Sunday, February 14, 2016

දෙපැත්තට වැනෙන රාළේ, රෙද්ද පල්ලෙන් අන්න බේරේ..............


කොකාගේ ගිය වාරේ
දැන් තිත්තයා බාරේ
දෙපැත්තට වැනෙන රාළේ
රෙද්ද පල්ලෙන් අන්න බේරේ..............

ගලේ පහරපු බලළා
වහන්නට වෙර දරලා
මේ කුණු කතා අහලා
වහලා මොකටද හිතයි බලළා.............

කට තිබුණු පළියට
භාවිතයට ගත් විට
නහින මාලුවන් විලසට
උඩපනී මරි මෝඩ තාලෙට.............

විලිලැජ්ජාව ඇවිදින්
හිරිකිතය හා මුහුවෙමින්
අප්පිරියාව දනවමින්
ඔක්කාරයට එයි හරි තදින්.............

කරනට දෙයක් නැත්තං
අර තීන්දුත් බඩ බැදං
පරණ තනතුර කුදලං
මුහුදේ පැනලා මැරිලා පළයං..............


කසුප් අනුරාධ.


පසු සටහන - හිටපු සරත්තුමා හිටපු මහින්දතුමාගේ හොර රැස්වීමක මයික් ටයිසන් බවට පත්වී අද දින කියන ලද කතාව අසා හද පිරි සතුටින් ලියන ලද්දක් බව සැලකුව මනාය.


.

46 comments:

  1. Replies
    1. ස්තූතියි ඉන්දරේ...............

      Delete
  2. අම්මෝහ්....පට්ට කුරැට්ටෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානුවෝ................

      මේ තමා ඇත්ත. මුං කියන දේවල් අහං හිටියාම අපිට ලැජ්ජයි බං...

      Delete
  3. ගෙදර යනගමන් තුමා

    ReplyDelete
    Replies
    1. ගෙදර යන ගමන් ඉන්නේ හිටපු ලොක්කා...... එයා තමා ජනාධිපතිවරණය පැරදිලා මහමැතිවරණය පැරදිලා මේ පාර ප්‍රාදේශීයසභා පරදින්න ඉන්නේ..... මේ අවලංගු කාසි ඇවිත් නාඩගං නටනවා දැක්කා ම අප්පිරියයි ට්‍රාන්ස්.............

      Delete
  4. අනුරාදටනම් අර තුෂාරයට තියෙන අව්ල නෑ.

    ඔව්ව ඔහොමයි මචෝ. පට්ට කවිය.
    ජයවේවා අනුරාද!

    ReplyDelete
    Replies
    1. තුෂාරයාට කොහොමත් අවුල්නේ..... අපි ඉතින් ජෙනුයින් කොල්ලොනේ... හැක්

      Delete
  5. මේ මනුස්යා ගැන නම් අනේ මන්දා මොනවා කියන්නද කියලා. මහින්ද පරද්දන්න ඒ දවස් වල මොනවා මොනවා නම් කිවුවද. ඒකට දැන්.

    ReplyDelete
    Replies
    1. මේ හැටිද නැත්තං වයසට ගියාම හැදෙන දෙයක් ද මන්දා..... කොහොම හරි අපිට දැන් තියෙන ප්‍රශ්ණය ඒ කාලෙත් මේ අවුල තිබ්බද කියලයි... මොකද තීන්දු දෙන තැනකනේ හිටියේ ඒවා දුන්නෙත් අවුලෙන් ම ද දන්නෑ...... හැක්

      Delete
  6. දෙපැත්තට වැනෙමින්
    සිටින රට වැසි කැලක් සමගින්
    සිටින මේ මහතුන්
    සිතයි මෙය වේ
    හොඳම ක්‍රමයත්..

    ReplyDelete
    Replies
    1. ඒක හරි කවිදු..............

      මේ කස්ටිය හිතාගෙන ඉන්නේ පැනීමේ තරමට පැවැත්ම හොදයි කියලා... අම්මපා ගෙබ්බෙක්වත් පනින්නෑ මෙච්චර...

      Delete
  7. Replies
    1. අනිවා කමියා.............. කාලේ ඉවර වෙලා ගොඩක් කල්.... දැන් කල්පැනලා.....

      Delete
  8. සමාජෙට හොඳම දේවල් කරන්න අවස්ථාව, දැනීම, ප්‍රඥාව ලැබිල ඒව යොදාගෙන සමාජයට නරකම දේවල් කරපු කෙනෙක් ගැන උදාහරණයක් මෙයාගෙන් එහාට හොයා ගන්න බැහැ. ඒ අතින් මහින්දත් පරාදයි මෙයාට. මහින්දට අවස්ථාව ලැබුණට දැනීම සහ ප්‍රඥාව තිබුණෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. පක්ඥාවද මොකක් ද කියන තිබුණානං ඉතින් මෙහෙම වෙයියෑ නේද????????

      Delete
  9. දියවන්නාවේ බඩු ගහපු පොර නේ..

    මේ යකා ගිහීන් හිටගන්නේ කොතනද එතනෙ විනාශයි. අධිකරණය විනාශයි. සරත් ෆොන්සේකට සෙට් උනා, උන්දෑ විනාශයි. ඊළඟට මහින්දට සෙට් උනා උන්දැත් විනාසයි.. ආයිත් අළුත් පක්ෂෙට සෙට් වෙල. ඒකත් විනාශයි.

