Tuesday, February 16, 2016

මං හැදුවේ මකරෙක්.................



මං හැදුවේ මකරෙක්....
මේ වැඩවසම් ක්‍රමය ගිනිතියන්න.
මේ විකාර ව්‍යුහයන් බිමට සමතලා කරන්න.
ඒත් අද ඒ මකරා හීලෑ වෙලා.
චූටි ගින්දරක් පිටකරනවා
වැඩවසම් පාලකයන්ට සුරුට්ටු පත්තු කරන්න....................

මං හැදුවේ ව්‍යාග්‍රයෙක්...
දූෂිතයෝ නිය පහරින් හූරන්න.
වංචනිකයෝ රෞද්‍ර ව සපාකන්න.
එ්ත් අද ඒ ව්‍යාග්‍රයා හීලෑ වෙලා.
චූටි බංකුවක් උඩ නැගලා.
සර්කස් පෙන්නනවා ජනතාව සතුටු කරන්න..................

මං හැදුවේ තල්මහෙක්...
පුංචියට ඉපදිලා ලොකු වෙන්න.
මහා සාගරයක් වුණත් ජයගන්න.
ඒත් අද ඒ තල්මහ මැරිලා.
ඇගේ මස් ටික දන්දෙනවා,
මුහුදේ ඉන්න අනික් මාලු ජීවත් කරවන්න.................

මං හැදුවේ ශිෂ්ඨාචාරයක්....
කන්න, බොන්න, ජීවත් වෙන්න.
විප්ලව කරන්න, ඒ වෙනුවෙන් මැරෙන්න.
ඒත් අද ඒ ශිෂ්ඨාචාරය වැළලිලා.
චූටි සද්දයක් දානවා.
පාර්ලිමේන්තුවේ විවාද  චූන් කරන්න.................




කසුප් අනුරාධ


.

83 comments:

  1. Replies
    1. යකෝ මං මේක පෝස්ට් කරේ 9.58 ට නේ............

      Delete
  2. Replies
    1. ඇත්ත ඕකයි පූසෝ..............

      Delete
  3. මම හැදුවෙ තොරණක්
    අහිංසකයින් රවට්ටන්න
    දැන් එළි නිමිල, බැටරිත් බැහැල
    ධනපති ක්‍රමය සහ ධනපතිය පටලවල
    බිලිගත්ත ජීවිතද, නැතිකරපු වස්තුවද
    ගාස්තුව හරි ගියා, ඊගෝව සතපන්න

    නූගතුන් රවටාල, තරුණ හිත් කලඹාලා
    මව්පියන් අඬවාල, නායකයො මරවාල
    මිනිස්සුන් එලවාල, නොමිනිසුන් රජකරපු
    ක්‍රමය ඇතිකරපු මට
    තවත් කවි ලියපල්ල, මල් පහන් පුදපල්ල
    බොරුව තව ඉවර නෑ, තව මරල ඉවර නෑ

    ReplyDelete
    Replies
    1. මචං ඉයන්.................

      රෝස මලක් ගත්තා ම වුණත් එක එක්කෙනා ඒ කෙරෙහි දක්වන්නා වූ දැක්ම වෙනස් වෙනවා. සමහරු මල ලස්සනයි මාරයි කියනවා. තවත් සමහරු මේ මල ලොකු වුණාට ඒ තරම් සුවද නැහැ ඒ නිසා වැඩක් නැහැ කියනවා. තවත් සමහරු මේ මලේ නටුව දිහා බලලා කියනවා මේකේ කටු තියෙනවා. ඒ නිසා මේක මාරාන්තික වෙන්නත් පුළුවන් කියලා...... ඒ නිසා උඹේ දැක්ම උඹට ආවේණිකයි.... ඒක ගැන කිසිම තර්කයක් නැහැ........

      Delete
    2. // ඉයන්February 16, 2016 at 10:31 AM //

      එකෙන් ම!

      ස ර ස තුමාට සහ ඉයන් තුමාට එකඟ වෙන්න පුලුවන් දේකුත් තියෙනවනේ අම්මපා!

