Thursday, November 17, 2016

බෝඩිමේ ජීවිතේ...



බෝඩිමේ කාමරේ - තනිකඩ වු ජීවිතේ
ගෙවා දැමු කාලයේ - මතකයේ සුව දැනේ

ඇන්ටිගේ දොස් මුරේ - සල්ලි කෝ මාසයේ
හොරෙන් හැංගී ඉතින් - මගහරියි මළ වදේ

හන්දියේ බත් කඩේ - හැමවෙලේ බත් ඇතේ
පාන් රොටි ඕන නම් - පයින් යන දුර වෙතේ

ප්ලේන්ටිය ගසාලා - ගජ මිතුරු සෙට් එකේ
සල්ලි දා එක එකා - කෑම අඩුවක් නැතේ

වැහි දවස් එන රැයේ - කම්මැලිය හීතලේ
පාටියක් ඕන නම් - සෙට් වෙමුද බෝතලේ

හපුටු රෙදි දැමු වැලේ - මගෙ ඇඳුම් නෑ වගේ
කලිසමයි කමිසයයි - වෙන එකෙක් ළඟ වගේ

කෝ ඉතින් දැන් මගේ - නිදහසක් ජීවිතේ
ප්‍රශ්න වැල් කෝටියයි - ඉවරයක් නෑ වගේ

මනෝ පාරක් ගසා - කැමතිනම් බුදියලා
ඕන නැත අවසරය - දැන් කොහේ ඒ හරඹ

සියල්ලෙන් වෙන් වෙලා - මිතුරු කැළ විසිරිලා
එකිනෙකා මුණගැහෙනු - හීනයක් වගේ දැන්

අනේ මගෙ බෝඩිමේ - රත්තරන් කාමරේ
නවතින්න එක දිනක් - තිබුණොතින් ඒ ඇතේ...



අසංක ගයාන් අබේසිංහ





විශේෂ ඉල්ලීමයි - කුරුටු පවුරේ බ්ලොගයට ආවාම වෙනත් සයිට් එකක් ඔටෝ ලෝඩ් වෙනවානං ඒ ගැන දැනුවත් කරන්න කාරුණික වන මෙන් ඉල්ලා සිටින්නෙමු. මෙවැනි අවස්ථාවක දී අපිට කළ හැකි දේ ගැන තාක්ෂණික දැනමුතු කමක් ලබා දීමට හැකි නම් ඒ ගැනත් සටහනක් තබා යන්න........ 



.

45 comments:

  1. මගේ ජීවිතෙත් සොඳුරුම කාලය. කෑම, බීම, බෝඩිමේ චූටි අක්කගේ සොඳුරු සැළකීම, නිදහස මේ සියල්ලෙන් සපිරි සුපිරි කාලයක්. ඇත්තට ආයෙත් ඒ තනිකඩ බෝඩින් ජීවිතේට යන්න ඇත්නම්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මචං...ඒ කාලෙ නම් සුපිරි...

      Delete
    2. අපිත් පොඩි බෝඩිමක් වගේ එකක හිටිය තමයි. හැබැයි චුටි අක්කල හිටියෙ නෑ. ඒ සොඳුරු චුටි අක්ක ගැනත් යමක් ලියපන්කො බං.

      Delete
    3. හැලපයියේ උඹ හදන්නේ මගේ පවුල කඩන්න. හැබැයි ඉතින් ලියන්න තරම් රසවත් ගුණවත් දේවල් තමයි. කරුමේ කියන්නේ ගෙවල් වල උන්ගේ කථා අහල මමත් ගොනා වගේ කසාදයක් කරගත්තනේ. ෂිහ් නැත්නම් අදටත් බෝඩිමක ෆුල් සොමියෙන්. කොහෙම උනත් චූටි අක්කගේ මතකේ හැමදාම තියෙනවා.

      Delete
  2. මොකද කේස් එක, ගෙදරින් දොට්ට දැම්මද?

    අපිටනං ඔය අත්දැකීම නැත.

    ReplyDelete
    Replies
    1. ඒකත් ගන්න වටින අත්දැකීමක් ප්‍රසා...අනික දොට්ට දැම්මොත් එහෙම තනියම ඉන්න පුරුදු වෙන්න ඕනත් නෑනෙ...

      Delete
    2. මොකද ප්‍රසා හැමදාම දොට්ටනේ....... ඒ නිසා ඒක අමුත්තක් නැහැ... කොහොමත් නිදියන්නේ ගෙදර පිලේනේ....... හා නැද්ද හොදයි.....

      තුෂාර

      Delete
  3. අනේ මගෙ බෝඩිමේ - රත්තරන් කාමරේ
    නවතින්න එක දිනක් - තිබුණොතින් ඒ ඇතේ...

