Wednesday, December 9, 2015

වෙඬරු සේ දියවී ගලයි පෙම .............




















සැඟවුවත් මා ඔබට දෙනයන
අැසේ අැඳි සොඳුරු වූ සිත්තම
සොයයි නුඹේ රුව තිස්සෙම
දැවෙයි මගෙ මුළු හදම ගිනිගෙන

නොමැති දෝ සිත හැඟුමන්
සැඟව සිටියද දැක්මන්
නුඹෙ දෙඅැස තවමත්
කරයි මගෙ හද මන්මත්

හිරිවැටෙන නෙතු බැල්මන්
සවන රිදවන සුපෙම් සක්මන්
තෙපුල් රත්පැහැ කරන හැඟුමන්
සිතින් කෙලෙසක කරමි අවමන්

දහස්වර විත් හිතට වදදෙන
අහිමි සිසිලස විඳිමි තිස්සෙම
ඔබට නොදැනෙන මගේ ලෝතුළ
සුපෙම් සෙනෙහස් කිරුළ ඔබමය

යඳඬු සේ ගිනියම් ය මයෙ ගත
වෙඬරු සේ දියවී ගලයි පෙම
කිමිදෙන්න නැතුවත් වරම් අද
විඳගන්න සිත් සේ සිතැඟි අැත....



කාංචනා චන්ද්‍රසේකර


.

94 comments:

  1. කෑදර කමක් නැති ආදරයක්.. :) අගෙයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ලිව්වේ නම් කෑදරකමකින් තමයි කළ්‍යාණ මිත්‍ර..............

      Delete
  2. එල ද බ්‍රා
    අසරන වු ආදරයක්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙන්ඩා......

      Delete
  3. හිතින් පෙම් කිරීම..
    ඒකත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. හිතින් විතරක් පෙම් කරන්නම්
      දුරින් හිද ඔබ දෙස බලන්නම්....කියලා චාමර වීරසිංහ හඩා වැලපෙන්නේ ඒකනේ

      Delete
    2. සිතින් විතරක් පෙම් කරන්නම්
      දුරින් හිද ඔබ දෙස බලන්නම්
      ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

      නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
      දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
      දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
      දෙතොල් සිනහා මවනු මට ‍බෑ
      අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
      සිතින් විතරක්...

      සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
      නිසල කරන් මම ඉන්නම් සෑම දින
      කාත් කවුරුවත් නොමැති මා හට
      ඔබත් අහිමව ගියපු අරුමය
      අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
      සිතින් විතරක්...

      ගායනය - චාමර වීරසිංහ

      Delete
    3. ඇනෝ.. දාහන්කො ඔයිට වඩා ප්‍රබුද්ධ එකක්...

      Delete
    4. හිතින් මා නොසැලී හිඳිද්දී
      කඳුළ නුඹ ඇවිදින්
      නිවා දැමු ඒ නෙතේ පීඩා
      නොබිඳිනූ මැනැවි...

      තනිව මා හඬනා වෙලාවේ
      සැලි සැලී සීතේ
      වැටුණු මහ වරුසා මතක් වේ
      නුඹ රැඳී දෑසේ...

      තවම මා නොදුටූ සිනා කැන්
      හමු නොවූ යාමේ
      කඳුළ මට කරුණා කරන්නැයි
      අයැදිමී නිබඳේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : ස්ටැන්ලි පීරිස්
      ගායනය : ටී. එම්. ජයරත්න

      Delete
    5. පිවිතුරු සිතින් එනු මැන ළඳේ
      අවසන් සුසුම් ගිළිහෙන දිනේ
      මට පැන් පොදක් අරන් දෝතින්
      එතුවක් දුරින් ඉන්න ඈතින්...

      ඇය මා ළඟින් වෙළී බැඳී
      ළතැවුල් මවා ගියා ඇදී...//
      ඒ දුක් රැහැන් වලින් මිදී
      අද මම විඩා හරින්නෙමී...

      තනිකම වගේ සුවක් ලොවේ
      මිනිසත් බවේ තවත් නොවේ...//
      මනසින් ලබන්න හැකි සුවේ
      අප ලං වුණොත් දුරස් වෙතේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න

      Delete
    6. ඔය තියෙන්නෙ.. ස්තුතියි...

