, 2015

විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් හිටපු ජනාධිපති..........



ජේ අාර් ජයවර්ධන
1977 ජූලි 23 ඉදලා 1978 පෙබරවාරි 04 දක්වා අගමැති
1978 පෙබරවාරි 04 ඉදන් 1989 ජනවාරි 02 දක්වා ජනාධිපති
හරියට බැලුවාම අවුරුදු 12 ක් විතර ම 
රාජ්‍ය නායකයා...................

රණසිංහ ප්‍රේමදාස
1989 ජනවාරි 02 ඉදලා 1993 මැයි 01 දක්වා ජනාධිපති
බෝම්බයක් පුපුරා මැරුණේ නැතිනම් 
බොහෝ විට වේවි අවුරුදු 12 ක් විතර ම 
රාජ්‍ය නායකයා .....................

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19 දක්වා ජනාධිපති
අවුරුද්දක් කලිං ඡන්දයක් තිබ්බත් පැරදුනේ නැති නිසා
හරියට බැලුවා ම අවුරුදු 11 ක් ම
රාජ්‍ය නායිකාව ......................

මහින්ද රාජපක්ෂ
2005 නොවැම්බර් 19 සිට 2015 ජනවාරි 09 දක්වා ජනාධිපති
මැරෙනකල් ම ඉන්න හිතාගෙන හිටියත් 
හරියට බැලුවා ම අවුරුදු 09 යි මාස 01 යි දවස් 21 ක් හිටපු
විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් තනතුර දරාපු
රාජ්‍ය නායකයා .....................


කසුප් අනුරාධ



.

49 comments:

  1. එහෙම නෙමෙයි....ජනාධිපතිවරණයකින් පැරදුනු එකම ජනපති

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි ඒකත් අැත්ත නෙවැ............... යකඩෝ අවුරුදු 9 ක් හිටියේ කිව්වා ම පව් කියලා හිතෙනවා නේද?????/

      Delete
    2. විජේතුංග උන්නැහේ ට තිබ්බේ වැඩබලන ජනාධිපතිකමක් නේ. එයා තේරීපත්වූ කෙනෙක් නොවෙයිනේ. මහින්ද තමයි කෙටිම කලක් ඉදල තියෙන ජනාධිපති.

      Delete
    3. ඒකත් හරි........... තවත් නව සොයා ගැනීමක් අැනියෝ

      Delete
    4. ඩීබී විජේතුංග 1993-05-07 පාර්ලිමේන්තු බහුතර කැමත්තෙන් ජනාධිපති උනා 05-01 ඉඳන් 05-07 වෙනකම් තමයි වැඩ බලන ජනාධිපති උනේ

      Delete
  2. Replies
    1. අායෙත් කියලා.................... සුමනදාසගේ වික්‍රමය

      Delete
  3. ඉල්ලං කෑවෙ... සුමනදාසයව මරන්න තරම් කේන්ති ඇති..

    ReplyDelete
    Replies
    1. මේ පාර වැඩේට ඒන්නේ කාගෙන් කට්ටඩිකම් කොරගෙන ද දන්නෑ

      Delete
  4. ඇදගෙන නෑවට අපි මක්කොරන්නද...!!!!!

    ReplyDelete
    Replies
    1. තාම නාලා ඉවර නෑලු...............

      Delete
  5. දෙවියන් වහන්සේ දෙකක් අඩු කොට පුකට පයින් ගසා ගෙදර යවන ලදි..

    වැඩි තන්හාව විනාසෙට මුලයිද මක්කද කතාවක් තියෙනවනේ..

    රන් බිජු දාන කිකිලිගෙ කතාවයි.. අර ගෝනිය ඉරෙනකන් රන් කාසි පුරවගත්ත හිඟන්නගෙ කතාවයි දෙකම මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා................