      Delete
    3. කුරුටු සම්පූර්ණයෙන්ම එකඟයි. 'මෝඩය කියල මරන්න යෑ?' කියල කියමනකුත් තියෙනවනේ. ඔය දෙවෙනි වාක්‍යය දැම්මෙ අවුස්සනන් විතරයි හැක්

      Delete
    4. අනිවා ඉයන්.............. විහිලු, විරුද්ධමත මේ හැම දෙයක් ම හැමෝට ම අවශ්‍යයි. ඒවායේ කිසිම අවුලක් නැහැ..... තැන්කූ........... තැන්කූ.........

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඉයන්ගේ UNPය
      මිනිස්සුන්ව රවට්ටල නැහැ
      මිනිස්සුන්ට ඔක්කොම දිලා
      දෑත් හරි පිරිසිදුයි
      කිසිම කෙනෙක් මරලා නැහැ
      සත පහක් හොරකම් කරල නැහැ
      උපරිමයෙන්ම රට හදල
      රටේ තියෙන සම්පත් උපරිමයෙන්ම ආරක්ෂා කරල
      මල් තියල වදින්න ඕන
      රනිල්ට සහ කලින් හිටපු නායකයින්ට....

      (කසුප්ගේ කවි පන්තිය ලස්සනයි, අදහසත් හොදට තියෙනව....)

      Delete
    7. ප්‍රදීප් මංගලFebruary 16, 2016 at 5:26 PM

      ++++ :D :D

      Delete
  4. ඇත්තටම එහෙමද? නැත්නම්,බොරුවට කලබල නොවී, රටේ අනාගතය ගොඩනගන්න පුළුවන් ආකාරයේ සැලසුමක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ.......... ඉන්දරේ.........

      මේ වෙන්නේ ඩීල් එකක්. මේක දේශපාලන පවුල් කෑමක්.... වැරදියි නං වැරදියි කියලා කියන්න අපිට පුළුවන් විය යුතුයි. මේකේ අවුල තියෙන්නේ ජනතාව පැත්තට........

      Delete
    2. එය එසේ නම්, මිනිසුන් රටේ පවතින ක්‍රමය වෙනස් කිරීමට විකල්පයක් සොයාගත යුතුයි.නමුත් එය වඩාත් සංවිධානාත්මක,ඉවසිලිවන්ත ක්‍රීයාදාමයක් විය යුතුයි.

      Delete
    3. මෙහෙමයි ඉන්දරේ..............

      ජවිපෙ කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අනික තමා ජවිපෙ නැතුව ආණ්ඩු හදන්නත් පෙරලන්නත් පුළුවන් කියලත් තේරුණා... ඒත් ජවිපෙ හදන වෙලාවේ මේක නිකන්ම නිකං චූන් දිදී ඉන්න පක්ෂයක් විතරක් නෙමෙයි. ඒක ඊට එහා ගිය මහා ව්‍යාපාරයක්.... ඒක දැන් වෙනස් වෙලා. ඒ වෙනස්වීම බලපාන්නේ ජනතාවට. ජනතාව පැත්තෙන් කතා කරන්න තිබුණ මහා බලවේගයක් තමා දැන් දණගහලා තියෙන්නේ... දණගහලා ඉන්නෙත් ධනවාදයට බර ආණ්ඩුවක් ඉදිරියේ... මේක භයානක තත්වයක්....

      Delete
  5. මං හැදුවේ පාලකයෙක්...
    රටේ හොරකම් ටික...
    දූශන ටික මැඩලන්න..
    ඒත් ඌ හිලෑ වෙලා..
    රට අගාදයට යවන්න..

    ReplyDelete
    Replies
    1. උඹේ පැත්තෙන් ඒකත් හරි.....

      Delete
  6. නියමයි කසුප් මේ විදියට තමයි ලියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං............ මේවා දැක්කා ම නොලියා ම බැහැ...

      Delete
  7. නියම කවි ටික කුරුටු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්මි...........

