Wednesday, September 9, 2015

පියඹලා වරෙන් පුත දෙව්විමන් අැත බලං.........


ලෝකයක් හදන්නට තියෙන අාගම් අරන්
තොපේ පව් හෝදන්න අහිංසකයින් මරන්
නොදරුවන් බිලිගන්න රකුසු මිනිසුනි අහන්
කොහිද දෙවියන් ඉන්නෙ මෙහෙව් ජඩකං බලන්

මේ නිසල ගත දකින තොපේ හිත වාවයිද
තොපේ දරුමුණුපුරන් හෙට කෝම නලවයිද
ලෝකයක් ඉකිගසා අඩනවා අැහෙනවද
හෝදන්න මේ කරුම ශුද්ධ යුද්දෙට හැකිද

මයෙ පුතේ මියැදෙද්දි රිදුන බව මම දනිම්
නුඹෙ අම්ම තාත්තා වැරදි නැති බව දනිම්
බේරෙන්න යකුන්ගෙන් නුඹව තුරුලට අරං
නැව් නැග්ගෙ ජීවිතය හොයා යන්නට හිතං

දෙවියන්ට බිලි දෙන්න කිරිකැටියො පෙති ගහං
යකුන් රකුසන් අැවිං නුඹව ඩැහැගත් ලොවෙං
පියඹලා වරෙං පුත දෙව්විමන් අැත බලං
දෝත ගෙන නලවාවි හැබෑ දෙවියන් අැවිං


තුෂාර විතාරණ


.

62 comments:

  1. මේ නරුමයන්ට මේවගේ පොඩි දරුවන් කි දෙනෙක් බිලි වෙලා ඇතිද?

    ReplyDelete
    Replies
    1. අැත්ත නලීන්.............

      මේ ලෝකේ මිනිස්සු දෙවියන් ළගට යන්න දගලන තරමක්... ඒත් දෙවියන් මේවා දන්නවානම් අායෙම අැවිත් මුන්ව මරණවා... අහිංසක ජීවිත කොච්චර විනාශ වෙනවාද??? මොනවා දැනගෙනද මේ දරුවෝ මැරෙන්නේ????

      Delete
  2. ලෝකේ කොහේ තිබුණත් යුද්ධය මිලේච්ඡයි. තුච්ඡයි. යුද්දය නිසා මොනයම්ම හෝ ආකාරයකට මියයන ඊට කිසිසේත් වගකිව යුතු නැති අහිංසක දරු පරපුර වෙනුවෙන් හඬ නගමු. වෙල්ඩන් තුෂාර!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුවෝ................

      යුද්ධයට විරුද්ධව මිනිස්සු තුළ අාකල්ප හැදිය යුතුයි... නැත්තං බලය වෙනුවෙන් අහිංසක ජීවිත පාවා දීම කවදාවත් ඉවර වෙන ඒකක් නෑ... යකෝ මේ අපේ දරුවෙක් කියලා හිතන්න මුන්ට බැරි අැයි????

      Delete
  3. යුද්ධය සාපයක් ය. පාපයක් ය. මේ ලොව කවදා මේ සාපයෙන්, පාපයෙන් මිදෙන්නෙහිද? කිසිවක් නොදන්නා දරුවන් අහින්සක කාන්තාවන් වරදක් නොකල මිනිසුන් කොයිතරම් මේ යුද්ධය බිලි ගෙන ඇද්ද?

    ලස්සනයි කුරුටු අසංක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අහස්...............

      මේ අපි දැකපු අවස්ථාවක් විතරයි.. අපි නොදැකපු අවස්ථාවන් කොච්චර අැද්ද?? මීටත් වඩා හුරතල් කිරිකැටියෝ කීයක් මැරිලා අැද්ද???? මේ ලෝකේ ඒලිය දකින්නත් කලින් ම මව් කුසේදීම උදුරාගත්තු ජීවිත කොච්චර අැද්ද????? මේවා ගැන අපි නැවත නැවතත් හිතන්න ඔ්නේ අහස්.....