      Delete
    7. @ අැනෝ..අැයි වැටෙන් ඒහා මල් පදුරේ ඔබ පිපී වැනෙයි අත නුදුරේ..........


      @ප්‍රසා අයියා ඒ්කෙ රස දන්නවා මගෙ හිතේ..


      @ඒ්ක අැත්ත මනෝ මන්දිර......චාමර වීරසිංහ ප්‍රසිද්ධියේ අඩනවා.අපි රහසින් අඩනවා.....

      Delete
    8. @සජ්ජා...අර ප්‍රබුද්ධ නැති එකේ අවුල මොකක්ද බන්??

      Delete
    9. නෑ නැ මේ එකක්වත් නෙවෙයි, තියෙනවා බං මේකටම හරියන එකක් මට මතක නෑ. ඔබ ආයෙමත් ඇවිදින්.. එකත් නෙවෙයි, ඒත් ටිකක් ඒ වගේ. තමන් දාල අව පෙම්වතියගේ/බිරිඳගේ අගය ආයෙමත් දැනෙන සිංදුවක්.

      සිංදුවෝ මතක්කරහංකෝ...

      Delete
    10. මා හිස පිරිමැද 
      නැවත නොඑන්නට
      ඔබ වෙන් වී ගිය දා..
      සටහන් නැත මැකිලා
      ඒ නික්මන් ගමනේ......

      මගෙ ජීවිතය ම 
      ඔබෙන් සැදුණු බව
      එදිනයි මට දැනුණේ..
      එතරම් අසරණ වී
      නෑ කිසි දින තනි වී...

      කිසි ලෙසකින් හෝ 
      වටහා දෙනු බෑ
      සෙනෙහස දෙවි කමකී...
      ඒ දෙවිකම හැඟුණේ 
      ඔබ යළි ආ දිනයේ.....

      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
      ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

      Delete
    11. නෑ නෑ නෑ.. දිව අග තියෙනවා යකෝ....

      Delete
    12. බලාගෙන මනෝෂ්........ බිමට වැටෙයි.....

      Delete

  4. ...//දහස්වර විත් හිතට වදදෙන
    අහිමි සිසිලස විඳිමි තිස්සෙම//...

    හිතට වදයක් වුන අහිමි පෙමක මිහිර.පෙම් කදුළු පැනි රසයි කියලා කියමනකුත් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. අහිමි දේ හිතට වදයක් වුණත් මනෝ ඒ්කත් විදින්න පුඵවන් රසයක්නෙ.....ස්තුතියි

      Delete
  5. සහසක් පැතුමන් ඉපදී මියගොස්
    ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
    ඇහැල මහක අඬ සඳ පැයූ දා
    මතකද සිරි දළඳා වැන්දා
    මතකද සිරි දළඳා වැන්දා...

    අතීතයක් වෙන්වන රේඛාවෙන්
    අනාගතය හිස් කරවනු ලැබුවා
    ඔබෙ අත අන් ලදකට හිමිකරදී
    මතකද මා ඉකිබිඳ හැඬුවා
    මතකද මා ඉකිබිඳ හැඬුවා..

    සහසක් පැතුමන්...

    අහිමිව ගිය සම්පතට වඩා
    හිමිවූ දුක මිහිරී සලකන්නම්
    ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
    පෙර පිනෙකැයි මා සැනසෙන්නම්
    පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..

    සහසක් පැතුමන්...

    ගායනය : මල්කාන්ති නන්දසිරි
    පද රචනය : දයා ද අල්විස්
    සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි+++++++++++++++++++++++++++++++++++++++
    පිළිතුරු ගියත් මෙන්න ...

    සහසක් පැතුමන් නැත මා පැතුවේ
    එක ම පැතුම පමණකි හිත රැඳුණේ
    හද අඹරෙ හි අඩ සඳ වැනි නෑනේ
    මතකයි සිරි දළදා වැන්ඳා...

    ඇස කඳුළැලි මෙන් ඉස පිනි බින්දූ
    පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ
    පිදුමත් පැතුමත් කඳුළට හරවා
    මතකයි ඔබ පාමුල වැටුණා...

    පුදසුන අහිමි ව හද මල තැවුණා
    මතකය නැත අමතක වූයේ
    මගෙ මේ නෙතු සිතු හඬවා රිදවා
    ඔබ හැඬුවා මට නැත ඇසුණේ...