      වැඩියෙන් ඉන්න දගලන හින්දා ම තමයි අඩුම කාලයක් ලැබුනේ... චන්ද්‍රිකා වුණත් ඒකක් නැති කරගත්තේ ඒකයි.......

      Delete
  6. තණ්හාය ජායතී සෝකෝ මහියෝ ..

    එක නෙවෙයි කෝමේ කාඩ්බෝඩ් චන්ඩි දෙන්නා ...අසංකයයි තුෂාරයයි. එන්න කියපං ඉන්න තැනකින් එළියට

    ReplyDelete
    Replies
    1. අා.................. ඉවාන්

      අැයි දෙන්නා මොකුත් ගේමක්වත් අැද්දා ද ???? ඔය සද්දේ දැම්මාට අහිසකයෝ දෙන්නා... කට පොඩ්ඩක් වැඩියි ඒච්චරයි....

      Delete
  7. ඔය ජනාධිපතිවරු අතරින් ජේ ආර් අවසාන කාලයෙ දැඩිලෙස ජන අප්‍රසාදයට පත්වෙලා හිටියෙ. ඔහු බලය දිගුකරගත්තෙ කුප්‍රකට කලගෙඩි ලාම්පු සෙල්ලමෙන්. ප්‍රේමදාසට පළමුවෙනි ධූරකාලය ගෙනයන එකත් අසීරු වුනා. ඔහුගෙ පක්ෂයෙන්ම දෝෂාභියෝගයක් ආවා. ප්‍රේමදාස 60,000 ක් මරල පාතාල ලෝකයක් පවත්වගෙන ගිහිනුත් ඔහුට බලය රැකගන්න බැරිවුනා. ඔහුත් යුද්දෙ අනාගත්ත.
    චන්ද්‍රිකා ටවුන් හෝල් බෝම්බෙ අනුකම්පාවෙන් චන්දෙ දිනල අවුරුදු 12 ක් හිටියා.

    මහින්ද යුද්දෙ දිනල ආර්ථික සංවර්ධනයක් කළත් ඔහුට එරෙහිව ආ බලවේග කළමනාකරනය කරගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. බලවේග කිව්වේ විදේශ වලින් ආපු කුමන්ත්‍රණද? නැත්නම් සිංහල ජාතිය වඳ කරන්න මුස්ලිම් උන් නෝ ලිමිට් එක වටේ බෙදපු ටොපිද? එහෙමත් නැත්තන් .. මංද බන්

      Delete
    2. හිටපු ජනාධිපතිලා සේරමලා කොච්චර ජන අප්‍රසාදයට පත්වුනා කීවත් ඒ කවුරුවත් ජන්දයකින් පැරදිලා නෑ වගේම තුන්වැනි සැරයකට ඉල්ලන්න තරම් මොඩ වුනෙත් නෑ.

      Delete
    3. අරවින්ද @ මමත් මහින්දට කැමති නෑ කාරනා කීපයක් නිසා. ඒත් හිටපු ජනාධිපතිවරු එක්ක බලද්දි උන්ට වඩා නම් මහින්ද ඉදිරියෙන්. මහින්ද ඔහු ගැන අධිතක්සේරුවක හිටියා.
      බලවේග කියන්නෙ ඉන්දියාව හා ඇමරිකාව.දෙමල ඩයස්පෝරාව.
      නෝලිමිට් කතා පිටිපස්සෙත් හිටියෙ ඒ අය තමයි . ආණ්ඩුව / සිංහල ජනතාව සහ මුස්ලිම්වරු බේද හින්න කල ශ්‍රමන වේශධාරීන් හා ඊනියා සිංහල ජාතිවාදීන් පිටුපසත් හිටියෙ නෝර්වේ වැනි බටහිර බලවේග. ඔවුන්ගෙ රූකඩ නොවන කිසිම රජයකට පවතින්න ඉඩ දෙන්නෙ නෑ. සිරියාවෙ ලිබියාවෙ ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රනය කළේ දශක ගනනකට පෙර.