      Delete
  8. මාත් මොකක්හරි හදන්නෝනෙ මේ ගොං හැතිකරේ උඩුකුරින්ඥං වෙන්න.

    නියමයි අනුරාද. ලස්සන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කසුනා.............

      අර ෆොටෝ එකේ උඹ කොල්ලා වගේ ඉන්නවා නේද?????? යකෝ දැන් වයස කීයද????

      Delete
  9. කවිය නම් මරු. පක්ෂය නම් වැඩක් නෑ. රටට කළ සෙවයට වඩා විනාශය ළොකුයි.

    පරිසරය අනුව වෙනස් වෙන්න බැරි ජීවීන්ට පැවැත්මක් නොමැත.

    ReplyDelete
    Replies
    1. මාතා..............

      මේක ලියන්න අද දවසේ විශේෂත්වයකුත් තියෙනවා. අද තමයි විජය මැරුණ දවස.. මරපු මිනිහෙක් තාම නැහැ. ඒත් මේ නිසදැස ලියුවේ ඒ මරණයේ ආවස්ථික පිරිවැය ඔහේ හෝදාපාලුවෙනවා දැකලයි..........

      Delete
  10. හංසයෙක්ගෙ පිටේ නැගල සුදු ඇදන් ආවසෙිල් ඇත්තෙක් කියලයි කට්ටිය හිතං හිටියෙ
    ඒත් ඒක සුදු රෙද්දක ඔතල එවපු ගොම්බෙට්ටක් විතරය්

    ReplyDelete
  11. කවිය නම් මරු කුරුට්ටෝ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.............

      Delete
  12. කුරුටු කුරුටු ගාලා තියෙන අපූරුව​...බොසා නම් පට්ට like ඈ

    ReplyDelete
  13. කුරුටු කුරුටු ගාලා තියෙන අපූරුව​...බොසා නම් පට්ට like ඈ

    ReplyDelete
    Replies
    1. ලයික් නම් එච්චරයි.................

      Delete
  14. නියමයි කුරුටු...
    ඔයිට වඩා හොඳයි හාල් මැස්සෙක් හැදුවා නම්.. නැද්ද මං අහන්නෙ..?

    ReplyDelete
    Replies
    1. හාල්මැස්සෙක් හැදුවානං මේ තත්වය දැකලා අවුල් හිතන එකක් නැහැනේද??????

      Delete
  15. මං හැදුවේ පඹයෙක්..
    කුඹුරට එන කුරුල්ලන්ට පොඩි ආතල් එකක් දෙන්න..
    ඒත් දැන් ඌ යකෙක් වෙලා..
    කුරුල්ලන්ටත් වෙඩි තියනවා..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මං හැදුවේ සමපෝෂ ගුලියක්.....
      ටිකිරා අයියගේ කඩේ තියලා විකුණන්න.
      ඒත් දැන් ඒ සමපෝ්ෂ ගුලිය ඇණයක් වෙලා.
      මගේ චරිතය ඝාතනය කරනවා

      මං පව් නැද්ද ඕයි..........
      අනේ මං පව් ඕයි....

      Delete
    2. මම හැදුවේ තාප්පයක් ..........
      රිවස් කරන කාර් වලට හප්පන්න

      Delete
    3. ආ............ උඹ ඉන්නවා නේද???????

      Delete
  16. එයා හදපු එව්වයේ දැන් කෑලිත් නෑ. ටිකක් හරි හරියට තිබ්බ නම් මෙහෙම වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අගහරුවෝ........... ඒ පදනමත් දැන් කෑලි නැහැ....

      Delete
  17. කොහොම උනත් හැමදම අන්තිමට දිනන්නේ සට කපට දේශපාලඥයම තමයි. මේ ක්‍රමය තමයි වෙනස් වෙන්න ඕන. ඒත් ඒක වෙනස් කරන්න ඉදිරිපත් වන උදවියත් අන්තිමට ඒ රැල්ලටම අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි මනෝ ගැටලුව...... කට්ටිය හිතනවා මේක වෙනස් කරන්න මේ රැල්ල අස්සෙම ගිහිල්ලා පුළුවන් කියලා.. ඒත් ඇත්ත කතාව ඒක තමා ලොකුම රැවටීම...

