Sunday, January 31, 2016

අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි..............



එදා දුටු හිරුම අද පායලා තියේ නම්
එදා වාගෙම අදත් මල් සුවඳ දේවි නම්
එදා දුටු කුරුල්ලන් අදත් සැරිසරයි නම්
එදා වුණු දේ අදත් නොවේ කොහොමද කියම්.................

දරුවන්ගෙ නෙතින් ගැලු කදුළු වැල් නොසිඳේවි.
ඒ කදුළු සමවෙන්න පියවරුත් හඩවාවි.
වීරයන් දවසකින් දෙකෙන් හිවලුන් වේවි.
අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි...................

මේ කරපු පව් එදා ඔය නෙතට නොපෙනුණිද
එදා කළ පව් කොහොම අද හේදිලා යාද
දෑස් බැඳි රෙදි කඩට ලෝකයක් වී අන්ධ
දෙව්දුවනි පසිදන්න තුලාවට පුළුවන්ද......................?




කසුප් අනුරාධ.




රූපයන් - www.egossip.lk


.

33 comments:

  1. හලාවත, කටුනායක, රතුපස්වල කොල්ල‍ංගෙ අම්ම තාත්තලත් තාම අඬනවයි කියල තේරුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් යැ ප්‍රසා අයියේ.................

      අර ලසන්තගේ, කුගන්ගේ, ඒක්නැලිගොඩගේ, සහ තවත් බොහෝ දෙනාගේ දරුවෝ, බිරින්දෑවරු, ඥාතියෝ තාම අඩනවා...... ඒ කදුලුත් දැන් ගලන කදුලු වගේම තමා..... දුක දරාගන්න අමාරුයි..... අැස්වලට කදුලු ඒනවා කියලා හැම දේශපාලනඥයෙක් ම තේරුම් ගැනීමයි වැදගත්............

      අතීතය අද විතරක් නෙමෙයි හෙටත් සිද්ධ වෙනවා...

      Delete
  2. තුලාවට බැරි හැඩයි නේද?

    ReplyDelete
    Replies
    1. තුලාව අතේ තිබුණාට අැස් වහලා............... තුලාවට දාන්නේ මොනවද නැත්තේ මොනවද කියලා තීරණය කරන්නේ දේශපාලනඥයායි..... නීතිය නිවැරදියි නමුත් නීතිය ඉදිරියට පැමිණවීමේ යාන්ත්‍රණයේ ගැටලුවක් තියෙනවා....

      Delete
  3. මිනිසුන් තමන් වැපුරූ දෙය නෙලා ගනිති

    ReplyDelete
    Replies
    1. මුං වැපිරුවා ම මුං ලැබෙනවා කියලා මුංට නොතේරෙන හැටියක් නේද Trans........

      Delete
  4. ඇවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්....

    ReplyDelete
    Replies
    1. ඈ බං, හෙට අනිද්ද දිහාට ඇවරිය පිටිම්ම ගැලවෙයිද?

      Delete
    2. thawa case dekaka kattiya athulata yaddi godaak ayage saddei rangapaamai dekapa nawathiwi,

      ediriyedith kiyaawida danne naha " ko horu alluwada ape haanduruwane" kiyala.

      Athithaya ada mawee yali hetath siduwewi.....
      Kasuph good work dear.

      Delete
    3. හැබැයි මාතා වෙෙරයෙන් වෙෙරය නොසන්සිදේ................. මේවා වැරදියි කියන්න බැරි වුණත් හරියි කියන්නත් බෑ නේද බං.......

      විචා දේශපාලනිකව අවශ්‍යතාවය මත තව තව දේවල් වේවි...

      සෙනේ සහෝ....... මේවා නැවතීමක් නැතුව වෙනවා..... හැමදෙනාටම පොදුයි තමයි....

