Wednesday, December 16, 2015

අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................




අාදරේ සිහිනයක්..............
වැහුණු නෙත් යට සැගවිලා
ශ්වේත අංජන තැවරිලා
රැයක් ළිවෙන තුරා පෙනෙනා මම මාව දකිනා සිහිනයක් ........

ප්‍රේමයේ කඩතුරාවෙන්
වැහුණු දෙනුවන් නුරාවෙන්
හමායන සැඩ සුළං අැවිදින්
ගසාගෙන ගිය ජීවිතේ............
වළාකුලුමත සතපලා නැවත පණපොවනා සිහිනයක්..............

දිරාගිය දඩු මත හැදූ
මුලාවෙන් මම ගොඩනැගූ
සුනු විසුනු වී ඉකිගැසූ
මට අයිති නැති ජීවිතේ ............
අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................


තුෂාර විතාරණ



.

55 comments:

  1. අද මමයි එක. හිටහං කියවන්න.

    ReplyDelete
    Replies
    1. කියවලා තේරුම ගැනත් කතා කරමුකෝ ඒහෙනං......

      Delete
  2. සිහිනයකට පාට දෙන්න.

    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හීන අැත්තට ම කලු සුදුද ප්‍රසා අයියා..................?????

      Delete
    2. 70 දශකයේ වගේ එකක් පෙනුනොත් අනිවා කුරුට්ටො black and white.
      මෑත කාලෙ හීනත් කළු සුදු නම් පාට 24 චෝක් පෙට්ටියක් කාපං (මතක ඇතුව 'හොම්රන්පැස්' කියා ඉල්ලන්න ) නැතිනම් ඔබේ සිහින බොදවී යා හැක.

      Delete
    3. හැක්.. තුන ඩී කණ්නාඩි දාගෙන එහෙම නිදාගන්න එපා. එතකොට හීන උනත් 3 ඩී වෙලා පේන්නෙ.

      Delete
    4. @ කම්මලේ.....

      අැයි මේ ඒක කමෙන්ටුවක්..... කෝ අනික් ඒක....

      ඒක නෙමෙයි කම්මලේ වෝටර් කලර්ස් බිව්වොත් තමා බොදවෙන්නේ.....

      @ ප්‍රසා

      මතකද අර හීන අස්සේ හීන පේන කතාව..... කාගෙද ඒ පෝස්ටුව.........???????
      අන්න ඒ වගේ හීනයක් දැක්කා නම් සුපිරියි නේද???

      Delete
  3. අපේ ජීවිතේ අපිට අයිති නෑ තුෂාරයො. මේක කාන්චනා දැක්කද?

    ReplyDelete
    Replies
    1. තාම නැහැ.............. දැක්කානං මං කොහොමද බං කමෙන්ට් කරන්නේ,,,,,????????

      Delete
    2. කසුන් ඒ්ක ලියුවේ කාටද කියලා මම අැහුවේ කැහැ.මම ලිව්වත් ලිව්වෙ කාටද කියලා තුෂාර අහන්නෙ නැහැ.ඒ් හින්දා අවුළක් නැහැ........

      කාංචනා

      Delete
  4. ...//මට අයිති නැති ජීවිතේ//...

    ඒකනම් ඇත්ත බං.තවත් පැත්තකින් බලනකොට අපි ජීවත් වෙන්නෙත් අනුන් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම අපි කාලය ශ්‍රමය වැය කරන්නේ අනුන් වෙනුවෙන් තමා...... අනික අපේ ජීවිත හැම වෙලාවෙම හසුරුවලා තියෙන්නෙත් අනුන්ම තමා...........

      Delete
  5. ඔය සිහිනෙ යථාර්තයක් කර ගත්තට ඒක හරිම වදයක්, සිහිනයක් විදියටම තිබුනනම් කියල හිතෙන්නෙ එතකොට තමයි.