    ++++++++

    ReplyDelete
  4. ඉස්සර ගියා බෝඩිම කියලා කොමඩියක්... ඒක නම් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. ඒක පට්ටයි තමා...මා ළඟ තියනවා සීරිස් එකම

      මාතලන්ට මතකද දයා අල්විස් රකුසාට ඇඳලා කකුලට කුළුගෙඩි පාරක් වැදිලා බෙහෙත් ගන්න දුවන සීන් එක...තව මරු කතා ඒකෙ තියනවා...

      Delete
  5. ///අනේ මගෙ බෝඩිමේ - රත්තරන් කාමරේ
    නවතින්න එක දිනක් - තිබුණොතින් ඒ ඇතේ...////
    ලස්සන පද පෙළ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි...ඔයාට එහෙම බෝඩිං අත්දැකීම් නැද්ද...

      Delete
  6. http://www.elakiri.com/forum/showthread.php?t=1727011

    ReplyDelete
    Replies
    1. නියමයි...මේ සීරීස් එකම මා ළඟ තියෙනවා නැවත නැවත බලන්න පුළුවන්...අද නාට්‍ය කීයද එහෙම ආයෙ බලන්න හිතෙන ඒව තියෙන්නෙ...

      Delete
  7. කියලා වැඩක් නෑ අයියේ ..... ජීවිතේ ලස්සනම කාලේ

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම...ළමා කාලෙට පස්සෙ තිබුණු හොඳම කාලෙ...

      Delete
  8. රෑට හොරෙන් පාටියක්ලු බෝතල් ටික හිස්ලූ
    ගාට ගාට හැංගෙනවලු ආන්ටි දෙස් දෙයිලූ
    පාට ප්ලේන්ටිය බොනවලු හෝටල් බත් රසලූ
    කාට ඇතත් මට නොමැතිලු බෝඩින් දිවි යාලූ........

    අපූරු කවියක් ගයියෝ.. ඒත් බෝඩිම් ජීවිතේ මම අත්විඳලා නැතෝ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ අත්නොවින්දට මේ දීල තියෙන්නෙ කවියෙන්ම නියමෙට...හැබැයි උඹටත් බෝඩිමක ඉඳල බලන්නයි තිබුණේ...

      Delete
  9. හිතුනම නැගිට්ට.. හිතුනම කෑවා.. හිතුනම නෑවා... ඇඳේ ඉඳන් දුම්... එක මැසේජ් එකෙන් බෝතල් බයිට් එක්ක සෙට්.. රෑ එලි වෙනකන් පාඩම්... ඩ්‍රෝවින් 1 2 1..
    හම්මේ එහෙම ජීවිතයක්.. ජොබේ හිටපු කාලෙත් හැබැයි බෝඩිම් ආතල් එක එකෙන්ම ගන්න ඇහැක් උනා.. දැං මොනව තිබුනත් ඒ අඩුව දැනෙනවා.
    ඒ නිදහස ද බං?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය ලෙසටම මටත් දැනේ...හිතෙන කිසිම දෙයක් කරන්න බැරි එක නිදහස කියල දැන් අපි සැනසෙමු ලබ්බෝ...

      Delete
    2. ළගදි බැන්ද උන්ට ඔහොම තමා.......... ඒ නිසා මේ ඩබලම මේ සාකච්ඡාවට අපූරුවට ගැලපෙනවා...... අපි ඉතින් පරණ මිනිස්සුනේ........ අම්මපා බෝඩිම් වල හොස්ටල් වල හිටියද කියලත් දැන්නම් අමතකයි...... අපේ නං දැන් කටේ තියෙන්නෙම ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල තමයි........

      නැත්තං ඉතින් රෑට කෑමත් නැහැ. නිදියලත් හමාරයි.......

      Delete
    3. අඩෝ තුෂාරයා...කාංචනා මගේ නංගි කෙනෙක් වෙනව තමයි...ඒත් ඔය තරම් එයාට බයවෙන්න එපා බං...හරි අහිංසක කෙල්ල ඔය චුට්ටක් විතර සැර මූණක් පෙන්නුවට ඕං...

      Delete
    4. අහිංසකයි තමයි........ හැබැයි ටිකයි....... කැම්පස් කාලේ මාත් එහෙම තමා හිතුවේ.... ඒත් ගෑණු තේරුම් ගන්න බැදලා ම බලන්න වෙනවා..... හා නැද්ද හොදයි.........

      තුෂාර

      Delete
    5. බැන්දත් ගෑණු තේරුම් ගන්න බෑ සහෝ....ඒක මේ විශ්වයේ රහසක්...කවමදාවත් තේරුම් අරන් ඉවරයක් කරන්න බෑ...

      අර කියමනක් තියෙන්නේ
      ගෑණු තේරුම් ගන්න උත්සාහ කරන්න එපා එයාලට ආදරේ විතරක් දෙන්න කියලා...

