Tuesday, February 2, 2016

වට් ඊස් පීස්.....................?


ඒ අපේ පළවෙනි ම දේශනය
පොත් පෑන් අමෝරං දැනුම පිපාසාවෙන්
අැදුරුතුමා එනතුරු මගබලා සිටි
ඒ ලෙවල් ඉවර කරපු ගමන් අා
ටියුට්ස් එකතු කරලා පුරුදු 
නෝට්ස් කඩපාඩම් කරන ගිරා රැළක්...................................

සුදුම සුදු කොන්ඩයක් අැති
කට පැත්තකින් හිනාවක් පිරි
හරිම සරළ අැදුමක් අඟලාගත්
දැක්කා ම ප්‍රියජනක මුහුණක්
ටයිම් ටේබල් එකට අනුව නම් මේ
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නයන්.............................

හ්ම්... අලුත් ම කට්ටිය නේද.....
කියනවල්ලාකෝ බලන්න
වට් ඊස් පීස්.....................................?
වචන තුනකින් අහපු දේට
බරවචන ලෝකයකින් අාපු උත්තර
මහාචාර්යවරයා කරකවලා අතඅැරියා..................................

ඔව් ඔව් ඒ ඔක්කොම හරි
ඒත් සරළවම කියනවානං 
පීස් කියන්නේ ...ඒ.......ඒ...........ඒ.............
වයිට් බෝඩ් එක පැත්තට හැරුණු 
ජයන්ත සර් බෝඩ් එක පුරාවට ලියුවා
LOVE + CARE ..................................

කොහොමද මේකෙන් උත්තරයක් ලියන්නේ
එදා අපිට ගැටළුවක් වුණා තමා
ඒත් අදවෙනකල් ජීවිතයේ 
වැරදියි කියලා ඔප්පු කරන්න බැරිවුණ
අතිශය නිවැරදි ම ඉගැන්වීම
වට් ඊස් පීස්..............? LOVE + CARE



තුෂාර විතාරණ - කාංචනා චන්ද්‍රසේකර


පසු සටහන - ජයන්ත සර්. හෙට තියෙන සර්ගේ ෆෙයාවෙල් එකට අපි දෙන්නට එන්න විදිහක් නැත්තේ මේ පණිවිඩය මේ මොහොත වෙනකල් නොදැන සිටීම නිසයි. ඒත් හදවතින් ම කියන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතයේ හමුවුණ සුන්දරම ගුරුවරයෙක් අායෙම දකින්න අපි හරිම අාසාවෙන් ඉන්නවා. ඉක්මනට ම සර්ව බලලා යන්න එනවා.

මීට 
පීස් බැච් එකේ ගහපු පළවෙනි ම කොක්ක. 
තුෂාර-කාංචනා

74 comments:

  1. ඕං 1st කොමෙන්ටුව මගෙන් ආයුබොවන්ඩ​.බ්ලොග් එකට මං අලුත් උනාට කොමෙන්තටුවක් දාන්නම හිත් උනා මරු post එක නිසා..post එකට මං නම් මාර like

    ReplyDelete
    Replies
    1. බොස්....................

      අදම තමයි දැක්කේ....... බ්ලොයක් තියෙනවානං විස්තර කියන්න... මොනවා වුණත් පළවෙනියටම අාපු ඒකට සහ අලුතෙන් ම අාපු ඒකට සතුටුයි....ජයවේවා.....

      Delete
    2. http://thebosssmileyjoejoe.blogspot.com/ මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක​..වෙලාවක​ ලොක්කගෙ පැල්පතට ගොඩ වෙලා යන්ට​

      Delete
    3. දබොස් කියන්නේ කවුද

      Delete
    4. ලොක්කෝ............. ඒ පැත්තට ගියා... බ්ලොගය නියමයි... පොඩි ගෙදර වැඩ ටිකකුත් දුන්නා...කොරමුකෝ බලන්න.... හැක්

      Delete
    5. අනිවාර්‍යෙන් home work කරන්නම්..බෝම ස්තූතියි....

