Tuesday, June 30, 2015

හැට නවය (69)



සිල්වෙස්ටර් බොන්නට වෙයි හරි රුසියා
බීමට ලොල් ඔහු වෙයි නම ගිය මැරයා
වැයික්කියේ පතළව ඇත උගෙ සෙයියා
එදත් ගියේ බාර් එකට මේ ගොයියා

මෙතන තියන තැබෑරුමත් අමුතු වෙතේ
නෑ නොවැ එක එක මත්පැන් නමින් වෙතේ
නම් වෙනුවට ඉලක්කමක් යොදා ඇතේ
ඒ අනුවම ගනුදෙනු ටික සිද්ධ වෙතේ

සමහරු ඉල්ලයි අංකය 'පහ' දෙන්න
ඉතින් පහේ මත්පැන් වර්ගය ඔන්න
ලැබෙයි අතට ගනුදෙනුකරු හට බොන්න
පුරුදුකරුට හරි ලේසිය ඉල්ලන්න

සිල්වෙස්ටර් ප්‍රියතම වර්ගය බොන්න
ඉඳගත්තේ එහි ගොස් හරි බරි වන්න
මල්ලියෙ අදත් 'හැට නවය' ම මට දෙන්න
කියා ඔහුත් මේසයටම වී ඉන්න

අහෝ දුකකි එදා දවසෙ වී තිබුණේ
තැබෑරුමේ 'හැට නවය' ක් නෑ තිබුණේ
ඉවර වෙලා දැන් මේකට මොක කරනේ
බාර් කොලුව හට පැනයකි ඉතිරි වුණේ

සිල්වෙස්ටර් අයියා හට නෑ කියනු
කිසිදා බෑ මා හට ඒ ලෙස කරනු
'හැට අට' වත් දෙන්නට කටයුතු කරනු
එසේ සිතා ඌ ගලපයි යස කරුණු

එක වඩියයි සිල්වෙස්ටර් එහි බිව්වේ
තූහ් කියා එළියට එය විසි කෙරුවේ
හැරී රවා බාර් කොලුව දෙස බැලුවේ
තෝ මා හට 'හැට අට' වෙද ගෙනාවේ

රවටන්නට බෑ සිල්වෙස්ටර් එහෙම
කොලුව හිතයි නෑ කියන්නෙ දැන් කොහොම
ආපහු ගොස් හොඳට හිතයි කිම කෙරුම
පහළ වුණේ ඌ හට අදහස නියම

අංක දෙකක් කවලම් කොරලා හොඳට
ඌ හැදුවේ අලුත් එකක් හරි රසට
එය බී තද වූයේ සිල්වෙස්ටර්ට
නැගිට පැන්නෙ කොලුවා හට ගහන්නට

තෝ හිතුවද මා මෝඩයෙකැයි කියලා
රවට්ටන්න කවලම් බඩු මට දීලා
ආයි කියන්නෑ මම තෝ හට හිවලා
ගෙනෙන් කොහෙන් හරි 'හැට නවය' ක් හොයලා

අසරණ වී කොලුවා වී බයාදුවෙන්
කරන්නට දෙයක් වේ දැයි විමසිල්ලෙන්
යන අතරේ දැක්කේ එක ඇස් කොනකින්
කැෂියර් වෙයි සිල්විය එහි ඉඟි මරමින්

රූමත් සිල්විය මෙහි වෙයි බා(ර්) කැෂියර්
කෙල්ල ලස්සනයි මා හට නැත බැරියර්
අනේ අක්කෙ බේරා දෙනු මගෙ කැරියර්
කොල්ල අඬයි වීලා ඇය වෙතට නියර්

සිල්විය හට දුක හිතිලා කොලුව ගැන
හොඳට හිතා නිය හපලා වෙලා ගෙන
හීන් හිනාවක් සමගින් පහළ වුණ
අදහස ගෙන ගියෙ වීදුරුවක් රැගෙන

කෙළින්ම ගොස් ඇය වැසිකිළියට වැදිලා
කෝප්පය පිරෙන්නට මුත්‍රා කරලා
ගෙනත් දුන්නෙ සරසා හැඩ වැඩ දමලා
මේක දෙන්න සිල්වෙස්ටර් හට කොල්ලා

සිල්විය ගැන උපන් ගරුත්වය සමගින්
කිසිත් නොදන්නා කොල්ලා උජාරුවෙන්
කප් එක ගෙන ඇවිද ගිහින් හෙමින් හෙමින්
එය තැබීය සිල්වෙස්ටර් ළඟ පසෙකින්

