Friday, January 29, 2016

අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න.....



දෑස් ඉමේ සිනා සලන ඉරගිරවී අහන්න
දෑත් ඉනේ තබා රඟන මාලගිරවි බලන්න
අෑත ඉඳන් පෙම් කෙරුවට මගේ ගැනත් හිතන්න
අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න

නුඹ කිව්වට ගී පද බැඳ අාදරෙයි කියාලා
මට කියන්න බැහැ ගිරවියෙ මා ඔබෙයි කියාලා
නුඹට වඩා මගේ ගිරවි මට අගෙයි කියාලා
දන්නවනං අැයි බලන්නෙ මං බලයි කියාලා

ඔතන ඉඳන් අත වැනුවට මට එන්නට බෑ
මගේ ගිරවි අඬවන්නට දුකක් දෙන්න බෑ
මේ හුරතල් දකින්නැතුව මට ඉන්නට බෑ
කූඩු වෙන්න ඔබත් එක්ක එන්නට මට බෑ



තුෂාර විතාරණ


රූපය - www.claytonladuerotary.org

.

46 comments:

  1. පට්ටයි ඕයි.... මේක මනාට දීලා බයිලා ස්ටයිල් එකට සින්දුවක් හදපං.... බෑ කිව්වොත් බලෙන්ම හදා ගනින්...

    ReplyDelete
    Replies
    1. උඹ හරි.............. මට ඔ්නේ වුණෙත් ටිකක් බයිලා ටයිප් යන අමුතු විදිහේ සරල සින්දුවකට පද ටිකක් ලියන්නයි....... ඒක බලපු ගමන් පේනවා කියන ඒකම සතුටක් මාතා....... මනා මේක දකීනේ නේද???????

      Delete
  2. ලස්සනයි තුෂාර. මේක හරියන්න් එම්ජී ධනුෂ්කට බං.. හැපි හැපි.. වෙරි හැපි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශා................ ටිකක් වෙනස් විදිහේ දෙයක් ලියන්නයි උත්සහ කරේ..........

      Delete
  3. අගේ ඇති පද වැළක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි සහෝ...................

      Delete
  4. බෑ...බෑ...බෑ.....
    මට එන්නට බෑ.

    ඔය කිවුවට ඉතිං.............


    නියමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියාට අනුව නං මේ පද වල තැන් කිහිපයක් ම වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න.........

      'ඒන්නට බැරි නෑ' වගේ වෙනස් වෙන්න වෙනවා...

      Delete
  5. අනේ මන්දා, තුෂාර මේ දවස් වල " දුරින් හිඳ පෙම් කරනවා" වැඩියි වගේ ...☺ ☺

    මටත් හිතෙන්නේ මාතලන්ගේ අදහස ක්‍රියාත්මක කරනවනම් හොඳයි කියලා, කුරු‍ටු ගෑ ගී පවුරෙන් බිහි උනු ගීතයක්/සිංදුවක් රසවිඳින්නත් අපි කැමතියි...

    ReplyDelete
    Replies
    1. සතුටුයි සදරුවෝ මේ වගේ කරන්නා වූ අගය කිරීම් වලට... බලමු තනුවක් වැටෙයි ද කියලා.......... වැටුනොත් තමා ඉතින් නේද???????

      Delete
    2. බලාගෙන තුෂාර , සරස්වතී දේවිය ඇවිත් ඔයාගේ පද මාලාව උඩට තනුවක් අතහරීවි .....

      තනුවක් වැටෙනකල් බලන්න් ඉන්නෙ නැතුව, මාතලන් කිව්වා වගේ පද මාලාව මනාට දුන්නා නම් වැඩේ කෙරේවි නේ ?????

      Delete
    3. කරමු කරමු................ මාෙනවා වුණත් ඉතින් මේ අදහස් දැක්වීම් වලිත් හිතට දැනෙන සතුට මෙච්චරයි කියන්න බැහැ සදරුවෝ..............

      Delete
  6. ලස්සනයි තුෂාරයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණයෝ.................

      Delete
  7. මගේ ගිරවී දැන ගත්තොත් මට විසුමක් නෑ.. ලොලේ ලොල්.. හැබැට පට්ටයි මේක සිංදුවකට නම් :)

    ReplyDelete
    Replies
    1. ගිරවියෝ ඔක්කොම ඒකයි වගේ නේද????????? ස්තූතියි කමියා අගය කිරීමට.......

      Delete
    2. හිටං මම ගෙදර මනුස්සයට කියන්න

      Delete
    3. කමියාගේ ගිරවිටද????????

