Tuesday, May 12, 2015

අවාරේ පිපි මල් කැකුලී......



ඉඩෝරයක රුදු දාහය හමුවේ
මිලාන වී ගිය හදවත නුදුරේ
රහසක් කොඳුරා සුසුමක් තවරා
අහඹුම මොහොතක මා ලොව මත් කළ

අවාරේ පිපි මල් කැකුලී...

නිදි නැති දහසක් රෑ යම අතරේ
පාළුව තනිකම තුරුලෙ හොවාලා
පහනක් දැල්වුණි ඒ ගණ අඳුරේ
ඒ අතරින් මැවුණා රුව ඔබගේ

සොඳුරු දෙව්ලියේ...
පුංචි කැකුලියේ...


නිල්මිණි දෑසේ විල්තෙර මානේ
සිසිලක් ඉසලා පවසක් නිමවා
තුරුණු වියේ අග සසලවු හදවත
ආදර කැල්මෙන් බැල්මෙන් ළෙලවූ

පුංචි සොබනියේ...
ළකල් කුමරියේ...


අසංක ගයාන් අබේසිංහ

68 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි ඉන්දරේ...

      Delete
  2. සුළං කොඩයක මහා මේඝයක සැඟවී සැතපී
    කොහේ සිටන් ආවද මා වෙත හිනැහී සැතපී
    අවුල් කරන්නට නිසල දිවි මගේ
    කොහේ සිටන් ආවද නොදනිමි
    අවාරයේ පිපී මල් කැකුලි....

    හදිසියේම ජිවිතේට ලංවෙච්චි මලක් ජිවිතේ ගොඩක් සුවඳ කරනවා වගේයි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක එහෙමයි මනෝජ්...උඹේ කවිය සේරටම වඩා ලස්සනයි...බොහොම ස්තුතියි මචෝ...

      Delete
    2. මේක මගේ කවියක් නෙමේ යකෝ මේක මේ එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ ආදරණිය සින්දුවක් නේ.අර සින්දු ඇනෝ ආවම වැඩි විසත්ර කියා දේවි.

      Delete
    3. හාපෝ ලැජ්ජාවෙ බෑ බං...මේක මෙහෙම දැක්කම මතක් වුණේ නෑ...ඒත් කමක් නෑ ඔන්න ඔහේ...අපි අපිනෙ...උඹ හරි...සිංදුව ආවම තව හොඳ ඒව අහගත්ත හැකි...

      Delete
    4. හුකැස් ..අසන්කයෝ තෝ කොහෙද බන් ඉන්නේ ....

      සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
      හෙමින් සැෙඒ ආවාද මා වෙත හිනැහී හිනැහී
      අවුල් කරන්නට නිසල දිවි මගේ
      කොහේ සිටන් ආවාද නොදනිමි
      අවාරයේ පිපි මල් කැකුලේ
      සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තිනි වී හිඳීමී
      වසත් සිහිනයෙක මනෝ ද්‍යානයෙක නිදහස දකිමී
      නොඑන් මා කරා සමාධියෙන් මා මුදවා
      මා නුරා මතින් පුරවා
      අවාරයේ පිපි මල් කැකුලේ
      සුළං කෝඩයක ...............
      වහල් දිවිමගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමි
      ගිමන් නිවාලන තපෝ වාසයක රැුඳිලා හිඳිමී
      දුහුල් සළු උනා ද්‍යානයෙන් මා මුදවා
      මා සිතේ බවුන් බිඳලා
      අවාරයේ පිපි මල් කැකුලේ
      සුලං කෝඩයක ............

      ගී පද - ගීතනාත් කුඩලිගම
      ගායනය - එඩ්වඩ් ජයකොඩි

      Delete
    5. ඉතිං බොල මෙහෙම ලියන්න එපායැ...එතකොට නෙව මතක් වෙන්නෙ...හැක්...හැක්...

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි ලලිත්...

      Delete
  4. ඇත්තටම ලස්සනයි
    ජයවේ ගී පවුර!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ණ...ජය වේවා...!!!

      Delete
  5. ලස්සනයි අසංක ...!