රස කර කර සිල්වෙස්ටර් එය බීය
කොලුවා හට සතුටේ නිම් හිම් නැතිය
ඈත කොනේ සිල්වියගෙත් හරි පැණිය
කොලුව ඇයට හිස නවලා හිනා විය

යළිත් රැවිය සිල්වෙස්ටර් කොලු දෙසට
කොලුව ගැහෙයි මොන මඟුලක් වේද මට
ඔහු පැමිණී ඇදලා ගෙන කොලු ළඟට
නැඹුරු වීය මුව ළං කොට උගෙ කනට

මේකත් 'හැට නවය' නෙවෙයි වාගෙ වෙද
මේ වලියෙත් උඹ මා රැවටුව නේද
කියපං තවත් මම නොකරමි කිසිත් වද
මල්ලියෙ සිල්වියා තාමත් මෙහෙ වැඩද...???


අසංක ගයාන් අබේසිංහ

42 comments:

  1. මං මේ බැලුවෙ මදාවියා මේ පැත්තට ඇවිල්ලද කියලා.... කතාව අහලා තිබුනට කවියෙන් ඇහුවාම කික් එකත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කික් කෝලා නෙවෙයි නේද මචෝ...බොහොම ස්තුතියි...

      Delete
  2. මිනිහා රස පරික්ෂයෙක් වෙන්ඩ ඕනේ.....
    එහමෙ නැත්තම් ඉතින් මාදවියාගේ ‍ගමේ බුවෙක් වගෙයි...

    කොහොමහරි අර වල් මාදවියා අනික් වුන්වත් නරක් කලා ඕන්...
    පට්ට මචං...

    ReplyDelete
    Replies
    1. අනේ අහිංසක මදාවියාව අහු කරන්න එපා...මමයි නරකයා...බොහොම ස්තුතියි රූපේ...

      Delete
  3. අසංක නරක් වෙලා තියෙන තරම ... ☺ ☺

    කතාව වෙන විදිහකට අහලා තිබුනත්, මේක ගොඩාක් රසවත් ..

    ReplyDelete
    Replies
    1. උඹලත් කොයි තරං නරකයිද...මේව බලන්නේ...හැක්...හැක්...බොහොම ස්තුතියි සඳරු...

      Delete
    2. අසංක, මේකනෙ උනේ .. මං හිතුවෙ මේක ගණන් පාඩමක් කියලා, ඒකයි බැලුවේ, ඒත් ...
      මොනා උනත් කියවලා හොරෙන්ම මාරු වෙන්න හොඳ නැති නිසා කමෙන්ට් එකක් දැම්මා .. හි.. හි.. හී.. ☺ ☺ ☺

      Delete
    3. මං දන්නව...මං දන්නව...සඳරු එහෙම ඉගෙන ගන්න බොහොම රුසියා කියල...ඒකනෙ කිසිම පාඩමක් මගහරින්නෙ නැතුව බලන්නෙ...ඒ අතරෙ මේ වගේ නරක පාඩමුත් තියනවා මේ අපි වගේ අය හින්දා...ඔන්න නරක් වෙනව එහෙම නෙවෙයි ඕං...හැක්...හැක්...

      Delete
  4. සිල්වියා බ්‍රෑන්ඩ් එකට ඉලක්කමක් තිබුනෙ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. තිබුණා තිබුණා...69+ හැක්...හැක්...

      Delete
  5. මදාවියා යනු කවි බ්ලොග් වල පැතිරෙන වෛරසයකි
    අසංකයා ට තදටම බෝවී ඇත
    මදාවියා ගෙන් පරවේසං වන්න හිහි

    එළ කතාව ඈ. නෑ නෑ කවිය. අරූ කලිං රස පරික්සක දෙපාර්තමේන්තුවෙ වැඩ කරපු එකෛද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. මදාවියා ඩෙලිගේට් කරපු ඔතෝරිටි හොඳට වැඩ නේ මහේෂයා...බොහොම ස්තුතියි මචෝ...

      Delete
  6. සික්.. දිග වැඩි වෙලා ආතල් එක කුඩු උනා දොරේ..

    ReplyDelete
    Replies
    1. මමනං අහල තියෙන්නෙ දිග වැඩි වුණාම ආතල් වැඩි බවය...හැක්...හැක්...

      Delete
  7. මදාවියාට කෙළවෙන පොටක් මේක ...
    නියමයි අසන්කයෝ ....

    ReplyDelete
    Replies
    1. මදාවියාට කෙළවෙන එක පව්නෙ මචං...ඉඳින් ආයෙ මේව ලියන්නෙ නෑ...හැක්...හැක්...