      Delete
  5. කොල්ලා ෆිට් තමයි කියලා යන්නේ පරණ පවු වලට කර ගහන්න උන හන්දම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ගැන බොහෝ දේ කතා කරන්න තියෙනවා කියලයි අපි දකින්නේ දිනේෂ්............ මොනවා වුණත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි........ ඒක ගැන විවාදයක් නැහැ...

      Delete
  6. මහින්ද ගොයියට දැන්ද මේව්වා පේන්නේ..
    අද නිවුස් එකකට ගියා යෝෂිතට අද බන්ධනාගාරයෙන් පොල් සම්බලුයි බතුයි කියලා.. ඉස්සෙල්ලා කාපු කෑම හිතා ගන්න ඇහැකිනේ.
    අපි තාමත් පොල් සම්බෝලයි බතුයි කනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්න හදන්නේ අපේ ගෙවලුත් හිරගෙවල් කියලද?????? අැයි යකෝ මං කොච්චර පාරක් පොල්සම්බෝලයි බතුයි කාලා අැද්ද.....???? මං ඊයෙත් නෝනට කිව්වා අද රූටනං පොල්සම්බෝලයි බතුයි කමු කියලා...... අැත්තම කිව්වොත් මේ ලෝකේ තියෙන මං අාසම කෑම තමා රතුම රතු පොල්සම්බෝලයි-කැකුළු හාලු බතුයි..... කටට කෙළ උණනවා ඔ්යි.......

      Delete
    2. අපේ ගෙවල් රජ ගෙවල් බොලව්.. සමහර ගෙවල්නම් ඇති හිර ගෙවල් වගේ..

      කොහොමද සුදු බතුයි පොල් සම්බෝලයි..

      Delete
    3. අඩේ සිංහයා............... අන්න කෑම..... අැහුවත් බඩ පිරෙනවා බං.....

      Delete
  7. අනේ මං දන්නෑ බං. අද ඔහොම ගෙනිහිලා හෙට ආපහු එවයි මුකුත් නෑ කියලා. ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා අපෙ වැඩක් බලාගෙන ඉන්නවා මිසක්.

    ReplyDelete
    Replies
    1. ඒ කැමා................

      අන්තිමට අපි තමා රැවටිලා තියෙන්නේ....... මොනවා කරන්නද?????

      Delete
  8. හැම සිදුවීමක්ම සර්කල් එක්ක කොටසක්
    ආයෙ ආයෙත් ආයෙ ආයෙත් වෙනව
    ඒක නවතින්නෙ නෑ.. තාවකාලික කිසි දෙයක් නෑ මං හිතන විදියට
    යෝෂිතට ෆොනීට කාටත් ඒක එකයි

    ReplyDelete
    Replies
    1. අැත්ත මහේෂ්.................

      ඒත් අපිට මතු කරන්න දෙයක් තියෙනවා.... ඒක කාලයකදී වරදක් වුණ දෙයක් පස්සේ කාලෙකදී වරදක් නොවෙනවා.... ඔවුන් නිවැරදිකරුවන් වෙනවා. නැතිවුණ දේවල් වෙනුවට වන්දිත් සමග විවිධ දේවල් ලැබෙනවා.... ඒ කාලේ දෙවිවරු වගේ හිටපු අය තවත් කාලයකදී මහාවරදකරුවන් වෙනවා.. ඔවුන් සතුවූ සියලු දේ නැතිවෙනවා. මේක චක්‍රයක් තමයි....... ඒත් මේ කාලය වෙනස් වෙන්නේ දේශපාලනික වෙනස්වීම් සමග ඍජුවමයි. මේ හැමකාලෙකදීම ඒ හැමදෙයක් ම නීතිරාමුවක් අැතුලේ සාධාරණීකරණය වෙනවා. මේකේ යම් ගැටලුවක් තියෙනවා කියලා හිතෙනවා....... ඒකයි අපි මේක ලිව්වේ.....

      Delete

  9. අන්තිම පද දෙක නම් නියමයි මචං.

