Monday, December 14, 2015

බලංගොඩ, ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පොත්පත් බෙදා දුන්දා...............


හිනා පිරි මුව හිතේ සැගවුණු කතාවක් කියනවා වැනේ
හරිම ලස්සන පිච්ච කැකුළක් පිපී හිනැහෙනවා වනේ
අනාගත ලොව පෙරුම් පුරලා තුටින් ඉපිලෙනවා පෙනේ
හිතට දහිරිය අරං ජීවිත ගමන ජයගන්නා දිනේ

මගේ කරුමෙට කුලී වැඩකට දවසෙ පඩියට යට වුණත්
වහින දවසට ලෙඩක් දුකකට කන්න බත්පත හිගවුණත්
අකුරු ශිල්පය අරං දවසක ලොකු නෝනා කෙනෙකුන් වුණොත්
ණයක් නෑ උඹ සතේකිංවත්මම හෙළමි දහඩිය තවත්

සුදෝ සුදුවට ගවුම් පොඩි අැද අකුරු කෙරුමට යන දුවේ
පොතක් පෑනක් අරං දෙන්නට නැතිව නෙත කදුලැළි මැවේ
ඒත් නෑ වරදින්නෙ උඹලට කරපු පිං තව අැත භවේ
හෙවනැල්ල සේ උඹේ පසුපස මේ හැවොම ඉන්නවා දුවේ ................!

පසු සටහන - 

ඊයේ දිනයේ (දෙසැම්බර් 13 ඉරිදා) බලංගොඩ ඉඹුල්පේ ශාරිපුත්‍ර විද්‍යාලයේ අාර්ථික අපහසුතා අැති දරුවන් 42 දෙනෙකුට පොත්පත් සහ පාසල් උපකරණ සහිත තෑගි මලු බෙදා දීමේ කටයුත්ත පාදක කොටගෙන මෙම නිර්මාණය කළෙමු. 

මෙම වැඩසටහන ගැන මේවන තුරුත් බ්ලොග් සහෘදයන් වෙත කිසිදු දැනුම් දීමක් නොකිරීම ගැන මුලින් ම අපිට සමාවෙන්න. අැත්තට ම මේ සදහා දායකත්වය සැපයුවේ රත්නපුර අාශ්‍රිත ප්‍රදේශයේ සිට බ්ලොග්කරණයේ නියැලෙන බ්ලොග් සහෘදයන් පිරිසක් තමයි. මේ සාකච්ඡාව අැති වුණේ මේ පිරිස අතර නිසා සහ මුල් සාකච්ඡා වලින් ම අවශ්‍ය ප්‍රමාණයට මුදල් ඒකතු වූ නිසා තව දුරටත් මේක ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවයක් වුණෙත් නැහැ.... මෙහිදී විශේෂයෙන් ම මතක් කළ යුතුයි නෙලුම් යායේ අජිත් අයියා අැතුළු පිරිස (චන්දිම සහෝදරයාත් මතක් කළ යුතුයි)... ඔවුන් මේ වැඩේට ලොකු දායකත්වයක් සැපයුවා. 

මේ වෙනුවෙන් අපි කිහිප දෙනා අතර මේල් 100 කට අධික ප්‍රමාණයක් හුවමාරු වූ අතර සියලු සාකච්ඡා ඒ හරහා සිදු කෙරුණා. සතියක් පමණ අැතුළත රුපියල් 42,000 ක් පමණ මුදලක් ලබා දීමට කට්ටිය පොරොන්දු වූ නිසා අපි දෙවනුව සිදු කරේ දරුවන්ට ලබා දීමට අවශ්‍ය පොත්පත් උපකරණ ලිස්ට් කක් හදා ගැනීමයි.. ඒ සදහා බලංගොඩ නගරයේ කඩ කිහිපයක අැවිදිමින් තුෂාර සහ විදානේ දරුවන්ට දීමට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල ගණන් බලා ගත්තා. විදානෙගේ අැදුනුම්කමක් අනුව පොත් ලබා ගැනීම සදහා බලංගොඩ සම්මානී අායතනයෙන් ලොකු වට්ටමක් ලැබුණා. මේ අනුව පහත සදහන් පාෙත්පත් උපකරණයන්ගෙන් සමන්විත පොත්පත් මලු 42 ක් සූදානම් කර ගැනීමට අපට හැකි වුණා.