      Delete
  8. මේ කවි ලියා ඇති තාලය මොකක්ද?
    හරිම අමුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ විදියෙ කවි තියනව පත්තර කාටූන්වල. මාත් දැක්කෙ කාටුන් වලින්. රසික දැකල නැද්ද අර මොකක්දෝ පත්තරේක තියන පවුලෙ කට්ටිය කවි කියන කාටූන් එක, (අර සීයගෙන් අවසන් වෙන). මං හිතන්නෙ ඒකයි තාලය. මේක බන්දුල පද්මකුමාර එහෙම තාලෙට කිව්ව මුල් පිටුව කියවන කාලෙ.

      Delete
    2. @රසික,

      අමුතු වැඩ වලට අමුතු කවි තමා රසික...හැක්...හැක්...

      @ රාජ්,

      මේවට ගැලපෙන තාල ගොඩක් තියනව බං...බීට් එකක් ගලපගෙන ඇදලා දාන එකයි ඇත්තෙ...

      Delete
  9. පොරගෙ යාලුවෙක්ද අර 'හුජ්ජත් බිව්ව එකේ දැං ගූ ගාල පාං පෙත්තකුත් ගෙනෙං' කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. මමනං හිතුවෙ ඒ උඹගෙ යාළුවෙක් කියල...හැක්...හැක්...

      Delete
  10. අසංක අයියා...... අදමයි අැහුවේ.... සුපිරියි හරිය...

    තුෂාර

    ReplyDelete
    Replies
    1. මොකක්ද සහෝ...හැට නවයේ බීමද...???...හැක්...හැක්...

      Delete
  11. කුරුටු බොගත් "වැඩිහිටියන්ට පමණයි" කරන්න වෙයිද දන්නෑ! හැක්!

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ පුංචි එවුන්ටනම් තහනම් කරන්න වෙයි...හැක්...හැක්...

      Delete
  12. කදිම කතාවකි..කවි පෙලකි..

    ReplyDelete
    Replies
    1. කදිම ඇගයීමකි...ස්තුතියකි...

      Delete
  13. වල්ලෙනුත් වල්ලා පට්ට මචෝ! ඌ නම් සුපිරි රස පරීක්ෂකයෙක් තමා.
    මෙහි වැටෙනා කමෙන්ටු අනුව මා විසින් අතිජාත සිසු පරපුරක් බිහිකර ඇති බව පෙනේ... ප්‍රීතී... ප්‍රීතී... ප්‍රීතී (තුනේ පැකට්ටුවක්ම දැම්මා)

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ගුරුතුමාට අපහාස කරනකොට සිසුවාට කේන්ති එනවා...මේකෙ ඉන්න එවුන් උඹට වල් මදාවියා කියද්දි මට එන කේන්තියේ තරම කියන්නේ...මේ වගේ කතාමයි හිතට එන්නේ...එහෙනං...

      ඒක නෙවෙයි...බොහොම ස්තුතියි මාධවියෝ...

      Delete
  14. මල්ලියේ කියපන් කුරැට්ටෝ තවම ලියනවද බ්ලෝග් එක?
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. ලියනව බ්‍රා ලියනව වැඩ නැති දාට...

      Delete
  15. යකඩෝ මේකට රස හොදට මතකයිනේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉතිං හපන්කම...

      Delete
  16. චික් අම්මප කුණුහරුප කියන ලස්සන, අපි නරක වෙන එක අහන්නත් දෙයක් යැයි?

    ReplyDelete
    Replies
    1. අනේ උඹ පව්...වරෙන් නාවල ගන්න අහිංසකයා...

      Delete
    2. ඉවනයාට නැලවිලි ගිත කියලා ඇති වෙලා

      Delete
  17. හැටඅටෙන් එකයි + එකෙන් එකයි = හැටනවය.

    අන්න එහෙම දුන්නානම් සිල්වියෙක් ගාවට යන්න ඕනේ වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ මොලේ...උඹ තමයි මිනිහා දවසකටවත්...

      Delete
  18. ඇත්තමයි කුරුට්ටෝ දැන්නම් කුරුටු බොගත් වැඩිහිටියන්ට පමනයි වගේ....



    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඒහෙනම් සබරෙ අැනෝ වගේ පොඩි ළමයි බලන්න ඒපා කියලා දාන්නම්...... මේවා බලලා නරක් වුනොත්වත් නේද??????? තාම කවුද කියලා කියන්නෙම නැහැ නේද?????? හරි බලමුකෝ... අපිත් සබරෙනේ......???

      Delete
    2. හී කුරුට්ටා සබරෙදෝ් .....

      Delete
  19. කලින් අහල තිබ්බට කවියෙන් තියෙද්දී තවත් පට්ට. මදාවිට දැන් ලේසි වෙන එකක් නෑ ;).

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...