විඩාබර ජීවිතේ
ඉසුඹුලන විරාමේ
මඟබලන් ඉන්නවා
හැමදාම පෙර වගේ...
දුටු නුදුටු හීනයක්
හිත අගින් ඉඟිකරයි
අත වනා මහ දුරක
පැතුම් නෙක පොදි ගහයි...
ගඟ ගලයි හිතු මතේ
සිසිල දී හැම අතේ
ඒ වගෙද ජීවිතේ
හැමදාම මට සිතේ...
වට පිටේ එළි වුණත්
හිත් කුටිය කළුවරයි.
ඒ අඳුර මැකෙන්නෙත්
බැබළෙන්න හිතුනමයි...
ඉසුරිකා උත්පලානී
(ඉසූ)
.
// ඒ අඳුර මැකෙන්නෙත්
ReplyDeleteබැබළෙන්න හිතුනමයි...// ඇත්ත තමයි නේද ... :)
හ්ම් හ්ම් ..
Deleteස්තූතියි තුශානි
අඳුර මැකෙන්නේ- බැබලෙන්න හිතුවමයි. හිතන්න ඕනේ හැම දෙයක්ම කරන්න. ඒක සහතික ඇත්ත.
ReplyDeleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ශයි අඟහරු..
Deleteහැම අතට සිසිල දීල හිතුමතේ ගලන ගඟම හොඳ වැස්සකින් පස්සෙ දෙපැත්තෙ තියෙන හැම දෙයක්ම හෝදගෙන හිතුමතේ ගලනව. හැක්..
ReplyDeleteඉවුරු දෑලේ හිඳ බැලූවිට ගඟ හැඩයි කදිමයි.. (අදාල නෑ වගේ)
Deleteඒක ඇත්ත ප්‍රසා අයියෙ..
අර පිංතූරේ ඉන්න ලමය කකුලවත් හෝදල නැහැ. හැක්
ReplyDeleteතාම ඒක ගැන හිතිල නෑ. හැක්..
Deleteඒ ළමයට හීන බල බලයි , පැතුම් පොදි ගගහයි ඉඳලා, නාන්නත් අමතක වෙලාලු ..හැක්
Delete@ ඉසුරිකා.
Deleteකවිය ලස්සනයි හොඳේ ..
නැත්නම් තරහා උනොත් හෙම ... ☺ ☺
@ ඉයන්,
Deleteඔය අහු මුලු බලන්නැතුව රූපය දිහා බලන්න එපැයි.
@ප්‍රසන්න අයියා,
අනිවා
@ සදරු,
ස්තූතියි... දෙකට ම හොදේ....
♥ මංගල දැන්වීම. ♥
ReplyDelete....................
විඩාබර ජීවිතේ ලැබෙන සෑම විරාමයකම, දුටු නුදුටු සෑම සිහිනයකම සැරිසරන තම සිහින කුමරා පැමිණෙන තෙක් මග බලා සිටින තම නැගණියගේ හිත් කුටිය එළිය කර , ගලන ගඟක් මෙන් ඇයගේ ජීවිතය සිසිල් කළ හැකි මනාලයෙකු සොයුරන් සොයයි.
( අසංක / තුෂාර )
සදරුවෝ.................
Deleteඔය හිටියට වේකන්ට් නෑ මයේ හිතේ....
තුෂාර
සඳරු...දැන් එහෙනම් ඔය දැන්වීම වෙන පත්තරේක දාන්න කියලා අම්මලාට කියපන්.උඹත් නගින නගින ගහේ දෙබලක්.
Deleteසදරු එහෙම අදහසකින් නෙමෙයි නේද ඒක කිව්වේ.......
Deleteකවිය ලස්සනයි...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජිත්
Deleteහිතෙන්නම ඕන......
ReplyDeleteජය.
ස්තූතියි කලු ගලක්..
Deleteගොඩාරියක් ලස්සනයි .....
ReplyDeleteස්තූතියි මෙතූ.......
Deleteකදිමයි... කාලෙකින් රස බැලුවෙ.
ReplyDeleteසතූටුයි.....ස්තුතියි මනෝශ්
Deleteආ.............. මනෝෂ්........... කාලෙකින් බ්ලොග් ලෝකයට සමවැදිලා තියෙන්නේ.... මොකද මේතරම් දුරස් වෙන්න හේතුව..... ටිකක් විස්තරත් දාහංකෝ...
Deleteතුෂාර
මොකද හිත් කුටිය ඔය තරමට කළුවර වුනේ.
ReplyDeleteලස්සන කවි පෙලක්.
දිවයින පුරා විදුලිබලය ඇණ හිටීමක්.
Deleteවෙලාවකට එහෙම වෙනවනෙ......ස්තූතියි මනෝ
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි ලයියො...
Deletelassssssssssanay suba pAthum :)
ReplyDeleteස්තූතියි හංසි.....
Deleteගීයකට වුණත් ගැළපෙන පද වැලක්..
ReplyDelete
Deleteස්තූතියි ඔබේ දිරිමත් කිරීමට වැසි...
බැබලෙන්න හිතෙනක්ම් අර අහිංසකයා බලාගන ඉන්නඕනේ ඉතින්.....
ReplyDeleteකවිය ලස්සනයි ඉසුරිකා....
කව්ද කටුසු??
Deleteස්තූතියි..
අර පිංතූරේ ඉන්න ලමයා බ්‍ර එකක් ඇදලා නැහැ
ReplyDeleteඕකනේ කියන්නේ.... උඹලා එතැනත් බිස්නස් කරන්න නේද ට්‍රයි එක.....
Deleteතුෂාර