      Delete
    6. ඒ කියන්නත් කලින් උඹ උත්තර දෙනවානේ......... මාරයි

      Delete
  2. What is piece?=කෑල්ල යනු කවරේද?

    Love+care = ලව්කර කරේයාම

    සංපූර්ණ ඇත්ත

    ReplyDelete
  3. වටිනා පාඩමක්.. :) පාඩම හරියට ඉගෙන ගත්ත බව පේනවා පලවෙනි කොක්ක ගහලා තාම ඇදගෙන යන එකෙන්ම.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා කමියා..................

      අපි තමා ලංකාවේ මේ උපාධිය කරපු දෙවැනි බැච් ඒක ඒ වගේ ම ලංකාවේ පළවෙනි ම පීස්+පීස් කොක්කත් අපි..... ඒ කාලෙත් සර් අපිට ෆුල් සපෝට් ඒක දුන්නා.......

      Delete
  4. ගුරු පලවෙන කොක්ක නම් නියෙමට හදලා තියෙනවා.
    කාගේ හරි නැණස පෑදූ ගුරුබවතාට මගේ උපහාරය.......

    ReplyDelete
    Replies
    1. අැත්තට ම නියම ගුරුවරයෙක්....... මේක කවදා හරි ඒතුමාට පෙන්නද්දි සිංහයා ගැනත් කියන්නම්....

      Delete
  5. කොක්ක ගැහුවද...කොක්ක වැටුණද....කොහොම නමුත් ඇදගෙන යනව කියන්නෙ නියමෙට කොක්කෙ පැටලිලා.
    love+care නේ....එහෙම තමයි වෙන්න ඕනේ....

    ReplyDelete
  6. කොක්ක ගැහුවද...කොක්ක වැටුණද....කොහොම නමුත් ඇදගෙන යනව කියන්නෙ නියමෙට කොක්කෙ පැටලිලා.
    love+care නේ....එහෙම තමයි වෙන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. අනිවා.......... අදටත් ෆලෝ කරන උපදේශයන් තමා ඔ්වා....... ස්තූතියි හෙන්රි සහෝ

      Delete
  7. "ලව්" කියන්නේ මොකක්ද කියලා කියා දුන්නේ නැතෙයි...

    ප්‍රසිද්ධ පොරක්නේ හිටං

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධයි........... ඒත් ඒක් පිරිසක් අතර විතරයි. පහුගිය කාලේ ගොඩක් දුරට සද්ද නැතුව හිටපු කෙනෙක්..... සර්ගේ දර්ශනය ඒක්ක අපි ඒ කාලෙත් සමහර සමහර වෙලාවට පැටලුණා..... ඒත් අපි දිහා බැලුවේ තාත්තා කෙනෙක් දරුවෝ දිහා බලනවා වගේ තමා...... අැත්තට ම දැන් තේරෙනවා මාතා... අපි පොඩි උන්.....

      Delete
  8. නිර්මාණයත් ලස්සනයි ..!
    ඉගෙන ගත්ත , අත්දැකීමෙන්ම සත්‍ය බව දන්න දෙය්ක් නොවැ කියාදෙන්නේ ....

    පසු සටහනේ Signature එකටත් ගොඩාක් මනාපයි ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරුවෝ...................

      Signature ඒක ඔය විදිහට දැම්මේ නැත්තං අපි ව හරියට අදුරගන්නේ නැහැ......

      Delete
  9. Replies
    1. නෑ ලලිතෝ ඔය දෙක දෙකක්.... හැබැයි වෙන්කරන ඉර පෙන්නන්න බැහැ.. දෙකම ඒකතු වුණාම තමා සම්පූර්ණ වෙන්නේ... හැක්

      Delete
  10. Replies
    1. ඔව් ඉන්දරේ................. අැත්ත කතාව

      Delete
  11. ප්‍රොෆෙසර් කියල දීපු පාඩම මේ දෙන්න ප්‍රායෝගිකවම ක්‍රියාවට නගල තියෙනව. අන්න එහෙමයි ගෝලයො ඉන්න ඕන. හැක්...

