Tuesday, October 13, 2015

මෑත කාලීන අපරාධ සහ උගත්පාඩම්..................



පුද්ගලයා -   17 හැවිරිදි පාසල් සිසුවා
නිරීක්ෂණ -  ලැප් කේ අරවා තිබීම
                   ෆේස් බුක් ෆොටෝ තිබීම
නිගමනය -  කොල්ලා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග-  ල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම -    ළගපාත අපරාධයක් සිදුවුවහොත් ලැප් ෆෝමැට් කිරීම

පුද්ගලයා -   ක් දරු පියා
නිරීක්ෂණ -  කොණ්ඩය කැපීම
                   රැවුල බෑම
නිගමනය -  පියා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග-  ල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම -    රැවුල සහ කොණ්ඩය කවර නොකැපීම

පුද්ගලයා -   මහබැංකු අධිපති
නිරීක්ෂණ -  මහජන මුදල් කොල්ලකෑම
                   මූල්‍ය වංචා සිදු කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  දන්නෑ වගේ සිටීම (සිටීමට සිදුවීම)
උගත්පාඩම -  මහබැංකුව අනික් බැංකු වගේ නොවේ..

පුද්ගලයා -   කුමරන් පද්මනාදන්
නිරීක්ෂණ -  ත්‍රස්තවාදීන්ට මුදල් රැස් කිරීම
                   ත්‍රස්තවාදීන්ට අවි අායුධ ලබා දීම
                   ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියා කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  නැත
උගත්පාඩම -  ත්‍රස්තවාදී ක්‍රියා කරාට කම් නැත

පුද්ගලයා -   සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්
නිරීක්ෂණ -  මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
                   නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  හරි නැති නිසා වෙන දෙයක් පෙන්නා රදවා ගැනීම
උගත්පාඩම -    ලොකු වැරදි සගවා පොඩි වැරැද්දකට හසුවීම

පුද්ගලයා -   කරුණා අම්මාන්
නිරීක්ෂණ -  මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
                   ත්‍රස්තවාදී නායකයෙකු ලෙස ක්‍රියාකිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  අත්අඩංගුවට ගැනීම අමතක කර දැමීම
උගත්පාඩම -  වැරදි කළ හොත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු යෑම



කසුප් අනුරාධ


.

72 comments:

  1. පුද්ගලයා - කසුප් අනුරාධ
    නිරීක්ෂණය - වෙනස් ආරකට ලියැවුණු කාලීන සමාජමය පැදිපෙළකි
    නිගමනය - පැදිපෙළ කදිමයි
    ක්‍රියාමාර්ගය - ජයවේවායි පැතීම
    උගත්පාඩම - මෙවන් කවි ලියැවෙන ගී පවුරට නිතර ගොඩවැදිය යුතුය

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික

      Delete
    2. යකාේ අපේ ලිවීමට වඩා මේ කමෙන්ටු පට්ට ක්‍රියේටිව් නෙවැ... ස්තූතියි ස්තූතියි

      Delete
    3. - - - - - - - - - - - - - - -

      Delete
    4. - - - - - - - - - - - - - - - -

      Delete
    5. එල අනුරාධයා නිසා හොඳයි තුශාරය ලිව්වනම් සත පහක් වටින්නේ නෑ , ඕ යේස්

      Delete
    6. තැන්ක්ස් ඉවාන්................... ඒත් තුෂාර මස්සිනා මේක දකීද දන්නෑ..... දැක්කොත් ඉතින් ඉවාන් අයියා ඉවරයි තමයි..... තුෂාර දරුණු මුනියා....

      Delete
  2. උගත් පාඩම් කොමිශන් සභාවට යවනවා මචෝ විමර්ශණේ කොරන්න.....
    මේක අම්මට සිරි ලංකාව කියන්නෙ නිකන්යැ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ... දැන් මේකයි අවුල මචං.... අපි කරුණා අමතක කරලා.... පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කාලය අමතක කරලා..... කේපීගේ සිද්ධි අපේ රජයේ අායතන ටිකටත් අමතක වෙලා.... ඒත් පොඩි පොඩි සිද්ධි වුණ ගමන් කොහේවත් නැති අහිංසකයෝ අල්ලන් යනවා..... මේක විකාරයක් නේද?????

