Wednesday, February 24, 2016

අරයාගේ පුතාගෙන් ගත්තා මෙයාගේ අයියට දුන්නා................





මිනිස්සු කරේ ඡන්දය දුන්න එක විතරයි.
ඡන්දය ගත්තු අය හුගක් දේවල් කරා.
ඒවා පහත පරිදි වර්ගකර දැක්විය හැකියි.

1. අරයා ගියා මෙයා ආවා.
2. අරයාගේ කට්ටිය ගියා මෙයාගේ කට්ටිය ආවා
3. අරයාගේ කට්ටිය උසාවි ගියා මෙයාගේ කට්ටිය දියවන්නාවට ගියා
4. අරයාගේ කට්ටිය ගෙදර ගියා මෙයාගේ කට්ටිය ලොකුපුටු වලට ගියා
5. අරයාගේ යාලුවෝ අමාරුවේ වැටුණා මෙයාගේ යාලුවෝ ගොඩ ගියා

ඒ විතරක් නෙමෙයි
මේ වර්ග අතරට ආපු 
අලුත් ම වර්ගය මේකයි.

6. අරයාගේ පුතාගෙන් ගත්තා මෙයාගේ අයියාට දුන්නා.



පසු සටහන - දේශපානලයේ නිවැරදි තේරීමක් නැති බවත්, ඇත්තේ සාපේක්ෂව නිවැරදි තේරීමක් පමණක් බවත් මනාව පෙන්වූ මෑත කාලීන දේශපාලන සංසිද්ධිය මෙයයි.



කසුප් අනුරාධ


.

46 comments:

  1. මේ වගේ ඒවාට උඩීන්ම කමේන්ට් කරන්ටත් මොකද්දෝ වගේ අප්පා (තිතක්)

    ReplyDelete
    Replies
    1. තිතක්........ තිතක්.......... තිතක්............

      කමක් නැහැ බං පාර්ලිමේන්තුවේදී හරි නම කියයිනේ.... හැක්

      Delete
  2. අන්තිමට පුතාලා අයියලා ගොඩ

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබැයි.............. මේකට ඒ කාලේ මොකක්දෝ නමක් කිව්වා වගේ මතකයි..........?????//////// ආ......... අර පවුල්වාදය වගේ වචනයක්....මේ ඒකමද වෙනඑකක්ද මන්දා නේද?????

      Delete
  3. ලංකාවේ දේශපාලනයේදී සාපේක්ෂව නිවැරදි තෙරීමක්වත් නැත. ඇත්තේ වැරදි තීරණ පමණි

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් තියෙනවා නේද?????????? දැන් එතකොට මේක ලංකාවද???????? මට මතක නෑනේ.....

      Delete
  4. මේ අවස්තාවේ රනිල් ට දෝසාරෝපනය කරන්නේ තම මීහරක් බයියත්වය වසාගන්නට යහපාලනේට කඩේ යමින් සත්ය ටොයියන් ලෙස රඟපෑ වෙන්ඩපොශ් බයියන් ය.......

    ReplyDelete
    Replies
    1. ආ.......... එහෙමද???????? එතකොට මහින්ද අච්චර පජාත වැඩ කරද්දිත් රටේම ජනතාව පරද්දවලා ගෙදර යවලා තියෙද්දිත් මගෙන් සභාපතිකම උදුරගත්තා වගේ කතා කියද්දිත් කඩේ යන අය කවුද සර්...........?????????

      Delete
    2. මහින්ද අමුම අමු බයියා...
      එහෙම වුනා කියලා කුරුට්ටෝ ටොයියො වෙන්නේ නැහැ නේ....

      මහින්ද ටොයියා වුනත් වැරදියි
      කුරුට්ටෝ ටොයියෝ වුනත් වැරදියි...
      එහෙනම් නන්ගියෙ මල්ලියෙ පවසමි...
      දෙගොල්ලොම අමුම අමු මීහරක් බයියෝ කියා!

      Delete
    3. එතකොට සරසා.........

      Delete
    4. // එතකොට සරසා......... //

      ස ර ස තුමා වනාහී බයි තුමෙකි!

