Monday, January 25, 2016

සර් මං වකුගඩුවක් දුන්නා.............


වකුගඩුවක් නෙමෙයි අක්මාවක් වේවා
පණක් ගැහෙන්නට අවැසි නම්
ගත පුරා දුවන රක්ත වර්ණ ලේ
නොනැවතී දුවන්නටත් ඕනෙනම්

දෙකක් තියෙන එකේ
එකක් දීලා පින් ගන්නත් හැකිනම්
ගෙදර ප්‍රශ්ණ විසඳ ගන්න
පින් ටිකක් මුදල් කරගන්න වේ නම්

පත්තරේ අැඩ් එකක් දමා
අහිංසකකමට ගන්නටත් බැරිනම්
උපන් දා සිට හම්බකරපු සල්ලි
මක් වෙනවද කරාම වියදම්......................


කසුප් අනුරාධ


රූපය - www.lankaenews.com

53 comments:

  1. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් වකුගඩුව තමා අපේ කට්ටියගේ මාතෘකාව.........

      Delete
    2. සිංහ ලේ යටපත් වේ
      වකුගඩුව ඉස්මතු වේ

      Delete
    3. ඒක හැබැයි.................. දැන් ඔය ඉන්දියාවෙත් අැත්තේ සිංහ ලේ නේ...... අැයි විජයගේ තාත්තා සිංහයානේ.........

      Delete
  2. පින් කන්නද සල්ල නැතුව මේ ක‍ාලේ...

    ReplyDelete
    Replies
    1. කන්න බොන්න නැති මිනිස්සු ඉන්නතාක් කල් මේවා අමුතු දේවල් නොවිය යුතුයි ප්‍රසා අයියා.........

      Delete
  3. මැරෙන උන්ගේ කෑලි බෑලි විකුණගන්න ලංගම නෑයින්ට අවස්ථාවක් දුන්නනම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලංගම නෙවෙයි ලඟම** ලංගම වුන් විකුනන්නේ හොඳට දුවන බස් වල කෑලි නේ.. හැක හැක හැක..

      Delete
    2. හම්මෝ, මහ බයානක යෝජනාවක්.

      Delete
    3. ඇණය බයවෙලා පණපිටිංම ඇණ ගලවයි කියල. හැක්..

      Delete
    4. ෂුවර් ළගම නෑයිනුත් විශ්වාස කරන්න බැරිව යනවා මේකෙන්........ ඒත් කමියා උඹ වෙනස් යමක් දැකලා තියෙනවා..........

      Delete
  4. තහනම් කරන කොට බ්ලැක් මාර්කට් එක ඇතිවෙනවා. සවුදි අරාබියෙත් මත් බීම ගන්න පුලුවන්ලු ලොකු ගාණකට. ඒ වගේ. ක්‍රමයක් ඇති කළානම් යහපතක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් මේක කතා නොකළ යුතු මාතෘකාවක් කියලා බොහෝ දෙනෙක් හිතයි..... ඒත් මොකක් ද මේකට තියෙන උත්තරය..... ජීවිතය බෙදා ගැනීම ද...???? නැත්තං මිනිස්සු මැරෙනකල් නීති හැදීමද.....????

      Delete
    2. අපි කොහොමත් අමුතු අැටේ පොරවල්නේ.... නේද මධුවෝ....????

      Delete
  5. ඇත්තටම තහනම් කරන්න හොඳ නෑ.එහෙම උනාම මිල වැඩිවෙනවා

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහතා......

      දැනට කියලත් මේකට නීත්‍යානුකූල වෙළදපොලක් නැහැ...... ඒත් මෙතන ගැටලුවක් තියෙනවා.... මිනිස්සු සල්ලි දීලා වකුගඩු විතරක් නෙමෙයි අනිත් කෑලිත් ගන්නවා... සල්ලි ඔ්න වුණාම මිනිස්සු ඒවා විකුණනවා..... ඒවා විකුණන ගන්න අයට අතරමැදියෝ වෙලා තවත් පිරිසක් ජීවත් වෙනවා.... ඒ ගමන් ම මේක ජාවාරමක් විදිහට මිනිස්සු උස්සලා කොටස් ගලවා ගන්නවා.... ඒ හැම තැනකම අතරමැදියෝ ඉන්නවා.... ඒවා ගලවලා ජීවත් වෙන දොස්තරලත් ඉන්නවා...... මේවා බද්ධ කරන්න හොර පාරෙන් ගෙනැත් ලියාපදිංචි කරලා දෙන කට්ටියකුත් ඉන්නවා... මේක අැත්තට ම කිව්වොත් ව්‍යාපාරයක්...... විකුණන ගන්න මිනිස්සු ජීවත් වෙන මහා ව්‍යාපරයක්...... ජීවිතය විකුණන සහ මිලදී ගන්න වෙළදපොලක්........