      Delete
    2. ලංකාවෙ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචෝ... ඒ හින්දා පුදුම වෙන්න දෙයක් නෑ.

      Delete
    3. නෑ මචං............ දැන් අපි හොයපු, දේදුණු විප්ලවයක් කරලා හොයාගත්තු යහපාලනය මේකද ???????

      Delete
  3. Replies
    1. රාජ් මචං................

      නීතියට සැකකරුවන් පැමිණවීම කියන තැන ලොකු අවුලක් තියෙනවා... අැයි ජනතාවට මේ ගැන ප්‍රශ්ණ කරන්නට බැරි........... මෙතැන අවුලක් තියෙනවා නේද???

      Delete
  4. පිල්ලෙයාන් පරරාජසිංහම්ව මැරීම පොඩි වරදක් ද?

    ReplyDelete
    Replies
    1. පිල්ලෙයාන් කොරලා තියෙන ඒවායේ හැටියට පොඩි වරදකි..............

      Delete
  5. හී ලස්සනයි කුරුට්ටෝ........
    උගත්පාඩම - මෙවන් කවි ලියැවෙන ගී පවුරට නිතර ගොඩවැදිය යුතුය
    (මේ ටික හොරෙන් ගත්තේ වර්ණගෙන් ඉතුරු ටික ගත්තේ නැතෝ.....නැත්නම් වර්ණ මාවත් මානව හිමිකම් ගෙනියයි..)

    ReplyDelete
    Replies
    1. උඹලා ඒකට හිටියාට (ඒකට බ්ලොග් ලියුවාට) පරිස්සමින් වැඩ කරන ඒක හොදයි...... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං... ඔය මානව හිමිකම් යනවා කියන ඒකත් ට්‍රෙන්ඩ් ඒකක් විතරයි.... මාධ්‍ය වලින් පෙන්නනවා විතරයි... වෙන නම් මුකුත් වෙන්නෑ......

      Delete
    2. අපේ වර්ණ හොදයි කුරුට්ටෝ......

      Delete
    3. ඒහෙනං කමක් නැහැ........ නෑ ඉතින් අපි කිව්වේ මේ කාලේ විශ්වාස නැති නිසා..... පේනවානේ වෙන දේවල්.....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නිර්මාණයෙන් හා කොමන්ටු සියල්ල සමස්තයක් හැටියට ගත්තම උගත් පාඩම :- අපි සේරම මේ ඉන්නෙ අම්මට සිරි ලංකාවේ

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ............ අම්මට සිරි ලංකාව.....

      Delete
  8. නියමයි ඈ...
    මොක උනත් උඩ රැවුලයි යට රැවුලයි දෙකම එකපාර බාන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත.................

      හැබැයි උඩ රැවුල බෑවාම පොලෝසියෙන් යට රැවුල බාවනවා නේද??????

      Delete
  9. පුද්ගලයා - 2015 ජනවාරි අටට පෙර සිටි අකමැතිතුමා හෙවත් රටේ දෙවන
    පුරවැසි
    නිරීක්ෂණ - කුඩු කන්ටේනර් නිදහස් කිරිමට ලියවිලි සකස් කරදීම
    නිගමනය - නොදන්නා කමින් සිදුවූවකි.
    ක්‍රියාමාර්ග- ලේකම්ට වරද පැටවීම
    උගත්පාඩම - තවම මේ ගැන ඉගෙන ගනිමින් සිටි

    පුද්ගලයා - ඩී සිල්වා මහතා
    නිරීක්ෂණ - එලිපිට මිනිමැරුම,නීතිවිරෝධි ව්‍යාපාර
    නිගමනය - අමතකවීමෙන් සිදුවූ අත්වැරදීම්ය,මොළය නැත
    ක්‍රියාමාර්ග- ක්‍රියාමාර්ග ලනු ලබන්නේ එතුමා විසින්මය
    උගත්පාඩම - මතක ශක්තිය හැමවිටම අවශය නැති බව


    ReplyDelete
    Replies
    1. පුද්ගලයා - 2015 ජනවාරි අටට පෙර සිටි අකමැතිතුමා හෙවත් රටේ දෙවන
      පුරවැසි
      නිරීක්ෂණ - කුඩු කන්ටේනර් නිදහස් කිරිමට ලියවිලි සකස් කරදීම
      නිගමනය - නොදන්නා කමින් සිදුවූවකි.
      ක්‍රියාමාර්ග- ලේකම්ට වරද පැටවීම සහ පුතාට අැමතිකමක් දීම
      උගත්පාඩම - තාත්තා වැරදි කරනා විට දරුවන් අැමතිකම් ලබයි