    අහිමි සැපත මිහිරි යි සිත පුරවා
    තැවෙමු හඬමු මේ භවය පුරා
    මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
    අදට වඩා අනුකම්පාවෙන්...


    ගීත සංකල්පනාව : දයා ද අල්විස්
    තනුව, සංගීත නිර්මාණය සහ ගායනය : සනත් නන්දසිරි

    ReplyDelete
  6. වෙඬරු සේ දියවී ගලනා පෙම
    පැකට් කර විකුණුවොත් හෙම
    බටර් පිටරටින් ගෙන්නන්නේ කිම
    කාල හදාගන්න නම් එපා සෙම

    ReplyDelete
    Replies
    1. වෙඬරු සොරා වෙඬරු සොරා
      කවට කමට එන්න එපා
      බසින නුරා හද උදුරා
      ගන්න අනේ යොදන උපා ....... හැක්

      Delete
    2. වෙඬරුසේ දිය වී ගලන සෙම
      නහය මේ තරමට කසනු කීම
      පිරිටන්ද ප්‍රති ජිවකද සැම
      බිව්නමුත් සුවනොවේ ලෙස පෙම

      Delete
    3. සෙම සමග ගත්විට පෙම
      ගැලපේ ඒවා උපරිම
      තවත් කතා කියනු කිම
      සෙම ගලන තුරු කරමු පෙම

      තුෂාර

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. තුශාරයාගේ ඩබොල් සේම... එළ එළ...

      Delete
    6. ඩබොල් එකේ සෙම ගලන්න ගියොත්නං වැඩේ අනාගන්න වෙයි.

      Delete
    7. ප්‍රසා අයියා කියනවානම් ඉතින් මං ඉහටත් උඩින් පිළිගන්නවා..... ඔ්වා අත්දැකීමෙන් කියන දේවල් නෙවැ....

      Delete
    8. කියන්න අමතක වුණා.... මම තුෂාර (මේ කාංචනා බනිනවා මට....)

      Delete
    9. සිංදු,
      වෙඬරු සොරා සිරා සිංදුව බං. දාහංකො ලිරික්ස් ටික...

      Delete
    10. වෙඩරු සොරා වෙඩරු සොරා කවට කමට එන්ට එපා
      බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා

      මී අඹ දළු සුළගෙ නටයි 
      තනමින් හෝපලූ සඳැල්ල
      පසෙක තියා වෙඩරු සැලිය 
      එන්න මගේ ගොපලූ කෙල්ල

      මොණරු රුවින් මොණර ඇසින් 
      නිල් වනරොද සරසා මල් මුවරද ගවසා
      මල් නොතලා රොනට වඩින් 
      චාටු කතා චාටු කතා චාටු කතා කියල

      මලින් මලට ඉගිල ගියේ 
      ළඳේ නුඹව හමුවන තුරු 
      බඹා කෙටූ හැටි මේකයි 
      දිවුරන්නම් නෑ හොර බොරු

      උමතු කරයි ගොපලූ ළඳුන් 
      සුරමුරලිය වයලා මල් හීසර යවලා 
      ගං ඉවුරේ ළිය ගොමුවේ 
      හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා

      අදින් පසුව ඔබට පමණි 
      වයන්නෙ මේ සුරමුරලිය
      වෙඩරු නෙවෙයි සොරා ගත්තෙ 
      කියන්නෙ මොනව ද කොමළිය

      හරි හරි දන්නවා අනේ 
      බලමු බොළඳ ළඳුනගෙ හිත
      ඉක්මන් කර ගෙදර යන්න 
      දෙන්නකො මට මගෙ හදවත
      ගෙදර යන්නෙ කොහොම ද ඔබ 
      මා ළගනොවැ ඔබෙ හදවත

      ගායනය – නන්දා මාලිනී/රෝහණ බැද්දගේ
      ගී පද – සුනිල් ආරියරත්න
      ස්වර - ලයනල් අල්ගම

      Delete
    11. වෙඬරු සොරා නියම සින්දුවක් තමයි.මමත් කැමති එකක්.

      Delete
    12. සින්දුවෝ.......