      Delete
  6. මේ කාලයට ඔබින කවිපෙලක්.

    ReplyDelete
    Replies
    1. ලලිත් අද තියෙන උණුසුම්ම මාතෘකාව...........

      Delete
  7. ඉන්දියාවෙ ජයටම කෙරෙන බිස්නස් එක ලංකාවටත් බෝ වේගෙන යන්නෙ.

    "කෝමා" කියන පොත කියවලා තියෙනවද? ඒකේ තියෙනවා ඔය අවයව කොල්ලෙ ගැන නියම කතාවක්. ඔපරේශන් තියටර් එකේදි ඔක්සිජන් වෙනුවට කාබන් මොනොක්සයිඩ් දීලා මොලේ මරලා දාලා කෝමා ලෙඩෙක් උනාම ඒ වගේ අය බලාගන්න සාත්තු නිවාසෙකට යවනවා. එතනින් ටික ටික අවයව ගලවනවා. කියවලා බලන්න පුළුවන්නම් ඔය බිස්නස් එකේ තියෙන බරපතලකම ඒකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය මාර දෙෙවෝපගතයි. මොකද මේ සිද්ධිය නිවුස් ඒක යන්න කලින් හින්දි ෆිල්ම් ඒකක් ගියා.... ඒකේ ගියේ ඔබ ඔය කියන කතාවමයි.... මට ෆිල්ම් ඒකේ නම නං මතක නැහැ... ඔය කියන සිද්ධියම තමා ඒකේ පෙන්නුවේ... ටික වෙලාවකින් නිවුස් දැම්මා... ඒකේ මේක ගියා......

      ඔය විදිහම තවත් සිද්ධියක් වුණා... ඒ අර ඉන්දියාවේ ඒයාර්ෆෝස් කෑම්ප් ඒකකට පකිස්ථානයෙන් ගහපු කේස් ඒකයි.... ඒක නිවුස් වල යන වෙලාවේ පෙන්නමින් හිටියේ 'මෙයි හූනා' චිත්‍රපටිය... ඒකේ කියන්නෙත් ඒ විදිහම කතාවක්...........

      ඉන්දියාවේ පොලීසිය ගැන ලැජ්ජාවක් නැතුවම නෙමෙයි..... ඒත් ඉතින් උන් ගැන කතා කරලා අපි උන්ව හදන්න යෑ.......

      Delete
    2. දෛවෝපගත නෙමේ බං. උන් ප්‍රෝග්‍රෑම් පැරෙඩ් එක හදන්නෙ ඒ විදිහට මිනිස්සුන්ට දැනෙන්න. උන්ගෙ ඇඩ් එකක් අරං බලපං.

      Delete
    3. ඒක හරි............ මේවාට හිනාත් යනවා බං....... අපි මේවත් බලනවානේ...

      Delete
  8. මෙකේත් බ්‍රෝකර්ලා තමයි වැඩිම කොටස ගන්නේ... ඒ කියන්නේ දොස්තරලා... නමුත් එතනෙ තමයි ප්‍රශ්ණේ තියෙන්නේ... රැකියාවේ මූලධර්‍ම හා මුදල අතර...

    මුන්ට සල්ලිකාරයන්ගෙන් වකුගඩු විකුණලා සල්ලි ගරන්න හොඳයි..

    සල්ලි තියෙන උන්ට උන්ගේ ළමයි දොස්තරලා වෙන එකයි වැරද්ද...

    ReplyDelete
    Replies
    1. මාතා මේකේ පාර්ශව කීපයක් ම ඉන්නවා....

      1. සල්ලි වලට වකුගඩු ගන්න පිරිස තමා උඩම ඉන්නේ..... ඒ සල්ලි බලය...