      පුද්ගලයා - ඩී සිල්වා මහතා
      නිරීක්ෂණ - එලිපිට මිනිමැරුම,නීතිවිරෝධි ව්‍යාපාර
      නිගමනය - අමතකවීමෙන් සිදුවූ අත්වැරදීම්ය,මොළය නැත
      ක්‍රියාමාර්ග- ටික කලකට පාර්ලිමේන්තුවෙන් ඒළියේ තැබීම
      උගත්පාඩම - මොළය නැති බව ඔප්පු කිරීමෙන් අැති තරම් මිනීමැරිය හැක

      පොඩි වෙනස්කම් දෙකක් තුනක් කරා... තරහා නෑනේ මනෝ.........

      Delete
    2. දැන්නේ හරියටම ඇවිත් තියෙන්නේ කුරුටු..නියමයි

      Delete
    3. මේ ලිස්ට් ඒක තව තවත් දිගු කරත අැහැකි නේද????

      Delete
  10. ක්‍රියේටිව් තින්කිං.... නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ............ තැන්කූ................

      Delete
  11. Replies
    1. ඉස්තූතියි.... ඉස්තූතියි

      Delete
  12. අපි අනිත් ජාතින්ට වඩා වෙනස්නේ..

    ඒ වෙනසට අපි ගරු කරන්න ඕන. :p

    ReplyDelete
    Replies
    1. අනිවා රාජා.............. අපි ටිකක් අමුතුම ජාතියක්නේ..... අපේ ජාති මාරයි නේද???

      Delete
    2. මේ පැත්තට අාවේ අලුතෙන් වෙන්ටෑ...... රාජා ලියන බ්ලොගය මොකක්දෑ....??????? පොඩි විස්තරයකුත් කියන්ටකෝ

      Delete
  13. මම හිතන්නේ උඹලා නිවැරදි ට්‍රැක් එකට වැටිලය කියලා...

    ReplyDelete
    Replies
    1. අපි විතරක් නෙමෙයි මාතා................ අර අාණ්ඩුව මාරු වුණාම කාර් ගන්න හිතාගෙන හිටපු කපල් ටිකත් දැන් හරි පාරට වැටිලා...........

      Delete
  14. වෙනස්ම විදියේ ලිවීමක් මැක්සා බං.
    ජයවේවා.... කසුන් අනුරාධ
    කුරුටු ගෑ ගී පවුර ජයවේවා.....!

    ReplyDelete
    Replies
    1. තැන්කූ........................ අසෙනි........

      Delete
  15. සුසුදු සුදු වෑන් රථයක් ලගපාතම එනු පෙනේ!!!!


    ජ ය වේ වා !!!
    විදානේ-

    ReplyDelete
    Replies
    1. ඒහෙනං අයින් වෙයන්................. නැත්තං උඹව යට කරන් යයි...... අැඹිලිපිටිය පැත්තේ බීමත් ව සිටි තිදරු පියෙක් මරුට කියලා පත්තරේ යයි බං.....

      Delete
  16. මමත් කීපයක් උපකල්පනය කළා. බුදු ආ.....ම්මෝ.....................මේ පෝස්ට් එකටත් වඩා දිගයි. ඒ නිසා මේ ලියලා තියෙන ටිකෙන්, නොලියවුණු ගොඩ, තේරුම් ගම්මු.

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත විචාරකතුමෝ........... වෙච්ච හරිය කෙසේ වෙතත් ඉදිරියට තව තව සුන්දර දේවල් වෙන්න නියමිතයි වගේ...... අායෙම අයවැයෙන් කොත්තමල්ලි ඒහෙම අඩු කරයිනේ.... අපි ඉතින් පට්ට සතුටෙන් ඉම්මු...

      Delete
  17. අඩේ.... නියමයි... තව දාස් ගානක් මේකට දමන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා............... ඉදිරියට ඒන ඒවත් කෝටි ගාණක් තියෙයි බණ්ඩේ......

