Thursday, July 21, 2016

ඈ කොහි අත ගියේදෝ......







හිතට දැනුණු සෙවිල්ලේ
නෙතු පියවා නිදැල්ලේ
වියෝව වූ ඇසිල්ලේ
මං හැඬුවා සඳැල්ලේ

ඈ කොහි අත ගියේදෝ
අන් සතු වී නොවේදෝ
මගේ වරද කියාදෝ
නිති විමසුම් වුණේදෝ

ඉතින් කුමක් දැන් කරම්
ඉවසූ හැටි මං දනිම්
තවත් මෙසේ බැරි තරම්
පුරමි මමත් මහණ දම්

වෙනත් ළඳක් හිතේයා
ගිනි අවුලා සිටීයා
මහණ හිතුම් කැලේයා
මට නියවා ගියෝයා

-අසංක ගයාන් අබේසිංහ-

31 comments:

  1. "දමා යන්නට ෙනාහැකි මිහිමත ඒකම සම්පත ඔබම පමණයි"

    ReplyDelete
    Replies
    1. ඒකනේ පූසෝ...හැක්...

      Delete
  2. එක අගනක් නැතිවිට දුක් ලතැවුල්ලේ
    තව අගනක් දුටුවිට සිත සැනසිල්ලේ
    ගයියො උඹත් මේ සක්වල බිම් අල්ලේ
    මහණ වුනොත් සාසනයත් වලපල්ලේ....
    හැක්...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි වගේ අහිංසකයොන්ට විමුක්තිය උදා කර ගන්න නොදෙන්නෙ උඹල වගේ එවුන්ම තමා...හැක්...හැක්...

      ස්තුතියි දුමියෝ...

      Delete
  3. සංක්‍රාන්තියක අභිමුව... හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එරන්දි...

      Delete
  4. හැක්.. හැක්.. මොනව උනත් දෙවෙනියට ආපු කෙල්ල නිසා සාසනේ බේරුනා.

    ReplyDelete
    Replies
    1. සාසනේ බේරුනා...මං අහුවුණා...උඹට සතුටුයිද දැන්...හැක්...හැක්...

      Delete
  5. මගෙ යාලුවෙක් මහනවෙන්ඩ ගිහින් මළා.

    ReplyDelete
  6. දකින දකින මල් පස්සේ යන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. ගිහින් වැඩ වැරදුණු අත්දැකිම් සහිතව කියනව වගේ මනෝගෙ කියමන නම්...හැක්...හැක්...

      Delete
  7. ඈ බං දැං මගේ වගේම උඹලගෙත් පවුලේ කචල්ද? වැඩිය පේන්න නැත්තේ.. හැක්

    ReplyDelete
    Replies
    1. පවුල් විතරක්යැ බං හැමදේම උඩුයටිකුරු වෙලා වගේ...ගමේ ගියෙ නෑ මාස ගාණකින්...රහයි ජීවිතේ...හැක්...හැක්...

      Delete
  8. සමුද්‍රඝෝෂ විරිතට නොලියවුණු කොට සඳැස්...!!! ඒකත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ ඒ...සමුද්‍රඝෝෂ...බුදු අම්මෝ...මම දන්නෙ නැතෝ...

      Delete
  9. නියමයි..... ඊළග කෑල්ල තවත් රසවත්..........

    ReplyDelete
    Replies
    1. කාගෙ කෑල්ලද...හැක්...හැක්...

      Delete
  10. ආ මල්ලිලා කොහොමෙයි ඉතින්. බ්ලොග් පෝස්ට් කියෙව්වට කොමන්ටුවක් කොටාගන්නවත් වෙලාවක් නෑ ඉතින්.

    නිර්මාණය එල

    ReplyDelete
    Replies
    1. අපිටත් පෝස්ටුවක්වත් කොටාගන්න වෙලාවක් නෑ මචං...ඒකයි මේ පරක්කු...

      Delete
  11. ඒ ලඳ ගියාම තව ලඳක් ,මේ ලඳත් ගියොතින් තව ලඳක්... ඒ ලඳත් ගියොතින් තව ලඳක්...ඒකත් නරක නැ :)

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයි පාරේ යන බස් වැනිය...
      එකක් වැරදුණොත් අනෙකෙහි යා හැකිය...හැක්...හැක්...

      විහිළුවට හොඳේ...නැත්තම් මාත් එක්ක වනිතා විමුක්තිකාමීන් ෆයිට් එකට එයි...

      Delete
  12. Replies
    1. මරේ මරු...ස්තුතියි ඉන්දරේ...

      Delete
  13. උඹටවත් ඒක අහුවෙච්චි එක ලොකු දෙයක් බං...බොහොම ස්තුතියි ඉයන්...

    ReplyDelete
  14. සාසනේ බේරුනානෙ ඇති යන්තන්...
    ඉක්මනට ලස්සනට ලියලා...

    ReplyDelete
  15. සාසනේ බේරුනානෙ ඇති යන්තන්...
    ඉක්මනට ලස්සනට ලියලා...

    ReplyDelete
  16. සාසනේ බේරුනානෙ ඇති යන්තන්...
    ඉක්මනට ලස්සනට ලියලා...

    ReplyDelete
  17. ළදක් නම් ලෙඩක් එතන ඇත...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...