Friday, September 25, 2015

අනුන් වෙනුවෙන් ජීවත්වීම.................



හමා යන මද පවන් සිසිලස 
බෙදා සෙනෙහස හොයනවා
සොයා උණුහුම සරන විහඟුත්
අාදරේ සුව දන්නවා
නිවී හෙට දින පායන්න මග
බලන හිරු යළි හිතනවා
ඊයේ අද නොව හෙටින් ළැඹෙන
දවසෙ වෙනසක් දැනෙනවා

සතුට වෙනකක් නොවේ හිත්තුළ
නැගෙන සිනහව අැති තරං
වේදනාවන් නොවේ වෙනකක්
සිටින තරහක් හිර කරං
දුක සතුට දෙක වෙන්ව අරගෙන
විදවන්න වෙයි නං ඉතිං
දුකත් සතුටත් වෙන්ව නොදකිමු
හිනාවෙමු අපි හැකි තරං

අනුන් වෙනුවෙන් ගෙවෙන තත්පර
දවස් අවුරුදු කරනවා
අනුන්ගේ සිනහව දකින්නට 
අපේ සිනහව පුදනවා
අනුන් කරනා දෙයින් තැවෙනා
සිතින් අාදරෙ කරනවා
අනුන් වෙනුවෙන් මගබලාගෙන
අපේ ජීවිත ගෙවෙනවා


තුෂාර විතාරණ


.

61 comments:

  1. සිතින් අාදරෙ කරනවා
    අනුන් වෙනුවෙන් මගබලාගෙන
    අපේ ජීවිත ගෙවෙනවා


    මේවා අපේ ජීවිත නෙවී වගේ කුරුට්ටෝ......
    ලස්සනයි කුරුට්ටෝ

    ReplyDelete
    Replies
    1. හී හී අද මං එක.... අර කොමෙන්ටු දාලා පස්සේ පෝස්ට් බලන හොර කසුනා එක ගන්නවා වගේ නෙවෙයි ඔං හොදද

      Delete
    2. අනිවා අනිවා සබරේ මචං........

      දැන් අලුත් වැඩෙත් නැගලා යනවා නේද???? යමු යමු ඔහොම යමු........

      Delete
    3. ඔවු කුරුටු.... තැන්කු දෙන හෙල්ප් එකට.....
      ගමේ කම නේද සහෝ....

      Delete
    4. හත්තිලව්වයි ඒහෙම ප්‍රසිද්ධියේ කියන්න ඒපා බොල... අනික් උන් ඩිස්ක්‍රිමිනේෂන් කියලා පිකට් කොරයි.... දන්නවානේ අපේ බ්ලොග් මාධ්‍යවේදීන්ගේ හැටි.....

      Delete
    5. නෑ බං කසුනා විහිලු දන්න හොද එකා..

      Delete
    6. උඹ විහිලුවක් ඒහෙම කරාද?????

      Delete
    7. මෙන්න මට එන්න බැරි වෙච්ච වෙලාවෙ මේ සබරෙ ඇනෝ ඇවිත් කොමෙන්ට් කරලා මටත් හිනා වෙලා. හිටුකො මම ඊලඟ පෝස්ට් එකේදි එක වෙන්න.

      අවුලක් නෑ කුරුටු. මට ඔය ඕන එකක්.

      ඔන්න ඔය මෙන්ඩ දීල තියෙන්නෙ හොඳ චරිත සහතිකයක්.

      ඔන්න එහෙනම් මම පරක්කු වෙලා ආපු නිසා මේ පෝස්ට් එකට පහලින් කොමෙන්ට් කරනවා හරිය?

      Delete
    8. ඔය සබරයාගේ සද්ද ගණන් ගන්න ඒපා කසුනෝ.............

      සබරයාගෙයි වර්ණයාගෙයි අලුත් ගේ පැත්තේ ඒහෙම ගියැයි....???? ගෙහුං ඒහෙම සද්දයක් දැම්මානං හරි/// බය වෙලා හිටියි දෙන්නා.....