      Delete
    5. මචං දැන් ඔය සරස තුමා කියන්නේ උඹලාගේ පවුලෙම එකෙක්ද????? 
      ඔය බයියන්ගෙත් තුමාලා වගේ වෙනස් කැටගරි තියෙනවාද???????
      නොදන්නකමට අහන්නේ......

      Delete
    6. //නොදන්නකමට අහන්නේ......//

      කටවහගන්නව අයිසෙ.... වාඩිවෙනවා.... රීරියකා.... ආජුතපර ලායිලා...අප පමනද එකතැන කැරකෙන්නේ?

      Delete
    7. //කටවහගන්නව අයිසෙ.... වාඩිවෙනවා.... රීරියකා.... ආජුතපර ලායිලා...අප පමනද එකතැන කැරකෙන්නේ?//

      මේකගේ ඔලුවට වෙඩි තියලා වලලලා දානවා.. අනිකාගේ අතපය කඩලා කොන්ඩේ පැත්තක් බූ ගාලා අර ගෙනාපු සුදු වෑන් එකේ ම හංදියට ගිහිං දානවා......

      Delete
    8. සා රස.
      දැන් සතුටුයිද ඉතින්...
      ඉස්සර අපි අයි එකේ හරි csn එකේ හරි හොදට මැච් එක බැලුවා. දැන් මෙලෝ මගුලක් පේන්නේ නෑ... පෙනුනත් tnl එකේ කිසි නවීකරණයක් නෑ.. අවුරුදු 22ක් මුන් මොනවා කරාද දැන් නෑ...

      Delete
  5. අන්තිමට ...........
    උන්ට හරි ගියා අපිට නින්ද ගියා
    උන් බැකෝ ගත්තා අපි හුකෝ ගත්තා
    උන්ගේ එවුන් ගොඩ ගියා අපේ එවුන්ට බඩ ගියා

    ReplyDelete
    Replies
    1. අන්න වදන්........................ වදන් මෙන්ඩා නැවතත්

      Delete
  6. සාපේක්ෂව නිවැරදි? එහෙම එකක් නෙවෙයි මට පේන්නෙ, එළිපිට හොරකම් කරන තත්ත්වයට පත් වුනු රැළක් එළවලා, වෙනත් හොර රැළක් පත් කර ගැනීමයි. අලුතෙන් පත්වෙන හොරු, බය නැති මට්ටමට ආවහම එළිපිට හොරකම් කරන්න පටන් ගනීවි. එතකොට උන් එළවලා පරණ හොර රැළේ අලුත් කෂ්ටිය පත් කරගන්නවා...

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම කරේ ඕක තමා බං. පරණ එක වෙනුවට ඊටත් පරණ තිබුණ එක ගෙන ඒමයි...... මේවා දැක්කා ම හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ බං...

      Delete
  7. ඇයි බොලාටත් TNL පේන්නෙ නැද්ද? අපිටනං හොඳට පේනව ඒත් මම මැච් බලන්නෙ නෑ. හැක්..

    හැබැයි ඉතිං පුතාගෙ චැනල් එක එයාගෙ සල්ලි වලින් දාගත්ත එකක් නෙමෙයි වගේ පේන්නෙ.
    අයියනං මං දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ප්‍රසන්න අයියත් බාගෙට උත්තර දෙනවා. මෙතැනදී චැනල් එක දාගත්තේ කොහොමද කියන දේ වැඩක් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි ඕනෙම රටක ජනතාව වැඩි පුරම නරඹන තරග විකාශනය කියන්නේ සුපිරි ආදායමක්. ඉතින් දැන් මේ ආදායම තමා මේ විදිහට අයියාට දීලා තියෙන්නේ. ඊයේ පෙරේදා කිව්වා 2019 වෙනකල් සියලුම තරග ප්‍රචාරණ අයිතිය ජාතික රූපවාහිණියට ගත්තා කියලා. ඒත් දැන් වෙන්නේ වෙන දෙයක්.... මේවා ලැජ්ජා නැති වැඩ.... දැන් ම මෙහෙම නං තව ටික දවසක් යද්දි අරයාටත් වඩා රෙදි නැතුව නටයිද මන්දා........??????

