කාලයේ වැලි තල අතර
කඳුළු නෙත් පොකුණ තුළ
ගිලී ගිය ඔබේ රුව........................
ගෙවුණු හැම සිහිනතර
නුරා විත හෙළූ නෙත
සිත් අහස එකලු කර
මැකී ගිය සොඳුරු රුව..........................
තව තවත් සොයන්නේ
මතක මල් සුවඳ මැද
පරව ගිය පෙම් කුසුම .......................
සිත් හැඟුම් නිදි වරන
අඳුරු සැමරුම් කුටිය
මළානික සඳ එළිය
එළි කරන නිශාන්තයක
රිදුම් දී ඔච්චමට
යළි යළිත් ඉඟිකරන.........................
ඉසුරිකා චූලරත්න
.
ලස්සනයි ඉසුරිකා.
ReplyDeleteපරව ගිය පෙම් කුසුම් වලින් රිදුම් විතරයි ඉතුරු වෙන්නෙ.
බොහොම ස්තූතියි ප්රියා....
Deleteඒ වේදනාව කොයිතරම් ද කියලා බොහොමයක් දෙනා දන්නවා මං හිතන්නේ.... ඒක තමයි ඔය කවියක් වෙලා ලියැවුණේ................
පරව ගිය පෙම් කුසුම
ReplyDeleteනුඹ තබා ගිය සුවඳ
විඳිනවා මම තවම
තනිවෙනා මොහොතකම
හිත කීරි ගැසුවාට
නෙත කඳුළු හැලුවාට
නුඹ මගේ පෙම් කුසුම
අකාලයේ පරව ගිය
නිදි නැතිව නුඹ හොයන
රාත්රීන් මම ගෙවන
නුඹ ගෙනා පෙම් සිහින
නිදි ගෙනෙයි මට තවම
සිහිනයකි තවම මට
නුඹ පරව ගිය වග
ඒ සිහිනයෙන් මිදෙන්නට
හිතක් නෑ මට තවම
ම්දුනු විට සිහිනයෙන්
නුඹ නෑනේ මගේ ලගින්
පෙම් කරමි සිහිනයෙන්
නුඹ මගේ ලගට අරන්
ලස්සන නිර්මාණයක්. ජය වේවා.
ස්තූතියි සොමියා අගය කිරීමට....
Deleteඒ වගේ ම ඔබේ නිර්මාණයත් හරිම අගෙයි... දාමුකෝ ඒක බ්ලොගයේ............ අනික් අයටත් කියවන්නත් එක්ක..................
මැකීගියාම කොහොමත් ,යන්තමට බලලා ඔච්චමට ඉඟි කරනවා කියන එක හැමෝටම හිතෙනවා
ReplyDeleteඇත්ත ඉවාන්...
Deleteකොයිතරම් ඉවත් කරගන්න හිතුවත් හිත වෙනස් කරගන්න හරිම අමාරුයි... ආයෙම දකින දකින පාරක් ගානේ හිතෙන්නේ ඔච්චමට ඉගි කරනවා කියලයි.. ඒ වගේ ම //රිදුම් දී හදවතට//...........
පරවුන පෙම් කුසුම් වල අතීත මතක සුවදට අවදි වෙන්නේ නැති හිත් ඇත්තෙම නැතුව ඇති මම හිතන්නේ.. ලස්සන කවි පෙලක්..
ReplyDeleteස්තූතියි දිනේෂ්...............
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි අපූර්වි..............
Deleteසිතට දැනෙන රස සිතිවිල්ලක්......
ReplyDeleteස්තූතියි කෙන්ජි....................
DeleteThis is a hearty poem about love. I think the real love is always away from us. Everyone is suffering the love. Nobody can touch the love they want but only can do is dreaming. Wish you all the success Isurika.....
ReplyDeleteFrom.....
White Man ( I can read Sinhala also...ha ha ha )
white man,
Deletefirst of all thank you very much for visit our blog and write your feelings. that's true. I think it is the nature of love. all of us see the love, feel the love, touch it and get hurt......... it is human nature.....
so thank you very much for your ideas.........
welcome...............
සුන්දර සිතුවිල්ලක් ...
ReplyDeleteපෙම් කෙරුවත් මහමෙරක් තරම් උසට
මතක සුවඳ විතරයි අද මගේ තනියට
ස්තූතියි සඳරු,
Deleteකවි පදයත් අගෙයි.....
පෙම් කුසුම් නම් පරව ගියත් සුවඳ දෙනවා.
ReplyDeleteඑත් වෙනසකට තියෙන්නේ එදා දුන්නේ මිහිරි සුවඳක්,පරව ගිය පසු දෙන්නේ අමිහිරි සුවඳක්.
විරහවම රැගෙන අප
ReplyDeleteඋපන් හෙයිනුයි මෙලොව
විරහගී මේ තරම්
රසය ගෙන එන්නේ !
ලස්සන පද වැලක්..
ReplyDelete"බොඳව ගිය අතීතයක, නොමැකී ගිය සෙනෙහෙ සිතුවම්, පාරවයි හද මඬල, යළි යළිත් හඬවමින්.."
ReplyDeleteඒත් මේ කටුක මතකය කවදාහරි විඳින්න තරම් සොඳුරු මතකයක් වෙනවාමයි