1. 
පිටු 80 පොත් 10
2. පිටු 60 චිත්‍ර පොත් 01
3. කෑලි 12 පාට පෙට්ටි 01
4. කෑලි 06 පාට පැන්ලස් පෙට්ටි 01
5. කෑලි 06 ප්ලැටිග්නම් 01
6. වතුර බෝතල් 01
කෑම පෙට්ටි 01
8. පැන්සල් පෙට්ටි 01
9. පැන්සල් 05
10. පෑන් 02
11. මකන 01
12. කටර් 01
13. කතුරු 01
14. බ්‍රවුන් පේපර් මීටර් 04
15. අඩිරූල් 01

ක් දරුවෙක් සදහා රුපියල් 1,500 කට අාසන්න වෙළදපොළ වටිනාකමක් අැති පොත්පත් මලු 42 ක් සූදානම් කර ගැනීමට අපට හැකිවුණා... වට්ටම් සහිතව මිලදී ගැනීම නිසා අපට මේ ක් මල්ලකට වැයවුණේ රුපියල් 1030.00 පමණ මුදලක් පමණයි. 

මෙම වැඩසටහන මේ තරම් දුරකට ගෙන ඒමට මූල්‍යමය දායකත්වය සැපයූ බ්ලොග් සහෘදයන් ටිකත් මේ වෙලාවේ සදහන් කළ යුතුයි.

1. 
විදානේ සහ විදානී
2. මධුමාධවී හී මධාවියා
3. අජිත් අයියා සහ චන්දිම සහෝදරයා - නෙලුම්යාය සහ ලංකා නිවුස් වෙබ්
4. Praසන් අයියා
5. සබරේ අැනෝ (මිත්‍ර වර්ණ)
6. අසංක අයියා සහ නෝනා - කුගෑගීප
7. චතුරිකා සහ තිළිණ - කුගෑගීප 
8. විදානෙගේ ඔෆිස් කේ නංගී
9. අැයි තුෂාරයි කාංචනායි.....

පාසල සමග සාකච්ඡා කරගත්තු විදිහට දෙසැම්බර් 13 ඒ කියන්නේ ඊයේ දිනයේ උදෑසන ට අපි වැඩේ පටන් ගත්තා... උදේ වෙද්දි අපි පාසලට ගියා. ඒ වෙනකොටත් දරුවෝ කීපයක් ම අැවිත් හිටියා.... වැඩේ කරගෙන යන්න අපි තෝරා ගත්තේ පාසලේ ප්‍රාථමික අංශය අසල තියෙන වල... (පේරා වල වගේ ලොකු නැතිවුණාට ගුරුවරු සහ දරුවෝ ඒකතු වෙලා හදාගත්තු ලස්සන තැනක්...) ඒතනට පුටු කීපයක් දාලා දරුවෝ වාඩිකරවලා දෙමාපියන් පැත්තකින් තිබුණු පඩිපෙළේ ම වාඩිවුණා..... ඊට පස්සේ වැඩේ පටන් ගත්තා..