      Delete
  18. ඇයි බන් දුක හිතෙන එව්වම ලියන්නේ හැබෑටම.. මුතු ඇටයම ෆොර්මැට් කරලා අලුතෙන් OS දාන්න විදිහක් හිතමුද කට්ටියම එක්ක එකතුවෙලා..

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන ඒවා ලියන්නේ අැඩෙන ඒවා ඒන්න කලින් කස්ටිය සූජානං කොරන්න අම්බලං........ මුතු අැටය නෙමෙයි මේක අමුතු අැටය නෙවැ

      Delete
  19. එල මචං .... කුරුටු ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං................... ඉවාන් හෙල්පස්.......

      Delete
  20. උගත්පාඩම් පාඩම් ලිස්ට් එක දවසින් දවස වැඩිවෙනව..නියමයි වෙනස්ම සිතිවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි..................

      අපි ඉතින් ඉගෙන ගන්න ජාතියක්නේ...... උගත් පාඩම් කොමිසමක්ම කොරානේ පහුගිය කාලේ

      Delete
  21. ඇත්ත. මේ පාඩම් හැමෝම උගත් බවනම් පේනව. පහුගිය කාලෙ සෑහෙන පිරිසක් ලැප් ෆෝමැට් කළ නිසා. නමුත් මේ රටේ ලොක්කන්ටයි පොඩ්ඩන්ටයි දෙවිදියකට සළකන එක ගැන නම් පාඩම ඉගෙන ගෙන නෑ. ලොක්කන්ට හිරිහැරයක් වුනොත් පොඩ්ඩන්ටත් දැනෙනව වැඩියි. නමුත් ලොක්කන් පොඩ්ඩන් ව දකින්නෙ කුරාකුහුඹුවන් වගෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමා ම.ම නූතන කුලවාදය කියන්නේ...... ඒවා ඒහෙම තමා...... කොහොමත් ලොක්කන්ට පොඩ්ඩෝ මතක් වෙන්නේ මනාපය ගන්න විතරනේ....

      Delete
  22. අපි උගත යුතු පාඩම.
    මේක මේ රටේ සාමාන්‍ය තත්වය බව මතක තබා ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මනෝජ්.......................

      Delete
  23. නියමයි.. මේ පාඩම් ටික හරි නම් පාසල් විශය නිර්දේශයටත් ඇතුලත් කරන්න ඕනෙ.

    අර උඩ කට්ටිය කිව්වත් වගෙ අපි ජීවත් වෙන අම්මට සිරි ලංකාව වෙනවා වගේම තාම ඉගෙනගන්න ළමයි උනත් සමාජගත වෙද්දි අම්මටසිරි ලංකාව මේ විදියම වෙයිද කියල කියන්න දන්නෙ නැනේ.

    ලියවිල්ලයි අදහසයි නම් නියමා..යි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදහසේ........................ අපි සිද්ධි වලින් පාඩම් ඉගෙනගත යුතුයි කියනවානේ..........

      Delete
  24. Replies
    1. මචං බ්‍රා........... ඊයේ විදානයාගෙන් කරදරයක් වුණේ නැද්ද

      තුෂාර

      Delete
  25. ඉගෙන නොගත් පාඩම් මොනවද කියල ලියුවානම් මේක හුඟක් දිග වෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න තවත් සුපිරි චින්තනයක්......

      Delete
  26. තාම උගත් පාඩං කොමිසමේ වාර්තාව කිවල නෑ වගේ.
    අද රෑට ලැපත් ලෑස්ති කොරන් ඉන්නව හොදයි
    කොටදෙණියාව පත්තෙ ගිහිං එන්න පුලුවං

    (කොමෙන්ටුවට සාදර දායකත්වය කොටදෙණියාව ඕඅයිසී)

    පට්ටය් මචෝ. ලොවෙත් නැත

    ReplyDelete
    Replies
    1. ඉස්කුරුට්................ ඉස්කුරුට්.........

      කාෙටදෙණියාව යංතං කොණ්ඩයාගේ අයියාගේ කෙස් ගහට පිං සිද්ධ වෙන්න ගොඩගියා..... තව ඩිංගෙං බඩුම තමා....

      Delete
  27. හිටු... හූඇම්පී රජයක් ආවම මේ ඔක්කොම සෙල්ලම් ඉවරයි.. හ්ම්ම්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය අාවේ....................... ඉස්සර මීට හොදද කියලත් කල්පනා කරන්න හිතෙන තරම්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...