      හරිම ලස්සන සින්දු සාගරයක් නෙවැ.... හරිම ලස්සනයි..... තැන්කූ

      Delete
    13. ඕක තමා මං කිව්වෙ ලිරික්ස් දාහං කියල. ඔන්න මචං සිංදු... සතියකට මනෝ ගහන්න ඇති - එකපාරක් ඇහුවත්...

      Delete
    14. කොහෙන්ද ඩ්‍රැකියෝ මේ සින්දු හොයාගන්නේ...???

      Delete
  7. අහිමි ඇස් වලට ආදරේ කිරීම...සුන්දරයි තමා කංචනා අක්කේ.
    (මොකෝ කුරුට්ටෝ බ්ලොග් එක කෙල්ලන්ට දීලදෝ)

    ReplyDelete
    Replies
    1. කෙල්ලන් විසින් පැහැරගෙන අැත..... අපි ඉතින් හිත හොද කොල්ලොනේ...... කාන්තා අයිතීන් අාරක්ෂා කරගෙන පාඩුවේ ඉන්නවා දැන්.....

      Delete
    2. කියන්න අමතක වුණානේ...

      මීට තුෂාර

      Delete
    3. බොට වඩා කාන්චනා හොඳයි.
      මේක කිව්ව කියල කඩු පොලු අරගෙන මෙහෙ එනව නෙවෙයි තුෂාරයො.
      මේක කෙල්ලන්ටම දීපං.

      Delete
    4. හිටිං......

      මේක අසංක අයියාට පෙන්නන්න... ඊට පස්සේ බලාගත හැකියි බොට......

      තුෂාර

      Delete
  8. Replies
    1. ස්තූතියි සාජ්ජා......

      Delete
  9. අනේ මන්දා සුදෝ...

    ජ යවේ වා !!!

    ReplyDelete
    Replies
    1. අදද වැඩට ගියේ..

      Delete
    2. හරියට ම හරි ප්‍රසා.......

      ඊයේ යන්න හිටියේ.... ඒත් වැස්ස නිසා ඊයෙත් ගෙදර.... අද තමා ඩොන්ගල් ඒක හොයාගත්තේ......

      මීට විදානේ....

      Delete
    3. @ විදානෙ...කියලා මක්කටැයි සුදෝ.....

      Delete
  10. සැබෑ පෙම්වතියකගෙ හද ගැස්ම.
    පට්ට පැදි පෙල . ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අැගයීමට.....

      Delete
  11. Replies
    1. ස්තුතියි අජිත්........

      Delete
  12. සරල ලස්සනකින් අහිමි වීම
    අගෙයි
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණ........

      Delete
  13. තමුන් ගැන නොහිතන එකෙකුට හෝ එකියකට ආදරේ කරන එක පල් මෝඩකමක් කියල තේරෙන්නේ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හමු උනාමයි. එතකොට සමහරවිට ආයෙත් හැරෙන්න බැරි විදිහට වැරදිලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. උඹ මාර කතානේ බං කියන්නේ...

      තුෂාර

      Delete
    2. @@@ අම්බලන් ඔයත් ඒක්ක 100%ක් ඒකගයි මමත්..

      කාංචනා

      @@@ තුෂාර ඔයා නම් කිසිම දෙයක් තේරුම් ගන්න ළමයෙක් ෙනවෙයි.........

      Delete
    3. හා............... දැන් මම බබා....

      තුෂාර

      Delete
  14. වැඩක් නෑ. තුෂාරයයි, අසංකයයි, අනුරාදයයි වගේ හොඳට කවි ලියන්න මේ කෙල්ලොන්ට බෑ. හහ් හහ් හහ්. (විහිලුවට හරිය?)

    නියමයි ඈ! ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. කමෝන්............ කමෝන්..........

      කසුනෝ කමෝන්...... මචං උඹ කන්න කැමති දේවල් ඒහෙම කියහං අපි ඒවා අරන් උඹව බලලා යන්න ඒන්නම්....

      මීට අසංක, තුෂාර සහ අනුරාධ

      Delete
  15. හිත හරි මුරණ්ඩුනෙ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න දෙන්නෙ නැහැනෙ

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත හංසි.......

      හිත අපිට ඔ්නේ විදිහට හසුරුවන්නත් අමාරුයි නේද????