අපි පොඩි වැඩසටහනක් විදිහට ඒක හදාගත්තා... ඒක පහත විදිහටයි තිබුණේ

1. ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා විසින් පිළිගැනීමේ කථාව
2. තුෂාර විතාරණ විසින් බ්ලොග්සහෘදයන් වෙනුවෙන් අරමුණ පැහැදිලි කිරීම. (මෙම වැඩසටහන ගැන සහ මෙයට දායක වූ සියලුදෙනා පිළිබද ව මෙහිදී සදහන් කෙරුණා)
3. දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ සහිත බඩුමලු බෙදා දීම (මේක පැමිණ සිටි සියලුම ගුරුවරුන් සහ බ්ලොග් සහෘදයන් අතින් ප්‍රධානය කෙරුණා.)
4. විදුහල්පතිතුමාගේ කතාව
5. හිටපු විදුහල්පතිතුමාගේ කතාව (මෙම පරිත්‍යාගය තුළින් දරුවන්ට ලැබෙන දේ සහ දෙමාපියන්ගේ කාර්යභාරය ගැන සදහන් කෙරුණා)
6. දෙමාපියන් වෙනුවෙන් මවක් කතාවක් ඉදිරිපත් කරා....
7. කරුණාරත්න ගුරුතුමන් විසින් ස්තූති කතාව


පිළිගැනීමේ කතාව (ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා) කරන අවස්ථාව 

පිරිස වමේ සිට - අසංක නෝනාවිදානීවිදානේඅසංකකාංචනාහිටපු විදුහල්පතිතුමාවිදුහල්පතිතුමාකරුණාරත්න ගුරුතුමාහිටපු නියෝජ්‍යවිදුහල්පතිතුමා (කුගෑගීප හී විරසිංහ මහතා) තුෂාර 
(පැමිණිමේ දී සුළු ප්‍රමාදයක් සිදු වූ නිසා සබරේ අැනෝ ඡායාරූපයේ නොමැතිබව ද කරුණාවෙන් සලකන්න)


 
විදානේ අතින් දරුවන්ට තෑගී ලබා දුන් අවස්ථාව


වැඩේ ඉතා සාර්ථක ව පැවැත්වුණා.... දරුවන් දෙදෙනෙකු ලෙඩ වී සිටි බැවින් මව්වරුන් පැමිණ එම පොත්පත් මලු භාරගත්තා... තවත් දරුවන් දෙනෙකුගේ පමණ පොත්පත් මලු ඉතිරු වූ අතර ඒවා පාසල අාරම්භ වූ පසු ලබා දෙන පොරොන්දුව පිට  විදුහල්පතිතුමාට භාර කරා... පාසල පැත්තෙන් ද සුදුසුම දරුවන් තෝරා තිබුණා. අපි ඒ පොත්පත් ලබා දීමේ කතාවන් වලදී දුප්පත්කම කියන කාරණය කිසිවිටෙකත් සදහන් කළේ නැහැ.... දරුවන්ගේ හැකියාව අනූව තෝරා ගත් බව සදහන් කරා... ඒක ඒ දරුවන්ටත් හොද උත්තේජනයක් වුණා... මලු ටික බෙදපු වෙලේ සිට ඒවා බැලීමේ අවශ්‍යතාවයෙන් දරුවන් දගලපු හැටි දැක්කා ම අපේ කුඩා කාලය මතක් වුණා..... කොහොම හරි අපි හිතුවාට ත් වඩා ඉතා සාර්ථක වැඩසටහනක් කරන්න හැකි වුණා.... 

ඊට පසු ගුරුවරුන් කීපදෙනෙක් සහ බ්ලොග් සහෝදරත්වය අසංක අයියලාගේ ගෙදර පැවති තේ පැන් සංග්‍රහය භුක්ති වින්දා. මෙහි දී පළමු වරට මුහුණු දුටු කිහිප දෙනෙක් ම සිටියා. විශේෂයෙන් සබරේ අැනෝ සහ අපි හමුවූ පළමු අවස්ථාවත් මෙයවුණා. විදානේ සහ අසංක අයියා ඒකම වයසේ බව දැනගත් අතර විදානීකාංචනා සහ තුෂාරත් ඒකම පවසේ පිරිසක් බව දැනගත්තා. (මෙහිදී දැනගත් නමුත් ප්‍රකාශ කිරීමට අවසර නැති රහස් කිහිපයක් ද අැති බව නොකියාම බැරිය) පසුව බ්ලාග් සහෘදයන් අතර බ්ලොග් පිළිබද අැති වූ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ සතුටින් විසිර ගියා... 