      Delete
  10. මටනං හොස්ටල් එක! කොළඹ බෝඩිම දැනටම එපා වෙලා තියෙන්නේ!
    ඒ නිදහස ආයේ තියනවානම්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං සමහර බොඩිම් මෙලෝ රහක් නෑ...කොහොම වුණත් උඹට හොස්ටල් එක හරි සැපයිනෙ...ඒ ඇති...

      Delete
  11. //රුටු පවුරේ බ්ලොගයට ආවාම වෙනත් සයිට් එකක් ඔටෝ ලෝඩ් වෙනවානං ඒ ගැන දැනුවත් කරන්න කාරුණික වන මෙන් ඉල්ලා සිටින්නෙමු//
    අනේ එහෙම වත් වෙනවනං

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ කෙලින්ම වෙන සයිට් එකකට පලයංකො මේකෙම් රිංගන්න එන්නෙ නැතුව...හැක්...

      Delete
    2. මලදානේ, උඹ අනුංගෙ බ්ලොග් වල කොමෙන්ට් දදා ඉන්නැතුව උඹේ එකේ දාල තියෙන කොමෙන්ට් වලට උත්තර සපයනු.

      - සභාපති -
      කො.කා.ස.

      Delete
    3. පරක්කු වෙන සතියකට ගල් බෝතලයක් දඩ
      ගල් බලකාය

      Delete
    4. නෑ නෑ පරක්කු වෙන දවස් ගානට දෙසැම්බර් මාසේ වැඩට යවනවා කියහංකෝ........

      Delete
  12. බෝඩිම් ගැන අත්දැකීම් නැහැ.ගෙදර ඇඳ තරම් වෙන සැප තැන් ඇත්තෙත් නැහැ.

    ReplyDelete
  13. //සියල්ලෙන් වෙන් වෙලා - මිතුරු කැළ විසිරිලා
    එකිනෙකා මුණගැහෙනු - හීනයක් වගේ දැන්//

    ඉතින් කට්ටියට එන්න කියලා හීනේ හැබෑ කරගන්න අසංක..

    ReplyDelete
    Replies
    1. බෑ අනේ...එක එකා දැන් වෙන වෙන හීනවල...

      Delete
  14. මමත් රස්සා කරන්න ගත්ත කාලේ ඉදලා බෝඩිම් වල ..
    අනුන්ගේ ඇදුම් ඇදන් යන එක නම් ඇත්ත ..ගැනී දැන් මාව පරිස්සම් කරන්න දගලන විදිහ දකින කොට බෝඩිමේ හිටපු කාලේ මතක් වෙලා හිනා යනවා

    ReplyDelete
  15. කෝ බංකෙමෙන්ට් වලට උත්තර

    ReplyDelete
    Replies
    1. පරක්කු වුනාට සොරි මචෝ...ඒත් මේ දවස්වල තියෙන්නේ මහ අමුතුම ප්‍රශ්න මචං...කවි ලියන්න වුණත් හිත නිදහස්ව තියෙන්න එපාය...උඹ කිව්ව කතාව හරි...දැන් ගෑණු අපිව පරිස්සම් කරන්නෙ හරියට වීදුරු බෝල වගේ...උන් දන්නවනම් අපි හිටපු හැටි...

      Delete
  16. මම තරම් බෝඩිම්වල හිටපු එකෙක් ලොවෙත් නැතුව ඇති.

    මෙන්න මේ ටෙලිෆෝන් විකුණන සයිට් එකක් ඇරෙනවා දැන්. මට විතරද දන්නේ නැහැ මෙහෙම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ අයිය විතරයි හැබැයි ඔය සයිට් කතාව කියන්නේ...අපි බලමු ලෙඩේ මොකක්ද කියල...අයියට කියන්න දැන් අපිට ආසාවටවත් බ්ලූ සයිට් එකකට යන්න බෑ...ඒව ගොඩක් ගූගල් එකෙන් බ්ලොක් කරල...ඔන්න ඉතින් මම එහෙම ඒව සර්ච් කරන්න යන එකෙක් නෙවෙයි ඕං...

      Delete
    2. චිකේ..චිකේ...මේ මොනවද මේ කියන්නේ...මට ඔය බ්ලු, රෙඩ්, බ්ලැක් ගැන වැටහීමක් නැහැ

      Delete
  17. සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ. ඔයාල හිටියෙත් නැහැනේ. මේක නම් ලියල තියෙන්නේ බිරින්දෑ ගෙදර ගිය දවසක වෙන්න ඇති . පාලුවට.

    ReplyDelete
    Replies
    1. රහසින්...බිරින්දෑ ආසාවටවත් ගෙදර යන්නෙ නෑනෙ අප්පා ටිකක් නිදහසේ ඉන්න...හැක්...ඔන්න මෙහෙම කිව්වෙ විහිළුවට වගේ හොඳේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...