    හැමදාම පිපෙන මල් වලට වඩා, අකලට පිපිලා, අහම්බෙන් ඇස ගැටෙන මල් වල වෙනස්ම සුන්දරත්වයක් තියෙනවා නේ ...

    මේ මල කාගේ තනි මකන්න අකාලයේ පිපුනද මන්දා .... ☺ ☺

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මම ගැන තමයි ලිව්වෙ සඳරු...මට මගේ මල් කැකුල මුණ ගැහුනේ අවාරෙදි තමයි...මගේ ජීවිතේ මීට වඩා හාත්පසින් වෙනස් වෙන්න තිබුණු එකක්...තුෂාරයා එහෙම දන්නවා ඒ ගැන...

      Delete
  6. Replies
    1. ++++++++++++++++++බොහොම ස්තුතියි රොහාන්...

      Delete
  7. අසංක අයියා..................

    කවිය ලස්සනයි.. කිවියකටත් වඩා සින්දුවක පද වගෙයි.... ගායනයකට ගැලපෙන ගේය පද ලක්ෂණ තමයි පේන්නේ.........

    තුෂාර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ...උඹලා තමයි මගේ ශක්තිය...

      Delete
  8. ලස්සනයි :). කාලෙකින් මේ ටයිප් එකේ කවියක්(සින්දුවකුත් වගේ) දැක්කෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපි...කාලෙකින් තමා මනා කවි දෙන්නේ...හැක්...හැක්...බොහොම ස්තුතියි මනෝ...

      Delete
  9. හෑ...! මේ අර මාතලං ගොයියා කියාපු ගින්දරී නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. හාපෝ...මාතේ කළොත් ඉතිං ඔහොම හුටප්පරයක් තමා...හැක්...හැක්...

      Delete
  10. උඹ ඔහොම කිවුවට අර තියන උල් ටික...?
    කවියනම් සුපිරියි.සිංදුවකටම තමා හරියන්නේ.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න උල් ඇනෙන එකෙත් පොඩි ගතියක් තියනවා බං...බොහොම ස්තුතියි කටුස්සෝ...

      Delete
  11. නියමයි මචෝ.. සිංදුවකට නම් මේක මරු.. ඔය අපේ මනා කොලූවට මේක මෙලඩි එකක් දාලා කියන්න බැරි කමක් නෑ මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. හෑ...අපේ මනා ඒ තරම් දස්සයෙක්ද...මම දන්නෙත් නෑනේ...හැක්...හැක්...බොහොම ස්තුතියි දිනේෂ්...

      Delete
    2. හපොයි කොයි ලෝකෙද ගිහින් උන්නේ ඇති යන්තම් කළ එලි බැහැල.මනා මේ දවස්වල බස්සි අක්කාගේ සිංදුවකුත් යූ බටේට දැම්ම.මේකයි අර පරණ සින්දු ටිකයි ඔක්කොම මනා ට පෙන්වන්න.ජයවේවා අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.සින්දුව නම් මරු ඈ...

      Delete
  12. මූට ලස්සනයි කියලා යන්න බෑ. ගේමක් ඇදගන්න ඕන.. වෙලාවක් නෑ දැන් .. හිටු පස්සේ එන්නං.
    හැබැයි සිරාවටම ලස්සනයි ඕයි. අසංකයා ලිව්වා කියලා හිතගනන්වත් බෑ. :p

    ReplyDelete
    Replies
    1. අඩෝ...අපිට හොඳ කිව්වොත් තොපිට නරක්වෙලා තියෙයි...වරෙන්කො පස්සෙ ගේම අදින්න...වැඩිය ආවොත් කාමරයක්වත් දෙන්නෙ නෑ...හැක්...හැක්...