කොහොම වුණත් බාටා කෑලි දෙකක් දාගෙන උදේ අැවිත් ඉන්න දරුවෝ දැක්කා ම අපේ හිත්වල අැතිවුණේ දුකක්.... ඒත් මේ තෑගි මලු අරන් හිනාවෙවී යන මූණු දැක්කා ම හිතට දැනුණේ සතුටක්....... ඉතින් අපි අැතුළු හැමදෙනාට ම ස්තූතියි කියලා තමා කියන්න තියෙන්නේ.... අර අම්මා කරපු කතාවෙදි කිව්වා මේ ළමයින් ලියන අකුරක් අකුරක් ගානේ අපිට පිං ලැබෙනවා කියලා.... අපි හිතන විදිහටනම් මේ හිතට දැනෙන සතුට තමා ඒ පින............. 


- සමාජයේ ම කොටසක් වන අපි හැමදෙනා සතුව ම යම් සමාජ වගකීමක් අැත. ය හදුනා ගැනීමට සහ තෝරා ගැනීමට අප අප්‍රමාද වනතුරු සමාජය යින් තෘප්තවීමට මගබලා සිටී - 

මීට
කුගෑගීප



68 comments:

  1. ලස්සනයි කුරුට. මමත් ලිව්වා ඒත් මේ අපේ වර්න හොයාගන්න නෑනේ අප්පා. වර්න ආපු ගමන් මගේ පෝස්ට් එක දාවි හොදේ

    ReplyDelete
    Replies
    1. හරි............ හරි............ දැන් තමයි මගේ පෝස්ටුවත් හරිගියේ..... ඔච්චර වෙලා තාක්ෂණික දෝෂ......

      ඉතින් සබරේ වැඩේ නං අතිසාර්ථකයි නේද????? තාමත් අපි ඒ ගැන කතාකරනවා.... ඉතින් මේ විදිහට සාර්ථක ව කරගන්න හැකි වීම ගැන අැත්තට ම සතුටුයි.... විදානයා ට්‍රාන්ස්පෝර්ට් දුන්නා නේද????? ඉතුරු ටික යන්න පරක්කුවුණාද????

      වර්ණයෝ ඉක්මනට මේක දාපියෝ.....

      Delete
    2. ඇයි අනේ මම ඕතර්කම සබරෙටත් දීලනෙ තියෙන්නේ...
      වැඩේ නම් එළ
      ජයෙන් ජයවේවා
      ඉදිරියටත් මේ වගේ වැඩ කරමු අපේ දායකත්වය එකෙන්ම දෙනවා..
      ජයවේවා..

      Delete
    3. මේ මොකෝ තුෂාර අයියා මුනත් තහඩුව අලවලා..... මාත් දාන්න ඔ්නි මගේ මූනත් මෙහෙම

      විදානේ අයියයි අක්කයි මාව බලන්ගොඩටම ගෙනත් දැම්මා කුරුටු.

      ඒ දෙන්නටත් හැමදාමත් මේ වගේ ට්‍රාන්ස්පොර්ට් දෙන්න ලැබේවා.....එහෙම පතමු නේද...

      Delete
    4. යකෝ මගේ මූණ කොහේවත් නැහැ..... ඒ තෑගි බෙදන්නේ විදානේ.... ඒක මගේ මූණ කියලා මට අපහාස කරන්න ඒපා.... ඒහෙම වුණොත් දානවා නඩු............... මේ තරම් අපහාසයක් මිනිහෙක්ට දරා ගන්න පුළුවන්ද????????? අෑ..........

      Delete
    5. හත්තිලව්වයි පැටලුණා................ මං අැදගත්තා..... වරද පිළිගනිමි...........

      Delete
    6. කොමෙන්ටු මකලා සද්දේ දාන්න ඔට්ටු නෑ හරිය

      Delete
    7. කොමෙන්ටු මකලා සද්දේ දාන්න ඔට්ටු නෑ හරිය

      Delete
    8. හරි හරි.............. වරද පිළිගත්තානේ..... ඔහොම ඒවා වෙනවා තමා.. දැන් ඉතින් වයසයිනේ.........