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රොපාලා.. අන්න ගෝලයෝ.............. මෙන්න ප්‍රසාලා....... හැක්

      Delete
  12. Replies
    1. අනිවා අනිවා...................

      සර් වුණත් කියයි හෙට යා ගන්න විදිහක් තිබුණානං........ ස්තූතියි කසුනෝ....

      Delete
  13. අනේ මංද බං මක්ක කියන්නද කියල.
    මුනිවත හොදයිකියන්න දෙයක් නොතේරෙන හන්දා

    මං මාරු

    ReplyDelete
  14. අනේ මංද බං මක්ක කියන්නද කියල.
    මුනිවත හොදයිකියන්න දෙයක් නොතේරෙන හන්දා

    මං මාරු

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද ප්‍රතිචාරයක් තමා මහේෂ්........ ස්තූතියි

      Delete
  15. උගතමනා සල්පයමයි මතු රැකෙනා.

    ReplyDelete
    Replies
    1. උගන්නපු ගුරුවරුන්ටත් මේකේ ලොකු කොටසක් ලැබිය යුතුයි නේද??????

      Delete
  16. මෙන්න මේ වගේ දෙයක් සරලව සුන්දරව කියල දෙන්න පුළුවන් අයට තමා නියම ගුරුවරු කියන්නේ. ගුරුවරයෙක් වෙන්න දැනුම විතරක් තිබ්බට මදි. හොඳ දැක්මක් වගේම තමන්ගේ දැනුම එලියට දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අගහරුවෝ..........

      තව දෙයක් තමා අපිට සර් ලොකු දේවල් ඉගැන්නුවේ නැහැ.. ඒ නිසා ම අපි ඒවා ගැන හොයලා බැලුවා... නැත්තං අපි දෙන දේ පාඩම් කරගෙන ගිරව් වගේ ලියනවා..... අනික් අතට අැත්තම කිව්වොත් අපි ඒ දේවල් තාමත් ඉගෙනගන්නවා... කවදාවත් ජීවිතයේ ඉගෙන ගෙන ඉවර වෙන්නෑ කියලා සර් අපිට ප්‍රායෝගික ව ම පෙන්නුවා......

      Delete
  17. පාඩම හොදට ඉගෙන ගෙන පළවෙනි කොක්ක ගැහුවා කියන්නේ ඉතින් හොදම ගෝලයෙක් වෙලා කියන එකනේ.

    ReplyDelete
    Replies
    1. අපි ඒහෙමයි.. තාම ගුරුගරුත්වය තියලා වැඩේ කරගෙන යනවා.....හැක්

      Delete
  18. පළමු කොක්ක.. මරු..

    ReplyDelete
    Replies
    1. අාය .............. සර්ට ඔ්ක කියපු ගමන් දන්නවා..... හැක්

      Delete
  19. ගුරුතුමාට මගෙත් උපහාර

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙක් වුණ ඔබතුමාට ඔ්වා අලුතෙන් කියන්න දේවල් යෑ නේද????

      Delete
  20. හෙනහුරා පාත් උනා...

    ReplyDelete
    Replies
    1. කවුද ඒ....???? නම නං සුපිරියි....

      Delete
    2. යකෝ උබලටත් අදුරගන්න බැරි උනායැ. මම අදුරන යකෙක් බ්ලොග් ලෝකේ කරක් ගහන හින්නදා.. මාත් අන්වර්ථ නාමයක් දාගත්තා. හැක්.

      Delete
    3. යකා කියන්න ඒපා බං.... අපි දැන් යක්කුන්ට බයයි.....

      Delete
  21. හයිබ්‍රිඩ් පොස්ට් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. අාය.............. අයා..............