      Delete
  4. ඇතුල් කෝටිටෙ ලමා නිවාසයක් තියනවා යුද්ධය තිබුන කාලේ අනාථ උනා දරැවනුත් එකේ ඉන්නවා .පසුගිය දවස් වල මම එතනට නිතරම ගියා.එතන ඉන්නවා අවුරැදු විසි පහක විතර එක තරැණයෙක් සිහිය විකල් වුන.ඔහු එතැනට ගෙනත් තියෙන්නේ අවුරැදු හයේදි විතර.මම දවසක් ඔහුගෙන් විස්තර ඇහුවා.අසිහියෙන් කියවනවා අමිමයි තාත්තයි පෙති ගැහුවලු,කැපුවලු එයා හැංගිලා බලාගෙන හිටයලු.ඔක්කොම මැරුවලු.ඔහුට ඔහුගේ ජීවිතේ මතක ඇති එකම දෙය එපමනයි.ඇහුවොත් කියන්නෙත් ඔය ටික විතරයි.මට ඇස්වලට කදුලු ආවා ඒක කියන විදියට.යුද්ධය දරැවෙක්ට නැති කරන්නේ ලමා විය විතරක් නෙවෙයි.ඒ දරැවගේ මුලු ජීවිතේම.තව දරැවකුගේ ජිවිතයත් නැති කරනවා.යුද්ධයක බියකරැ බව ඒක අත්වින්ද කෙනෙකුට කවදාවත් අමතක වෙන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝ..............

      යුද්ධය කියන්නේ මැරෙන මිනිස්සු ගානෙන් විනාශය මනින්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒක ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ කොච්චර දේවල් උදුරගෙන අැත්ද???? මෙච්චර මිනිස්සු මැරිලා රටවල් විනාශ වෙලත් තාමත් අපි යුද්ධය කරගහගෙන අමාරුවෙන් ජීවත් වෙනවා..... මේක විකාරයක්.....

      Delete
  5. මාධ්‍ය සංදර්ශණ පමණයි....

    කිසිදා නවතින්නේ නෑ...

    දරුවෙක් නෙමෙයි, යුද්දෙට ඉන්වොල්ව් නැති කොයි එකාගෙත් ජීවිත අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා............... ඒත් වැඩිපුරම මැරෙන්නෙම කොහෙටවත් නැති උන්නේ.... ඒකයි මේකේ තියෙන අවුල..

      Delete
  6. කාටත් හිමි එක දේ නම් මරනෙමය
    මේ ටික නොදත් මිනිසුන් නම් අපමනය
    ලෝකෙත් දැන් කැරෙකන්නේ රුයිතෙටය
    දෙවියන් පරදා රකුසන් ජයගෙනය

    දින දින පිරිහෙනා ලෝ මනුදම් ගුණය
    මේ පොඩි පුතාගෙත් ආයුෂ මෙපමණය
    යායුතු දුර තවත් සසරේ අපමණය
    සිහිකර නොසිටියොත් ලොවුතුරු බුදු ගුණය

    ReplyDelete
    Replies
    1. තෙලී..................... අගෙයි..... කව්පද බදින්නට තෙලී හපනා නෙවැ... ජයවේවා

      Delete
    2. අඩේ... ඔයාලට ජය පතන්න අාපු මට ඔයාල ජය පතල.
      ජය වේවා! ජය වේවා!....

      Delete
    3. අර මක්කටෙයි..................?????

      Delete
    4. කයි පබැඳුමට තමා ඉතිං

      Delete
    5. ස්තූතියි තෙලියෝ.............. මේ හයියයි අපිට ශක්තිය

      Delete
  7. අනේ ඇත්තමයි කුරුට්ටෝ ‍යුද්ධය නම් මහ කරුමයක්...
    කවි පද ටික නම් හරිම සංවේදියි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ................

      වර්ණ ලියපු පද ටිකක් ගැන අපි මනාටත් ගිහින් කිව්වා... ටිකක් උත්සහ කරන්න කියන්න ඒ පද ගීතයක් විදිහට අගේට ගැලපෙනවා.... සුන්දර ගීතයක් නිර්මාණය කරන්න හැකි වේවි.... ජයවේවා

      Delete
    2. ස්තූතියි ගී පවුරේ අනිවා උත්සාහ කරනවා.
      ජයවේ ගී පවුර!

      Delete
    3. ජයවේවා.... ඒ ගීතය ඉක්මනින් ම අහන්න ලැබේවා....

      Delete
  8. මම මේ වගෙ එව්ව බලන්ටවත් කැමති නෑ බන්...දවස තිස්සෙම මතක් වෙන්නෙ ඒ අහින්සකයා......:(

    ReplyDelete
    Replies
    1. ඔව් රවී.......................