      Delete
  18. මම විජේවීරගේ දේශපාලනය සමඟ සම්පාත නැතත් කවිය නියමයි කියන්න එය බාධාවක් නෙමෙයි. ගොඩක් වෙලාවට පේන්න ඉන්න සත්තු ඒ අයව හදපු අය මුලින්ම හදන්න හිතපු සත්තු නෙමෙයි. හොඳම උදාහරණය ගෞතම බුදුන් නිසා හැදුණු සමහර සත්තු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉකනෝ............

      අපිත් කිසිම ආකාරයක සම්බන්ධයකින් ලියපු දෙයක් නෙමෙයි... ඒත් රටේ පුරවැසියන් විදිහට බැලුවා ම මේ විවිධ පැතිමානයන් තිබීම ජනතාවට තමා වැදගත්. නමුත් ඒවා අඩපණ කිරීම ජනතාව පැත්තට අවාසි සහගත ලෙන බලපාන දෙයක්.....

      Delete
  19. රොබින් හුඩ්
    රජුගේ මෝඩයා වුන හැටි
    මතක් උනා

    ReplyDelete
    Replies
    1. අපිටත් කියහංකෝ...........

      Delete
    2. අනෙක් උන් උගුලක් කියලා කියද්දීත් ඌ උගුලේ වැටෙනවා.

      Delete
    3. මොනවා..............

      Delete
    4. යකෝ. කළ කොණ්ඩෙ තියෙන රොබින් හුඩ් ගෙ සීරීස් එක මතක නැද්ද? ඒකෙ තියෙන්නෙ රජු ගේ මෝඩයා කියල කොටහක්...

      Delete
    5. හරි හරි බං දැනුයි තේරුණේ.. ඒ සීරියස් එකම මගේ ළග තියෙනවා...... දැන් තමයි ටියුබ් ලයිට් පත්තුවුණේ... හැක්

      Delete
    6. ඇයි ඩ්‍රැකියෝ චීන වීරයෝ ගැන කතාව.ජාතික එකේ පෙන්නුවා 'දියකඩඉම'කියලා. එතනත් මේ වගේම ට්‍රික් එකක්..

      Delete
  20. උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ
    සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
    ආ...........................

    සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
    සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
    ආ...........................

    ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කරදර ව්‍යසන
    සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
    සිත සංසුන් කරවගන්ට

    සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
    දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
    අණබෙර පතුරුවා හරින

    කොයි දේසෙක හිටපු රජෙක් දෝ
    මොන කාලෙක හිටපු රජෙක් දෝ

    ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
    මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට
    ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

    රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
    බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ
    පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
    රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද
    රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
    විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද
    රජා හිනාගන්නන එක ලේසි වැඩක්ද
    අන්දරේව ඕන උනේ ඒ නිසාවද

    එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
    අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
    තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

    රජවරුන්ට ප්‍රශ්න වැඩී
    එන්ට එන්ට ඔළුව බරයි
    ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

    අන්දරේලා....................

    (නාට්‍යය - අන්දරේලා)

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දුවෝ.............. පට්ට..... හැමදාම වගේ උඹ සුපිරි ගැලපීමක් කරා...

      Delete
  21. කයියක් විදිහට පට්ටයි...

    නමුත්,
    මම දකින විදිහට එයා රටපිටවල් වලදී දැකපු අනවශ්‍ය සහ නොගැළපෙන දේවල් අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය රටකට ගේන්න හදපු එකයි ලොකුම ගැටළුව...

    ReplyDelete
    Replies
    1. උඹේ නිර්වචනයට අපේ ගැටලුවක් නැහැ..... කයියට දුන්න අප් එකට තෑන්ක්ස්......

