Wednesday, January 18, 2017


නිල් කටරොලු දෑස් අගින්..............සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
 ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න


රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය.  ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා  කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි.  ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්.  ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර  ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.

 



සටහන 
හසිත හර්ෂණ වීරසිංහ

Saturday, December 3, 2016

ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං
හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං
කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං
නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං
දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනං
දීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.


මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානං
මහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනං
ඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානං
දීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.


කසුප් අනුරාධ



.

Thursday, December 1, 2016

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම)



මාධ්‍යය මර්ධනය හැමදාම තියෙනවා
පෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවා
දැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවා
ප්‍රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවා

හිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළා
දහවලට නටන උන් රෑට ගිනිබත් කළා
මොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලා
චැනල් එක තිබුණ තැන හොයන්නත් බැරිකළා

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට
චරිත ඝාතන වේලු හොද නෑලු කරන්නට
උන්ට නිදහස තියේ ඕන හැටි ගසන්නට
ලිව්වොතින් වැරදි අපි වෙයි හිරේ ලගින්නට

සිරසටත් ගැහුවාලු දෙරණ කජ්ජක්වේද ?
ලසන්නත් මැරුවාලු චතුරලා පොරවල්ද ?
කාල්ටන් වැහුවාම ඊ නිවුස් දගලයිද ?
ටීවි රේඩියෝ ළග බ්ලොග් බච්චො කවුරුන්ද ?



කසුප් අනුරාධ



.

Monday, November 28, 2016

නීති හදන මුදල් ඇමති මමයි බොල.......................



අවුරුද්දට වරයි ඉස්සර මට තිබුණ බල 
දැන් හැමදාම මං පෙන්නයි නිවුස් වල
ගෙම්බගේ ඉකෝන් දැන් ගලනවා කාණු වල
නීති හදන මුදල් ඇමති මමයි බොල

සමන් ගැමුණු පර්වතෙ රී බළලු වැනී
වියන්ගොඩලා ඇන්නෑවේ යයි නොපෙනී
මහැදුරු සරත් තාලය මිස වැඩ නොදනී
එකක් ෂුවර් කටු කන බල්ලන් නොපනී

දෙදහස් පන්සීය කීවාම දීපු වදං
බස් ඩ්‍රයිවර්ලා දන්නෑ නීතියේ තරං
උන් අන්දලා විසිපන්දහ රෝල් කරං
උන්ගෙම -කේ ගහලයි මං යැව්වේ හිටං

මෙහෙම බලය ලැබෙන්නේ නෑ හැමදාම 
විපක්ෂයක් කඩේ යයිද මුං වගෙම
මෙහෙම සුකුමාල ලොක්කෙක් ආපුවම
දඩ, බදු නොගහා ඉවසන්නේ කොහොම මම

හොරා කාපුවා කියකිය උඩින් වහන්
යහපාලනේ හිල් තිබුණත් වටෙන් වහන්
දුවනට හැකි වුණත් වසරක් දෙකක් හොරෙන්
සාධාරණ සමාජය බේරෙයි රෙද්ද යටින්...................



කසුප් අනුරාධ




.






Saturday, November 26, 2016

ඒත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල...............



ත්‍රීවිල් වල රතට රතේ දිදුලපු 
තරුවක් ගහගත්තු තොප්පි කාරයා........
බාගෙට රැවුළ වැවෙන සුදු හාදයා.
මං මුලින් ම හෙව්වේ මිනිහා ගැන.

කැම්පස් එකේ කැන්ටින් පුරා
රීඩින් රූම් පුරා මට මිනිහා හම්බුණා.
ලෝකයක් හොල්ලපු විප්ලවකාරයා......
අන්න මට විප්ලවය හම්බුණ තැන.

සුරුට්ටුවක් ගහගෙන පොතක් කියවන
මහා පෞරුෂයක් තිබුණ කින්ඩි හිනාකාරයා.
වයසක ෆොටෝ ඉතිරි නොකර මියගිය
ලෝකයේ මහා විප්ලව කාරයා............... මචං ඒ තමා චේ......

චේ............... කවුද මචං චේ කියන්නේ
ඒ තමා මචං චේ ගුවේරා.............
චේ කරාලු විප්ලවයක් කියුබාවේ.
එහෙනං හොයන්න වෙනවා කියුබාව ගැන

Cuban Revolution කියලා කෙටුවා විකියේ
මේ තියෙන්නේ සාගරේ වගේ විස්තරේ
මොන්කාඩාවෙන් පටන්ගෙන බැටිස්ටව පෙරළලා 
ඒත් මොකාද මේ හැමතැනම කියන කැස්ට්‍රෝ?

මේ මෙතැනත් ඉන්නවා චේ ගාවින්ම
හත්තිලව්වයි දැන් රටේ ජනාධිපතිලු.
ඉතින් චේ විප්ලව කරානං ඇයි බං මුට දුන්නේ?
ඒ.... චේ නෙමෙයිලු බං නායකයා ෆිදෙල්ලූ.....

අඩෝ ඌත් පට්ට ලස්සනයිනේ බං ඒ කාලේ
ඒත් උගේ නාකි ෆොටෝමනේ බං තියෙන්නේ
59 ඉදන් රට කරනවාලු ඇමරිකාවට ෆුල් ගේමලු
ළගදී ඔබාමත් ගෙන්නුවාලු කකුල් දෙකගාවට....

එතකොට චේ නෙමෙයි ද බං පොර ෆිදෙල් ද ?
එ්ත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල..............



ෆිදෙල් ඔබට සුභ ගමන්............. 



තුෂාර විතාරණ



.


Thursday, November 17, 2016

බෝඩිමේ ජීවිතේ...



