Friday, November 4, 2016

එපා වෙන්නැති ඕන්නෙත් නැති ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා....




ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා
තෙරක් නැති ගංගාව සේ
ඉමක් නැති මහ සයුර සේ
නිමක් නැති සංසාරයේ
විටෙක හෙමිහිට - විටෙක විගහට
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................

සුමුදු මල් සිප මද සුළං යනවා
කටු අකුල වැසි බලා අයැදිනවා
පොළව අහසට තවත් දෙස් දෙනවා
ඒ කිසිත් නොපෙනෙනා නොබලන
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා..................

අතට ගත් දේ අතින් ගිලිහෙනවා
සිතු පැතූ දේ ඇවිත් සනහනවා
කදුළ සිනහව අතර සමවෙනවා
එපා වෙන්නැති ඕන්නෙත් නැති
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................




තුෂාර විතාරණ



.

30 comments:

  1. කෙනෙකුට එක ගඟක්
    දැකිය නොහැකිය දෙවරක්
    ඇරිස්ටෝටල්

    දකින්නට දෙවරක්
    එසේ ජීවත් නොවේ කිසිවෙක්
    බුදුරජාණන් වහන්සේ

    ReplyDelete
    Replies
    1. එකම ෙද් තමා ෙන්ද????????

      Delete
    2. නෑ. එකම දේ නෙමෙයි නේද. ඇරිස්ටෝටල් කියන්නේ ස්වභාව ධර්මයේ වෙනස්වීම ගැන. පුද්ගලයාගේ වෙනස්වීම ගැන නෙමෙයි. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිසුන්ගේ වෙනස්වීම ගැන. ඒ කියන්නේ මේ මොහොතේ ඉන්න කෙනා නොමෙයි තව මොහොතකින් ඉන්නේ.

      Delete
    3. ඒක තමා මල්ලියේ කිව්වේ දෙකම එකක් කියලා......... උඹ අායෙම නෑ කියයි ද දන්නෑ.............

      Delete
    4. හරි හරි ඕන එකක්. දැන් දෙන්නම නෑනේ. කාගෙන් අහන්නද මේකෙන් මොකක්ද කියවෙන්නේ කියලා. අඩුම තරමේ මෙහෙම දෙයක් කිව්වද කියලවත්.

      Delete
    5. ඒක තමයි නියම ක්‍රෙම්........... දැන් ඉතින් අපිට ඕන එකක් කියාගෙන ඉන්න ඇහැකි.... හරියට අර විචාරකයෝ වගේ ........... (හත්තිලව්වයි විචා මාමා කලබල වෙයි ද මන්දා)

      Delete
  2. Replies
    1. ස්තූතියි ඉයන් සහෝ............... සහෝ කිව්වාට ඉතින්......... කමක් නැහැ ඔන්න ඔහේ නේද???????????????????

      Delete
  3. ඉස්කුරුට්......

    ReplyDelete
  4. ජීවිතේ කව
    ලියු අපූරුව
    එහෙත් මට තව
    නොතේරෙන පව.....

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. උඹේ කවි උත්තර නං අගෙයි..............

      Delete
  5. ඕකගැන හොයන්න යන්න එපා බං.එන එන විදිහට ගහ උළුඅස්සා තියරිය පාවිච්චි කරපන්.ප්‍රොෆෙශනල් ගතියක්නම් නෑ තමයි.හැබැයි ප්‍රත්‍යක්ශයි.

    ReplyDelete
    Replies
    1. ඔය මොකට ප්‍රොෆෙෂනල් වුණත් ජීවිතේ සම්බන්ධයෙන් ඒවා නැතුවට කමක් නැහැ නේද බං.... ඒක නිකං ආටෝප නැතුව තියෙන්න එපැයි නේද???????????????

      Delete
  6. අපරාදෙ ඔහේ ගලාගෙන යන්න දෙන්නෙ.
    නරකද බැම්මක් බැඳල හරස් කරල ජලාශයක් හදාගත්තොත්.

    අඩුම ගානෙ විදුලියවත් නිපදවන්න බැරියැ. හැක්..

    ReplyDelete
    Replies
    1. සරම කෑහපොට ගහගෙන නානත් පුලුවන්

      Delete
    2. ආ................. හිටහල්ලාකෝ උඹලාව නාවන්න මං...........

      Delete
  7. ඒ උනාට වෙලාවකට ජිවිතේ එපා වෙනවා බං

    ReplyDelete
    Replies
    1. එ් ජීවිතේ හැටි බං...............

      Delete
  8. විටෙක නැවතුනානන් හිතෙන විටෙක තව තවත් ඕන වෙන ජීවිතය..

    ReplyDelete
    Replies
    1. ඒකත් ජීවිතේ හැටිම තමා ගිම්මි...............

      Delete
  9. විටෙක නැවතුනානන් හිතෙන විටෙක තව තවත් ඕන වෙන ජීවිතය..

    ReplyDelete
    Replies
    1. මොකද මේ ගිම්මියා දෙක දෙක දාන්නේ අපේ ඩබොල් ආදි පාද නැති නිසාද

      Delete
    2. ඌ ලියන්නෙත් නැහැ ඩබෙල් තියාසිංග්ල කෙමෙන්ට් එකක්වත් නැහැ

      Delete
    3. ඇත්තට මොනවා වුණාද බං............ මෙහෙම අහන්නත් නිකං මොකද වගේ..... ඒත් ඔන්න ඔහේ කමක් නැහැ....

      Delete
  10. අනේ මන්ද කුරුටු... අපේ ජීවිත අනුන්ගේ දඩබිම්ලු.... කවුදෝ ඊයේ කිවුවා

    ReplyDelete
    Replies
    1. කවුරු වුණත් හරියට කියලා තියෙනවා සබරේ...........

      Delete
  11. ඕනේ ඒවා ලැබෙන්නේ නැතිකොට එපා වෙනවා.... හා නැද්ද?

    ReplyDelete
  12. කෝ උබ කෙමෙන්ට් වලට උත්තර දීපන්

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න ටිකක් වෙලා යනවා මචං............. ඒක තමා මේ ජීවිතේ අලුත් ම තත්වය.... ගණන් ගන්න එපා බං....... කොහොම හරි එනවානේ..............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...