      Delete
    4. ඔක්කොම එකයි කිව්ව තුෂාර මහතැන්ගේ ගිරවිට...

      Delete
    5. අා............. මේ අපේ ගෙදර කෙනාද???????????

      Delete
  8. වෙනසට අවුරුද්දක් පහුවුනාට පස්සෙනේ උබ වෙනස් වෙලා තියෙන්නේ.
    ලස්සනයි මචන්.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංහයෝ................ අවුරුද්දයි කිව්වාට තාම වෙනස් වෙලා නැහැ බං.......... තිබුණා වගේමයි...... හැක්

      Delete
  9. හ්ම්ම් හ්ම්ම්ම්.... එරිත්‍රියාවට ගස්ලබ්බ කැමති ඕකනෙ..
    හෙහ් හෙහ්.. වෙනසක් ඇත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඒ හැබෑටම,,,,,,?????????

      Delete
  10. Replies
    1. තැන්කූ කොමෙන්ටු පොඩ්ඩටත්.....................

      Delete
  11. Replies
    1. ස්තූතියි තලා පෙලා (අා නැ නැ තලා).............

      Delete
  12. Replies
    1. යකෝ ළග ඉන්න කෙනා හොදයි කියලානේ කියලා තියෙන්නේ... අැයි ගුටි කන්නේ..... ඒකදාගන්න ලියුවේ බං.......

      Delete
  13. මෙන්න සින්දුවක් කුරුටු ගාලා.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ කියලා කෑල්ලකුත් ඉස්සරහාට දාලා මෙහෙම කියමු...

      බුදු අම්මෝ මෙන්න සින්දුවක් කුරුටු ගාලා.......

      Delete
  14. අප්පට සිරි..
    මල් හතයි තුශාරයො.. ඇත්තමයි..
    කවුරු හරි ඇවිත් අහනකං බලා නොයිද කාට හරි දීයන් බලන්න. අලුත් එකෙක් කියල නොහිත වැඩේ කරන උං ඉන්නව.
    මේ වගේ එකක් නං සුපර් හිට් තමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...................

      අර මං හැමවෙලාවෙම කියනවා වගේ මේ වචන තමා මට තියෙන සතුට... අපි බලමු. කවදා හරි මේ පද ගීතයක් වේවි...........

      Delete
  15. හොඳ හිත තියාගෙන හිත හොඳ බව කියපු කවියක් නේ මේ... තේරුණාද මන්දා මම කියපු දේ... ලස්සනයි ගොඩාක්...
    මතකද තුෂාර යෝජනාවක් කළා තුෂාරගෙ 'අනුන් වෙනුවෙන් ජීවත්වීම...' කවි පන්තියෙ තේමාවට කවියක් ලියන්න කියලා. ලියපු කවි ටික කාර්යබහුලත්වය නිසාම මාස ගණනාවකට පස්සෙ අදයි පළකරන්නට ලැබුණේ. ගිහින් බලන්ටකෝ...
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. පද ටික හරියට ම තේරුම් අරන් තියෙනවා ගීතිකා...........

      මොනවා වුණත් අපි ලියපු කවි පෙළක් සම්බන්ධවෙලා තවත් නිර්මාණයක් බිහිවුණා නං ඒක ලොකු සතුටක්........ දැන් ම යනවා බලන්න....

      Delete
  16. බයිලා තාලෙකට වගේ තමා මම නම් මේක කියෙව්වේ ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඒහෙනං අගරුවා හරි.............. ජය

      Delete
  17. මචෝ..
    සුපිරිම පද රචනයක් තමයි...

    මාත් කියන්නේ අර මාතලන්ගේ යෝජනාව ගැන සලකා බලන්න කියලාම තමයි...

    ReplyDelete
    Replies
    1. විභී මචං................. කරමු කරමු............ ඒත් මේ දවස් වල උන් කාර්යබහුලයි. නෙලුම්යායේ වැඩෙත් ඒක්ක වැඩ ගොඩක අැත්තේ....... ටිකක් නිදහස් වුණාම බලමු නේද?????

      Delete
  18. ලස්සනයි මචං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...................

      Delete
  19. ගී පවුර ගී පොතක් වෙලානේ.යැස්,යැස් මේක එම්.ජී ටම තමයි හරි යන්නේ..

    ReplyDelete
    Replies
    1. ගී පොතයි මී විතයි වෙලා.................. හැක්.........

      Delete
  20. ගීයකට සුදුසු ලස්සන පදපෙළක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...