    ReplyDelete
    Replies
    1. හීන වලදී අපිට හැබෑ ජීවිතයේදී කරන්න බැරි දේවල් කරන්න අපිට පුළුවන් වෙනවා.... අැත්තට ම මිනිස්සුන්ගේ තියෙන පීඩනයන් අඩු කරන විදිහක් තමා ඒකත්...... කොහොමත් කම්මලේ අාදරය සහ සිහින අතර ලොකු බැදීමක් තියෙනවා....... හා නැද්ද හොදයි......?????

      Delete
    2. අප්පා ....ඔව් හීනෙන් තරම් ආදරේ විදින්න වෙන හොද විදිහක් ඇත්තෙම නෑ.

      ප.ලි - නින්දෙන් නොකියවන තාක් සනීපයි.

      Delete
    3. අා............... ඒහෙම දේකුත් තියෙනවා නේද??????? කම්මලයා කියෙව්වොත් අනිවා මාට්ටු....... අැයි දෙපාරක්ම කියවනවානේ......

      Delete
  6. අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක්

    ඔන්න හොඳ හීන

    ReplyDelete
    Replies
    1. ඉයන්ට නං පණ පොවන්නම වෙනවා දැන්......... අන්තිම අඩියෙනේද?????

      Delete
    2. ඇත්තට බැරි වුනාට හීනෙදි කැසනෝවා තමයි හික්ස්

      Delete
    3. හහ්........... හහ්........ හා.........

      Delete
  7. මොනාද මේ ලියන කුනුහබ්බ.. මේ ක දීපං ලමෙකුට.. ඩී ඩී ඩී...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අා............... තාම ඉන්නවා නේද???? මෙහෙම කියලා උඹ මේ බ්ලොගය ගසා කන්න නේද ට්‍රයි ඒක...... අපි අහුවෙයි ඔ්වාට....

      Delete
  8. ලස්සනයි තුෂාරයෝ ගීතයකට හොඳින්ම ගැලපෙනවා...
    ජයවේවාූ

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ............. උත්සහයක් කරමුකෝ බලන්න නේද????

      Delete
  9. මේක කියවල සෑහෙන වෙලාවක් මං කල්පනා කලා මොනාද මං කියන්නෙ කියලා. ගීත, නිසැඳැස්, කවි තියෙනවා බොහොම ලස්සන අර්ථාන්විත. ඒත් ඒ බහුතරයකට තියෙන්නෙ එක කතාවක්. එක තේරුමක්.වැඩිම උනොත් මතුපිට තේරුමයි, යටින් යන තේරුමයිත් එක්ක තේරුම් දෙකක් තියේ. ඒත් මේකනම් දෙපැත්ට කැපෙන ආයුධයක් නෙවෙයි, හතර අත කැපෙන ඕදිරිස් හිරමණයක්!

    අති අලංකාරයි ගී පවුරේ.. ඇත්ටටම නියමයි. මට ඇහෙනව මේක ආත්මා ලියනගේගෙ හඬින්, ඇයිද මංද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්...............

      මේ වචන තමා අපිට තියෙන සතුට..... අාත්මා.... අාත්මා..... තව ටිකක් හිතන්න ඔ්නේ... මගේ හිතේ තියෙන කටහඩ ටිකක් විතර වෙනස්.... අනේ මන්දා... මං කරන හැම නිර්මාණයකදී ම ඒ හඩට තමා ලියැවෙන්නේ..... අපි බලමුකෝ මොකක්ද හරියන්නේ කියලා......

      Delete
    2. /මේක කියවල සෑහෙන වෙලාවක් මං කල්පනා කලා මොනාද මං කියන්නෙ කියලා/
      கனெப அளயைஙை2ா????

      බොට පිස්සුද බං???

      විදානේ -

      Delete
    3. අැයි විදානේ................ රූපෙ හොරකං කරලාද????

      Delete
    4. ඕදිරිස් හිරමනේට තල අටයි. ඕව දන්නෙ ඉතිං පොල් ගාන උදවියනෙ. ඔය ගුරාල දන්නෑ ඔව්වා.