      මේවා මිනිස්සුන්ගේ අැස් අරවන සිද්ධි තමා... ඒත් මේ අහිංසකයා මහමුහුදට යටවෙලා වෙරළට ම ගහගෙන අැවිල්ලත් ඉවරයි....

      Delete
  9. ලියන්න කියන්න කිසි දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩෝ............ මේවා අපිව ගොළුකරනවා....

      Delete
  10. සුරංගනවො වගේ අහිංසක මොලකැටි දරුපැටවු නසන කෘර හිත් ඇති මිනිසුන්ට සාප වේවා!
    සංවේදී සිදුවීමකට ලියූ සංවේදී කවක්...
    ජයවේ තුෂාර!
    ජයවේ ගී පවුර!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ..... මේ සිද්ධිය අහපු වෙලාවේ ඉදලා ලියනකං නොඉවසිල්ලෙන් හිටියේ.....

      Delete
  11. මේ සංවේදී සේයා රුව දෙස බලන්නවත් අමාරු තරම් කුරුටු ගෑගී පවුරේ ලියැවුන දෑ තවත් සිත පාරවනව මින් රිදුම් දෙනවා. කොහොමටත් මිනිසුනේ මීට වඩා සංවේදී වෙයල්ලා කියන පණිවුඩය දීමට ඔබත් දායක වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගුණසිංහ මහත්මයා.....

      අපි මිනිස්සු විදිහට මේවා නොවෙන්නයි ජීවත් වෙන්න බලන්න ඔ්නේ.. ඒත් අපිට වගේ නෙමෙයි ගිනිගත්ත බිම් වල ජීවත් වෙන මිනිස්සුන්ට මේක තවත් සාමාන්‍ය සිද්ධියක් විතරයි.... ඒ විකාර ලෝකය වෙනස් කරන්න අපිට කරන්න හැකි හැම දෙයක් ම අපි කරමු... ජයවේවා...

      Delete
  12. හරිම සංවේදී සිදුවීමක් තුෂාර... එදා කැබිතිගොල්ලෑවේදි තාත්තා කෙනෙක් තුරුළු කරගෙන හිටිය මියගිය පුංචි දරු පැටියාගේ දසුන ආයෙම මතකයට නැගුණා.
    වර්ණ මට මේ දසුන එවා එය අරුත්ගන්වන්නට යෝජනා කළා. මමත් අද ඒ කවි පෙළ 'දසුනට අරුතක්'හි පළකළා.

    ජය හා සතුට ! තුෂාර ඔබටත් කුරුටු පවුලේ සැමටත්

    ReplyDelete
    Replies
    1. කියෙව්වා ගීතිකා......

      හරිම ගැලපෙන පද ටිකක්... කොහොමත් ඔබ හොද කිවිදියක්නේ... මේ වෙනුවෙන් අපි බ්ලොග් තුළ විතරක් නෙමෙයි හැකි හැම අාකාරයකින් ම කතා කළ යුතුයි... වැඩ කළ යුතුයි... තවත් තරුවෙක් හෙට මැරෙන ඒක නැවැත්තුවානම් ඒකයි විය යුත්තේ....

      ජයවේවා

      Delete
  13. තිත්ත කරුවල
    පිරුණු අහසක
    නොපෙනි ගිය
    හඳ එළිය
    කවද හරි
    දකින්නට
    අඬන හිත්
    සොයා යන හැටි
    හීන කොදෙව්වක්
    අපි කාටත්
    එකම පවුලක
    ඉන්න හැකි වෙනකම්
    ආගම් ජාති
    ඇති නැති
    කිසිම වෙනසක්
    නැති අපේම අපෙ
    ලස්සනම ලස්සන
    ලෝකයක්.....
    තව මෙවන් ජීවිත්
    කෙල කෝටියක්
    බිලිගෙනවත්


    ReplyDelete
    Replies
    1. අැත්ත ප්‍රියන්ති....

      මේ නරුමයෝ කවදා මේ කුරිරුකම් නවත්තයිද??? කවදා ලෝකයට සාමය ගෙනේවිද??????