    කරන කල පව් මිහිරිය මී සේ -විඳින කලට දුක් දැඬි වෙයි ගිණි සේ.

    ReplyDelete
    Replies
    1. අැස් බැදලා තියලා තුලාවක් අතට දුන්නා ම හැමදේම හරි නැහැ කියලයි අපි කියන්නේ....... මෙතැන බාහිර පාර්ශවයන් කිහිපයක් අතේ තවත් වැඩ කිහිපයක් තියෙනවා.. ඒකයි අවුල් වෙන තැන....

      Delete
  10. සෑම කිරියාවකටම එයට සමාන හා ප්‍රතිවිරුද්ද කිරියාවක් ඇත, නිව්ටෝන් ගොයියා ඒ දවස්වලම කියල තිබුණා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. අැත්ත ලලිත්.................. ඒකනං විද්‍යාවට විතරක් නෙමෙයි දේශපාලනය වගේ සමාජයීය විද්‍යාවන්ට පවා අතිශය සත්‍යයක් වෙලා...

      Delete
  11. අනේ මන්ද. කලකදී බැබලෙනවා. කලකදී යට යනවා. ලංකාවේ දේශපාලනය තමා.

    ReplyDelete
    Replies
    1. මේකයි අජිත් අයියා.............. දැන් ප්‍රවෘත්ති වලට කියනවා මං අහගෙන කලින් පාර ජනාධිපතිවරණය ඉවර වෙලා පැය විසිහතර අැතුළත සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා කියලා.... අපි මොනවා කිව්වත් ගිය පාර ඡන්දය වුණත් දැන් ඉන්න ජනාධිපති පරාද වුණානං ඔය කදුළු හලන අය මොනවා නොකරාවිද????????? මේවා මතක් වද්දි මේ පාලනය කිරීමේ වරදක් නැහැ කියලත් හිතෙනවා.....

      Delete
  12. මෙන්න මේකටයි දේශපාලනේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දේශපාලනය මේකයි... ඒත් අැමරිකාව වගේ රටවල ජනාධිපතිවරණයෙන් පැරදුණු කෙනා රටේ රාජ්‍ය ලේකම් කෙනෙක් විදිහට ලෝකය සමග ගණුදෙනු කරමින් රටට සහය වෙනවා. ඒත් අපි පැරදුන කෙනා හිරේ දානවා. නැත්තං උසාවි ගානේ රස්තියාදු කර කර පලිගන්නවා.... පැරදුණු කෙනා හිරේ නොයා ඉන්න දුක් විදිනවා. දිනපු කෙනා අනිකාව හිරේ දාන්න දත කනවා.. ඉතින් අපි තාමත් දුප්පත් රටවල් කිය කිය දුක් විදිනවා..... දියුනු වුණොත් තමා පුදුමේ...

      Delete
  13. Replies
    1. ස්තූතියි ශානු...................

      Delete
  14. අන්තලේ ජනක සහ සිසතගේ දෙමාපියන්ට ගැලුවේ කඳුළු නෙවෙයිද? තාජුදීන්ගේ පවුලේ උදවියගේ ඇස් වලින් වැටුණේ කඳුළු නෙවෙයිද? රොෂේන් චානක, එක්නැලිගොඩ, හලාවත ඇන්ටනි, රතුපස්වල රවිශාන්, රතුපස්වල අකිල දිනේශ්, ගම්පොළ නිලන්ත... මේ අයගේ පවුල් වල උදවියගේ ඇස්වලින් වැටුණ කඳුළු ඒ කාලේ මේ ආඩම්බරකාර පියා දැක්කේ නැහැනේ. අඩන්න ඕන ළමයා බන්ධනාගාරයට යන එකට නෙවෙයි. ‘අනේ මගේ ළමයිට මං හොරකම් කරන්න දුන්නනේ‘ කියලයි හඬන්න ඕන.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...