      Delete
  13. ඉඩෝරයක රුදු දාහය හමුවේ
    මිලාන වී ගිය හදවත නුදුරේ
    රහසක් කොඳුරා සුසුමක් තවරා
    අහඹුම මොහොතක මා ලොව මත් කළ

    අවාරේ පිපි මල් කැකුලී..... මගේ සදු

    නිදි නැති දහසක් රෑ යම අතරේ
    පාළුව තනිකම තුරුලෙ හොවාලා
    පහනක් දැල්වුණි ඒ ගණ අඳුරේ
    ඒ අතරින් මැවුණා රුව ඔබගේ

    සොඳුරු දෙව්ලියේ..... මගේ සදු
    පුංචි කැකුලියේ..... මගේ සදු

    නිල්මිණි දෑසේ විල්තෙර මානේ
    සිසිලක් ඉසලා පවසක් නිමවා
    තුරුණු වියේ අග සසලවු හදවත
    ආදර කැල්මෙන් බැල්මෙන් ළෙලවූ

    පුංචි සොබනියේ..... මගේ සදු
    ළකල් කුමරියේ..... මගේ සද

    ඔබයි මගේ ලොව එලිය කල සද
    උපදින හැම බවයක ඔබයි මගේ සද

    උඔලා මගේ යාලුවෝ නිසා මේ කවියත් මගේ කර ගත්තා. තරහා නෑනේද? එල ද බ්‍රා..
    ගොඩක් වෙලාවට මගේ සදුයි පොඩි මෙන්ඩායි මට අත ඇරෙනවා..ඒත් එක අවලාදයක්වත් නැතුව මට ආදරය කරන මගේ සදට මේ ගිතය උපහාරයක් විදිහට දෙන්නද?

    ReplyDelete
    Replies
    1. ඕක අහන්නත් දෙයක්ද මෙන්ඩෝ...මේ හැම දෙයක්ම අයිති උඹලට තමයි...මේ හැමදේම ලියන්නෙත් උඹල හින්දම තමයි...මේව උඹලගෙ කරගනිද්දි දැනෙන්නෙ පුදුම සතුටක්...බොහොම ස්තුතියි මේ දෙන ශක්තියට මචං...

      Delete
  14. මටත් දකිනකොටම මතක් උනේ අර මනෝජ් මතක් කරපු එඩ්වඩ් ගේ සින්දුව.. මොකද කියන්නේ සින්දුවක් කරමුද? සුපිරියි මචං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමියෝ...මම මේ ඉන්නේ අපේ සින්දුව එනකම්...සපෝට් එකක් ගන්න...තව අර දිනේෂ් කිව්ව අපේ මනාටත් පුළුවන් කියල මේව ගීත කරන්න...බලමු ...බලමු...

      Delete
  15. ලස්සනයි කුරුට්ටෝ....

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. අපේ සබරෙ ඇනෝත් ලාලාලාස්ස්ස්ස්ස්නායියියියි....හැක්...හැක්...

      Delete
  16. ඩිප්ලෝමා තුනම දාලා ලිවුව කවිය.... හැක් හැක් හැක්!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි...හැක්...හැක්...හැක්...බොහොම ස්තුතියි සා රස...

      Delete
    2. උඹ ගැන පව් කියලත් හිතෙනවා සාරස........... මොනවා කරන්නද ඉතින්......

      Delete
    3. අපි වගේ අයත් ඉන්න ඔනෑනේ.... ඔයාලා වගේ ඩිප්ලෝමැට් විබාග සමග PhD උපාදි අපේක්ශකලා විතරක් හිටියොත් මේ රටේ කම්කරු වගේ රස්සා කරන්නේ කවුද මෙයා....??

      ඒක නෙවෙයි.... International peer reviewed journal එකක publish වෙච්චි ඔයා ගේ ලිපි එහෙම තියෙනවනම් මේ බොග් එකේ පලකරන්නකෝ අපටත් කියවන්න... ඔයාට නැත්නම් ඔයාගේ thesis supervisor ගේ ලිපි වත්...

      Delete
    4. අායෙම කියන්න තියෙන්නේ පව් කියලා තමා බං... ගොඩාක් බල්ලෝ හද දැක්කා ම බුරනවා.... මොනවා කරන්නද??????? අාය හද පාත්වෙයි කියලා යෑ...... නේද???

      Delete
    5. පිස්සු හැදෙන සඳ.....