      ප්‍රේමදාසත් බටහිර පදයට නැමුනෙ නැතිනිසා ඔහුටත් බටහිර ප්‍රසාදය ලබුනෙ නෑ. දෝෂාභියෝග එහෙම ආවෙ ඒකයි. මහින්දටනම් ආයෙ ඔළුව උස්සන්න ඒ අය දෙන්නෙම නෑ.
      ෆේස්බුක් කොල්ලන්ගෙ හෝ චන්ද්‍රිකාගෙ හපන්කම් නෙමේ.

      මහින්ද කළ ලොකුම මෝඩකම බටහිරට කීකරු නොවී චීනයට නැඹුරු වීම. එක අතකට මෙහෙම වුන එක හොදා. ලිබියාවෙ හෝ සිරියාවෙ වගෙ සිවිල් යුද්ධයක් ඇති නොවී.

      ඉන්දියන් විඕධී ජේ ආර් රජය පෙරලන්න උතුරෙ නද්ධ ව්‍යාපාරයක් ඉන්දියාව දෙමළ සංවිධාන ගොඩ නගුව. මේ පාර එහෙම දෙයක් කරන්න ඕන වුනෙත් නෑ. කොහොමත් සුමුදු බල පෙරලියක්. අපට කරන්න තියෙන්නෙ සුළු දෙයක්.ඉන්දියාව හා ඇමරිකාව අපිව වයින් කළාට පසු හොරා හොරා හොරා කියන්න විතරයි.

      Delete
    4. ම.ම............. අරවින්ද..........

      මධ්‍යස්ථ කියනවා වාගේ බොහොමයක් ජනාධිපතිවරු අන්තිම කාලයේ බහුතර ජනතා අප්‍රසාදයට පත්වුණා... මහින්දට ඊට සාපේක්ෂ ව වැඩි පුර ඡන්ද තිබුණාට... ඔහු විසින් යුද්ධය අවසක් කිරීම නිසා ලබන්නට නියමිත වූ ජනප්‍රසාදයත් ඒක්ක බලද්දි මේ පරාජය දරුණු තත්වයක්.... ඒ කියන්නේ හැමෝට ම තත්වය සමානයි.......

      මෙහෙමනේ .... ජනාධිපති වරයෙකු වුණත් සීමිත කාලයක් හිටියාම අැති.. නැතිනම් තවත් කෙනෙකුට අවස්ථාවක් නැහැනේ.. ඒ නිසා අවුරුදු 10 ක් හොදට ම අැති.. ඔහුට හෝ අැයට තමන්ගේ දැක්ම අනුව වැඩ කරලා අවුරුදු 10කින් කරන්න පුළුවන් දේ කරාම අැති... ඊළගට තවත් කෙනෙකුට අවස්ථාවක් ලැබිය යුතුයි.... ඒක අස්ථාවර රාජ්‍යයක් නෙමෙයි.. නව්‍ය අදහස් වලට ඉඩ ලැබෙන අලුත් වෙන රාජ්‍යයක් විතරයි

      Delete
  8. චැහ් .. වාර්ථාවකුත් තියලත් ඉන්න හැටි .. ( පින්තූරේ .. මං කිව්වේ )

    ලද හැටියට නොවෑ පුද ..

    ReplyDelete
    Replies
    1. සදරුවෝ................