      Delete
  2. ලස්සනයි කුරුට. මමත් ලිව්වා ඒත් මේ අපේ වර්න හොයාගන්න නෑනේ අප්පා. වර්න ආපු ගමන් මගේ පෝස්ට් එක දාවි හොදේ

    ReplyDelete
  3. සල්ලි තියෙන තියෙන වෙලාවට හරි මේක කන්ටිනියු කරමු. ඒකයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිත් කතා කරා..... ඉස්සරහාට ඒන විදිහට බලමු නේද මධුවෝ..... මොනවා වුණත් උඹලා දුන්නු හයිය වටිනවා.... මූල්‍යදායකත්වය නැත්තං ඉතින් මොකවත් කරන්න බැහැනේ..... වැඩේ නං ඉතාම සාර්ථකයි මචං.... උඹලත් හිටියානං තවත් සුපිරියි....

      Delete
  4. ආය ඉතින් කියන්න වදන් නෑ..
    ඊලග සැරේ පුලුවන් විදිහට පුංචිම දායකත්වයක් හරි දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒ වචනේ තමා බං වටින්නේ.......

      අපි තෑගි බෙදලා බලද්දි පොඩි ඒකෙක් හෝ ගාලා අඩනවා... බලද්දි ඒයාගේ නම කියවිලා තියෙන්නේ පරක්කු වෙලා.. තමන්ට හම්බෙන්නැති වෙයි කියලා හිතිලා දුක හිතිලා අැඩිලා.... අනේ පව් කියලා හිතුනා බං..... හරි අහිංසක පොඩිඋන් මෙන්ඩෝ........

      Delete
  5. උඩ කවියෙන් තියෙන්න මේ ජීවිතවල ඇත්තම කතාව ගී පවුරේ. උඹල වගේ සුන්දර හිත් තියෙන මිනිස්සු නිසා මේ අහිංසක කැකුලු වල මුවග යන්තම් හරි හිනා මලක් පිපෙනවා.උන්ගෙව්ජීවිත වලට මේ එලිය ටික දුරක් යන්න ඇති. උඹලට පින් සිද්දවෙනවා මචෝ..

    මෙන්න අපේ සැලියුට් එක..

    ReplyDelete
    Replies
    1. සැලියුට් ඒකට තෑන්කුස්..........

      උඹ පය තියලා තියෙන්නෙත් මේ පිංබිමට තමා..... මේ ක්ෂේත්‍රය රස්සාව කරද්දිම නිකංම පිං හම්බෙන රස්සාවක් බං...... ස්තූතියි මනෝෂ්........ අායේ වැඩක් කරද්දි කට්ටියම දැනුවත් කරන්නම්කෝ.....

      Delete
  6. එල වැඩක් මචන්. ඉදිරියටත් මේ වගේ සමාජ සේවා වැඩ කරන්න හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ්...............

      කට්ටියගෙම සහයෝගයෙන් කරා මිසක් මේක අපේ විතරක් වැඩක් නෙමෙයි මචං..... කොහොම වුණත් ඉතා සාර්ථක වැඩක් කරගන්න හැකි වුණා මචං....

      Delete
  7. ඇස්වහක් කටවහක් නෑ.. උඹල ඔක්කොටම මේ කටයුත්තෙන් ඉදිරියටත් මේ වගේ වටිනා වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය හා හැකියාව ලැබෙන්න ඕනි.. ඔය 'සබරේ ඈනෝ' ලගේ කියන්ඩ අවසර නැති සමහර රහස් නම් අපි දන්නවා කියලා කියපල්ලා.. හැක හැක..
    නෙලුම්යායේ අජිත් හා 'ලංකා නිව්ස් වෙබ්' වෙන්න ඕනි මට හිතෙන්නේ.. (ඊ නිවුස් හා නෙලුම්යාය එකකට එකක් ගැලපෙන්නේ නෑ.. :-)
    අජියා 12 වෙනිදා මේ ගැන පොඩි ඉඟියක් දීල තිබ්බා.. එත් විස්තරයක් දැනන් උන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. නිවුස් වෙබ් කතාව ඉක්මනට ම දැනගෙන වෙනස් කරන්නම්.... තැන්කූ කමියා....