      හැබැයි ඔය ඩිප්ලෝමා වලින් විශ්ව විස්ද්යාල කතිකාචාර්යවරයෙකුට තිබෙන ප්‍රොයෝජන මොනවද? ඔබතුමාලා නව දැනුම සොයාගෙන ඒවා තමන් ගේ ශිශ්ය ශියාවන්ට බෙදා දෙන්න නේ විශ්වවිද්යාලේ උගන්නන්නේ....

      ඉතින් ඔය ඩිප්ලෝමා දාහකට වැඩියෙන් එක MPhil එකක් PhD එකක් (ie: research degrees) වටින්නේ නැද්ද..?

      Delete
    6. උඹ පව් බං................. අපිත් ඔය කාලේ ඔහොම තමා..... රිසර්ච්..... MPhil, PhD අැයි ප්‍රකාශිත ග්‍රන්ථ, ලිපි සහ වාර්ථා...... අපි ඉතින් ඔ්වා කිසිම දෙයක් ගැන දන්නැති කතිකාචාර්යවරු පුතේ....... මේ සුදුසුකම් ගැන කියන ඔබේ සුදුසුකම මොකක්ද දන්නෑ (මෙච්චර ම කියවන නිසා අැහුවේ.)

      Delete
    7. මම වනාහී රාජකීය විද්යාලෙයෙන් සා පෙල අසමත් වීමි... එස් දෙකයි (ඉන්ග්‍රීසි සහ ගනිතය ) එෆ් හයයි.... අපේ කාලේ සා පෙල වැඩ අටකි.

      ඔන්න මගේ අද්යාපන සුදුසුකම්... ඔබලාගේ සිරිසේන මට වඩා එක එස් එකක් ලබා ඇත. ඉන්ග්‍රීසි ෆේල් ය.

      Delete
    8. තමුන්නැහේලා ගේ යහපාලනේ පෙර ගමන් කරු වන මහාචාර්ය සරත් විජේසූරිය ලොක්කාටත් International peer reviewed journals වල publish කල එකම article එකක් වත් නැත....

      පුලුවන් නම් ඔබ හෝ ඔබේ ගේ thesis supervisor ගේ එවැනි වල publish කල එකම article එකක් වත් මෙහි පල කරන්න....

      සා පෙල ෆේල් ස ර ස තුමා ගේ අබියොගය එයයි...

      Delete
    9. මොකක්ද සා රස මේ උලව් ඩිග්‍රි කතාව...මම අසංක...අර උඩම එකට මම ස්තුතියි කිව්වට පස්සේ අනෙක් කමෙන්ට් දැම්මේ අපේ වෙනත් සහෝදරයෙක්...මගේ අදහස මම කියන්නම්...මිනිස්සු හැටියට අපි මේ ලෝකෙට උපන්නේ ඩිග්‍රි ගහන්නම ඕන කියල හිතල නෙවෙයි...හැමෝටම තම තමන්ගේ ආවේණික දක්ෂතා තියෙනවා...උදාහරණයක් කිව්වොත් දැන් මේ මම කවි ලියන්නේ මෙලෝ දෙයක් ඉගෙනගෙන නෙවෙයි...මේ මට දැනෙන දේවල්...මටත් ඩිග්‍රියක් තියනවා තමයි...ඒත් මම තාමත් ආදරේ මම පාසල් කාලේ ඉගෙන ගත්තුවට...ඒවයින් සහ කියවපු සහ දැකපු දේවලින් තමා මම ගොඩක් පෝෂණය වුණේ...මට මතකත් ඒව විතරයි...මම මේ මට්ටමින් ඉඳලා මානසිකව ලබන්නේ හරිම නිදහසක්...අපි ඉගෙනගන්න ඕන ලෝකෙට පේන්නද...නැත්තම් ඒවා ඇසුරින් මනුස්සකම දියුණු කරගෙන ලෝකෙටම ආදරේ කරන්නද...ඔය දෙකෙන් මම කැමති දෙවෙනි එකට...අපි මේ සෙල්ලම් සේරම දාන්නේ මේ කෙටි කාලීන ජීවිත කාලය තුළ විතරයි...ඒ කාලය තුළ මානසික සුවයක් ලැබෙන දේවල් විතරක් කිරීම තමා මගේනම් අරමුණ...