      2. දෙවැනි පිරිස මචං කොටස් කීපයකට බෙදන්න හැකියි.... මෙතැන ඉන්නවා අතරමැදියෝ කියන කොටස... ඔවුන් තමා වකුගඩු දෙන පිරිස සම්බන්ධ කරගන්නේ.... මෙතැන පාතාලයකුත් තියෙනවා... ඒක බලෙන් සිද්ධ වෙන කාරණයක්.... පාතාල නොවන සමාජය තුළ ප්‍රසිද්ධියේ ඉදගෙන මේක කරන පිරිසකුත් ඉන්නවා..... මොවුන් පැහැදිලිව ම ව්‍යාපාරිකයින්.....

      3. මේ මැද කොටසේ ම ඉන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසකුත්... මොවුන් වෙෙද්‍යවරුන් විතරක් කියලා කෙලින් ම චෝදනා කරන්න බැරි නමුත් දොස්තරවරුන්ගේ සම්බන්ධතාවයන් අැති පිරිස තමා මෙතැන ඉන්නේ...... මේ මැදකොටස කියන්නේ මේ ව්‍යාපාරයෙන් වැඩිපුරම හම්බ කරන පිරිසයි.... අැත්තට ම මේ ව්‍යාපාරය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ පිරිසට..... ඒ වගේ ම රාජ්‍ය පාර්ශවය සමග වුණත් සම්බන්ධතා තියෙන බලයක් අැති පිරිසක් තමා මේ කොටස.......

      4. මේ තමා පහළ ම තට්ටුවේ ඉන්න පිරිස... දුප්පත්කම හෝ වෙනත් අසරණකමක් මත අයවය ලබා දීමට හෝ ලබා ගැනීමකට ලක්වන පිරිස මේ කොටසටයි අයත් වෙන්නේ..... මේ පිරිසට තමා මුදල් හෝ බලය කියන සාධක දෙකම නැති පිරිස..... ඒ නිසා අාරක්ෂාව සලසා ගැනීමට නොහැකි පිරිසත් මේකයි......

      මෙන්න මේ විදිහට දළ වශයෙන් මේ ව්‍යාපාරයේ සිටින කොටස් හදුනාගන්න හැකියි මාතා.......

      Delete
  9. මුළු ශරීරයම දන් දෙන්න බැරිද දන්නේ නෑ නෙහ්? නෑ මම කිව්වේ ඉතිං ඔය කෝච්චි වලට පැනලා එහෙම දිවි නහගන්න අයට පිනකුත් කරගෙනම යන්න පුළුවන් යන දිහාකට.

    ReplyDelete
    Replies
    1. හදිසි අනතුරු වලින් මියයන අයගේ අයවය තවත් ජීවිතයක් බේරා ගැනීමට යොදා ගැනීම ගැන පොදු සංවාදයක් තාමත් සමාජයේ හරියට අැති වෙලා නැහැ... ඒක අමානුෂික විදිහටයි සමාජය දකින්නේ...... හැබැයි ඒ සමාජයම සත්තු මරලා මස්කන ඒකේ අවුලක් දකින්නැහැ... මේවා ගැන මීට වඩා දියුණු සාකච්ඡා අවශ්‍යයි..... ඒක මේ ජාවාරම් රැසක් වෙනස් කර ගැනීමට මගපෙන්නාවි....

      Delete
  10. මිනිස් අවයව බිස්නස් එක ලෝකයේ හොඳ සල්ලියක් හොයන අමානුෂික ව්‍යාපාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාමාමේ,

      අවිජාවාරම..... මත්ද්‍රව්‍ය වෙළදාම....... කලු සල්ලි ජාවාරම.... වගේ ම ලෝකයේ තියෙන තවත් සල්ලි උණන ව්‍යාපාරයක් තමා.......

      Delete
  11. හම්බේ..........හොඳ වෙලාවට වෘෂණ කෝෂ බද්ධ නොකරන්නෙ.
    (කෝ මේ ජීවක පරපුර? මොකෝ සද්ද නැත්තෙ?)

    ReplyDelete
    Replies
    1. ඒකත් ජාවාරමක් වේවි...... මධුවා තවත් දෙකක් හයිකරගයිද කියලයි අපිට බය......

      Delete
  12. ඉන්දියාවේ මේක ජාවාරමක් විදියට සිද්ද වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ කර කර අපිට අැගිල්ල දික් කරනවා....... ඉන්දියාව හිතාගන ඉන්නේ අපි බබ්බු කියලා.....

      Delete
  13. samaharawita ediri anaagathedi neethi reethi walata yatathwa oowa legal wennath puluwan.