      Delete
  8. මොකා ආවත් ඔච්චර තමයි අන්තිමට..

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මේවා දිහා බලාගෙන හූල්ලනවා නේද??????

      Delete
  9. පරණ බෝතල් දෙකක තිබිච්ච පරණ අරක්කු එක පරණ බෝතලේකට දාල පරණ ලේබල් එකක් අලුතින් අලවල !.......බීපල්ලා ඇති තරං .......!!

    ReplyDelete
  10. පරණ බෝතල් දෙකක තිබිච්ච පරණ අරක්කු එක පරණ බෝතලේකට දාල පරණ ලේබල් එකක් අලුතින් අලවල !.......බීපල්ලා ඇති තරං .......!!

    ReplyDelete
    Replies
    1. මචං නොයෙල් දන්නැති එකෙක් උඹේ කමෙන්ටුව උඹට කලින් දාලා.... හැක් (විහිලුවක්)

      Delete
    2. බොනවානම් කියපන් මචෝ මමත් එනවා

      Delete
    3. බොන්න අර උන්ක්නෝන් එකාව හොයාගන්න එපැයි බං..........

      Delete
  11. එංගලන්තේ ඔහොම උනත් ලංකාවේ ඔහොම වෙන්නේ නෑ නෑමයි අම්මපා:p

    ReplyDelete
    Replies
    1. ආ.............. විල්තෙර දිගේ ඇවිත් තියෙන්නේ.....

      දැන් ඔය එංගලන්තේ කියන්නෙත් ලංකාවෙම කෑල්ලක් ද ආ...........???????

      Delete
  12. කිසිම වැරැද්දක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි බං............ ආය මොකට කලබල වෙනවාද නේද???

      Delete
  13. අයියලා ටික පස්සේ ඉඳන් කරලා තියන හරිය මදෑ. හෙට අනිද්දට පවුල් පිටින් බෝඩිමට යන්නේ නැතෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා........... එහෙම හිතලා සතුටු වෙමු විචා..........

      Delete
  14. අරයල මෙයාල ඔක්කොම ගොඩ
    අපි ඔක්කම කොට උඩ ....!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත....... හැමදාම වුණේ ඕකනේ... අපිට ඕවා නුහුරු නැත්තේ ඒකනේ....

      Delete
  15. අපි එයාලටත් රැවටුන මෙයාලටත් රැවටෙනව ....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ජාතිමාමකත්වයෙන් ඔද වැටිලානේ ඉන්නේ හංසි........

      Delete
  16. නිහතමානීව ඉවසීමෙන් මහත්තුරු වගේ වැඩ කෙරෙන හැටි බලාගෙන ඉන්න බැරිනම් ඇස් දෙකේ ටූත්පේස්ට් ගාගෙන බලපන්.නැත්තම් ගුස්ති සෝමෙ,බැට්‍රි ශානු එහෙම රාත්තිරියට එවන්නම් දුක සැප බලල යන්න... සුදු වෑන් නෑ බොල.... උන්ගෙ වාහනේකින් එයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි ලබ්බෝ කලු ඩිෆෙන්ඩර්වත් නැතෑ................ එවනවානං අර බැට්රි චාඡ් ද මොකාද එවහං ..... වැඩක්වත් ගන්න පුළුවන් නෙවැ...

      Delete
  17. ලංකාව ප්‍රසිද්ධියට පත් වුනු ක්‍රීඩාවත් දැන් වල පල්ලට යන හැඩයි.
    කවුද අර ඩොඩ් යන මගුලේ මැච් බලන්නේ....
    මේක ඉන්දියාවේ වගේ වුනානම් TNL එකත් ඉවරයි රජයත් ඉවරයි..

    ReplyDelete
  18. අන්තිමේ ඔය කිසිම දෙයක් ඡන්දේ දෙන මිනිස්සු තේරුම් නොගන්න එකනේ තියෙන අවුල.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...