      Delete
    10. සොරි වෙන්ඩ ඔනෑය.. මගේ කොමෙන්ට් පල වුනේ ඩිප්ලෝමා ම තුනක් ඇති, සිසත්ව විබාගෙන් විසිපන්දාහක් අපේක්සකයන් අතුරෙන් එකොලොස් වෙනියා වූ හාදයා ට ය. ඔබට නොවේ නම් බාර ගන්න එපා.

      Delete
    11. ඒක නෙව...මම නිකං හොල්මන් වුණා මේ මොකක්ද අණ්ඩර දෙමළේ කියලා...අනෙ අම්මෝ මමනං ඉස්කෝලෙවත් එකොළහක් තියා ඒක පේන මානෙකවත් ඉඳල නෑ...හැක්...හැක්...ඉතිං මොකද...අපි අපිනේ නේද...

      Delete
    12. පේරාදෙණියේ ලයිට් කණුවක රූපයක් ඒල්ලාගෙන රට වටේට ම පොර ටෝක් දෙමින් මහින්දට කඩේ යන සරසා නම් අලයාගේ නාඩගම් මොකට බලනවද බං....... අලයොන්ගේ හැටි ඔහොමම තමා.......

      Delete
    13. AnonymousMay 13, 2015 at 3:43 PM

      තමුන් සා පෙල පාස් ද ඇනෝ?

      **********************************

      කුරුටු ගෑ ගී පවුර May 13, 2015 at 1:54 PM

      අසන්ක මහත්තයා....තමුන්නැහෙලාගෙන් කොයි එකාද ආයිබොවන්ඩ මේ තරඟ විබාගෙන් විසිපන්දාහෙන් එකොලොස්වැනියා වෙලා, ඩිප්ලෝමා තුනක් ගහලා කතිකාචාර්ය වුනු එකා??

      Delete
    14. අැයි ඔච්චර තරහා ගියේ......... අලයා කිව්ව නිසානේ...... අනේ යකෝ කොහොමත් අලයෝ කියන්නේ අාණ්ඩුවට අරක දෙන උන් තමා.... ඉතින් ඔය තරම් තරහා ගන්න දෙයක් යෑ... අලයා නම් අලයා කියලා පිලිගත්තානම් ඉවරයිනේ........ අල සංගමයේ ලොක්කා මල්ලිද????

      Delete
    15. //අසන්ක මහත්තයා....තමුන්නැහෙලාගෙන් කොයි එකාද ආයිබොවන්ඩ මේ තරඟ විබාගෙන් විසිපන්දාහෙන් එකොලොස්වැනියා වෙලා, ඩිප්ලෝමා තුනක් ගහලා කතිකාචාර්ය වුනු එකා??//

      අැත්තට ම ලැජ්ජයි සරසා..................

      අැනෝ සිද්ධිය දන්න කෙනෙක් වගේ.. ඉතින් දැන් තියෙන ගැටලුව අැනෝ ඒක්කම බේරා ගත්තා නම් හොදයි නේද???

      Delete
    16. අසංක මේ වලිය නවත්තන්න..
      වැඩක් නැති කතාවක් ඇදගෙන යන්න එපා.

      Delete



    17. //AnonymousMay 13, 2015 at 4:09 PM

      අැයි ඔච්චර තරහා ගියේ......... අලයා කිව්ව නිසානේ...... //

      අනේ ඇනෝ මොකටද මට අලය කිවුව නිසා තරහ යන්නේ....

      ස ර ස තුමා ජයතිලක සාලාවේ කුඩා අල පාත්ති කරුවන් ගේ සන්ගමේ සබාපති වෙලා හිටියා කාලයක්....

      කුනු කන්නන්ගරෙන් ඉතින් අලයො නැතිව ඔයගොල්ලො වගේ විප්ලවවාදීන් බිහි වෙන්නේ කලාතුරකින් නේ මෙයා...