    Kasuph, kavi tiki lassanai...

    ReplyDelete
    Replies
    1. සෙනරත් සහෝ............

      නිතර ම යන ඒන කෙනෙක් නිසා විස්තර අහන්න හිතුණා.... ඔබ බ්ලොගයක් ලියනවාද?????

      Delete
    2. thawama naha kasuph.
      man thawama mekata aluth ediriyedi balamu.

      oyagollane kavi wagema kalatipol lipith man kamaththen kiyawanawa.
      maathege lipi hoyan aagamana thamai oyaala atharata set une.

      Delete
    3. සෙනරත් සහෝ........

      ජී මේල් ඒකක් තියෙනවා නේද?????? ඒහෙනං අපි සහයෝගයෙන් ඒකක් පටන් ගනිමු..... වැඩේට කැමතිනං ඉස්සල්ලා බ්ලොගයක් පටන් ගනිමු... ඊට පස්සේ සිංහල කොටන්න පටන් ගනිමු..... මොකද කියන්නේ.......

      Delete

    4. Kasuph you know very difficult to write sinhala in this system.
      and I'm using a phone log into
      Internet at the time.

      When I get a chance use to computer then I take help from one of blogger like you.

      (Coz I'm not a free person at the moment.)

      anyway I'm very happy about your idea. Thank you very much dear...

      Delete
    5. හරි ඔ්කේ හැකි විදිහකට පටන් ගනිමු...... ජයවේවා...

      Delete
  14. මේකේ අවයවේ අයිතිකාරයා බ්‍රෝකර්ලා හූරාගෙන කනවා

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ට්‍රන්ස්...............

      කැමැත්තෙන් දෙන මිනිස්සු පිරිසකුත් ඉන්නවා.... කැමැත්තෙන් කියන අයත් තුන්පිරිසක් ඉන්නවා....

      1. මං දන්න විදිහට අාගමික අංශයට සම්බන්ධ සංඝයා වහන්සේලා සහ වෙනත් අාගමික අනුගාමිකයින් පිනක් විදිහට හිතලා කරන අයවය ලබා දෙන අවස්ථාවන්.
      2. පවුලේ ඥාතියෙකුට ලබා දෙන අවස්ථාවන්
      3. මුදල් ලබා ගැනීමේ අරමුණින් දුප්පත් කෙනෙකු විසින් කරන අවස්ථාවන්

      මේ වැඩේ ගැටලුව තියෙන්නේ මේ පිරිස් වලට බාහිරින් සිද්ධ වෙන දේ තුළයි..... ඒතැන තමා ජාවාරම සිද්ධ වෙන්නේ (ලබා ගැනීමේදී) අපි දන්නවානේ ඉන්දියාවේ වන්දනාවේ ගිය පිරිස් උස්සලා අවයව ගලවා ගැනීම ගැන... මේක තමා ජාවාරම. බලෙන් සිද්ධ වෙන අවයව ගලවා ගැනීම.

      මේකේ අනික් පැත්ත තමා මේ මොන විදිහට හරි අවයව වෙළදපොළට ලැබෙන අවයවය විකිණීම කියන ගැටලුව. ඒක මුදල් ඒක්ක සිද්ධ වෙන නොමග යවන සුළු අවයව වෙළදාමක් තමා..... මෙන්න මේ දේවල් වලට තමා පැහැදිලි නීති රීති මාලාවක් අවශ්‍ය වෙන්නේ.. සහ පාලනයක් අවශ්‍ය වෙන්නේ........ මෙච්චර කල් මිනිස්සුන්ට නොතිබුණ අනාගතයේදී අැතිවිය හැකි ප්‍රධානම අවධානම මේක වෙන්නත් පුළුවනි.... ඉස්සර අම්මලා අපිට කිව්වේ පොඩි ළමයි අරන් යනවා කරවල වේලන්න කියලානේ... දැන් කියන්න වෙන්නේ මේක තමා ඉතින්....

      Delete
  15. සමහර ආසියාතික රටවල මිනිස්සුන්ගෙන් බලෙන්ම උස්සනවනේ. මිනිස් ජාවාරමේ එක පැත්තක් ඔය වකුගඩු හොරකමත්.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අැත්තම කතාව නං දැන් දැන් ඉන්දියාවේ වන්දනාවේ යෑම කියන්නෙම මහ භයානක දෙයක්.... උස්සං ගිහින් අදාළ අවයව ගලවාගෙන ගුවන්තොටුපළට ගෙනත් දාපු අවස්ථා කීපයක් ම තියෙනවා.... විදේශිකයන්ට තමා මේක ඔවුන් වැඩි පුරම කරන්නේ.....