      සබරේ අැනෝ ගැන අපි මුකුත් කිව්වේ නැහැනේ...... අනේ මන්දා අපි වැරදිකාරයෝ වෙයිද කියලා..... හරි හරි.... ඒවා පස්සේ හොදේ.......

      අජිත් අයියා දෙතුන් පාරක් ම අැහුවා වැඩේට කලින් කියමුද කියලා.. අපියි නැවැත්තුවේ... වැඩේ කරලාම කියමු කියලයි අපි හිටියේ.... කොහොම හරි කමියෝ වැඩේ වුණා... ඊළග පාරකදී කලින් ම කියන්නම්...... අපිට බැරියෑ සෙට් වෙන්න....

      Delete
    2. මලේ ඒක ලංකානිව්ස්වෙබ් වෙන්න ඕනේ. මගේ නම නැතුවට කමක් නැහැ. කැමති නම් චන්දිම කියල දාන්න. නැත්නම් නම නැතුව නෙළුම් යාය විතරක් දාන්න.

      Delete
    3. හරියෝ............... හැදුවෝ.................. නම් දැම්මෝ.............. වැරැද්දට සමාවෙයෝ......... ඔය නම අයින් කරන්නේ මොන හිතකින්ද අෆ්ෆා........

      Delete
  8. පොඩියට පටංගත්ත මේ වැඩේ මේ විදියට සාර්ථකව අවසන් කරන්න ලැබිච්ච එක ලොකු සතුටක්.
    මේ වෙලාවෙ මෙතන ඉන්න නොතිබිච්ච එක ගැන තියෙන්නෙ කණගාටුවක්.

    ඉදිරියටත් මේ වගේ සත්කාර කරන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඉදිරි වැඩ වලදී ප්‍රසා අයියාට ඒවාට සහභාගී වෙන්න සිතේවා.............!

      Delete
  9. ඉතාම හොඳ වැඩක්
    ඊලඟ පාර අපිටත් පොඩි සප් එකක් දෙන්න චාන්ස් එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.............

      ඉයන් හොරෙන් කරා නෙමෙයි... වැඩේ ගැන කතා කරපු ගමන් ම මුදල් ටික ලැබුණා... තවත් ඒහාට වැඩේ ගෙනියන්න හැකියාවක් තිබුණේ නැහැ.... පාසල් නිවාඩුවත් අාපු නිසා සංවිධාන වැඩ ගැන ටිකක් හිතන්න වුණා...

      ඊළග වතාවල් වලදී අනිවා කියනවා.... ජයවේවා

      Delete
  10. උතුම් සමාජ සත්කාරයක්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මනෝ..............

      මනෝගේ වැඩකටයුතුත් සාර්ථක වේවා....

      Delete
  11. සද්දේ වහලා ලස්සන හොඳ වැඩක් කරලා, ඔයාල හැමෝටම ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. //සද්දේ වහලා ලස්සන හොඳ වැඩක් කරලා//

      කතාව අැත්ත.. අපිත් දන්නවා වැඩේ කරලා විස්තර දැම්මා ම කට්ටියගෙන් බැණුම් අහන්න වෙනවාය කියලා.... ඒත් ලලිත් වැඩේ ප්‍රසිද්ධ කරානං අපිට සංවිධානය කරගන්න අමාරු තරමට වැඩේ හැදෙනවා..... මොනවා වුණත් ඊළග පාරක කට්ටියට ම කියලා කරන්න තීරණය කර ගත්තා.... ස්තූතියි ලලිත් අදහස් වලට.....

