Thursday, December 26, 2013

අධිකරණ අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණය


"සමථකරණ නිලධාරී"
පුරප්පාඩු 50
පන්ති සාමාර්ථ සහිත උපාධියට ලකුණු 25
පශ්චාත් උපාධියට 30
ඩිප්ලෝමා වලට 25
පරිඝණක සාක්ෂරතාවයට 15
පෞරුෂයට 05

දුටුවෙමි මෙලෙස
කාර්යාල දැන්වීම් පුවරුවේ දිස්වනු ...................

දින 01 ක රාජකාරි නිවාඩු
පැය 12 ක් බස්රියේ
අයදුම්කරුවන් 250 ක් දිවයින පුරාවෙන්
ගි‍යෙමි මම දැයේ යුක්තිය පසිදලන නීතිරීතිවල තෝතැන්නට.............

ලදිමි ලකුණු 100%
පිනාගියා සිත
වියතුන් සභා මැද
ලදිමි දිනුම මම .........................

දින සති මාස ගත විය
සමථකරණ නිලධාරිණියක පැමිණ ඇත කාර්යාලයට
සොයා බැලූවෙමි මම .....................

ඇය බාහිර උපාධිලු
පන්ති සාමාර්ථ ගැන අහලවත් නැහැලු
පශ්චාත් උපාධි තියා ඩිප්ලෝමාවක් ගෑවිලාවත් නැහැලු
වෙනඑකක් තියා 
සම්මුඛ පරීක්ෂණයට ගියෙත් නැහැලු
ඒ මොනවා නැති වුණත් 
මහඇමතිතුමාගේ ඥාති දුවක්ලූ .....................

ඊට එහා සොයන්නට නොගියෙමි මම
මන්ද, මට වඩා සුදුසු වන බැවිනි
ඇය රාජ්‍ය සේවයට ......................

කාංචනා චන්ද්‍රසේකර

.

10 comments:

  1. සුපිරි නිර්මාණයක් කදිම අදහසක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්,

      අදහසක් ම නෙමෙයි අත්දැකීමක් කිව්වම තමයි හොදටම ගැලපෙන්නේ.

      Delete
  2. මට මේක කිහිප වතාවක් මෙහෙම ම වෙලා තියෙනවා.. එක වතාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සුබ පතලත් තියෙනවා.. හරි ම කනගාටුයි..

    ReplyDelete
    Replies
    1. කදු,

      අපි ප්‍රසිද්ධියේ කතා නොකලාට ඔබට වුණ දේවල් ටිකක් අපි දන්නවා. අපේ සගයන්ටත් ඒ දේවල් ම වුණානේ. මේකනම් මගේ සත්‍යම අත්දැකීමක්. අවස්ථා තුනක දී මං මේ විදිහේ දේවල් අත්දැක්කා මාස දෙක තුනක් ඇතුළේ. මේක තමයි රටේ තත්වය. ඉතින් මගේ හැකියාවන් කොච්චර තිබුණත් මට ගැලපෙන රැකියාව නොලැබුණාම මගෙන් රටට ලැබෙන දේ ගැන මට සතුටු වෙන්න බෑ. කරන දේ හරියට කරන්න උත්සහ කරනවා තමයි. හැබැයි මගෙන් වෙන්න ඕනේ දේ මීට වඩා වෙනස් කියලා මටම තේරෙනවා. ඒ විතරක් නෙමෙයි මං උපාධි අරන් රිසර්ච් කරකර පොත් ලියලිය මගේ විෂය කියලා තියාගෙන ඉන්න දේ ඒක ගැන තඹසතේක දැනුමක් නැති කෙනෙක් විකෘති කරනවා දැක්කාම දැනෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි දුකක්.

      Delete
  3. කටුක යථාර්තය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝජ්,

      කටුකයි කියන්නේ හොදට ම කටුකයි. ඒත් ඔබ කියනවා වගේ ම ඒක මේ පොළොවේ පැල වෙලා තියෙනා යථාර්තය. ඒත් ඒක මවාපාන යථාර්තය වුනත් රටට මේ වෙලාවේ ඕන කරන සත්‍යය නෙමෙයි. අපි සටන් කළ යුත්තේ සත්‍යවෙනුවෙන් කියලයි මං හිතන්නේ.

      Delete
  4. දුකයි බන් වෙන මොනව කියන්නද

    ReplyDelete
    Replies
    1. දුක බෙදා ගත්තට පිං

      Delete
  5. ඔව්ව ඔහොම තමා යාලුවා කොලිෆිකේශන් හදා ගන්ඩ කලින් මොකෙක්ට හරි **පාලුවෙක්ට ගොට්ටක් අල්ලන්ඩ පුරුදු වෙන්ඩ.එතකොට ඔය කොලිෆිකේශන් මොකවත් ඕනේ නෑ :) උඩින්ම ගනී. මටත් දේවතාවක් ඔහොම වෙලා තියේ..'දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් නදී,

      අපි හැමෝගෙම අත්දැකීම් එක සමානයි. මේක අපිට විතරක් නෙමෙයි රටේ හැමෝටම වෙන දේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...