      Delete
  16. ඉන්දියාව වගේ රටවල මේක සැරටම යනව ඒ වෙනුවෙන් වීදි දරුවන් පවා මස් වෙන අවස්ථා තියෙයි
    නවත්තන්නම බැරි ලෙඩක් මචං කෝමත් සාධාරණීකරණයක් කරන්න පුලුවං දෙයක් නං නෙවී

    ReplyDelete
    Replies
    1. අැත්ත මහේෂ්..............

      මේකේ අපි නොදකින පැත්තක් කියන්නද,,? තවත් පිරිසක් ඉන්නවා අවයව ලබා ගැනීමේ අරමුණින් ම කාගේ හෝ දරුවෙක් අරන් තමන් භාරයේ හදාගන්න. ඔවුන් කරන්නේ විදේශ රටකින් දරුවෙක් ගන්නවා. තමන්ගේ ලේ වර්ගයට ගැලපෙන කෙනෙක් තමා ඔවුන් බොහෝ විට ගන්නේ. අරන් දරුවෙක් විදිහට හදා ගන්නවා. හැම දේම කරලා දුන්නාට ඔවුන්ගේ අරමුණ තියෙන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කොටසක් ලබා ගැනීමයි. මේක මහ අමානුෂික ක්‍රියාවක්. නමුත් දැනටත් මේ අරමුණින් මේ අය අතර හැදෙන වැඩෙන දරුවන් කීයක් නං අැත්ද????????? මොවුන් මසට අැති කරන සත්තු වගේ තමා...

      Delete
  17. මිනිස් අවයව විකිණිය හැකි ලෙස නීති ගත කෙරුවොත් එක ලොකු ගැටලුවක් වෙනවා අපේ වගේ රටවල් වල.අසරණයින්,විදි දරුවන් ආදී රටේ ජනතාවගේ අවධානය අඩුවෙන් යොමු වෙන මිනිසුන්ගේ අවයව බලහත්කරායෙන් හෝ අල්ලස් මගින් විකුණන්න පොලබවන්න පුළුවන්.ඒ වෙනුවෙන් කටයුතු කරන මාෆියා,පාතාල කල්ලි බිහි වේවි.

    මේ වෙනුවෙන් කලයුතු හොඳම දේ අනතුරු වලින් මිය යන ඇතුළු අවයව ඉවත් කරගන්න පුළුවන් තත්වයේ පවතින සිරුරු තුලින් ඒ අවයව ඉවත් කර ගැනීමට අවශ්‍ය නීති රජය විසින් ගෙන ඒමයි.ලගම නෑයින්ගේ අනුමැතිය ඇතුව මේ දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මනෝජ් දැනටමත් ඒ විදිහ පාතාල කල්ලි ඉන්නවා... ඔය සිද්ධිය හරහා ඒ ගැනත් කතාව අැදිලා ඒවි. හදිසි අනතුරු වලින් මිය යනවා කිව්වා ම ඒකත් නීතියට පිටින් ගිහිල්ලා හදිසි අනතුරු කරවලා මිනිස්සු මරන තැනට සමාජය හැදේවි. මොනවා වුණත් හරි නීති රාමුවක් අැතුලේ මේක නීතිගත වීම නං වැදගත් තමයි......

      Delete
  18. අවයව ජාවාරම හරි දරුණුයි...

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි ඉන්දරේ දැන් අපි කරන්න ඔ්නේ මේ ගැන කතා කිරීමයි.....

      Delete
  19. මචෝ වකුගඩුවා ඉන්නේ කොහේද???

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අැඹිලිපිටියේ....................... අැයි සෙට්වුණාවත්ද???????

      Delete
  20. සුපියල් 35000ට අරගෙන 120000ට විකුනපු සිද්ධියක් උනා ලඟදිම.ඕනෙ දෙයක් ගන්න තියෙනවා.. සල්ලි තමයි යතුර.
    ජයවේවා..!!

    ReplyDelete
  21. එක්කෙනෙකුට දෙක දෙක මොකටද ?
    දෙක බැගින් තියෙන ඒවායින් එක බැගින් දුන්නා නම් මොකද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...