Thursday, April 23, 2015

පහුවදා මං ගියපු එකදැයි වරද මාගේ කියල්ලා ....................



බලය අැතිදා කරට ගත් උන් මෙදා ඔලුවෙත් නගිනවා
අගේ ඉදගෙන කන කාපු උන් අැහැට නහයට අනිනවා
කැඩූ මී හැම ලෙවකාපු උන් අාණ්ඩුව තුළ රැකෙනවා
පනින ගෙම්බන් කොයිතරම් නම් පජාතද දැන් හිතෙනවා

කොරපු දේවල් නොකෙරුවාහේ රටම අමතක කරනවා
නොකළ දේවල් නොහිතු දේවල් කළා වාගේ කියනවා
කරපු වැරදිත් නොකළ වැරදිත් කම ගිණුමට වැටෙනවා
රිදෙනවා හිත රිදෙනවා ය හැම දෙනාටම දැනෙනවා

සුදෝ සුදුවට ගත වසාගත් සුදු රෙදිත් දැන් මඩ වෙලා
කරවටේ අත දමා හිනැහුණු සාටකෙත් නෑ ඉගිලිලා
ටොන් ගණන් බර උරමත්තේ ලූ තුන්කට්ටුවක් අයියලා
පැරදුනේ මං වගේ ඉන්නවා වරද මයෙ කර පටවලා

රජ වුණේ මම නොවෙයි මාගේ අයියා කෙනෙකිය අහල්ලා
මරපු හරියක් මැරුවේ මා නොව ඔහුත් ළියේ හොයල්ලා
රේස් පැද්දේ රොකට් අැරියේ මගේ උන් නොව බලල්ලා
පහුවදා මං ගියපු කදැයි වරද මාගේ කියල්ලා ....................


කසුප් අනුරාධ


.

35 comments:

  1. එහෙම තමයි මල්ලී.. බල්ලොත් එක්ක ලැගලා මී වගේ යැයි හිතලා පවු කරාම වතුර බහින්න ගන්නේ පහතම තැනින්ලු..

    ReplyDelete
    Replies
    1. පහත් තැනින් යයි ගලා ජලේ......

      Delete
    2. පහත්ම කිව්වේ මෙතුමා බාලයා නිසාද???

      Delete
    3. මං හිතන්නෙ බාල ගති සිරිත් වෙබ්ඩ ඕනෙ

      Delete
    4. ඒකත් හරි.... පහත් ම ගති තිබ්බ තැන ගැන තමයි කට්ටියට ම අවුල තිබුනේ

      Delete
  2. Replies
    1. ඔව් දුකට මේක ලියුවේ... ඒ තරම් පව්

      Delete
  3. හොරා පොලිස් ගහල හොරා නිකම්ම ඇවිත් අහු උනා නේ.. හු හු

    ReplyDelete
    Replies
    1. හොරා පොලිස් විතරක් නෙමෙයි තව තව සෙල්ලම් ගොඩක් කරා..... දැන් ඉතින් සෙල්ලම් ඉවරයි.... දැන් තිත්තයාගේ වරේ.. හා හා ඉන්ටර්වල් ඉවරයි.. දැන් හැමෝම ඔලුවෙන් හිටගන්න....

      Delete
  4. තව ඉන්නවා අයියලා,මල්ලිලා ඇතුලට ගන්ට.

    ReplyDelete
    Replies
    1. තව ඉන්නවා... අයියලා මල්ලිලා... තාත්තලා පුතාලා... බාප්පලා පුතාලා..... ඔය වගේ නෑයෝ ගොඩාරියක්....

      Delete
  5. පිස්සුද අයියන්ඩි ඔයාගේ කිසි වරදක් නෑ..
    ඔයා ආපු එක මොනතරම් දෙයක්ද?
    අපේ ප්‍රශ්ණ ඉවරයි.
    එල ද බ්‍රා ඈ
    බ්‍රෑන්ඩ් එක ගල් ඈ

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලිලා.....
      ගල් නෙමෙයි මල්ලි මැණික් ගල් වුණත්
      බොන්න තරම් සල්ලි තියෙනවා
      අැමරිකාවේ

      ඒහෙ වරෙන්.. මං දාලා දෙන්නම් අරවා කොම්පැණියක්
      දවසකට දෙකකට අැතුළට නොගියොත් අවුල් කියලා
      අයියා කිව්වා
      ඒ් නිසා පොඩ්ඩක් හිටහං ඉක්මනට ම අාපහු යං...