      Delete
    9. නොගිහිං කොහොමෙයි. පටන්ගන්නකොට ම ගිහින් මගෙ මූන එල්ලලා ආවා.
      හෙමින් ගිහින් සද්දයක් දානවා.

      Delete
  2. මේක මේ රවියගේ අනන්‍යා ක්‍රිෂ් ඉල්ලකර ලියපු එකක්ද බං තුසාරෝ. හැක්

    ReplyDelete
    Replies
    1. ඔ්කනේ කියන්නේ උඹ ඒතැන ගිහින් උෟට අනං මනං කියලා අපිවත් ඒකට අෑදා ගන්න වගේ හදන්නේ......

      Delete
    2. නෑ බං. නුවර කුමාරිගේ අර වැහි කතාවේ කෙල්ල ගැන හිතල ලියපු එකක්.. :/

      Delete
    3. අන්න කමියා නියම පාරක් පෙන්නුවා අපිට.................. ජයවේවා කමියෝ...

      Delete
  3. //අනුන්ගේ සිනහව දකින්නට
    අපේ සිනහව පුදනවා///
    .......................................................................................................................................................................... ... ... .. .. . .

    ReplyDelete
    Replies
    1. අැත්ත ඔ්කනේ ශ්‍රීනාත් සහෝ.................

      Delete
  4. හ්ම්ම්ම් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්............... හ්ම්..............

      Delete
  5. ඇත්ත..
    එල ද බ්‍රා
    කෝ යකෝ පාටි

    ReplyDelete
    Replies
    1. අැයි මගෙන් මොන පාටිද?????????

      Delete
    2. දැන් තොපි දෙන්නාගෙන් කවුද කරත්තේ බැන්දෙ?

      Delete
    3. මෙන්ඩා සහෝ, තුෂාරගෙන් කේක් ඉල්ලන්න වෙන්නෙ ආයි වෙඩින් ඇනිවසරියෙදි තමා .... ☺ ☺ ☺

      මේ, අසංක අයියා පේන්න නැත්තේ මොකද දන්නේ නෑ නේ ... ☺ ☺ ☺

      Delete
    4. මෙන්ඩෝ............. අසංක අයියා බැන්දාම මගෙන් කේක් ඉල්ලන්නේ අැයි බොලව්.....?????

      සදරු......... මටත් දැන් මාසයක් විතර තියෙන ප්‍රශ්ණය ඔ්කම තමයි..... බැරිම තැන මං කෝල් ඒකකුත් දීලා අැහුවා.... හරි උත්තරයක් ලැබුනේ ම නැහැ...... බැන්ද අලුත ඔහොම වෙනවා අැති නේද බං???

      Delete
  6. කුරුටු අනුන් ගැන සෑහෙනදුරට හිතලා නොවැ.

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් අපි හැමෝම ජීවත් වෙන්නෙම අනුන් වෙනුවෙන් නොවැ....

      Delete
  7. රයිට් ඉන් ද ෆීල්ස් බ්‍රෝ , සිරා මචෝ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැබ් මචං.....................

      Delete
  8. අන්තිම ටික නං සහතික ඇත්ත.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔ්කනේ අැත්ත ප්‍රසා.............

      අපි අනුන් වෙනුවෙන් ජීවත් වෙලා මැරිලා යනවා..... අපිට කියලා ඩෙනිමක් ගත්ත දවසක් මතකද?????? පවුල් ජීවිතේ කියන්නෙත් අනෙකා වෙනුවෙන් ජීවත් වීමම තමයි... හා නැද්ද හොදයි?????

