Thursday, September 8, 2016



මිදි කයි ද ? නරි


  
නොතිත් ආශාවෙන්
රැස් කරයි ධනය
නරයා
මිදි ඇඹුලය කියා
අත් හැරීමේ සුව විඳී
නරියා
ඉස්පිල්ලක වෙනස
පහදයි ගැඹුරු දහමක්..


ඩබ්.ටී වීරසිංහ

14 comments:

  1. ඔය නරියම නේද කපුටා ගේ කේජු කෑල්ල වංචාවෙන් ගත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ නරියම තමා.....ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන

      Delete
  2. ගමරාළගේ කුකුල්ලු හොරකම් කෙරුවෙත්, නිල් තීන්ත භාජනේට වැටිලා කැලේ රජ වෙන්න ගියෙත්, එතකොට හාවගේ ලබු කිරිබත් ටික කාල දැම්මේත් මේ නරියම තමයි නේද ?

    ජයවේවා!!!

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/Foxes_in_popular_culture

    ReplyDelete
  4. වෙලාව ළංවන විට හැර යන්නට
    අත් හරින්න උත්සාහ කරයි
    නරයා
    ඒත් පමා වැඩියි ඒ වෙනකොට

    ReplyDelete
  5. නරියා ලං කරගන්න එක ඇඟට ගුණයි නරයට වඩා හැම අතින්ම... අපූරු පද පෙළ ලොකු අරුතක්...ඒත් හරිම සරලයි.

    ReplyDelete
  6. නරියාට වඩා කපටිය "නරයා"

    ReplyDelete
  7. නරයාටත් අත අරින්න වෙනකොට නරියාගේ තියරිය තමයි දාන්නේ..

    වීරසිංහ මහත්තයාවත් මැදිහත් වෙලා කුරුටු පවුර අප්ඩේට් වෙන්න මොනවා හරි ලියන්න.. ජයවේවා!

    ReplyDelete
  8. නරියා කපටි කලේ කතා වලින්

    ReplyDelete
  9. ඉස්පිල්ලක වෙනසක් දැකල ලියු කවියක්. ඒ නිරීක්ෂණයට මම කැමතියි.

    ReplyDelete
  10. ඇයි කියන්න බැරි අපිට නරයාට නරියා...?

    ReplyDelete
    Replies
    1. හහ් හහ් ඒකත් ඇත්ත තමා......ස්තුතියි ෙරාහාන්

      Delete
  11. අසංකට තුෂාරට නරියා කිව්වා ඒක ගැන අපේ බලවත් මෙව්වා ඒක

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...