Monday, March 20, 2017

ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ...................



ඔබයි සොඳුරිය ජීවිතය මගෙ
එක්ව මෙතරම් දුර ගෙවා ආ
ඒත් නොකියා කෝම මේ වග
නොසිතු මොහොතක හමුවුණිය ඈ...................

නුඹේ මුව තඹරත දැනුන සුව
තවත් අඩුවක් නොදැනුනත් මට
ඇයි ද නොදනිමි හිත කියන්නේ 
සුන්දරයි අෑ හැමට වැඩියෙන්...............

නුඹේ දෑතග විඩා නිවුනට
දෙහිත දොඩමළු වෙලා උන්නට
අහම්බෙන් ඇගෙ දෑස ගැටුනම
ලෝකයම අමතක ව යන හැටි...............

නමුත් සොඳුරිය එක දෙයක් ඇත
නුඹෙ ළඟත් ඇගෙ ළඟත් දැනෙනා
ඒ කිසිත් නොව නුඹේ ළමැදෙන්
ඇය උරන ලේ කිරෙහි සුවඳයි.............


තුෂාර විතාරණ






සටහන - පහුගිය දවස් වල බ්ලොග් එක පැත්තේ එන්න නොහැකි වුණ හේතුවත් ඇය ම තමා. එයාගේ නම විභාවී උත්තමා විතාරණ. දැනට මාස එක හමාරයි. කාන්චනාට නම් වැඩේ ලේසි නැහැ. මොකද විභාට උදේ රෑ මාරු වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බැහැ එළිවෙනකල් දවල් වගේ නැගිටලා ඉන්නවා. මොනවා වුණත් ඒක තමා දැන් අපේ ලෝකේ............ මීට තුෂාර & කාන්චනා.

20 comments:

  1. ගොඩක් සතුටුයි සහෝ...මටත් ළඟදීම ඔය දේම වෙන්නයි යන්නේ...දැන් කිසිම විවේකයක් නෑ...එන්න ඉන්න කෙනා වෙනුවෙන් කැප වෙලා ඉන්නේ...ඒක හරිම සුන්දර හීනයක්...උඹටයි නංගිටයි විභා දුවටයි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක අනාගතයක් පතනවා...

    අසංක සහ නිරෝධා

    ReplyDelete
    Replies
    1. අඩෝ අසංක අයියා.......... ලිව්වේ නැතුවට බ්ලොගේ පැත්තේ ඉන්නවා නේද? ඔහොම යමුකෝ කියලා තමා කියන්න තියෙන්නේ....... හම්බෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා..... කොහොමත් ඉතින් අපෙන් අත්දැකීම් ගන්න එපැයි නේද?????? නංගිවත් මතක් කරාය කියන්න....ඔයාලාගේ වැඩෙත් පරිස්සමට හොදින් සිද්ධ වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා.....

      එහෙනම් තව ටික දවසකින් නැපි ටිකක් පැනල් ටිකක් එහෙම අරන් සෙට්වෙමුකෝ නේද??????

      Delete
    2. හුරේ වේවා ජය වේවා ,

      අඩෝව් ... තුෂාරයා අසංකයා දෙන්නටම සුබ පැතුම්. අපිත් තාම ජිඉවතුන් අතර ඕ යේස් .. එහෙනං පාටියකට සෙට් වෙමු

      Delete
    3. අම්මට සිරි ඉවානයා............

      ඉවාන් මචං මේ දවස් වල අපි නැපි, පැනල් එක්ක තමා වැඩි පුරම කාලය ගත කරන්නේ.... පාටි දානවානං ඉතින් ඒවා එක්ක තමා දාන්න වෙන්නේ..... අසංක අයියා තාම ක්ලිනික් යන අවධියේ ඉන්නේ... හොද හොද ආතල් තියෙන්නේ තව ඉස්සරහාට... දැන් දෙන්න තියෙන උපදේසය තමා හැකි හැම අවස්ථාවකම නිදාගන්න කියන එක... මොකද තව ටික දවසකින් පස්සේ නිදාගත්ත වෙලාවක් හොයාගන්න නැතුව යනවා....... හැක්

      Delete
  2. කිරිකැටි සිනා ගේ පුරාම විසිරේවා
    කිරිකැටියාගෙ නිරෝගි සුව වැඩිවේවා
    කිරි සුවඳකින් සතුටේ මල් පිබිදේවා
    කිරිකැටියටත් මාපියටත් සෙත්වේවා.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද....... බොහොම ස්තූතියි.......