      Delete
  9. අනුන් වෙනුවෙන්ම ජීවත් වෙන ඉන්දීය ටෙලි නාට්ටි වල අක්කලාට මේ කවිය උපහාරයක්ම වේවා...
    දැං අහන්නෙපා ඇයි කියල

    අගේ කවිය මචෝ.. ලස්සනයි... පොඩි විහිලුවක් කරාට තරහ නෑනෙ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //ඉන්දීය ටෙලි නාට්ටි වල අක්කලාට//

      අනේ මන්දා බං උඹලාගේ දැක්ම අමුතුයිනේ... මේක කොහොම දැක්කද මන්දා...???

      Delete
  10. ඔව්.. ගොඩ දෙනෙක් තමන්ගේ සතුටට වඩා අනුන්ගේ සතුට ගැන හිතලා ජීවිත ගෙවනවා

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් නෙමෙයි තුශානි.. අපි හැමෝම.... හොදට හිතලා බලන්නකෝ.....

      Delete
  11. උඹ නම් ජීවත් වෙන්න ඕනෙත් නෑ.. මකබාවිලාම පලයන් ..ඕ යේස්

    හැබැයි කවිය ලස්සනයි බොල. ලියලා තියෙන එකා තමා චාටර්

    ReplyDelete
    Replies
    1. අා....................... ඉවානයා උඹේ නමේත් ඔය තියෙන පවුලූශා කියන කෑල්ලේ තේරුම උඹ දන්නවාද???? යකෝ "පවුල - ශා" කියන ඒක තමා ඒකේ තේරුම.... ඒ කියන්නේ උඹේ නමේම තියෙනවා පවුල්කෑම ගැන... ඔ්ක තව ටිකක් දියුණු කරලා හිතන්නත් පුළුවන්

      ශා................ කියන්නේ මරු කියන ඒක
      ශා(හ්) කියන්නේ අවුල් කියන ඒක..

      ඉතින් ඔය දෙකනේ තියෙන්නේ..

      (ඉතින් ඔබට ගැනපෙන පවුලූශා ඔබ තේරා ගන්න.... )

      පසු සටහන - මචං පොඩි බඩුවක් ඒවන්න උඹේ ලිපිනය කියහංකෝ.... ඒන පාර විස්තරත් ඒක්කම.... උඹට අනතුරක් කරන්නෑ.. අපි යාලුවෝනේ.....

      Delete
  12. කවියත් මරු.. අර ඇපල් ගෙඩි දෙකේ පින්තුරෙත් මරු..

    ReplyDelete
    Replies
    1. ඔව් කමියා..... ජීවිතේ හරි ලස්සනට ඔය රූපෙන් කියලා තියෙනවා...

      Delete
  13. //අනුන් කරනා දෙයින් තැවෙනා
    සිතින් අාදරෙ කරනවා
    අනුන් වෙනුවෙන් මගබලාගෙන
    අපේ ජීවිත ගෙවෙනවා//

    ලස්සනම ලස්සනයි........ හිතට දැනෙන්න ලියලා තියෙනවා............ නියමයි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අවංක....................

      අවංක කියලා බැචෙක් හිටියා... ඔය නම දැකපු ගමන් ඒක මතක් වුණා.... උෟගේ කතාව හරි දුක්බර ඒකක්...... දැන් අපි අතර නැහැ.......

      Delete
  14. ඇපල් ගෙඩි දෙකේ පින්තූරෙ මරු බන්.ඒක ගෙදරක රාමුකරලතියාගන්න වටිනව. හැම එකාගෙම ජීවිතවල යථාර්ථය තමා ඒ ඇපල් ගෙඩි දෙක.
    දුක සැප කියන්නෙ ඉතින් සාපේක්ෂ දේවල්.ඒ දෙකම පැත්තකට කළාමයි සතුට ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා ම.ම

      අපි හැම වෙලාවෙම දුක දිහා බලාගෙන ඉන්නවා..... සතුට දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා.... දුකත් සතුටක් කරගන්න පුළුවනි නම් ඒකයි ජයග්‍රහණය මචං..