      Delete
  22. සරල සුගම පාඩමක්. මේ වගේ ගුරුවරයෙක් ළඟ සොම්නසින් අකුරු කළ දෙදෙනෙක් දිගටම කවි ලිය ලියා එකටම ඉන්නවා කිව්වම හරිම සතුටක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක අයියා.................... මේ වෙනකොටත් වැඩේට යන්න හැකි වුණ අය ගියා කිව්වා.... සර්ට දුරකථනයෙන් කතා කරා.... මේ ලින්කුවත් දුන්නා... දකින්න අැති... අපේ බ්ලොග් සෙට් ඒකම කියපුවා සර් දකින්න අැති....ජයවේවා

      Delete
  23. හදවතින් නොමැකෙන්න හිතට දැනෙන බොහෝම සුලු දෙයක් උනත් ප්‍ර්මාණවත්...

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ්.................... තාම හිතේ තියෙනවා.......

      Delete
  24. සර් ගැන නම් දන්නේ නෑ මචං හැබැයි සරල මිනිහෙක් වග නම් තේරෙනවා පොස්ටුව පංකාදුයි

    ReplyDelete
    Replies
    1. ඔව් තලා................

      කිසිම දෙයක් බරපතලව අරං කලබල නොවන.... සුන්දර හිනාවකින් හැමදේම විසදන..... සුන්දර මිනිහෙක්.....

      Delete
  25. Love + Care පට්ට පාඩමක්.. උගන්නල ඉවරෙකුත් නෑ ඉගෙන ගෙන ඉවරෙකුත් නෑ
    ජයවේ...

    ReplyDelete
    Replies
    1. මැරෙනකල් ම ඉගෙන ගන්නවා...... හැක්

      Delete
  26. අඩේ... ඕක මම හිතේ ලියල තියාගන්නව.. අපූරු පාඩමක්.... ඔහුට නිදුක් නිරෝගි සම්පත් පතනවා..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැම තැනකදී ම වැදගත් වෙන පාඩමක් බං....... ස්තූතියි

      Delete
  27. අනේමන්දා උඹලා චික් විතරක්..

    ගුරුතුමාට ජය වේව ා ර්‍ර්‍!!!

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක තමා ගුරුගෞරවය කියන්නේ........ උඹ ඉතින් ඔ්වා දන්න ඒකක් යෑ........

      Delete
  28. Thushaa, I think its a good present for professor.

    ReplyDelete
  29. කංචනාට වෙන එකෙක් බැජ් එකේ හිට්යේම නැද්ද මුට අහු උනේ ?
    සර්ට ජයවේවා

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය ප්‍රශ්ණය අහන්න ඔ්නේ අනික් පැත්තටනේ...... හැක්

      Delete
  30. හැබෑම පාඩමක්...මුළු ජීවිතේටම...

    ගුරුතුමාගේ අනාගතයට අපෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. විභී.............. සර් මේවා කියවන්න අැති.. ජය

      Delete
  31. කුරුට්ටෝ ඔය ගුරුවරු අපිට කියාදෙන පොඩි සරල පාඩම් වල කොච්චර ලොකු ගැඹුරක් තියෙනවද කියල පහුවෙද්දී තමා තේරෙන්නෙ මටත් ඒ වගේ අත්දැකිම් ගොඩක් තියනව :)

    ReplyDelete
    Replies
    1. ජීවිතය උගන්නනවා කියන්නේ ඒකට වෙන්ටෑ නේද හංසියෝ..........

      Delete
  32. ජයන්ත සර්ගෙන් මම ඉගෙන ගෙන නෑ. හැබැයි සම්මුඛ සාකච්ඡා නම් කීපයක්ම කරලා තිබෙනවා. බොහෝම ලෙන්ගතු මිත්‍රශීලී මනුස්සයෙක්. හැබැයි අපි මෙච්චර කල් කතා කළ සියලු තියරි මෙහෙම වචන දෙකකට මුහු කිරීම නම් අපූර්ව දෙයක්. දැන් නම් වට් ඉස් පීස් කියලා දෙන්න ගම් තුලානෙ ඇවිදිනව කියලයි ආරංචිය..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...