      Delete
  14. ඔය පොඩි එකාගෙ ෆොටෝ එක දැක්කට පස්සෙ මාර විදිහට ශොක් උනේ. ඒ පොඩි එකා අපෙ චූටි අම්මගෙ පොඩි එකා වගේමයි. ඌ වැඩි හරියක් මං එක්ක ඉන්නෙ. ඒ වෙලාවෙම මං ඌව බලලා ආවා. තාමත් ඒ වගේ පොඩි එකෙක් දකිනකොට පපුවට අනිනවා වගේ වෙනවා. අද ට්‍රේන් එකේ ඒ වගේ පොඩි එකෙක් හිටියා. එනකම් හිටපු හැටි හිතා ගන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ශ්‍රීනාත් සහෝ.............

      අපි වගේ සංවේදී මිනිස්සු නැති කමින් තමා මේ ලෝකයේ මේ වගේ හරක් වැඩ වෙන්නේ.... අඩුම ගානේ මිනිස්සුන්ට අනුන්ගේ දරුවනුත් තමන්ගේ දරුවන් වගේ ම නේද කියලාවත් හිතන්න හැකි නම් මේ ලෝකය ගොඩක් වෙනස් වේවි.....

      Delete
    2. අහලා ඇතිනෙ "වඩා වැදගත් වන්නේ දරුවා කාගේද යන්න නොව කාගේ උවද දරුවෙකි යන්නය" කියලා කියමනක් තියෙනවා...

      Delete
    3. ඒකනම් අැත්ත.... ඒත් මේ රකුසු මිනිසුන්ට මේවා ගැන හැගීම් දැනීම් නැහැ ශ්‍රීනාත් සහෝ..............

      Delete
  15. මොකක්ද බං මේකේ තේරුම.එහෙත්,මෙහෙත් කොහෙත් නිකරුනේ බිලි වෙන්නේ කරුම යුද්දෙට යුද්දෙත් එක්ක කිසිම ගනුදෙනුවක් නැති අහිංසකයෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්......

      යුද්ධයේ තියෙන පිරිවැය ඔ්ක තමයි.... සාමාන්‍යයෙන් යුද්ධයට සෘජුව සම්බන්ධ වෙනවා වගේ දෙතුන් ගුණයක් සාමාන්‍ය මිනිස්සු මැරෙනවා.... අදාල නැති භෞතික සම්පත් කෝටි ගණනින් විනාශ වෙනවා... අනාගත පරම්පරාවන්ට අපි යුද්ධයක් උරුම කරලා දෙනවා වගේ ම ඔවුන් වෙනුවෙන් දියුණු කරන්න තිබූ හැම දේම අපි විනාශ කරලා දානවා... මේක හෙණ ගහන විකාරයක් මනෝජ්..... මේවට අපි වගකියන්න ඔ්නේ....

      Delete
  16. ආගමේ අරුත හරියට නොතේරෙන එවුන් නිසා අහිංසකයන් දුක් විදිනවා...

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජීත් හරි තැනට අාවා... මේකතමයි දෙවියන් ළගට යනවා කියලා කරන්නේ... දෙවියෙක් ඉන්නවානම් ඉක්මනින් ම ඒතනට ගෙන්වා ගෙන පයින් ගහනවා....

      Delete
  17. මේවට නම් ඉතින් නෝ කමෙන්ට්ස් කියල තමා කියන්න තියන්නේ. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ට අවුරුදු මිලියනයක් වත් යාවි. හැබැයි ඒ වෙද්දී මනුෂ්‍ය වර්ගයා එයාල අතින්ම නිර්මාණය වෙච්ච දේවල් වලින් මිහිපිටින් අතු ගෑවිලා ගිහිං තියේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් අහගරුවෝ.................

      ලෝකය පටන්ගත්ත දා ඉදලා ම ගැටුම් තියෙනවා.. ලෝකය පවතිනතාක් කල් ගැටුම් තියෙනවා.... ඒත් විය යුත්තේ මේ ගැටුම් වල නිශේධනීය පැත්ත අඩු කරලා සාධනීය කර ගැනීමයි.... ඒකට තාම ලෝකය සූදානම් නැහැ....

      Delete
  18. යුද්දය කියන්නේ මහා කාලකණ්ණි දෙයක්..
    බල තණ්හාදික තිරිසණුන්ගේ ක්‍රියාවලින්
    මල් වගේ අහිංසක පුංචි උන් කොච්චරනං තැලෙනවද..

    එහෙත් එහෙමයි - ඇයි මෙහෙත් එහෙමයි..