      Delete
  6. ඔන්න ඔහේ රෝහල් බන්ධනාගාරයේ විවේක සුවයෙන් ටික දවසක් ඉන්න අනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලොක්කා............... ඔය හිරේ යනවා කියන වචනයට වඩා ගැලපෙන්බන්ධනාගාර රෝහලට යනවා කියන ඒකයි.... යකෝ ඒළියේ ඉන්නකල් ගෙදර ඉන්න උන්ට හිරේ ගියාම ලෙඩ හැදෙන හැටි.........

      Delete
  7. මෙයා කන්න ගත්තෝතින් තව කෙනෙකුට නැතේ ඉඩක්
    එහෙව් එකේ අනෙක් උන්ව ගාව ගන්න එක වරදක්
    තනියෙන් කෑවානම් තනියෙන් බඩ යන එකත් සැපක්
    සැකනම් තව කැළණියෙ මර්වින් දෙයි කට උත්තරයක්

    ReplyDelete
    Replies
    1. දී කිරට බලලුත් දෙයි සාක්කි.............. අැයි කැළණියෙන්.... අපි දෙන්නම්කෝ මාතරින්... කලුතරින්.... අවිස්සාවේල්ලෙන්....

      Delete
  8. Replies
    1. ඔව් බොල අගහරුවෝ...... මේක තමා දේශපාලනය..... අපි විසින් අපේ කටයුතු බලාගන්න නියෝජිතයින් තෝරාපත් කර යවන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.... නියෝජිතයෝ පත් කරලා අතපිහදාගන්නැති සවිඥානික ඡන්ද හිමියාගේ සමාජ වගකීම තමා මේ..... නැද්ද මං අහන්නේ???

      Delete
  9. ඉස්පිරිතාලෙට වෙලා විවේක සුවෙන් ඇති දැන්..

    ReplyDelete
    Replies
    1. ඔව් රෑමයි ජාතික රෝහලට මාරු කරේ..... ගෙදර ඉන්නවා වගේ තමා ඉතින්... ඒත් වේදනාවක් දැනෙනවා අැති.... ඒ කාලේ අනුන්නට දුන්නු වේදනාව

      Delete
  10. ඕයේ
    ඉල්ලං කනව කයන්නෙත් ඕකට
    බල්ලොත් එක්ක නිදි වදින්න හොද නෑ කියන්නෙත් ඒකට
    ඔව් ඉදගෙන

    ReplyDelete
  11. අඩොව් අපේ ආර්ථිකේ සංවර්ධනය කරපු ඇමතිට කථා හදනවා නොවෙයි ඔන් .....

    ReplyDelete
    Replies
    1. අපේ අාර්ථිකේ කිව්වේ උඹ රාජපක්ෂ කෙනෙක්ද???

      Delete
  12. අය්යෝ අපේ යුව රජතුමා නේද මේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියාවරුන් මරා රජ වෙන්න හිටපු රජතුමා

      Delete
  13. කවුරු හරි කැත වැඩක් කළේ එන්න කියලා...

    ReplyDelete
    Replies
    1. දෙවැනි අයියා ද මන්දා....

      Delete
  14. මේපාර බැසිල්ගේ මන්ත්‍රීකම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ නිවාඩු ඉල්ලන්නේ කව්ද?

    ReplyDelete
    Replies
    1. හිරේ යන්න නිවාඩුවක් දාගන්න බැරිද දන්නෑ

      Delete
  15. හරි තවත් කෙනෙක් අල්ල ගත්ත? ..ඊළඟ ඇම කාටද ? ..කවුද ඊළඟට යන්න ලෑස්ති ?

    ReplyDelete
  16. අයුතු ලෙස ඉපැයූ මුදල් යනු ගිනි බවත් ඒවා යම් කාලයක උගුර පුළුස්සාගෙන වැමෑරීමට සිදු වන බව මොවුන් දැන සිටියානම් ?

    ReplyDelete
    Replies
    1. මොවුන් පමණක් නොවෙයි ජනතාව විසින් බලය දී යවන හැමෝම මේ ටික අනිවාර්යෙන් ම දැනගත යුතුයි ට්‍රාන්ස්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...