      Delete
  15. අපි අනුන් වෙනුවෙන් කියල හිතන හුඟක් දේවල් ගැඹුරට ගිහින් විශ්ලේෂණය කරලා බැලුවාම ඒ අපේ කැමැත්ත කියන උත්තරේ ලැබෙනවා. අපේ කැමැත්ත වෙනුවෙන් කරන දේවල් අනුන් වෙනුවෙන් කරන දේවල් කියල අවසානයේ අර්ථදක්වන්න බැහැ .. අනුන්ගේ සතුට වෙනුවෙන් කලත් ඒ දේවල් කරන්න අපි තුල කැමැත්තක් තියන නිසා ඒ සියල්ලම අපේ සතුට වෙනුවෙන් කරපු දෙවල්මමද ? තෝරා බේරාගන්න බැරි බොහොම අමාරු සංකීර්ණ ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. මොනවා වුණත් සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ අනුන් වෙනුවෙන් ජීවත් වීම....... තමන් වෙනුවෙන්, තමන්ට හිතෙන දේ කරන්න අපිට බැහැ.... අපි හැම වෙලාවෙම කරන්නේ අනුන් සතුටු වෙන දේවල්.... අපේ ගෙවල්, වාහන, අැදුම්, ගමන් බිමන් මේ හැම දෙයක්ම බලන්න....අපි යම් සතුටක් ලබනවා තමා... ඒත් අැත්ත අවශ්‍යතාවය අනුන්ගේ...... අන්තිමට අපේ සමස්ත ජීවිතයම අනුන්ට අවශ්‍ය විදිහට අපි ගෙවලා දාලා ඉවරයි....

      Delete
  16. කිසිත් ආපිට නොපතාම අපි
    බොහෝ දේ කැපකරනවා...
    ලදත් නොලදත් හැමදාම අපි
    සිතින් ආදරෙ කරනවා...

    හරිම අර්ථවත්, ලස්සන පැදි පෙළක් තුෂාර...
    ජය හා සතුට !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගීතිකා.................... මේ ගැනත් ලස්සන කවියක් ලියමුකාේ බලන්න......

      Delete
  17. නියමයි කුරුටු අසංකයෝ... එලම එල කවියක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මං ලියපු කවියට අසංක අයියාට ඒල කියලා..... කොහොම හරි කමක් නැහැ බං අපි කවුරුත් කුරුට්ටෝනේ...

      Delete
  18. මේ පද රටාවට, තාලයට මම ගොඩක් කැමතියි.
    අපි නොදැනුවත්වම වෙන දෙයක් බං ඕක. හොඳට මතුකරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුවෝ................... ඔ්ක තමා ජීවිතය නේද බං....????

      Delete
  19. අනුන් වෙනුවෙන් තමන්ගේ ජිවිත කැප කරනවා කියන එක හිතන තරම් ලේසි නොවුනත් එහෙම කරන අය කොයි තරම් අපි අතරේ අපිට ඉන්නවාද?එහෙම අය නොවේ නම් මේ ලෝකේ ජිවත් වෙන එක කොයි තරම් නම් අපහසු වේවිද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මේ කවියෙන් නොකියවෙන අනික් පැත්ත....

      අපි ඉපදුන දවසේ ඉදලා අම්මා අපි වෙනුවෙන් ජීවත් වෙනවා.... තාත්තා අවුරුදු විස්සක් තිහක් විතරක් නෙමෙයි අදටත් අපි වෙනුවෙන් ජීවත් වෙනවා..... බිරිද පෙම්වතිය අදටත් අපි වෙනුවෙන් ජීවත් වෙනවා..යාලුවෝ.... ඒ නිසා තමයි අපි මේ විදිහට ඉන්නේ... අපේ ජීවිත වල බලාපොරොත්තුවත් අනුන්ගේ කැපකිරීම් තමා.... ඒ නිසා මේ කවියෙන් කියැවෙන විදිහට අපි අනුන් වෙනුවෙන් ජීවිතය කැප කරාට අනුන් අපි වෙනුවෙන් ජීවිත කැපකරනවා.... ඒක තමා සමාජය, අාදරය, සම්බන්ධතා, මේ හැම දෙයක්ම.....

