Friday, February 7, 2014

අපායක දී....................................



වරම් ලැබු‍වෙමි දින ‍දෙකක්
 සැරිසරන්නට මහා අපා‍යේ
ඉතින් ඇරි‍යෙමි අගුළු ‍දොර දුන් 
යතුර අර‍ගෙන අපා‍යේ
මග උප‍දෙසට ‍නොමිල‍යේ
යක්ෂ‍යෙක් ලැබුණා අපා‍යේ
ඇරඹුවා සැරිසැරිමි මා ‍පෙර
තබා වමි පය අපා‍යේ..................

කටු ඉඹුල ‍ලෝ නැළිය දුටු‍වෙමි
ඇසූ කතා වල ‍පෙර කළ
උල තබන තැන ‍ගෙල සිඳින තැන
‍තෙල් නැළිය ඇත මුළු වල
කතා වල නැති දැක පුරුදු ඇති
නමක් දැක්‍කෙමි මුලට ,ල,
ලංකාව බව දුටු විටදි ම‍ගෙ
‍‍හෙළුව ‍පෙ‍නෙනා ‍ලෙස යස..........

‍කෙ‍සේ ‍‍‍හෝ ‍දොර ඇරන් ඇතුළට
ගිය විටදි මම දුටු තැන
‍වේදිකා‍වේ දැක පුරුදු අය
වට ‍මේස‍යේ ‍බොයි මදු පැන
සර්! ඔබලට නැද්ද දඬුවම්
ලංව ඇසු‍වෙමි ම‍ගෙ පැන
මල්ලි! යමයා ගියා ‍දෙව් ‍ලොව
අපි දීපු ‍කොමිෂන් ‍ගෙන..............


‍මෙත්මල් සුබසිංහ





8 comments:

  1. ස්තුතියි දුලා.........

    ReplyDelete
  2. අපිට අපේම රට ගැන මෙහෙම කතා කරන්න වෙන එක කණගා‍ටුවට කරුණක්. ඒත් ඇත්ත තත්වෙ ඕකනේ... හොඳ නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. අ‍පේ රට නම් ‍බො‍හොම ‍හොඳ රටක්.ර‍ටේ ‍නෙ‍වෙයි වරද.රට කරන අය සහ රට යන පැත්තයි වැරදි.ස්තුතියි කවී ‍මේ පැත්තට ආවාට........

      Delete
  3. හරිම ශෝක් මෙත්මල්....ඔහොම තමයි වෙන්නේ.....දිගටම ලියන්න!!

    ReplyDelete
  4. ස්තුතියි අරූ.........අපිව දිරිමත් කරනවාට

    ReplyDelete
  5. කොමිෂන් නැත්තන් කොහෙන්ද ඕකුන්ට ඔච්චර සල්ලි..

    ReplyDelete
  6. ම්.... ඒකත් කොමිස් පිටද?

    ReplyDelete



Related Posts Plugin for WordPress, Blogger...