      තවත් වාර්ථා කිහිපයක් ම උඩින් කට්ටිය පෙන්නලා තියෙනවා

      Delete
    2. 2015 ජනාධිපතිවරණ වාර්තා
      දෙවරක් ජනාධිපති උන කෙනෙක් 3 වෙනි වතාවට ඡන්දෙ ඉල්ලීම
      ප්‍රථම වරට බලයේ සිටින ජනාධිපති ඡන්දෙන් පැරදීම
      ප්‍රථම වරට මැතිවරණ අවස්තාවේ බලයේ සිටින ජනාධිපති හෝ අගමැති හැර වෙනත් අපේක්ශකයෙක් ජනාධිපතිවරණය ජයග්‍රහනය
      ප්‍රථම වරට බලයේ සිටින අගමැති හැර වෙනත් කෙනෙක් නව ජනාධිපති ලෙස පත් වීම

      Delete
  9. අපේ ඉස්කෝලේ තිබ්බ ක්‍රීඩා උත්සවේ තිබ්බා ආරාධිත අමුත්තන්ගෙ ඇවිදීමේ තරඟයක්. ඔන්න ඉතින් මේකට ඉස්කෝලෙන් බිහි වෙච්චි දක්ෂම වැඩ්ඩෝ, ඕල්ඩ් බෝයිස් පඬියෝ, ඉස්කෝලේ සීනියර් සර් ලා ඔක්කෝම සහභාගි වුනා. (දැන් තේරෙනව ඇතිනේ දුවන එකක් වෙනුවට ඇවිදින එකක් තිබ්බෙ ඇයි කියල හි..හි) මේ අතර හිටියා අපේ ඉස්කෝලෙන් බිහිවුන ප්‍රභූම ඩයල් එක. ඉස්කෝලේ හැම වැඩකටම ලෝභ නැතුව සල්ලි වියදම් කරන්නේ මෑන්. ඉස්කෝලේ වැඩිම ප්ලේස් එක තියෙන්නේත් මෑන්ට.
    ඔන්න කෝමෙයි කෝමෙයි කියලා තරඟය පටන් ගත්තා කියමුකො. දැන් කට්ටිය හිටු කියලා ඇවිදිනවා. ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙනම යනවා. දැන් අර ප්‍රභූ මෑන් ඉන්නේ. ඌට දැන් ශුවර් නෑ ඌට දිනන්න පුළුවන් වෙයිද කියලා. ඌයි තව දෙන්නෙකුයි විතර ළඟ ළඟ යන්නේ. අතිශය තියුනු තරඟයක්. නාකි ආතල් දැකලා අපිට ඊට වඩා ආතල්. ඕං දැන් කට්ටිය දිනුම් කනුවට ලං වෙනවා. ප්‍රභූ මෑන්ගේ වේගය එන්න එන්නම වැඩි වෙනවා. එන්න එන්නම තවත් වැඩි වෙනවා. දැන් මූට බයයි. බය නිසා වේගය වැඩි වෙනවා. වේගය වැඩි නිසා තවත් බය වැඩි වෙනවා. මෙන්න යකෝ ඊළඟට මූ දුවන්න ගන්නවා. අනිත් ඔක්කෝම ඇවිදිනවා. මූ දුවනවා. අඩි හතර පහයි දුවන්න හම්බුනේ.. දඩ බඩෝං ගාල ඇදගෙන වැටුනේ නැතෑ ප්‍රභූ මෑන්ව. කං අඩි පැළෙන්න හූ කෝටියයි. (මං හොඳ ළමයෙක් නිසා හූ කිව්වේ නෑලු).
    මේ පෝස්ට් එක දැක්කම මට ඒ සිද්ධිය මතක් වුනේ ඇයි දන්නෙ නෑ. සමහර විට මෙතනට ඒක ගැළපෙන්නෙත් නැතුව ඇති. අනේ ඒත් අර ප්‍රභූ ඩයල් එක තමාගේ දිනුම ශුවර් කරගන්න තරඟයේ නීති වලට පිටින් ගිහින් හදිසියේ අනිත් අයට කලින්ම දිනුම් කනුව පහු කරන්න ගිහින් වුනේ අනිත් උන්ටත් කලින් ඉස්කෝලේ ඉස්සරහම බිමට වැටිලා දූවිලි කාලා හූ නාලා චාටර් වෙන්න. අනේ මංදා මට මතක් වුනේ ඒ කතාව

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ බහුතරය ඔහොම තමා අරවින්ද....... ඉල්ලන් කන්නේ... යකෝ අැවිදින්න යන්නැතුව වාඩි වෙලා ඉදලා පොරවගේ යන්න තිබුණානේ.... ඒහෙනම් ඉවරනේ.... මුංට පිස්සු අරවින්ද....... කතාවනම් සුපිරියි...