      Delete
  16. කොච්චර හිත තද කරන් හිටියත් එහෙම ඉන්න බැරි වෙන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවට ඒ හැඟීම හංගන්න හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අැත්ත දිනේෂ්..................

      ජීවිතේ මහ අමුතු දෙයක් නොවැ..

      Delete
  17. හරි දැනෙන කවියක් කුරැටු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු...............

      Delete
  18. මැක්සා. නියමව කවියක්.
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසෙනි......

      ජයවේවා

      Delete
  19. එකෙන්ම පට්ට බන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූපේ.. ස්තූතියි

      Delete
  20. සිරා කවි මචං... කියන්න දෙයක් කල්පනා කළා කළා තාම ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හිමින් කල්පනා කරන්න ඩ්‍රැකී.හදිසි නෑ.
      ස්තුතියි රස වින්දාට

      Delete
    2. හැමදාම බලාගෙන ඉන්න බැහැ බං ඉක්මනට ඔය හිමිං කල්පනා කරන එක කරල කමෙන්ට් එකක් දාපං

      Delete
    3. ඉඳපං බං... තාම කල්පනා කොරනව... කොහෙද බොලාට හදිස්සියිනෙ...

      Delete
    4. දැන් දවස් දෙකක් ගියා ඩ්‍රැකී..... කොහොමද තවත් අපි ඉවසන්නේ........

      Delete
  21. "දහස්වර විත් හිතට වදදෙන
    අහිමි සිසිලස විඳිමි තිස්සෙම
    ඔබට නොදැනෙන මගේ ලෝතුළ
    සුපෙම් සෙනෙහස් කිරුළ ඔබමය"

    ඇත්තටම හරිම ලස්සනට ගෙතුනු කවියක් කාංචනා අක්කේ(ජීවිතේ පලවෙනි වතාවට නමින් කතා කරන්නේ)

    ReplyDelete
    Replies
    1. තැන්කූ..ඉසුරි..බෙයාට වඩා ඒ්ක හොදයි වගේ........

      Delete
  22. ප්‍රේමය ගැනනම් කවදා කොහොම ලියා නිමකරලම්ද..

    ReplyDelete
    Replies
    1. මනෝෂ්............

      කාලෙකින් නෙවැ.... ස්තූතියි

      Delete
  23. අපි සමහරුන්ට කොච්චර ආදරේ කෙරුවත් ඒ අය දන්නේ නැහැ අපි ඒ අයට කොච්චර ආදරේද කියලා.ගොඩක්ම ඕක බලපන්නේ හිතින් විතරක් පෙම් කරන අයටයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මනෝජ්..... අත්දැකීමෙන් වගේ.......

      Delete
  24. සෙනේහය දිය වී වැටෙන තැන
    මැවෙයි මිහිරිම සුපෙම් උල්පත..

    ReplyDelete
    Replies
    1. වැසි................. ස්තූතියි කවි පද වලට....

      අැයි මේ දවස් වල වැස්ස වහින්නැත්තේ.... ලියමුකෝ දිගට ම ....

      Delete
  25. ලස්සනයි පදවැල .

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තටත් අදයි ගියේ..... කොහොම වුණත් අලුතෙන් අාව අය දැක්කා ම හරිම සතුටුයි.. දිගට ම ඉන්නවානම් ඊටත් වඩා සතුටුයි.... ජයවේවා....

      Delete
  26. ආදරේ... මම කතා නොකරන මාතෘකාවක්..

    ReplyDelete
    Replies
    1. ඒ අැයි.,,,,,,,,,,??????

      තාම වයස මදිද??????? ඒත් ඔය හැගීම් වලට නං වයස අදාළ නෑ මයේ හිතේ අගහරු මලයා..

      Delete
    2. අපෝ නෑ... වයස හොඳටම ඇති.. ඒත් ඒකට තියනවා දිග ටිකක් ගැඹුරු කතාවක්. ඒ ගැන ඉතිං දන්නෝ දනිති..

      Delete
    3. අාන්න ඒහෙම වරෙන් මල්ලී...........

      Delete
  27. ලස්සනයි කාන්චනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරිකා........

      Delete
  28. කියලා වැඩක් නෑ....ගොඩක් ලස්සනයි
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්කුරුට් මහේෂ්.........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...