      Delete
  3. @ තුෂාර සහ කාංචනා -
    මුළින්ම ඔබ දෙපළටම හෘදයාංගම සුභපැතුම්, ලද මව්-පිය පදවි වෙනුවෙන් ...!! ඒ වගේම ඒ උතුම් පදවි ඔබට තිළිණ කල, ඔබලාට තිළිණයක් වූ, පුංචි දෝණිට නිදුක් නීරෝගි සුව පිරි , වාසනාවන්ත , පින්බර අනාගතයකට උරුමකම් ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරු........

      බොහොම ස්තූතියි....... කාංචනාටත් කියන්නම්

      Delete
  4. පියපදවිය ලත් තුෂාර ට හා මව් පදවිය ලත් කාන්චනා ට කොළොම්පුරෙන් සුබ පැතුම්. දෝණිට ලස්සන සුබම සුබ වාසනාවන්ත අනාගතයක් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොළොම්...........

      ජයවේවා

      Delete
  5. අභිනව මව්පිය දෙපළට සුබ පැතුම්, දුවට වාසනාවන්ත අනාගතයක් පතනවා.

    දැං ඉතිං රෑට ඇහැරල ඉන්නෙකේ බැරියැ බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. අඩෝ ප්‍රසන්න අයියා.......

      කාලෙකින්නොවැ...... මේ වෙද්දි විදානෙයානං මාත් එක්ක පට්ට මල පැනලා ඇත්තේ.... විදානෙගේ ප්‍රතිචාරයත් බලමුකෝ...... ඒක නෙමෙයි දැන් ඉතින් කඩේ වැඩකටයුතු එහෙම කොහොමෙයි...... ඇදලා යනවයෑ.......

      Delete
    2. ඔවු මට විදානෙය කිවුව බොලා ෆෝන් ආන්සර් කරන්නෙ නෑ කියල. හැක්..

      කඩේනං අවුලක් නෑ. ෂේප් එකේ කරගෙන යනව.

      Delete
    3. විදානේ තාම ප්‍රහාරයක් එල්ල කරේ නැහැ... ඒ නිසා මාත් පරිස්සමෙන් ජීවත් වෙනවා.... මං හිතුවේ විදානයා රින්ග් කරපු විදිහට FCID යටවත් පැමිණිල්ලක් දායි කියලා...... දැන් ඉතින් ඌව ෂේප් කරගන්න ටිකක් විතර වෙලා යයි මගේ හිතේ... කොහොම හරි මාස 4 ක් විතර රින්ග් කරලා කරලා ඌ වැඩේ අතරඇරලා දැම්මා.......

      බලනවා සාකච්ඡා මාර්ගයෙන් විසද ගන්න පුළුවන් වෙයිද කියලා. බැරිවුණොත් ගල්බාගයක් එක්ක කඩේ පැත්තටවත් සෙට් වෙමු.......

      Delete
  6. මේ තාත්තාටයි අම්මාටයි උණුසුම් සුබ පැතුම්! පුංචි කිරිකැටි දෝණිට තෙරුවන් සරණයි. ඒ ලස්සන ආදරය ලස්සනට අකුරු කරලා තියෙනවා. :)

    මේ ගීතය හොඳින්ම රසවිඳින්න පුළුවන් ඔය හැඟීම හිතේ පිරිලා ඉතිරිලා තියෙනකොට තමයි. අහන්නකෝ එහෙනම්.
    විමනේ දිනිඳු මගේ
    ඔබ වේ සසර මගේ
    සඳ රැසේ එළිය සේ
    බිළිඳු සිනා සැලේ...

    ඒ වගේම, පුංචි දෝණිට මේ ගීතය.
    සිරි මහ බෝ මැඩ
    මුනිඳුන් වැඩ හිඳ
    දස මර සේනා දිනූ බෙලෙන්
    ජයපැන් කරඬුව දෝත දරා
    නිදන්න දූ කුමරී...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි සිතු............

      බොහොම ස්තූථියි දෝණිටත් කියන්නම්කෝ මේ විස්තර....

      Delete
  7. කවියක් වගේම ලස්සන නමක් දුට දාලා තියෙන්නේ.
    හද පිරි සුබ පැතුම් තුන්දෙනාටම..!

    ReplyDelete
    Replies
    1. තැන්කූ............ මනෝජ්.........

      බොහොම ස්තූතියි. විභාටත් කියන්නම්.............

      Delete
  8. සුභ පැතුම්! තාත්තා කෙනෙකුට මෙහෙම හිතෙන එකම වාසනාවක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දිල්........... තාත්තා කෙනෙක් වුණාම දැනෙන හැගීම අපි ඊට කලින් ඒ ගැන හිතනවාට වඩා ගොඩක් වෙනස්...... දුවෙක් ලැබුණාම මට හිතෙන්නේ ඒක පුතෙක් ලැබුණාට වඩා වෙනස්........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...