      Delete
    2. මමත් ලොක්කා එක්ක.සිංහළ සමාජය ගැන හරිහැටි තේරුම් නොගෙන ඒ සමාජෙට නොගැලපෙන තියරියක් බලෙන් කා වැද්දීම තමයි හෙනේට හිටියේ.එයා විතරක් නෙමෙයි, ඔය කාල් මක්ස්ව ඉස්සරකරගන ආපු හැමෝටම වැරදුනේ එතනින්.

      Delete
    3. මාක්ස්වාදය ගෙඩි පිටින් එහෙටවත් ගැලපෙන්නෑ දැන්........ ප්‍රායෝගික විය යුතුයි.... නැත්තං ඕනෙම දෙයක් ප්‍රතික්ෂේප වෙනවා......

      Delete
  22. කවි ටික එළ කිරි.
    මම කියන්නේ විජේවීර කලේ දේශපාලනයක්.අපි එක පිළිගත්තා,නොපිළිගත්තා එක වෙනම කාරණාවක්.
    ජවිපෙ සද්දේ අඩුයිද ?නැතිනම් ජවිපෙ දාන සද්දේට වඩා වෙන සද්ද අවට දේශපාලන සමාජ වටපිටාවේ තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. නෑ ජවිපෙ කරන්නේ නොකළ යුත්තක්............

      Delete
  23. කවි ලියන්ඩ පාඩමක් ලියමුද? සොර පිහිටවල ලියන්ඩ තේරෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන නොහිතා ඉස්සල්ලා ම ලියන්න...... කවි ලියනවාට වඩා හොදයි මුලින් ම නිසදැස් ලිවීම....... අවශ්‍ය අදහස නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීම පමණයි.....

      Delete
  24. Replies
    1. තැන්කූ අයියෝ.................

      Delete
  25. කාලෙකින් මේ පැත්තේ ආවෙ. පදපෙළ නියමයි. ඒත් වැරදීම වුණේ මුල පටන්ම නෙමෙයිද ?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් හරි ආවාට තුති................ මුල මැද අග සියල්ල තුළම වැරදි තියෙනවා....

      Delete
  26. අපිට කවදත් උනේ ඕකම තමයි නේද? ලොකු හීන තියාගෙන හදපු හුඟක් දේවල් අන්තිමේ බලාපොරොත්තු ඉටු කලේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්............... හැමදාම හැම අලුත් දෙයක් ම හැදුව අරමුණ පස්සේ ඉටුවෙන්නේ නැහැ....... වෙනස් වීම ලෝක ධර්මතාවයක් තමා... ඒත් මෙහෙම වෙනස්වීමක්....

      Delete
  27. Replies
    1. හොදා ලයියෝ.........................

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. කවි ටික නියමයි.
    වර්තමාන තත්වයට මකරා පත් කල දේශපාලන වට පිටාව ( එක එක පුදගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා සහ තව තව සුළු පක්ෂවල දේසපාලන ගමන් මග මෙනම් මහා පක්ෂ ඇතුලේ ගැටුම් ) අමතක කර මම මකරා කියන එක තේරුම් නොගත් පිරිසක් ....

    ReplyDelete
    Replies
    1. හ්ම්................. ලොකු කතාවක් නෙවැ....

      Delete
  30. කයිය රසවින්දා උපරිමෙන් කියන්ට වචන ලෑ අති විෂිට්ටයි ඈ (තිතක්))

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා (ඉරක්)(තිතක්)

      Delete
  31. නියමයි. ආයේ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක සහෝ..............

      Delete
  32. එකඟයි... මිනිස්සු ජවිපෙ වටා රොක් උනු අරමුණු පාවාදීමක්,මිනිස්සු පට්ට මෝඩයෝ විදිහට හිතීමක් රජ වෙලා වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ගැන ජවිපෙ ඉක්මනින් ම සිතන්න වෙනවා. පහුගිය ඡන්දෙදි වුණ දේත් දන්නෑ වගේ හිටියට ඔවුන්ට දැන් මේ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.

      Delete
  33. පැහැදිලියි ගැබුරුයි...ජය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...