Thursday, December 1, 2016

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම)



මාධ්‍යය මර්ධනය හැමදාම තියෙනවා
පෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවා
දැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවා
ප්‍රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවා

හිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළා
දහවලට නටන උන් රෑට ගිනිබත් කළා
මොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලා
චැනල් එක තිබුණ තැන හොයන්නත් බැරිකළා

සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට
චරිත ඝාතන වේලු හොද නෑලු කරන්නට
උන්ට නිදහස තියේ ඕන හැටි ගසන්නට
ලිව්වොතින් වැරදි අපි වෙයි හිරේ ලගින්නට

සිරසටත් ගැහුවාලු දෙරණ කජ්ජක්වේද ?
ලසන්නත් මැරුවාලු චතුරලා පොරවල්ද ?
කාල්ටන් වැහුවාම ඊ නිවුස් දගලයිද ?
ටීවි රේඩියෝ ළග බ්ලොග් බච්චො කවුරුන්ද ?



කසුප් අනුරාධ



.

25 comments:

  1. ඔහෙලත් සෑහෙන්න මහන්සිවෙලා උද්ගෝසනේ කොරලා පත්කොරගත්තු යහපාලනේ නේ...

    දැන් ඉතින් ගිනි පිඹපන්, හොරි කහපන් හිටන්!

    ReplyDelete
    Replies
    1. ඒක තමා සරසා උඹෙයි අපෙයි වෙනස...... උඹ මැදමුලනේ හොරි කහන පර්සිලාගේ කුණු හෝදල වන්දිබට්ටයෙක්....... අපි කාගෙවත් බූදලයක්වත් හොරි කහන ඇම්බැට්ටයෝවත් නෙමෙයි.... හරි දේ හරි.... වැරදි දේ වැරදියි...... ඕකට තමා කියන්නේ සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ යෙදෙන සවිඥානික පුරවැසියෝ කියලා....... තේරුණාද මන්දා........

      Delete
    2. // සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ යෙදෙන සවිඥානික පුරවැසියෝ කියලා //

      සබන් කොලේ තියෙලා ඇරියාම ඒකට මහප්‍රාන වචන යොදලා විස්තර කරන්නේ සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ යෙදෙන සවිඥානික පුරවැසියෝ කියලා තමයි හිටන්!

      Delete
    3. හොරිකඩ කලුආරච්චියට හැමදාම කියන්න තියෙන්නේ එකම දෙයයි. අලුත් අදහස් නැති තොගේ දත් ටික බඩට අරින්න වටිනවා.

      Delete
    4. අනේ සරසා මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙනවා බං උඹ වගේ ප්‍රාථමික මිනිස්සු හින්දා. අපි එක යෝජනාවක් කරන්නද? තමන්ගේ අදහස ඕනේ විදිහකට කියලා ටිකක් මහත්මා ගතියකින් බ්ලොග් කෙරුවාවේ යෙදෙන්න උත්සහ කරන්න පුළුවන්නං අපි හැමෝටම හොදයි නේද????????

      Delete
  2. Replies
    1. අරක තිබ්බාද??????

      -විදානේ-

      Delete
  3. Replies
    1. දැන් ඉතින් සෙල්ලං කොරලා හමාරයි කොල්ලෝ.......

      Delete
  4. කට්ට කාලා ඇති පදමට ඉවසන්නට නොහැකි වෙලේ
    පට්ට දුකින් හිටි ඔවුන්ට බලය දුන්නෙ අපියි මලේ
    කට්ට ගසා මාධ්‍ය හඬ නිහඬ කරයි දෝ සිහලේ
    නැට්ට පිටින් අලිද මැරේ ඕව ඔහොම තමයි බොලේ..........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි....... බලයට යවපු අය කරන දේ ගැන ජනතාව අවදියෙන් හිටියාම ඇති... කවුරු මොනවා කරත් මොන පොරටෝක් දුන්නත් මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්....... අර සදාකාලික රජ වෙන්න හිටපු අය අවුරුදු 9න් ගෙදර ගිය එකේ මෙයාලා කවුද?????

      Delete
  5. Replies
    1. ස්තූතියි නිරන්ජන්......

      Delete
  6. සී ඇස් එන් එක නම් වහන්නම ඕන... ඒත් එක කළ විදිය වැරදියි.. වෙන ඕන තරම් හේති තියෙනවා ඒක වහලා දාන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා මාතා............. ඒක ඇත්ත...... ඒකත් හරියට අර සීජේ ගෙදර යවපු කේස් එක වගේ තමා....... ආණ්ඩුව මාරු වුණාම අපිට ආයෙත් සීඑස්එන් එහෙම බලන්න වෙයි නේද??????? එතකොට මේ කට්ටිය උසාවි යනවා ඒකේ පෙන්නයි නේද????

      Delete
  7. මාධ්‍යය මර්ධනය තාම ලොකුවට නැති වුනත්, කාඝෙන කාඝෙන යාම නම් දැන් ඕසෙට!

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය මර්ධනය නැහැ කියන්න බැහැ රසිකයියේ.......මාධ්‍ය නිදහස දෙනවාය කියලා ආපු කස්ටිය දැන් දැන් නිදහස් මාධ්‍ය කෙරුවාවට උඩ පැන පැන ගහන්න පටන් ගෙන.....

      හොර කෑවා හොරා කෑවා කියලා බලයට ආපු අය දැන් දැන් උඩ පැන පැන කන්නත් පටන් අරගෙන.......

      Delete
  8. නියම පද සෙට් එකක්!! 
    අපේ මාධ්‍ය වැඩවලට නමත් එක්ක උපුටගත්තට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නම කොහෙත් ම වැදගත් නැහැ මචං....... අවශ්‍ය වෙන්නේ සංවාදය ගොඩනැගීම පමණයි.... උපුටා ගැනීමට කිසිම බාධාවක් නැහැ මචං.........

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. නියම කවිය...ප්‍රජාතන්ත්‍රවාදේ.....

    ReplyDelete
    Replies
    1. වදේ රොමා............ පට්ට වදේ.........

      Delete
  11. බ්ලොග් බ්ච්චෝ නේද..කසුප්... බ්ලොග් බච්චොත් නරකම නැ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...