Sunday, April 12, 2015

බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ ......



ආලයෙන් නුඹ අන්ධ වී දැයි නොදන්නෙමි පුතුනේ මම
දස මසක් කුස දරා මෙලොවට නුඹව බිහි කෙරුවෙමි මම
නුඹේ සුලැගිල්ලකටවත් හානියක් වෙන්නට නොදීම
හැදූ පින් මහිමයෙන් බුහුමන් ලැබූවෙමි නුඹ අතින්ම

අජාසත් පුත් වුවත් පිතු හද සෙනෙහසම දැල්වීය පුතුනේ
වනේ වන සත් පවා සිය පුතු ළයේ සගවාගෙනයි ඉන්නේ
රනින් රිදියෙන් මිල කරන්නට හැදූවත් මව් පිය සෙනේ
බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ

සිතක් පපුවක් නැති සිගිති මස් වැදැල්ලකි මේ ලොවට ආවේ
රැගෙන දෝතට රන් කදක් මෙන් දහ අටක් වස් නුඹව හැදුවේ
හොදයි නරකයි දෙක කියා දී කර දඩුව උස් මහත් කෙරුවේ

එහෙව් මගෙ පන නසන්නට මොන හිතද පුතු හට සාප කෙරුවේ



ඉසුරිකා චූලරත්න



රූපය - www.pinterest.com
.

26 comments:

  1. පට්ට කාළකන්නියෙක්....

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා.............. තමන්ගේ අම්මා කියලා හිතන්න බැරි මිනිහෙක් බිහිවුනේ කොහොමද????? මරණවා කියන ඒක ඒ පැත්තට සාමාන්‍යකරණය වෙලා තිබුණ බව අැත්ත... ඒත් මේ පාර අම්මාව මැරුවේ පුතා...

      Delete
  2. කවියකලියන්නවත් වටිනා කතාවක් නෙවි

    ReplyDelete
    Replies
    1. ඔව් මැලේ........................

      මරණයේ නම ලියැවිච්ච ගමක සිද්ධ වුණ තවත් සිද්ධියක්.... මේක අැතුලේ කණගාටුදායක සිද්ධි දාමයක් ම තියෙනවා.... ඒකක් පරණ මරණයන් රැල්ල අායෙම මේකත් සමග අලුත් වීම... අනික පුතා විසින් මේ මව මරා තිබීම. වැදගත් ම දේ තමයි තම පෙම්වතියට තෑග්ගක් දෙන්න සල්ලි නුදුන් නිසා පිහියකින් ගසා තම මව මරා දමා පරණ මරණයන්ට සමාන කොට බේරීමට සිතීම.... අනේ විස්කෘත සමාජයක් මැලේ

      Delete
  3. ඕකව නොම්මර එකේ කොළු කාරයො ඉන්න හිර කූඩුවකට වැටේවා... ලබන ආත්මෙ ගැන ඊට පස්සෙ බලාගන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි................ මාර පැතුම

      මේ අලුත් අවුරුද්දේ ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා

      Delete
    2. ++++++++++++++++++
      ඌ ඒක කලා නම් මේක තමයි මගෙත් පැතුම.

      Delete
    3. පට්ට සාපේ ඒක :)

      Delete
  4. එ මදිවට තමන්ගෙම අම්මව නිරුව්ස්ත් කරන්න තරම් හිතක්.. අපේ රට මේ කොතනටද යන්නෙ.

    මේ කතාවෙ සමහරවිට් අපිට නොපෙනෙන පැතිකඩකුත් තියෙන්න පුලුවන් හැබැයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මනෝෂ්...............

      මේ සිද්ධියේ දී කොහේවත් මේ මව දූෂණය වුණ බවක් කියැවෙන්නෑ.... මං හිතන්නෙත් වරදකරුගැන අවධානය වෙනතකට යොමුවුණෙත් මේ නිසා වෙන්න අැති.... මොකද අර මරණ හැම ඒකක් ම දූෂණය කරලා තිබුණා... මට නම් හිතෙන්නේ මනෝෂ් කලින් මරණ ගානක් වුණාට කාවවත් අැල්ලුවේ නැතත් මේ සිද්ධියේ දී විතරක් වැරදිකරුව හොයාගත්තා...... ඒක්කෝ පොලීසිය හොදයි.... නැත්තං අර වැරදි කරපු කෙනා ගෑවෙන්නැති වුණාම හොයනවා අැති.......

      Delete
    2. දැන් මෙතන තියෙන්නෙ රැල්ලක්. අනුකරනයක්. මාධ්‍ය මේවා රහ කර කර කියන එකත් වැරදියි. කොටකෙතන කියන්නේ මරණයේ දේශය වෙලා.

      Delete
    3. ඔව් මධු මාධවී......

      මටත් අැහුණා මේ සිද්ධිය වාර්තා වුණ ගමං ඒ ගමේ මිනිහෙක් කිව්වා මේක මාධ්‍ය වල රහ කර කර දෙන්න ඒපා... අපිටවත් ළමයින්ටවත් පාරේ බැහැලා යන්න විදිහක් නැහැ.. කොටකෙතන කිව්වා ම මිනිස්සු හිනා වෙනවා කියලා.......

