Thursday, February 20, 2014

ඈවරයි........දෑවරයි...............




දිළෙන රන් තරු පැහැය තවරා
හමන මද නල සිසිල දනවා
සඳේ නොමියන කුළුම් පුරවා
එකළු කළ මගෙ දිවිය සනසා............

කල්ප ගණනක් පෙරුම් පුරලා
සොඳුරු සරසවි බිමෙහි දිව්රා
බැඳුනු දෑඟිලි සිතේ රඳවා
ඔබ ගිහින් දුර ඈත හඬවා..............

පරස්පර වූ හීන දැකලා
අපගේ සිත් අප රවටවාලා
හෙළූ කඳුලැළි බිම වැටීලා
සොඳුරු සරසවි බිම තෙමීලා............

එක්ව යන්නට හදෙන් දිව්රා
ලංසු තැබුමුත් පෙමට සැමදා
ඈවරයි දෑවරයි ඔබ මගෙන් උදුරා
ගත්ත ඇය අද ඔහුගෙ වීලා..............

සිනා නොම වෙමි ඔබට කිසිදා
ඔබට බැඳි පෙම ඔහුට පුදලා
හදේ ලූ හිස්තැනම පුරවා
ඔහුගේ සිහිනය මගෙම වීලා..............

නේක රසඳුන් ගතෙහි තවරා
ඔහුගේ පෙම් ලොව රැජින වීලා
හිඳින්නෙමි මම හදෙන් දිව්රා
සිතටවත් ඔබ නොඑන් කියලා............


කාංචනා චන්ද්‍රෙස්කර



11 comments:

  1. අන්න එහෙම තමයි වෙන්න ඕනේ අප්පා,,මේක විරහවෙන් පස්සේ වෙන්න ඕනේ දේට හොද උත්තරයක් ,, නිකන් හොටු පෙරාගෙන අඩනවට වඩා , හි හි නියමයි

    ReplyDelete
    Replies
    1. විරහව රසයි කියලා ඒක මත්තෙ අඬ අඬා ඉන්නවට වඩා තියන ජීවිතේ විඳින එක හොඳයිනෙ..........

      ස්තුතියි අපූ ඔබටත්........

      Delete
  2. එහෙම කරන එක තමා හොදම විසදුම....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කෙන්ජි..........හැමදාම අඬන්න හොඳ නැහැ........

      ස්තුතියි ඔබට....

      Delete
  3. හරිම අපුරුයි.ඔහුට කොයි තරම් පසුතැවිල්ලක් දැනෙන්න ඇතිද.?ඇයත් නැහැ මැයත් අහිමි වෙලා.මගේ අත්දැකීමක් ඔබ කොහොම අකුරු කෙරුවාද මන්දා..:D

    ReplyDelete
    Replies
    1. මනෝජ් ඔබ මේ අත්දැකීම විඳලා තියන හැඩයි....ඔබ වගේම ඔහුත් නිසැකවම පසුතැවෙන්න ඇති..ස්තුතියි මගෙ නිර්මාණය රස වින්දාට.........

      Delete
  4. //නේක රසඳුන් ගතෙහි තවරා
    ඔහුගේ පෙම් ලොව රැජින වීලා
    හිඳින්නෙමි මම හදෙන් දිව්රා
    සිතටවත් ඔබ නොඑන් කියලා............///

    ටිකක් අමාරුයි නේද??

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න..ඔබගෙ කමෙන්ටුවට අදාල REPLY එක නිවැරදි තැන ස්ථානගත නොවුනාට..

      Delete
  5. මටත් තියෙනව ඔහොම අත්දැකිමක්.ඔපසිට් සයිඩ් එකෙන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබට මේ නිර්මාණය හොඳින් විඳින්න පුළුවන් වෙයි...

      ස්තුතියි දමිත් රස විඳලා කමෙන්ටුවක් දැම්මාට...

      Delete
  6. ඒක එහෙම තමයි විදානෙ.එහෙම නැහැ කීවොත් ඒක බොරුවක්නෙ.මේ මගේ සරසවි යෙහෙළියකගෙ සත්‍ය අත්දැකීමක්.ඇය පසුගිය සතියෙ විවාහ වුණා.එදා ඇය ලස්සන මනාලියක්.ගොඩක් සතුටින් හිනාවෙලා හිටියා.ඒත් ඒ හිත කියවන්න මට බැහැනෙ.සමහර විටක ඇය හිතින් හඬන්නට ඇති ඔබ කියනවා වගෙ.අමතක කරන්න උත්සාහ ගන්න බොහෝ දේවල් නිරායාසයෙන් මතක් වෙන එක මිනුෂ්‍ය ස්වභාවයනෙ.....

    ස්තුතියි ඔබට...........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...