බෝඩිමේ කාමරේ - තනිකඩ වු ජීවිතේ
ගෙවා දැමු කාලයේ - මතකයේ සුව දැනේ

ඇන්ටිගේ දොස් මුරේ - සල්ලි කෝ මාසයේ
හොරෙන් හැංගී ඉතින් - මගහරියි මළ වදේ

හන්දියේ බත් කඩේ - හැමවෙලේ බත් ඇතේ
පාන් රොටි ඕන නම් - පයින් යන දුර වෙතේ

ප්ලේන්ටිය ගසාලා - ගජ මිතුරු සෙට් එකේ
සල්ලි දා එක එකා - කෑම අඩුවක් නැතේ

වැහි දවස් එන රැයේ - කම්මැලිය හීතලේ
පාටියක් ඕන නම් - සෙට් වෙමුද බෝතලේ

හපුටු රෙදි දැමු වැලේ - මගෙ ඇඳුම් නෑ වගේ
කලිසමයි කමිසයයි - වෙන එකෙක් ළඟ වගේ

කෝ ඉතින් දැන් මගේ - නිදහසක් ජීවිතේ
ප්‍රශ්න වැල් කෝටියයි - ඉවරයක් නෑ වගේ

මනෝ පාරක් ගසා - කැමතිනම් බුදියලා
ඕන නැත අවසරය - දැන් කොහේ ඒ හරඹ

සියල්ලෙන් වෙන් වෙලා - මිතුරු කැළ විසිරිලා
එකිනෙකා මුණගැහෙනු - හීනයක් වගේ දැන්

අනේ මගෙ බෝඩිමේ - රත්තරන් කාමරේ
නවතින්න එක දිනක් - තිබුණොතින් ඒ ඇතේ...



අසංක ගයාන් අබේසිංහ





විශේෂ ඉල්ලීමයි - කුරුටු පවුරේ බ්ලොගයට ආවාම වෙනත් සයිට් එකක් ඔටෝ ලෝඩ් වෙනවානං ඒ ගැන දැනුවත් කරන්න කාරුණික වන මෙන් ඉල්ලා සිටින්නෙමු. මෙවැනි අවස්ථාවක දී අපිට කළ හැකි දේ ගැන තාක්ෂණික දැනමුතු කමක් ලබා දීමට හැකි නම් ඒ ගැනත් සටහනක් තබා යන්න........ 



.

Tuesday, November 15, 2016

බජට්......( ජය ශ්‍රී, 'ශීලා' ගීතයේ තාලය )



ආදර බජටය, මේ ගීතයෙන්වත් දැනගන්න
මගේ හදවතේ දුක...


බැලු බැලු හැම අතම හොල්මන් වාගේ
අයවැය සේයාවන් මසිතේ ඇඳේ
සුළඟේ පාවී සුසුමන් යාවී
දැනුනොත් දෙනවාදෝ සැනසුම ආයේ

මා හට සැරවීලා හොයි, කොහෙදෝ යන්නේ මෙසේ
හිත රිදවන්නෙපා, අය වැය ආදරේ
කෙළවීලා හොයි, මම ඉන්නේ කෙසේ
දේවීදෝ සැනසීම ආයේ

රටම මිරිකීලා, ගිනිගෙන වටේ
බිය සහ වියදම, දැවටී වතේ
දුරකතනයකින්, අමතනු බෑ දැන්
ආතල් ගන්නෙමි තනි ලෝකයේ

මා හට සැරවීලා...

ගිනිගත් සිහිනෙට එන විට තවමත් රස්නෙ දැනේ මට
හීනෙන් සැනසුම් ලබනටවත් වරම් ලැබේද මට

මේ ලස්සන අය වැය තවකෙකු හට දුක් දෙන්න එපා
ඒවීදෝ...ඒවීදෝ...ඒවීදෝ සැනසීම ආයේ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

දේවීදෝ සැනසීම ආයේ...

-අසංක ගයාන් අබේසිංහ-

Sunday, November 13, 2016

අපිට නං ඒක අහපු වෙලාවේ ඉඳලා නින්දක් නෑ.................



මේ තරම් බය හිතෙන්න
හොල්මන් කතාවක් කියද්දිත්
ඔහොම නිදාගන්නේ කොහොමෙයි..........?
අපිට නං ඒ කතාව අහපු වෙලාවේ ඉඳලා
හරිහමං නින්දක් නෑ...... රෑටවත්.............


කසුප් අනුරාධ



රූපය - http://www.gettyimages.ie/photos/lankan-minister?excludenudity=true&sort=mostpopular&mediatype=photography&phrase=lankan%20minister


.



Thursday, November 10, 2016

කළ්‍යාණ මිත්‍ර.....?





සිප් හලෙහිදි හමුවී
දෙසිතක් එකක් වෙලා
එකම පතේ බත් කෑ නුඹ දැන් කෝ
සුහද මගේ මිතුරේ...

ලොව දහසක් අතරේ
ඔබ වෙනුවෙන් කැපවී
සිටියේ මා පමණයි දුක සැපෙහිත්
මතකද මගෙ මිතුරේ...

මාරුතයක පැටලී
ජරපත් සමාජයේ
සිටියදි ගලවාගත් මා මතකද
ඔබට මගේ මිතුරේ...

අද මා අඳුරක වී
යා යුතු මග නොපෙනේ
පාර කියන්නට නුඹ නැතිවාදෝ
දැන් මාගේ මිතුරේ...

ආලෝකය නැතිදා
සෙවණැල්ලද සැඟවේ
එලෙසින් ඔබ මට පිටු පෑවේදෝ
කියන් මගේ මිතුරේ...




අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...