    අපේ ගම්වලත් සමහර පොරවල් ඉන්නවා ගෙවල් වලට වද්ද ගන්නේ නැති. හේතුව ගෙදරට ගොඩ උනොත් ඒ ගෙදර විනාශයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මාතා අපිට කලින් ම මේ වගේ උපන්හපන්කම් තියෙන ඈයෝ අදුරගන්න පුළුවන් වුණානං ප්‍රභාකරන්ට සෙට් කරන්නයි තිබුණේ.. ෂුවර් මාස ගානින් මිනිහා එල්ලිලා මැරෙනවා..... ආය දෙකක් නැහැ...... ගෙදර එහෙම තත්වය කොහොමද දන්නෑ......

      Delete
    2. අනුන්ගේ ගෑණු උස්සගෙන ආපු උන්ට කොහෙද බං ගෙවල්...

      Delete
    3. අම්මපා.............. හිටියොත් තමා පුදුමේ..........

      Delete
  10. අනේ මුන්නැහෙට ගිය කලක්. ඒ කාලේ කොහොමද? අද කොහොමද? පව් අප්පා. බලන්න තිබුනා තානාපතිකමක් එහෙම දුන්නානම් සිරා මගේ දෙයියා කියලා මරාට බනින හැටි.

    හැබැයි මේ වගේ උදවිය තානාපති කොහොම වෙතත් තානායම්පති තනතුරකටවත් ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ විදිහට දේශපාලනයත් එක්කම ජාතකේ හෝදාගත්තු අය අතරින් මොහු හරිම විශේෂ චරිතයක් නේද විචාමාමේ....... දැන් මිනිහාගෙන් ඇහුවානං ඒ කාලේ දුන්නු තීන්දු වැරදියි නේද කියලා.. ඒකටත් ඔව් කියයි ද මන්දා...... හැක්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. //කරනට දෙයක් නැත්තං
    අර තීන්දුත් බඩ බැදං
    පරණ තනතුර කුදලං
    මුහුදේ පැනලා මැරිලා පළයං//

    පට්ට කුරුටු...ජයවේව..!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා වෙන මොනවා කියන්නද මේවාට.....

      Delete
  13. මොනව කරන්නද ඉතිං.

    ReplyDelete
  14. මුන්ගේ මෝඩකම් අපේ වාසියට නෙව..
    සරත්තුමා උබලා වගේ එවුන් ඉන්නකම් ලස්සන නිර්මාණ බලන්න පුලුවන්..
    ලස්සනයි මචන්.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංහ මචං..............

      Delete
    2. මායි, මයේ හිතේ කුරුටු ගාන බ්ලොග් එක සිංඩියට දාගන්න..
      මයේ හිතේ සිංඩියේ කොමෙන්ට් එකක් දැම්මලු...

      Delete
    3. 2014 kiyapu dewal amathaka welaa.
      Lajjawa kiyana eka gaawilaawath nathi minihek.
      samahara politicianslata wadaa anthai.
      (kavi tika lassanai kasuph.)

      Delete
  15. අහල තියෙනව නේද අර කවියක් තියෙන්නෙ නපුරු දුදනන්ගෙ සියොළඟහිම විෂය කියල.ඕකා මුදෙ පැන්නොත් මුදත් විනාසයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත........ මුහුද ගොඩගලයි නේද??????? මුහුදේ ඉන්න බැහැ කියලා.....

      Delete
  16. මම නම් මෙච්චරයි කියන්නේ.. අපෝ ඕකා...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අගහරුවෝ......... මේ මොළ තියෙන්නේ ඕකට ද ??????

      Delete
  17. මට තේරෙන් නෑ බංස්..

    ReplyDelete
  18. අයියෝ සල්ලි.. ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ.. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ බන්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැන් මේක අලුත් වර්ෂන් එක ඇවිල්ලා.....

      ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි....... ඇයි බං ජනාධිපති වෙන්න කියන කතා දැක්කා ම ලැජ්ජා හිතෙන්නේ අපිට බං....

      Delete
  19. ලංකාවේ දේශපාලනය කතාකරන්න අපුල මට්ටමකට අරන් ඇවිල්ලා ආපහු මේ කට්ටිය සෙට්වෙලා.සිරාවට මම මේ දවස්වල නිවුස් බලන්නෙත් නෑ.මේක දැන ගත්තෙත් මූනු පොතෙන්.විශ්‍රාම යනවා, ජනතාව ප්‍රතික්ශේප කරනවා කියන එකේ තේරුම මුන් දන්නේ නැද්ද බං? දැන් එතකොට මූ බණ කියන්නේ නැද්ද ?

    වීරසිංහ මහත්මයාගේ අසනීප තත්වය කොහොමද දැන්?

    ReplyDelete
    Replies
    1. මූණු පොත අතහැරීම දැන් කීප තැනකින් ම ආරංචි වුණ සිද්ධියක්.

      වීරසිංහ මහතා (ලොකු මාමා) තවමත් රෝහල්ගතවයි ඉන්නේ. මේවන විට කකුලේ ඇගිල්ලක් ඉවත් කරලා තව දුරටත් ශල්‍යකර්මයන් කරලා තියෙන්නේ. ඊයෙත් නැවතත් ශල්‍යකර්මයක් කරලා. නමුත් තිබුණාට වඩා තත්වය හොද මට්ටමක තියෙනවා. එතැන තියෙන ගැටලුව තමා වීරසිංහ මහතාගේ පුතා තමා අපේ හසිත හර්ෂණ වීරසිංහ. ඔහු මේ වන විටත් තම අවසන් වසර විභාගයට පෙනී සිටිනවා. දැනට විෂයන් දෙකක් ඉවර වෙලා. පහුගිය මාසෙම ඔහු තාත්තා ගාව රෝහලේ හිටියේ. ඇත්තට ම දුකයි මේ සිදුවීම් ගැන.....

      Delete
  20. මෙහෙම අයත් නඩු අහපු රටක්නේ මේක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...