Sunday, November 3, 2013

දෙන්න මට උපදෙසක්....................



ගතිමි අතට පොතක්
කියැවූවෙමි පිටු දෙකක්
මැවෙයි ඔබම රුවක්
ඇයිද මට වදයක් ..................

එපා මට පොතක්
නිදියමි සුව නින්දක්
පියාගමි ‍මයෙ දෙනෙත්
මැවෙයි ඔබේ රුවක් .........................

එපා මට නින්දක්
බලමි හොද සිත්තමක්
අහෝ ‍නොදැනිම හදත්
ඇදෙයි ඔබ වෙත සිතත් ....................

ඔෆීසියේ වැඩ ‍ගොඩක්
ඇත්තේය නැත නිමක්
එහෙත් නළියයි හදත්
අහෝ දෙවියනි අසම්මතයක් ..................

මැවෙන රුව වදයක්
ලෙසින් සිතුව ද මමත්
මගබලා ඉමි අදත්
එන්න සබදිනි ඔබ හෙටත් ......................

කාංචනා චන්ද්‍රසේකර

.

2 comments:

  1. එපා නොවෙනා, කොපමණ දුක් වින්ඳත්
    විටෙකදි, ආදරය සොඳුරු වදයක්

    ආදරය හා විරහව ගැන වැඩිපුර ලියන හැඩයි ....

    ReplyDelete
    Replies
    1. ඔව් කවි,

      පහුගිය ටිකේ ම මං ලිව්වේ මේ මාතෘකාවෙන් තමයි. ටිකක් ලියන්න හිතුවත් ඉවරයක් නැතුව ලියන්න හිතෙනවා...........

      කාංචනා චන්ද්‍රසේකර

      Delete

Related Posts Plugin for WordPress, Blogger...