Wednesday, January 18, 2017


නිල් කටරොලු දෑස් අගින්..............සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
 ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න


රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය.  ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා  කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි.  ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්.  ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර  ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.

 



සටහන 
හසිත හර්ෂණ වීරසිංහ

22 comments:

  1. මේ අසන්නට රසවිඳින්නට තරම් අප තවමත් පින්කර ඇතිබව හැගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට අදහස් දැක්වීමට....

      Delete
  2. ඉදලා හිටලා මොනවා හරි ලියහන් බං

    ReplyDelete
    Replies
    1. හම් හම්... කට්ටිය බිසී වෙලානෙ ඒකයි ලියන්න බැරි වුණේ. ස්තුතියි මෙන්ඩා ඔබට....

      Delete
  3. ලස්සන ගීතයක් .. ( ‍තෝරාගත් ගායන ශිල්පියාත් ඉස්තරම්.... )
    දීර්ඝ ගමනකට හෘදයාංගම සුභපැතුම් ...!

    @හසිත - ඔබේ අවස්තාවත් ඉක්මනින්ම උදාවේවි. ඔබේ ලස්සන නිර්මාණත් මේ විදිහට අපිට අහන්න ලැබේවි, ඉක්මනටම. Good Luck ...!

    ReplyDelete
    Replies
    1. හහ්....බලමුකෝ යාලුවේ ඉදිරියේදී පුලුවන් වෙයිද කියලාා. කවි කෘතියක් සහ කෙටිකතා කෘතියක් ගැන හිතේ කලලයක් තියේ. ඉක්මනින්ම මෝරාවිද කියන්න බෑ.වාසනාවත් තියෙන්ඩ ඒපැයෑෑෑෑ...ස්තුතියි දිරි ගැන්වීමට සදරූ...

      Delete
  4. මම බයවෙලා හිටියේ බැද්දගේගෙන් පස්සෙ මේ කළාවට හෙන ගහලා යයිද කියලා... මොකෝ හොටු පෙරන පොන්නයෝ ගොඩක් නේ ඉන්නේ.. ඒ අස්සේ මේ වගේ උන් කාන්තාරයට දිය බිඳක්... අම්බරුවෝ මම හැමදාම අහනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් අැත්ත. දැන් තියෙන රැල්ල හොටු පෙරාගෙන අඩන රැල්ලක්. විරහව වුනත් විදගන්න විදියක් තියේ......මටත් තියෙන්නෙ ඒ ගැන පිළිකුලක්...

      Delete
  5. අහමින්...

    සමන් ලෙනින් සුන්දර විදියට චා වෙච්චි ෂෝ එකක් මං දැක්කා ඔයාබටේ තියෙනවා.. පොඩි පණ්ඩිත කමක් තියෙනවා පොරට... අපුරු බඩුවක් ඒ උනාට..

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ ගිහින් තවත් සිංදු ගොඩාරික් ඇහුවා.. බන්ඩිය පිරුනා..

      Delete
  6. ඇත්තෙන්ම ඉස්සර ඉඳන්ම ආස කරන ගායකයෙක්...ඒ ජන ගී හඬට බොහෝ ප්‍රියයි....ගායනය,තනු නිර්මාණය​,ගේය පද නිර්මාණය කියන ත්‍රිවිධාංගයේ එකතුව මේ ගීතෙට හුගක් පෑහෙනවා කියන වග දැනෙනවා....අපිත් එක්ක මේ වගේ ගීත බෙදා හදා ගන්නවට ස්තූතියි කුරුටුzzz..ජයෙන් ජය! 😉

    ReplyDelete
  7. ඔහුගේ කොහොමත් හොද හඩක් තියෙනවා......

    ReplyDelete
  8. සමන් ලෙනින්ට මම කොහොමත් උනන්දුවෙන් සවන් දෙනවා. "සත්පතිනි" ටෙලි නාට්‍යයෙත් වෙනස් ගීතයක් කරා. මේ ගීතය නැවතත් අහන්න ඕන.

    ReplyDelete
  9. Replies
    1. ස්තුතියි ඔබටත් ප්‍රසන්න........

      Delete
  10. Replies
    1. ස්තුතියි +++++++++++++++++++++++

      Delete
  11. මන් සෑහෙන්න කාලයක ඉදන් අහන්න ආස කරපු හඬක්,මේ ආසාව නිසාම නර්තන නිර්මාණ කරද්දිත් හුගක්ම තෝරගන්නෙ මොහුගෙම ගීත.මේ ගීතය මන් ඇහුවෙ කුරුටු නිසා.බොහොම ස්තූති කුරුටු...

    ReplyDelete
  12. මන් සෑහෙන්න කාලයක ඉදන් අහන්න ආස කරපු හඬක්,මේ ආසාව නිසාම නර්තන නිර්මාණ කරද්දිත් හුගක්ම තෝරගන්නෙ මොහුගෙම ගීත.මේ ගීතය මන් ඇහුවෙ කුරුටු නිසා.බොහොම ස්තූති කුරුටු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්මි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...