      Delete
  12. උතුම් පින්කමක් කුරුට්ටෝ ....(මේ අර ඉඹුල්පෙ බදුල්ල පාර අයිනේ තියන ස්කොලේ නේද ? )

    හැඩ රුවින් නෙත පුබුදු වේ නම් 
    සුවඳ පවනට හාදු දේ නම් 
    පිපී හිනැහී පරව යා නම් 
    මලට කුමකට වාසගම්

    පොළොව සනහා වැසි වසී නම් 
    ගලා ඇළ දොළ වැව් පිරේ නම් 
    තෙමා කෙත් බිම් සරු කෙරේ නම් 
    කුමට යල මහ කල් බැලුම්

    සොඳුරු දෑසින් ලොව දකී නම් 
    මිනිස්කම ලියලා වැඩේ නම් 
    හදේ සෙනෙහස ජනිත වේ නම් 
    නොවෙ ද අප ලේ නෑසියන් 

    ගී පද - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි 
    ගී තනු - විශාරද නීලා වික්‍රමසිංහ 
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  13. සින්දුවට බොහොම ස්තූතියි..........

    හරියට හරි..... තැන හරි..... සින්දුවෝ කොහේ ඉදන් ද බ්ලොගය කොටන්නේ... මේ පැත්තෙවත්ද?????

    ReplyDelete
    Replies
    1. නැ ලොක්කා මම ඉන්නේ සෙයිලමේ ...ගමේ යන්නේ ඔතැනින් නොවැ ..බලන්ගොඩ තමයි අපේ තත්තා වැඩ කලේ ...ඉතින් ඒ කාලේ ස්කොලේ නිවාඩුවට බලන්ගොඩ එනවා ..ඇල්ලේපොල ,පනාන ....

      Delete
    2. අා............ ඒක මිසක්...........

      තැන ඒක තමා.... ඉස්කෝලේ පැත්තෙන් ලොකු සහයෝගයක් ලැබුණා..... තේරීමත් බොහොම සාධාරණයි.... ඉතින් වැඩේ ගැන සතුටක් මිසක් දුකක් නැහැ...

      Delete
  14. මුළු හදවතින්ම සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්තයා..........

      Delete
  15. දිගට ම කරන්ඩ ශක්තිය ලෑබේවා!

    ReplyDelete
    Replies
    1. දිගට ම කරමු............... අනික් පාර රූපෙලාටත් කියනවා.... අනිවා...

      Delete
  16. Replies
    1. ස්තූතියි ට්‍රාන්ස්............

      Delete
  17. මගේ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. ජයවේවා................... මෙතූ......

      Delete
  18. ඉතා හොද වැඩක්... මේ වගේ වැඩ ඉස්සරහටත් වනවානම් මාවත් සම්බන්ධ කරගන්න... හැකි පමන උදව් කරන්නම්....

    ReplyDelete
    Replies
    1. අනිවා............. ඊළග වැඩකදී කලින් ම කට්ටියට ම කියන්නම්...

      Delete
  19. සුපිරි වැඩක් කුරුට්ටෝ.. ඊළඟ වතාවේ පොඩි දැනුම්දීමක් කරන්න .. පුළුවන් උපකාරයකින් දායක වෙන්නම්...

    ReplyDelete
    Replies
    1. වචනේ වටිනවා මචං.............

      Delete
  20. සුපිරිම වැඩක් බං.. අර කියන්නෙ අපි කොරන්න ඕනෙ 'මතක් කර කර සතුටු වෙන්න ඕන වැඩ' කියලා... පුළුවං විදිහකින් සෙට් වෙලා තව තවත් මේ දේවල් කොරමු මචෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා............ ගස්.....

      මේ දැනුණු සතුට කියලා නිම කරන්න බැහැ මචං...

      Delete
  21. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1955-2015-12-14-13-37-22

    ReplyDelete
    Replies
    1. බැලුවා අජිත් අයියා..... කියපු දේවල් ටිකත් වෙනස් කරා... හරිනේ...