      Delete
  5. අම්මප මෙහෙමත් කාලකන්ණි. මේවා අපිටත් අහන්න දකින්න සිද්ද උනානෙ නිව්ස් එකකින් හරි. කොහොමත් දැන් ඌට අවීචියට වීසා හම්බෙලානෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් අැත්ත.....

      පස්පව් කළ මිනිහෙක්..... හැබැයි මනා මේ කොල්ලාට තනියම යන්න වෙන්නේ නැහැ.. මොකද මව මැරීම, පියා මැරීම නොකලාට සහ බුදුන් රහතුන් නැති වුණාට කට්ටිය සංඝබේදයනම් යස අගේ ට කරනවානේ..... දැන් බලන්නකෝ හැම පක්ෂයකට ම සංඝයා වහන්සේලා සෙට් ඒකක් ඉන්නවානේ... අර රාවණා බලය සහ බොදු බල සේනාව ගන්නකෝ...... ඒ සෙට් දෙකතුනත් මාර වලිනේ කන්නේ... ඉතින් මේවට අත දාන උන්ටත් අර කොලුවා කරපු වරදෙහි පවම හිමි වෙනවානේ...... ඉතින් ඔය හැම ඒකම සමානයි

      Delete
  6. මේ අම්මත් පුතත්, තම තමගේ පූර්ව ජන්ම කුසලාකුසල කාර්ම අනුව, සසර ගමන අවසන් වනතුරු, මෙලෙස නැවත නැවතත් හමුවනු ඇති.

    ReplyDelete
    Replies
    1. විචාරකයෝ.....................

      දෙන්නා දෙපැත්තාට මර මර යයි.... ඒතකොට අවසානය කොහේද?????

      Delete
    2. දෙන්න දෙපැත්තට මැරීමක් වෙන්නේ නැහැනේ. මේ අම්මාගේ සහ පුතාගේ පූර්ව ජන්ම කුසළාකුසල කර්ම වේගය තමයි ක්‍රියාත්මක වෙන්නේ.

      'පුතේ මම නුඹට අනුකම්පා කරමි'

      'අම්මේ මම නුඹට වෛර නොකරමි'

      කියන සිතුවිලි, මේ දෙදෙනාටම ඇතිකරගන්න පුළුවන් වූ දවසට තමයි මෙයින් අත්මිදෙන්නේ.

      Delete
    3. ඔව් විචාරකතුමෝ...................

      ඒක සිතුවිල්ලකින් මේ දේවල් වෙනස් කරන්න තිබුණා.. ඒත් නොඉවසීම ඔවුන් අාත්මගත වෙෙරයකට යොමු කරනවා

      Delete
    4. විචාරක තුමා.. මේක ආනන්තරිය පාපකර්මයක් නේද? සුගතියක් නෑ නෙ..

      Delete
  7. වැඩක් නෑ කතා කරලා.. මේ වගේ කාළකණ්නිත් ඉන්නවනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්..... මේ ඒක්කම අහන්න ලැබුණා තාත්තා මරපු පුතෙක් ගැනත්.....

      Delete
  8. අපි හැමදාම දෙයක් වුනාම ඒ දේට බනිනවා. නමුත් මෙම සිද්ධිය වසර ගානක කතාවක අන්තිම ජවනිකාව වෙන්න පුළුවන්. ඒ කොල්ල කරපු දේ මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඌ ට වයස 18 , ඉතින් අවුරුදු 13 ක් 14 ක් ඉස්කෝලේ ගිහිල්ල තව අවුරුදු 3න 4ක් යද්දී මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුනා නම් අපේ අද්‍යාපන ක්‍රමය ගැන දුක හිතෙනව. මොකද ඉස්කෝලෙදි අපට ජිවිතේ ජය ගන්න හැටි නෙමේ විභාග ජය ගන්න හැටි විතරයි කියා දෙන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. අැත්ත නව ලොව...........

      මේ දේ හිටි හැටියේ වුණ දෙයක් නෙමෙයි..... දෙමාපියන් පැත්තෙත් වැරැද්දක් තියෙනවා..... පාසල පැත්තෙත් වැරැද්දක් තියෙනවා..... වැඩිහිටියන් පැත්තෙත් වැරැද්දක් තියෙනවා..... සමාජය පැත්තෙත් වැරැද්දක් තියෙනවා... ඒහි ප්‍රතිඵලය තමයි මේ දරුවා.... සහ මේ සිද්ධිය..... ඔබේ අදහසට සීයට සීයක් ඒකගයි

      Delete
  9. අල්ලපු ගම...
    මොනවා කරන්නද..
    මොන හිතකින්ද කවියට නැගුවේ??

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගම (ඔය අපිව බය කරන්න නේද කිව්වේ.. අපි බය වෙයි ඒකට...)

      Delete
    2. අා............ කියන්න බැරිවුණා විදානේ..... දැන් බ්ලොග් වසන්තය කියලා ඒකක් තියෙනවා... ඒ අතරේ උඹේ බ්ලොගයටත් වසන්තය උදා කරානං හොදයි නේද????? දැන් ඉතින් මාසයකටත් වැඩියි නේද අර බීපු ඒක ගැන ලියලා...... ඊට කලින් මාස තුනකට විතර ඉස්සල්ලා අර සමපෝෂ ගුලිය ගැන ලියනවා කියලා වෙන ඒකක් ලියුවා මතකද?????

      ඔබට මතක නැති වුණාට අදවාගේ මතකයි මට..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...