Monday, May 13, 2013

හිගන්නා



බොහෝ දෙනා සිගාකති.
ලෝකයෙන් සැගවී,

‍දේශපාලනඥයන් අහිංසක මිනිසුන්ගෙන්,
වෛද්‍යවරැන් අසරණ රෝගීන්ගෙන්,
ව්‍යාපාරිකයන් දුප්පත් පාරිභෝගිකයන්ගෙන්,
නීතීඥයන් නූගත් සේවාදායකයින්ගෙන්,

හැම දෙනාම හැම දෙනාගෙන් ම.............................


නමුත්....
ඔවුන්ට වෙන වෙනම නම් ඇත.

ඇමතිතුමා,
වෛද්‍යවරයා,
නීතීඥයා
ධානපතියා
උපාසකයා ..................

සත්‍ය නිරැවත් කොට,
ලෝකයට පෙනෙන්න,
හිගාකන එකම කෙනා ඔබ.
නමුත් ඔබට ලස්සන නමක් නැත.
ඔබට කියන එකම නම

හිගන්නා .................................‍‍‍

1 comment:

  1. සැබෑ හිගන්නා හැර අනිකුත් ඉහත කී වුර්තිකයන් ලබා ගන්නා මුදලට කුමක් හෝ සේවයක් සිදුකරති.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...