      මොනවා වුණත් අජිත් අයියා වැඩේ මුල සිට ම දැක්වූ සහයෝගයට සහ මුල්‍යමය දායකත්වයට ඉතාම ස්තූතියි.... නිවුස් වෙබ් සෙට් ඒකට ම ස්තූති කරා කියන්න ..... අා ස්තූතියි කියන්න බැහැනේ... මේක අපි හැමෝගෙම වැඩක්නේ......

      Delete
  22. watina supiri wadak mithurane, wachana godaak liyannata sitha porakanawa, danenne naha hariyata liyaaganna. iskole putuwaka desk ekaka (oyaalath samaga) othana enna labunanam kopamana sathutakda,kopamana pinakda.... sena. (danuwath karanna apiwath, ekathu wanna obalath samaga mewani pinwath wadak sadhaha)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත්...........

      ඊළග පාරකදී හැමෝවම දැනුවත් කරලා... පුලුවන් රුපියලකින්නම් ඒක හරි ලබාගෙන වැඩක් කරනවා..... ජයවේවා...

      Delete
  23. Replies
    1. තෑන්ක්ස් අැනෝ.............

      Delete
  24. Replies
    1. තෑන්ක්ස්............. මාතා.........

      Delete
  25. බොහෝම සංතෝසයි මේ වගේ දේවල් ගැන.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්................

      වැඩේ අතිසාර්ථක ව කරගන්න හැකි වුණා.. ඒත් ප්‍රසා අයියයි, මධාවියාවයි ඒදාට ගෙන්නගන්න බැරිවුණා... වැඩ නිසා.... ඒත් කට්ටියම හිටියානං හොදයි කියලා හිතුණා.... මොනවා වුණත් විදානෙලා, සබරෙලා, අපේ කට්ටිය ටික වැඩේ නියමෙට කරා....

      Delete
  26. හදවතින්ම අගය කරනවා ඔබලා සිදුකල කාර්යය, මේ සඳහා දායකත්වය දැක්වූ හැමෝම, මිනිසත්කම හඳුනන සැබෑ මිනිස්සු ..!

    ReplyDelete
    Replies
    1. ඔව් සදරු............... වැඩේ ගැන පොඩි තැනක කමෙන්ටුවක දැකලා විදානෙ ඒහෙම දායකත්වය දෙන්න කැමතියි කියලා කතා කරා.... ප්‍රසා අයියලා, මධාවියාලා දැනගත්තු ගමන් වැඩේට මූල්‍යමය දායකත්වය දුන්නා.... ඉතින් කට්ටියට කියලා ඒකතු කරන්න තරම් දෙයක් ඉතුරු වුනේ නැහැ...... බ්ලොග්කාරයෝ කියන්නේ හදවත් තියෙන මිනිස්සු සදරු.....

      Delete
  27. මං මේකට කමෙන්ට් කරල නෑ වගේනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකයි මාත් බැලුවේ..............

      Delete
  28. ගොඩක් දවස් ඉඳල එන්න බලන් හිටියට මට අන්තිමට වගකීමකට කරගහන්න වුන නිසා කුරුටු පවුරෙ පුණ්‍යකර්මයට සහභාගී වෙන්න අවස්ථාවක් නොලැබුණු එකට හරිම දුකයි..... මොනා කරන්නද කර්මය වැලැක්විය නොහැකිය... බලමු කට්ටිය මට තවත් අවස්ථාවක් දෙයිනෙ.....

    ReplyDelete
  29. Unknown නෙමෙයි මං ඉසුරිකා.............කැම්පස් එකේ කොම්පියුටර් එකනෙ Udari Nissansala කියල කෙනෙක් mail එකෙන් sign out වෙලා නෑ io

    ReplyDelete
    Replies
    1. හරි දැන් ඉසුරිව අල්ලා ගනියි අර උදාරි අැවිල්ලා......

      Delete
  30. ඔයාල කරල තියෙන්නෙ ගොඩාක් වටිනා වැඩක්. අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූරු................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...