    හද කකියවන - ලේ රත්කරන පද පෙලක් තුෂාර..

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ.................

      මේක ලෝකයට හෙණයක්... මිනිස්සු ඒක තාම තේරුම් අරන් නැහැ.. අපේ ගෙදර අැවිත් තට්ටු කරනකල් සද්ද නැති ජාතියක්නේ අපි.. ඒකයි තාම මේ නාඩගං ලෝකයේ රජ කරන්නේ...

      Delete
  19. නැවතත් හොඳ කවි පෙලක් .. මේ ලින්ක් දෙක දාල යන්න ආවේ ..
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/724-2015-09-09-13-07-05

    http://nelumyaya.com/?p=4171

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියා......

      දෙකම කියෙව්වා.. අජිත් අයියලා දෙන සහයෝගය නම් නිමක් නැහැ.. මේ සිද්ධිය දැක්කා ම කවියක් ලියනකල් හරිම අමාරුවෙන් හිටියේ... ඒත් දුක නිමවෙලා නැහැ..... හැකි පමණින් මිනිස්සු අතරට පණිවුඩයක් ගෙනියන්නයි මේක ලියුවේ.... ජයවේවා...

      Delete
  20. කරුටු ට මල් මිටක් !

    ReplyDelete
    Replies
    1. අද අැයි හොර පාරෙන්....

      Delete
  21. මේ පින්තුරේ එක්ක තිබ්බ බොහෝ විස්තර කවි කාටුන් මම බැලුවේ නෑ .දුකයි කේන්තියයි නිසා . ඒත් තුෂාරගේ කවිය කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක සිත.............. ඒ වචන ටිකම අැති......

      Delete
  22. අවාසනාවට වගේ අපිට ලෝකේ කොහෙන් හරි මේ වගේ දේවල් අහන්න ලැබෙනවනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට නම් ඉන්න තැන මේ තරම් අවුල් නෑනේ.....

      Delete
  23. මේක පොතකින් කොපි කර ගත්තෙ. මෙතනට ගැලපෙයි කියල හිතෙනව...

    “Do the gods of different nations
    talk to each other?
    Do the gods of Chinese cities
    speak to the ancestors of the Japanese?
    To the lords of Xibalba?
    To Allah? Yahweh? Vishnu?
    Is there some annual get-together
    where they compare each other’s worshippers?
    Mine will bow their faces to the floor
    and trace woodgrain lines for me, says one.
    Mine will sacrifice animals, says another.
    Mine will kill anyone who insults me, says a third.
    Here is the question I think of most often:
    Are there any who can honestly boast,
    My worshippers obey my good laws,
    and treat each other kindly,
    and live simple generous lives?”

    - Orson Scott Card, Children of the Mind

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පරිකල්පන ..........................

      Delete
  24. උංගෙ අම්මලාගෙ දෙයියො, රෙද්දෙ ආගම..

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝෂ්................ මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ.......

      Delete
  25. කිසිම දෙයක් නොකිය මේ පින්තුරය විතරක් තිබ්බත් දහස් ගානක් දේවල් කතාකරන පින්තුරයක්.... හරිම සංවේදී

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි.......... දුක් කන්දරාවක් තමයි...

      Delete
  26. මේ ලෝකයේ ඉපදිච්ච මිනිස්සු කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියල කියල මට හිතෙනවා.... .කර්මය තුරුළු කරගෙන ලෝකෙට උපදින සත්වයන් ඒ ඒ කර්මයන් වලට ලැබෙන දඬුවම් වලට මුහුණ දෙනවා. කොයි කව්රුත් මේ ගෙවන්නේ පෙර සසරේ කරපු පින්-පවු වල ප්‍රතිපල. හොඳම දේ පුළුවන් තරම් පව් වලින් ඈත්වෙලා පිනේ දහමේ යෙදීමයි....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අැත්ත අම්බලන්...... අපි දැන් කරන දේවල් වල වුණත් ප්‍රතිඵල හම්බෙනවා කියලා මිනිස්සු දැනගත යුතුයි....

      Delete
  27. දෙවියොත් අසරණයි මේ වැඩ ඉස්සරහදි.....
    හරිම අපූරු නිර්මානයක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වාසනාවන්ත

      Delete

Related Posts Plugin for WordPress, Blogger...