      Delete
  10. තණ්හාය ජායතී සෝකෝ සුමනෝ.....
    වෙන ඉතිං මක්කානං කියල කියන්නද බාං...

    ReplyDelete
    Replies
    1. සුමනෝ නිමලෝ කමලෝ
      මද්දෝ උඔගේ අලුත් පෝස්ට් එක කියවන්න බේලග් එකට යන්න බෑ

      Delete
    2. මාධවී..................

      අර කී පාරද කියන ඒක තමයි බලන්නට හැකි... අලුත් ම හරුපය කියවන්නට නාෙහැකිය.............

      Delete
    3. කොහෝ කොහෝ වැරදිලා පබිලිස් උනා මචංස්ලා. මට ඔය ළඟම තියෙන බටන් එක තමා එබෙන්නෙ නිතරම. සමාවෙයන්ස්ලා. සඳුදට දෙන්නම් වෙනඑකක්. අරක අවුරුදු කටේ තියන්නම්.

      Delete
  11. අගේට ඉන්න තිබුන එක ඉතින් ඉල්ලගෙනනේ කෑවේ..

    ReplyDelete
    Replies
    1. තාම හරියට ම ඉල්ලන් කාලා ඉවර නැහැ.. අායෙම කයිවගේ

      Delete
  12. ෆීල්ඩ් මාෂල් එස් එෆ් යුද්දෙට නායකත්වය නුදුන්නානම් හරි ඔහු බෝම්බයෙන් මියගියානම් හරි මහින්ද යන්නෙ 2010 දි

    ReplyDelete
    Replies
    1. ඒහෙම ඒකකුත් තියෙනවා තමයි......

      Delete
  13. උඔත් ඉදලා හිටලා දෙබරේකට ගලක් ගහනවා
    පද බැදිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දෙබර බ්‍රා..................

      Delete
  14. පතාගෙන ආව හැටි වෙන්ඩ ඇති.....

    ReplyDelete
    Replies
    1. පතාගෙන ඇවිත් තියෙන්නේ ඔතාගෙන යන්න හිතාගෙන

      Delete
    2. තවත් පතනවා.... තව පතනවා.... තාම ඔතාගෙන ඉවර නැහැ...........

      Delete
  15. රටේ වාසනාව.

    ReplyDelete
  16. හරිම වටිනා මැතිවරණ විග්‍රහයක් වටරවුමේ යන හැටි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ගුණසිංහ මහත්තයා....... මේක තමා හැමෝට ම වෙන්නේ..

      Delete
  17. බැලුවම ඒක ඇත්තනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා.............. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා හරිය

      Delete
  18. කල්ප ගනන් ඉන්න ගියාම ඔහොම වෙනව මචෝ. ඕකට තමයි කියන්නෙ බාගෙන කන්න තියෙන වල ඉහගෙන කනව කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩි පෙරේතකම හොදක් නොවැ

      Delete
  19. වැඩි කාලයක් ඉන්න ගියපු නිසා තමයි නේද එහෙම වුණේ? ඕනේම දෙයක් ඕනේවට වඩා ඕනෙම නෑ කියනවනේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි සිතූ...... මටත් ඔ්ක කොටන්නම හිතුණා..... ඒක තමයි හරිම නිර්වචනය....

      ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා... ඔබ අඩවියක් ලියනවාද???? මොකක්ද ඒ????

      Delete
    2. හරි හරි........ හොයාගත්තා..... දත් ඒකනම් අදයි දැනගත්තේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...