      Delete
  10. අනේ මන්දා මේ දවස් වල හැමෝම මේ හීන ගැනමයි කථාව ...වැස්ස නිසා සැපට රෑට නින්ද යනවා ඇති ..හැක්


    ඈත අහසේ නැඟේ දිනිඳු පායා
    සීත සුළඟින් ගෙනාවේ ආදරේ
    ආදරේ
    ආදරේ සිහින ඡායා
    ඈත අහසේ නැඟේ දිනිඳු පායා

    තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ
    කවුරු සනසන්නදෝ මේ වෙලාවේ
    පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
    ලොවම සුවඳින් පිරේ වාසනාවේ
    කවුද මට මේ සුවය දුන්නේ
    හැංගි හැංගි පෙනේ රූප ඡායා

    ගොපලු දරුවන් ගැයූ බට නළාවේ
    මිහිර කවුදෝ අනේ මේ ගෙනාවේ

    අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
    සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ
    කඳුළු ගංගා සිඳී යන්නා
    කවුද ඇන්දේ හදේ රූප ඡායා
    ඈත අහසේ නැඟේ දිනිඳු පායා


    ගායනය - සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න
    පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
    තනුව හා සංගීතය - සිසිර සේනාරත්න
    1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයක්.

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන ගීතයක් සින්දුවෝ............ තැන්කූ.....

      Delete
  11. Replies
    1. ස්තූතියි විශ්................

      Delete
  12. Yathaarthayak wanathuru sihinayak, kaage hoo sihinayak.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.............. අනුන්ගේ හීන........

      Delete
  13. අර මනෝෂ් කියනවා වගේ පැති කිහිපයක් තියන නිසාද මන්ද මට එක තේරුමක් ගන්න අමරුයි කුරුටු .
    කවිය නම් ලස්සනයි කුරුටු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ.................

      Delete
  14. කොඳුරන වචන පේලි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ගස්............. කොදුර කොදුර ලියන පද........

      Delete
  15. අපෙන් දුර අපේම සිහිනයක්.

    ReplyDelete
    Replies
    1. අපිට දුර අපේම හීන ගැන හැමෝට ම තියෙන තමන්ගේ ම හැගීම්.........

      Delete
  16. Replies
    1. ස්තූතියි ඉන්දරේ........

      Delete
  17. ආදරේ හීනයක් කියලා කිව්වාට සැබෑ වෙන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අැත්ත..... අපි ජීවත් වෙන්නේ ඒ හැබෑ වුණ හීන ඒක්ක තමයි....

      Delete
  18. දිරාගිය දඩු මත හැදූ
    මුලාවෙන් මම ගොඩනැගූ
    සුනු විසුනු වී ඉකිගැසූ
    මට අයිති නැති ජීවිතේ ............

    ව්‍යංගාර්ථවත් පැදි පෙළක්......ලස්සනයි අයියෙ. අනේ මට එදා donation 1ට එන්න වුණේ නෑ නෙ....අද තමයි මේ පවුර පැත්තෙවත් ආවෙ, welcome1 15 තිබ්බෙ මං තාම ගෙදර ගියෙවත් නෑ,
    මට හරිම දුකයි එන්න වුණේ නැති එකට.

    ReplyDelete
    Replies
    1. ඉසුරි තුෂාර අයියා මේ දවස් වල කාර්ය බහුලයි.මේ පැත්තට අාවම විස්තර කියයි..

      Delete
  19. තුෂාර.. පරක්කු උනා එන්න... අපූරුයි... ඇත්තටම. මේක ගේය පද රචනාවක් වගේ නේද?? මට දැනුනේ එහෙම... ජයවේවා...

    ReplyDelete
  20. ම්හු...ශබ්ද රසය දැනේ. අර්ථ රසය නොදැනේ. මටත් මක්ක වෙලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. මේකට නම් රිප්ලයි කරන්න තුෂාර ඉන්නම වෙනවා....

      කාංචනා

      Delete
    2. සිහිය තියෙන වෙලාවක කියවලා බලහංකෝ.... ඒකත් තේරෙයි......

      Delete
  21. ගොඩක් ලස්සනයි කාංචනා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...