      Delete
    18. @ මෙන්ඩා,
      මෙන්ඩෝ...මේක මම ඇදගත්තු එකක් නෙවෙයි...මොකක් හරි හේතුවකට අපේම එකෙක් පැටලිලා සා රසත් එක්ක...ගණන් ගන්න එපා...බලමුකො බේරන්න...

      @ සා රස

      සා රස උතුමාණනි, ඔන්න මම අසංක ආයෙත් ආවා මේක මැදට...මොකක්ද බං මේ තේරුමක් නැති කතාව...කවුරු හරි එකොළොස් වෙනියා නෙවෙයි පහළොස් වෙනියා වුණත්, ඩිග්‍රි ගත්තත් නොගත්තත් ඇයි...ඒක ඒගොල්ලන්ගෙ වැඩක්...අනික මේ කවියක් රස විඳින්න එද්දි ඔළුවේ එක එක ඒවා පුරවගෙන එන්න එපා...ඇවිත් රස විඳලා ලස්සන කමෙන්ට් එකක් දාලා යන්න...ඔබලාගේ සුන්දර ඇගයීම් වලින් තමයි මේක රසවත් වෙන්නේ...එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නෙත්...

      Delete
  17. හම්මේ ප්‍රේමය බේරෙනව
    ඔව් ඉදගෙන
    හිහි
    ලස්සනයි කවිය කුරුට්ස්

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිටගෙන හිටපං...හැක්...හැක්...බොහොම ස්තුතියි මහේෂ්...

      Delete
  18. මොකක්ද අර සිංදුව “අවාරයේ පිපි මල් කැකුලී“.. මට මතක නෑ

    ReplyDelete
    Replies
    1. සුලං කුඩයක මහා මෙඝයක..

      Delete
    2. ++++++++++++++
      සුලං කෝඩයක... එඩ්වඩ් මාමා...

      Delete
  19. හරිම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මමද නැත්තං කවිය/සින්දුවද...බොහොම ස්තුතියි තුශානි...

      Delete
    2. උඔ හොදයි අපායේ කැලන්ඩරයට

      Delete
    3. අනේ ඇයි බං මෙහෙම කඩප්පුලි කතා කියන්නේ...මගෙ වෙඩිමත් ළඟයි...මගෙ කෙලි පැටික්කිට මාව නිකං විලියොං කුමාරයා වගේ ලස්සනයිලු...ඉතිං එහෙම එකේ මෙහෙම උඹලගෙන් ඇහුවම මම මානසිකව බිංදුවටම වැටෙනවනේ මචෝ...ඉහි...ඉහි...ඉහි...

      Delete
  20. මේ තේමාවේම ගීතයක් තියෙනවා මට මතකයි.. අවාරයේ එන මල තමයි වඩාත් කැපී පෙනෙන්නෙ.ඒත් පැවැත්ම කෙටියි

    ReplyDelete
    Replies
    1. ඒත් මට හිතෙන්නේ අවාරේ එන දේවල් වල දරා ගැනීමෙ ශක්තිය වැඩියි කියලයි...

      Delete
  21. නියමයි කුරුට්ටෝ ...ගීතයක්ම තමයි මටනම් ...ජයවේවා මචෝ .(ගීත රචක අසංක ගයාන් අබේසිංහ , කිව්වම කොහොමද .)

    තනියේ අවාරේ ඇසුණා ගී රාවේ
    බාලොලි ලොලි ලොලි තනියේ අවාරේ....
    සිනාවකට සුළු සිනා දී ඇතේ
    ඉකි බිඳිනා විට උසින් ඇසේ
    බාලොලි ලොලි
    ගැයු ඒ ගී රාවේ
    කවදා කෙලෙස ඇසේදෝ
    අසිරි පිරින් සිරි හැඟුම් ගලායා
    යොවුන් වියේ මධු සැණකෙලියේ
    බාලොලි ලොලි ගැයූ ඒ ගී රාවේ
    නැතිදා අසිරි නැගේදෝ

    ගායනය - එච් .ආර් ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. නියමයි...නියමයි එහෙම කිව්වොත් නම්...ස්තුතියි සින්දුවෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...