      Delete
  20. //අනුන් වෙනුවෙන් ගෙවෙන තත්පර
    දවස් අවුරුදු කරනවා
    අනුන්ගේ සිනහව දකින්නට
    අපේ සිනහව පුදනවා
    අනුන් කරනා දෙයින් තැවෙනා
    සිතින් අාදරෙ කරනවා
    අනුන් වෙනුවෙන් මගබලාගෙන
    අපේ ජීවිත ගෙවෙනවා//

    නියම ආදරය දන්නා හෝ තේරෙන කෙනෙකුගේ පබැඳුමක් වගේ . නියම ආදරය ඒ වෙනුවෙන් ආපසු කිසිවක් බලාපොරොත්තු නොවී කරන ආදරයයි. දෙමව්පියන් දරුවන්ට ඇති ආදරය වගේ. එතනින් මෙහා හැම ආදරක්ම ආත්මාර්ථකාමියි. හැබැයි මම ඇතුළුව වැඩි දෙනෙක් ඉන්නෙ ආත්මාර්ථකාමී ගොඩේ. සුලුතරයක් හැරුණු කොට.

    ReplyDelete
    Replies
    1. ඉවන් සහෝ....................

      ඒ තමා සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ හැටි.... අපි අනෙකා වෙනුවෙන් කරන්නා වූ කැප කිරීම් තුළ ඔහු හෝ අැය අපි වෙනුවෙනුත් යමක් කරාවි කියන බලාපොරොත්තුව තියෙනවා.. නමුත් ඔබ කියනවා වගේ ඒක තිබිය යුතු නැහැ සැබෑ අාදරයක් තුළදී....

      මොනවා වුණත් අාදරය නැතිනම් පවුල් ජීවිතය කියන්නේ ම අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.... ඒ අනිත් කෙනාත් හරියට ම අනෙකා වෙනුවෙන් ජීවත් වුණොත් තමා ඒක සාර්ථක වෙන්නේ... කෙනෙක් තමා වෙනුවෙන් කැප කිරීම් කරද්දි අපිත් ඒක තේරුම් අරන් ඔහු හෝ අැය වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙනවා...... ඒතකොට තමා ඒ දෙක ගැලපෙන්නේ........

      Delete
  21. අනුන්ගෙ හිනා වෙනුවෙන් තමන්ගෙ හිනා කැප කරන ගොඩක් මිනිස්සු ඉන්නවා. නිදසුනක් දයාබර දෙමවුපියො. ඒ වගේම තමන්ගෙ හිනාව (සතුට) වෙනුවෙන් අනුන්ගෙ හිනාව (සතුට) නැතිකරන අයත් ගොඩක්ම ඉන්නවා. උදාහරණයක් අකරන්ගහ සිද්ධියෙ 'කොණ්ඩයා' (ඔහු වැරදිකරු නම්)....
    ගොඩක් පැතිවලින් දකින්න පුළුවන් පැදිපෙළක්
    ජයවේවා ගී පවුර තෘෘ තුෂාර....!

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත වර්ණ..... අනුන්ගේ සතුටු වෙනුවෙන් අපේ සතුට කැප කරන පිරිසක් වගේ ම අනුන්ගේ සතුටු අපේ සතුට වෙනුවෙන් කඩා බිද දාන පිරිසකුත් ඉන්නවා.....

      Delete
  22. //අනුන් වෙනුවෙන් මගබලාගෙන
    අපේ ජීවිත ගෙවෙනවා//

    හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අැත්ත කතාව ඔ්කනේ දසත......

      Delete
  23. අනුන්ගේ සිනහව දැකල සැනසෙන එකත් එක්තරා තෘප්තියක් :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...